නැව් පිටින් සෙනඟ ඉන්දියාවෙන් ලංකාවට

මෙරට වතුවල වැඩට කුලීකරුවන් හිඟවීම නිසාම ඉන්දියාවෙන් කුලීකරුවන් ගෙන ඒමට පටන්ගත්තේ වෝඩ් ආණ්ඩුකාරවරයාගේ මැදිහත් වීමෙනි. ඒ අනුව ඉන්දියානු කුලීකරුවන් යොදවා වගාවලින් වැඩි ලාභයක් උපයා ගන්නට හැකිවීමෙන් මෙම තත්ත්වය දිනෙන් දිනම වර්ධනයට හේතු යෙදුණේය. අවසානයේ ඉන්දියාවෙන් කුලීකරුවන් ගෙන ඒම සඳහාම වෝඩ් ආණ්ඩුකාරවරයාගේ අදහසකට අනුව රාමේෂ්වරම හා මන්නාරම අතර නැව් හතරක් යොදවන ලදී. එලෙස කුලීකරුවන් ගෙන්වීම සඳහා බොම්බායේ සමාගමකට තුන් අවුරුද්දකටම මුදල් වෙන් කිරීමට වෝඩ් කටයුතු කළේය.
අඩු ලාභයකින් වැඩි ආදායම් ගෙනා පැන්සයේ තැපැල්

1855 දී ආණ්ඩුකාර ධුරයට පත්ව ආ හෙන්රි වෝඩ්ගේ කාලයේ තැපැල් සේවයේ පිබිදීමට හේතු ඇතිවිය. ඒ අනුව එතෙක් බර හා දුර ප්‍රමාණය සලකා ගාස්තු අය කළ ක්‍රමය වෙනස් කිරීමට තීන්දු වූ අතර ලිපි තේරීම, එකතු කිරීම මෙන්ම ලැබිය යුත්තන්ට ලිපි භාරදීමේ කාර්යය ගැන සලකා වටිනාකම තීරණය කිරීමට කටයුතු කෙරිණි. ඒ සඳහා මඟපෙන්වීම් කළේ එංගලන්තයේ රොනල්ඩ් හීල් නමැත්තෙකි. ඒ උපදෙස් අනුව 1858දී පැන්සයේ තැපැල් ක්‍රමය ආරම්භ විය. ඒ හා සමගාමීව ලිපි ප්‍රමාණය වැඩිවී ලාභයද වැඩි විය.
ඉන්දියාවට ලංකාවෙන් හමුදා සේනාවක්

වෝඩ් ආණ්ඩුකාරවරයාගේ කාලයේ මෙරට ජනතාව ඉතා පැහැදීමෙන් කටයුතු කළහ. වෝඩ් ආණ්ඩුකාරවරයාගේ පාලන කටයුතු සඳහා විශාල සහයෝගයක් ලබාදීමටද ජනයා උනන්දු වූහ. එහෙයින් 1957දී ඉන්දියාවේ සිදුවූ කැරැල්ල මැඬපැවැත්වීමට ලංකාවේ සිංහල හමුදාවක් යැවීමට වෝඩ්ට හැකි විය. එවන් කටයුත්තකට සේනාවක් යැවීමට තරම් වෝඩ් සහ මෙරට ජනතාව අතර තිබූ සම්බන්ධයේ ප්‍රබලත්වය එයින්ම ඔප්පු වෙයි.











