• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

වෙල්ලස්සෙ බලගතු දේවාලය

September 26, 2019
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

බොකාගොන්න දේවාලයට පැරණි ඇත්තෝ කීවේ හැමාපොළ දේවාලය කියලා. මීට වසර 50කට පෙර ඉඳල මේ දේවාලයට බිබිලේ ඇත්තෝ ගියේ පයින්. බස් තිබුණේ නැත. පාරවල් තිබුණේ නැත. බිබිලේ කඩමණ්ඩියේ ඉඳලා මොනරාගල හන්දිය ළඟින් ගම්වල පැරැන්නෝ කීවෙ හෙලකඬේ හන්දිය කියලා. නැඟෙනහිර පැත්තට හාමාපොළ පිටකුඹුර නිල්ගල පැත්තට යන්න කරත්ත පාරක් තිබුණා.

සැතැප්ම පහක් පයින්ම දුරගෙවාගෙන යනකොට පිටකුඹුර හන්දියෙන් වමට හැතැප්ම තුනක් විතර කැලේ දෙසට ගියාම හාමාපොළ දේවාලය හමුවුණා.
දැන්නම් බිබිල නගරයේ ඉඳලා අම්පාර මාර්ගයේ පිටකුඹුර හන්දියෙන් වමට හැරිලා දේවාලයටම යන්න බස් තිබෙනවා. ත්‍රිරෝද රථ තිබෙනවා.
මේ දේවාලයේ ඉතිහාසය දිගහැරෙන්නේ මෙසේය.

අතීතයේ හාමාපොළ ගම්මානයේ පදිංචිව සිට ඇත්තේ කුලයෙන් අඩු අය. මේ අතරතුර කන්ද උඩරට සිට පැමිණි වංසක්කාර තරුණයකු මේ ගමේ අඩු කුලයේ තරුණියක් විවාහ කරගෙන ඇත. මෙය දැනගත් මෙම තරුණයාගේ සහෝදරයන් පැමිණ දුනු ඊතලවලින් විද තරුණයා මරණයට පත්කොට ඇත. එම තරුණයා ඉතා බලගතු පුද්ගලයකු වූ බැවින් විවාහ කරගෙන සිටි තරුණිය තමා ළඟට පැමිණෙනතුරු මරණයට පත්නොවී සිටි බවද පැවසේ. ඉන්පසු මෙම තරුණයා හාමාපොළ රංහොටි පුංචි අලුත් බණ්ඩාර නමින් දේවත්වයට පත්ව හාමාපොළ ගමේ අයට හාස්කම් පෙන්වන්නට පටන්ගෙන ඇත.

හාමාපොළ දේවාලයේ ඉතිහාසය වසර 500කට වඩා ඈතට දිගහැරෙයි. මෙය 5වැනි කාශ්‍ය රජු සමයේ ආරම්භ වන්නට ඇතැයිද සඳහන් වෙයි. කෙසේ වෙතත් වසර 200කට වැඩි ඉතිහාසයක් ලැබෙන තොරතුරු අනුව හඳුනාගත හැකිය. ක්‍රි.ව. 1818 වෙල්ලස්සේ කැරැල්ල වන විටත් මෙම දේවාලය කටුමැටිවලින් සාදා තිබුණු බවට සාධක ඇත. මෙම දේවාලයේ මුල්ම කපුමහතා හැටියට නයින බොක්කේ කපු මහතා ජනප්‍රවාදයේ සඳහන් වෙයි. එය දැනට වසර 180කට පමණ පෙරය. මෙම කපුමහතා දේව ආභරණ සාදාගෙන කැලය මැදින් දේවාලයට යන අතරතුරදී ඉර බැස ඇඳිරි වැටී ඇත. එවිට දෙවියන් ආරූඪ වුණු කපු මහතා කැලය පොඩිකරමින් නටන්නට පටන්ගෙන ඇත.

මෙම ස්ථානයෙන් හේනට යෑමට පැමිණි දෙදෙනකු මෙය දැක හුළුඅතු පන්දම් රැගෙන විත් තවත් අයගේ උදව්වෙන් කපුමහතා දේවාලයට රැගෙන ගොස් ඇති අතර, එදින සිට මෙම දේවාලයේ බදාදා, සෙනසුරාදා කෙම්මුර දිනවලදී දේව ආභරණ පේ කරමින් පේන කියන්නට පටන්ගෙන ඇත.

ක්‍රි.ව.1818 වෙල්ලස්සේ කැරැල්ලෙන් පසුව ඉංග්‍රීසීන් වෙල්ලස්සේ සිංහලයන් සමූල ඝාතනය කළත් මෙම දේවාලයට කිසිම හානියක් කරන්නට බැරි වුණු බවද සඳහන් වෙයි. නයිනබොක්කේ කපුමහතා වසර 50ක් පමණ දේවාලයේ කටයුතු කොට රෝගාතුර වීමෙන් පසු වැලිවත්තේ කපුමහතා දේව කාරණා කරන්නට පටන්ගෙන ඇත. මේ ආකාරයට මේ වන විට කපුමහතුන් එකොළොස් දෙනකු කටයුතු කොට ඇත. දේවාලයේ භාරකරුවන් ලෙස මේ වන විට පස්දෙනකු කටයුතු කොට ඇත. දැනට සේවය කරන පස්වැනි භාරකරු වන ආර්. බී. ගුණරත්න මහතා සඳහන් කළේ මෙවැනි අදහසකි.

මෙම දේවාලය පුදුමසහගත හාස්කම් තිබෙන බවට විශ්වාස කරන අතර, අතීතයේ ගැමියන් කැලේ සිටින කුළු මීහරකුන්ගෙන් (මීදෙනුන්ගෙන්) කිරි දොවාගෙන ඇවිදින් කිරිදරුවන්ට පොවපු සිද්ධියක් පවා අසන්නට තිබෙනවා. එවැනි කටයුතුවලට ශක්තිය ලැබෙන්නේ දේවාලයේ හාස්කම නිසා බවයි පැවසෙන්නේ.

අතීතයේ පටන් මේ ස්ථානයට පේන, නිමිති අහන්න කිරි දරුවෝ පවා අරගෙන එනවා. වසරකට වරක් දින හතරක් වාර්ෂික ඇසළ උත්සවය පවත්වනවා. මේ දේවාලයේ ඇසළ උත්සවය සැප්තැම්බර් මාසේ අගභාගයේ පවත්වනවා. අතීතයේ නම් කිරි ගව පට්ටි තිබෙන අය මහඔය, පදියතලාව ආදී දුරබැහැර සිට එනවා. එපිට ඉඳන් මේ දේවාලයේ ඇසළ පින්කමට එන ගව හිමියන් දේවාලයට එන්නේ බාරහාර ඔප්පු කරන්න. ඇතැම් අවස්ථාවල කපුවන් මායන් වී දිෂ්ටියෙන් දුවගෙන ගොස් ගව හිමියන්ගේ බෙල්ලට පැනලා කපුවන්ගේ දෙපාවලට ගව හිමියාගේ බෙල්ල හිර කරනවා. ඒකට තමා “වරමද්ද” කියන්නේ. කිහිපදෙනකු එකතුවෙලා වරමද්ද ගලවලා ගව හිමියා බේරාගන්නවා. නැත්නම් මරණය පවා සිදුවෙනවා. මෙහෙම කරන්නේ බාරහාර ඔප්පු නොකළ ගව හිමියන්ට දෙන දඬුවමක් හැටියට. දැනට දේවාලයේ වරමදු ගැලීමක් සිදුවන්නේ නැහැ.

කම්බිකණුව මායම් කිරීමටද මෙම දේවාලයේ ප්‍රධාන තැනක් ගනී. කම්බිකණුව මලේ බණ්ඩාර දෙවියන්ගේ හාස්කමකි. කම්බිකණුව යනු මාල හතකින් සෑදුණු කණුවකි. එහි මුදුනේ තැඹිලි, පොල් මල් බැඳ කණුව සුදු රෙද්දකින් ඔතා පේකර පොල්මල් උඩින් සුදු රෙද්දක් හතර මුල්ලේ පඬුරු හතරක් ගැටගසා හාල්වලින් අටමගලයක් ඇඳ පොල් ගෙඩියක් පේකර පොල්තෙල් පහන් දෙකක් දල්වයි. එයට කම්බිකණුව ලෙස හඳුන්වයි. ගොඬේගෙදර දිසාවේ අලුත් බණ්ඩාර දෙවියන් මෙම තැඹිලි පොල්මලට ආරූඪ වී පේන කියති. මෙය නඩුහබ තිබෙන අයට යහපත් ප්‍රතිඵල ගෙනදෙන බවට විශ්වාසයක් වෙයි.

හාමාපොළ දෙවියන්ගේ බලගතු හාස්කම්
හාමාපොළ දෙවියන් ලෙස පිළිගන්නා රංහොටි බණ්ඩාර දෙවියන්ගේ බලගතු හාස්කම එදාමෙන් අදද අසන්නට ලැබේ. දේවාලයේ ආවතේව කරන කපුවන්ට මෙන්ම භාරකරුවන්ටද වැරදිවලට දැඩි දඬුවම් දුන් අවස්ථා අසන්නට ඇත. මීට වසර කිහිපයකට පෙර මෙම දේවාලයේ භාරකරු ලෙස කටයුතු කළ අයකුට හොරකමකට දුන් දඬුවම ඉතා ප්‍රබලය. මෙම භාරකරු දේවාලයේ තිබුණු හාමාපොළ දෙවියන්ගේ රාජ ආභරණයක් හොරාගෙන ගොස් සඟවා තිබියදී දේවාලයේ භාරකරු පිස්සුවට්ටා එම ආභරණය දේවාලයට රැගෙන ආ බව කියති. තවත් අවස්ථාවක කපුවකු දේවාලයේ වටිනා රන් තැටියක් සොරාගෙන තනිව විකිණීමට සඟවා තිබියදී මෙම කපුවාට ලේ බඩයෑම හටගෙන එම රන් තැටිය නැවත දේවාලයට රැගෙන ගොස් තිබූ ස්ථානයේ තැන්පත් කළ විට පාචන රෝගය සුවවී ඇත. මෙම දේවාලයේ ඇත්දළ යුගල සොරාගෙන ගිය භාරකරුවකු ගමන් කළ වෑන් රථය අනතුරට භාජන කොට භාරකරුගේ අත – පය කඩා නැවත ඇත්දළ යුගල දේවාලයට රැගෙන ගිය ඉතා බලගතු හාස්කම් රාශියක් අසන්නට ලැබේ.
මෙම දේවාලයේ වැඩසිටින රංකීර්ති හේරත්බණ්ඩාර දෙවියන් යකුන්ට අධිපතියාය. මොහුට යක්‍ෂ සේනා 64 කට්ටුවක් ඇත. යකුන් වැහුණු ඕනෑම අයකු සුවකිරීමට මෙම දෙවියන්ට හැකි බවද කියයි. ගිනිමල් අලුත් බණ්ඩාර දෙවියන් මායම් කළ විට ඕනෑම ගිනි ගොඩක යෑමට හැකි බවද කියයි. කිරි කොරහ නැටීම සහ මංගල දෙවියන් නැටීමද මෙහි සිදුකරති. ගිනිමල් අලුත් බණ්ඩාර දෙවියන් ගැන කවියක මෙසේ සඳහන් වෙයි.
බෝවල ගිනිමල් අලුත් බණ්ඩාර දෙවිඳුන්ට
ගිනිවැල් හතක් තිබුණත් හැක කපලා යන්ට
බලගතු හාස්කම පෙන්වා දෙන්ට
හාමාපොළ දේවාලය මිස නැත වෙන තැනට

මෙම දේවාලයේ දෙවිවරු දහ අටක් කලඑළි බසිති. මෙම නම් කියැවෙන්නේ වාර්ෂික ඇසළ මංගල්‍යයේදී පමණි. කපුවන් හා දේව ආභරණ පිරිසුදු කිරීමට නානමුර මංගල්‍යය පවත්වන දේවාලයට නුදුරු හංගලමුල්ල දියකඬේදී නානමුරය පවත්වා කපුවන් පෙරහරේ දේව ආභරණ හිසමත තබාගෙන දේවාලයට රැගෙන එති.

පසුව කපුවන් බුලත් යැදීම සිදුකරති. ආදි කාලයේ නම් බුලත් යැදීම සිදුකර ඇත්තේ “බුලත් කෑලුගල” අසලය. ඉන්පසුව අඩුක්කු පූජා කිරීම සිදුවෙයි. අඩුක්කු මුට්ටි 24ක් පූජා කළයුතුය. මෙදින දෙවිවරු 7ක් නටති. අතීතයේ කුළු හරකුන්ගෙන් කිරි දෙවීමට මෙහි දින හතක් දේවාලයේම නතර වී පේවී පසුව කැලයට ගොස් කුළු මීගවයන්ගෙන් කිරි දොවා පසුව දේවාලයට පැමිණ දෙවියන්ට ආරාධනා කොට කිරි පූජා කළ බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි. කිරිගවයන්ට අධිපති පනික්කි බණ්ඩාර දෙවියන් මුදුන්පත් කරති. මෙම ස්ථානයේ දේවාල පහක් දැනට පිහිටා ඇතිමුත් ප්‍රධාන තැන ගන්නේ හාමාපොළ රංහොටි බණ්ඩාර දෙවියන්ගේ මහදේවාලයයි. දේවාලයට පැමිණෙන සෑම බැතිමතෙක්ම දෙවියන්ගේ පිහිට ලබාගනියි. ඊට අමතරව කතරගම පත්තිනි ගණ දෙවියන් සහ වල්ලිඅම්මා යන දේවාලද මෙහි පිහිටා ඇත. මෙම දේවාලයේ උතුම් දෙවිවරු ලෙස ගලේ බණ්ඩාර, කීර්ති බණ්ඩාර, කෝට්ටේ බණ්ඩාර, අනුහස් බණ්ඩාර, තේජස් බණ්ඩාර, වන්නියේ බණ්ඩාර, උතුම් බණ්ඩාර යන දේව හත්කට්ටුව සඳහන් වෙයි. අතීතයේ මෙම දේවාලයට ඉඩම් අක්කර සියයකට වැඩි ප්‍රමාණයක් තිබුණු බවද පැවසේ.
මෙම දේවාලයේ දින හතරක් තිස්සේ පැවැත්වෙන ඇසළ මංගල්‍යය තුන්වැනි දින රාත්‍රී ගිනි පෑගීම සිදුකොට පසු දින දේව දානයෙන් පසුව නිමාවට පත්වෙයි.

වීගොඩ හේමපාල

SendShareShare
Previous Post

සුද්දා හොයපු ජල උල්පත

Next Post

CINEC වෙතින් අලෙවිකරණ පිළිබඳ කළමනාකරණ ගෞරව උපාධියක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයම කළුවරේ තියයි! තෙල් පෝලිම කිලෝමීටර් ගණන්! කමේනිට එරෙහිව ජනතා නැගිටීමත් අත ළඟයි!  I Sri Lanka Latest News

අමෙරිකානු ප්‍රහාර හමුවේ ඉරානයේ බලශක්ති යටිතල පහසුකම්වලට දැඩි බලපෑම් එල්ල වී තිබේ.Sri Lanka Latest News විදෙස් මාධ්‍ය පවසන්නේ පවතින දැඩි උණුසුම්...

Read more
මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.