ලොව ප්‍රමුඛ පෙළේ ජංගම දුරකතන සන්නිවේදන සේවා සපයන්නකු හා ශ්‍රී ලංකාවේ ප්‍රියතම සේවා යෝජකයකු වන එයාර්ටෙල් ආයතනය සිය ආයතන පරිශ්‍රය තුළ සේවය කරන කාන්තා නියෝජනය තවදුරටත් පුළුල් කිරීමට අඛණ්ඩව කටයුතු කරමින් සිටී. එයාර්ටෙල් ලංකා සමාගම Great Place to Work ආයතනය 2019 වසරේදී ‘කාන්තාවන් සඳහා සේවය කළ හැකි හොඳම සේවා ස්ථාන 10’න් එක් ආයතනයක් ලෙස පිළිගැනීමට ලක්කෙරිණි. සිය ආයතන පරිශ්‍රය තුළ සේවය කරන කාන්තා ශ්‍රම බළකායෙන් 63%කට වැඩි ප්‍රමාණයක් කළමනාකාර තනතුරු දරන අතර සමාගමේ සියලුම ප්‍රධාන මෙහෙයුම්වලට සම්බන්ධ වී සිටින සියලු සේවකයන් සඳහා වැඩකිරීමට, පුහුණු වීමට හා ප්‍රතිලාභ ලබාගැනීමට සුදුසු ආයතනික පරිසරයක් නිර්මාණය කිරීමට එයාර්ටෙල් අඛණ්ඩව කටයුතු කර ඇත.
දශකයකට වැඩි කාලයක් පුරා එයාර්ටෙල්හි මෙහෙයුම් කටයුතුවල නිරතව සිටින එයාර්ටෙල් ලංකා ප්‍රධාන සේවා නිලධාරිනී සෞම්‍යා නාරායන්, ආයතනයේ සේවය කරන සියලු දෙනාටම සාධාරණව, අපක්ෂපාතීව හා සමානව ප්‍රතිලාභ ලබාදීමට එයාර්ටෙල් දරන ප්‍රයත්නයට කදිම සාක්ෂියක් ලෙස පෙන්වා දිය හැකිය.











