• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ලෝකයේ ලොකුම බෞද්ධ විශ්වවිද්‍යාල

December 17, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
ලෝකයේ ලොකුම බෞද්ධ විශ්වවිද්‍යාල
Share on WhatsAppShare on Facebook

ආරාමය පදනම් කරගත් බෞද්ධ අධ්‍යාපනයේ ස්වර්ණමය යුගය සනිටුහන් වන්නේ සුප්‍රකට බෞද්ධ විශ්වවිද්‍යාල බිහිවීමත් සමඟිනි. අතීතයේදී ලොව පුරා පහළ වූ බෞද්ධ විශ්වවිද්‍යාල කිහිපයක්ම එවකට භාරතයේ හෙවත් ඉන්දියාවේ විය. නාලන්දා, වලභි සහ වික්‍රමශීලා, ඕදන්තපුර, ජගද්දලා මෙන්ම තක්ෂිලා එම සුප්‍රකට වූ විශ්වවිද්‍යාලයි. මේ අතරින් දැනට තක්ෂිලා විශ්වවිද්‍යාලය පාකිස්තානයට අයත්ව ඇති අතර එය බෞද්ධ විශ්වවිද්‍යාලයක් ලෙස පිළිගත්තේ මෑතකදීය. එහෙත් තක්ෂිලා විශ්වවිද්‍යාල භූමියෙන් සොයාගන්නා ලද සුවිශාල නටබුන් මෙන්ම බොහෝ පුරා විද්‍යාත්මක සාධක මඟින් තක්ෂිලාව බෞද්ධ විශ්වවිද්‍යාලයක්ව පැවති බවට තහවුරු විය. ඉතින් අද දවසේ අපි ඔබට පවසන්නේ අදටත් මහා ඉහළින් කතා කරන එදා එසේ පැවති සුප්‍රකට බෞද්ධ විශ්වවිද්‍යාල කිහිපය ගැනය.

ඉහතින් අප සඳහන් කළ භාරතීය බෞද්ධ විශ්වවිද්‍යාල අතරින් එවකට තිබූ විශාලම සහ කීර්තිමත්ම විශ්වවිද්‍යාලය වූයේ නාලන්දා විශ්වවිද්‍යාලයයි. එය එදා පුරාණ මගධ රාජ්‍යයේ අගනුවර වූ රජගහනුවර සිට සැතපුම් අටක් පමණ උතුරින් වූ නාලන්දා නම් ග්‍රාමයේ පිහිටා තිබිණි. මෙම නාලන්දා විශ්වවිද්‍යාලය පිළිබඳව වර්තමානයේ තොරතුරු සොයාගැනීමට ඇති ප්‍රධාන මූලාශ්‍රය වන්නේ එහි පුරා වසර පහළොවක් පමණ ශිෂ්‍යයකුව සහ ආචාර්යවරයකු ලෙස කටයුතු කළ හියුං සියෑං නම් චීන ජාතික හිමිගේ වාර්තාය. නාලන්දා විශ්වවිද්‍යාලයේම අධ්‍යාපනය ලැබූ තවත් චීන ජාතික භික්ෂුවක් වූ ඉන් සිංගේ වාර්තා අනුවද මේ නාලන්දාව ගැන වඩා වැදගත් තොරතුරු සොයාගත හැකිය. තවද හුයිලි ලියූ හියුං සියෑං හිමිගේ චරිත කතාවේද මෙම නාලන්දාව ගැන තොරතුරු ඇතුළත්ය. මේ අතර එදා 15 වැනි සියවස තුළ තාරානාථ ලියූ “බෞද්ධ ඉතිහාසය” නම් ග්‍රන්ථයේද නාලන්දාවේ ආරම්භය, සංවර්ධනය හා පරිහානිය ගැන තොරතුරු ඇතුළත්ව ඇත.

අතීතයේදී මෙම නාලන්දාව විශ්වවිද්‍යාලයක් බවට පත්වීමට පෙර අපේ බුදු රජුන් එහි සංචාරය කරමින් නිකාය ගත සූත්‍ර කීපයක්ම දේශනා කර තිබෙන බවද පැවසෙයි. එමෙන්ම සැරියුත් හිමියන්ගේ ජන්ම භූමියද වන්නේ එදා නාලන්දාව තිබූ එම ග්‍රාමයයි. එකල විශ්වවිද්‍යාලය යන්නට භාවිත කළේ මහා විහාරයයි. එනිසා එදා නාලන්දාව නාලන්දා මහා විහාරය ලෙස ප්‍රචලිතව තිබිණි. එදා මුලින්ම නාලන්දාව විශ්වවිද්‍යාලයක් බවට පත්වන්නේ ක්‍රි.ව. 415-455 යන කාල සමය තුළ රාජ්‍ය කළ සක්‍රාදිත්‍ය සහ පළමු කුමාරගුප්ත යන රජුන්ගේ අනුග්‍රහය මැදය. පසුව බුද්ධ ගුප්ත, නරසිංහ ගුප්ත මෙන්ම තථාගත ගුප්ත හා දෙවැනි කුමාරගුප්ත ආදී රජවරුන් මෙම නාලන්දා විශ්වවිද්‍යාලය සංවර්ධනය කර තිබේ. මෙම නාලන්දාවේ මූලාරම්භය නාගාර්ජුන සහ ආර්යදේව යුගය දක්වා ඉතා දිගුය. ක්‍රි.ව. 7 වැනි සියවස වෙන විට මෙය නේවාසික සිසුන් දස දහසකට පමණ පහසුකම් සැපයූ සුවිශාල වූ බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානයක් වූ අතර මෙය එකල ප්‍රධාන මහායාන අධ්‍යාපන මධ්‍යස්ථානයක්ද විය.

හියුං සියෑංගේ සහ හුයි ලීගේ වාර්තාවලට අනුව නාලන්දාවේ මහල් කීපයක සංඝාරාම කිහිපයක් තිබී ඇත. ඒවා කැටයම් සහ කොත් කැරලි ආදියෙන් ඉතා අලංකාර කර තිබූ අතර එදා නාලන්දාව තිබුණේද උස් ප්‍රාකාර බිත්තියකින් වට කරමිනි. ඒ ප්‍රාකාර බිත්තියේ ඇතුළත භූමියෙහි පලතුරු ගස්, මල් ගස් මෙන්ම ජල පොකුණුද තිබී ඇත. මේ අතර නාලන්දාවේ රත්නසාගර සහ රත්නෝදය, රත්නරංජන නමින් තට්ටු නවයකින් මෙන්ම මන්දිර තුනකින් යුතු වූ පුස්තකාලයක් තිබුණු බව සඳහන්ය. තවද ආකාශ වස්තු පර්යේෂණාගාර රසායනාගාර මෙන්ම වෛද්‍ය විද්‍යාලද රෝගී සිසුන්ගේ නේවාසිකාගාරද මෙහි තිබී ඇත. එමෙන්ම මෙහි කළ කැණීම් මඟින් හමුවූ සුවිශාල පුරාවස්තු අතර බුද්ධ ප්‍රතිමා, බෝධිසත්ව ප්‍රතිමා, දේව ප්‍රතිමා මෙන්ම ශිලා ලේඛන සහ රාජ මුද්‍රා හා විශ්වවිද්‍යාල මුද්‍රාද හමුවූ බව පැවසෙයි. මුළුමනින්ම නේවාසික විශ්වවිද්‍යාලයක් වූ මෙහි ආචාර්ය මණ්ඩලය සිසුන් මෙන්ම සේවකයන් ගණන 10,000ක් පමණ විය. ඉන් වැඩි පිරිසක් භික්ෂූන් වූ අතර බ්‍රහ්මචාරි නමින් හැඳින්වූ විශාල ගිහි ශිෂ්‍ය පිරිසක්ද එහි අධ්‍යාපන කටයුතුවල යෙදුණි. එමෙන්ම සෑම සිසුවකුටම පෞද්ගලිකව ගුරුවරයෙක්ද මෙහි සිටි බව සඳහන්ය.

එදා මෙම නාලන්දා විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමට තියුණු පරීක්ෂණයක් සිදුකළ අතර එය එදා සිදුකළේ “ද්වාරපණ්ඩිත” නම් වූ විශේෂ ආචාර්ය මණ්ඩලයක් මඟිනි. මේ අතර නාලන්දාවේ ප්‍රධාන විෂය ධාර පහක් ඉගැන්වූ අතර ඒවා වන්නේ භාෂාවත්, බුද්ධ ධර්මයත්, දර්ශන ශාස්ත්‍රයත්, ලෞකික විද්‍යාවත් මෙන්ම ලලිත කලාවත්ය. එදා නාලන්දාවේ නිවැරදිව වෙලාව මනින පෑතැටියක් වූ අතර මුළු මගධයටම වෙලාව සැපයූවේ එය බව සඳහන්ය. එදා මෙම නාලන්දා විශ්වවිද්‍යාලයේ ප්‍රධානියා වූයේ කුලපති හිමියන්ය. හියුං සියෑං හිමියෝ එහි පැමිණෙන විට කුලපති හිමි වූයේ ශීලභද්‍ර හිමි බව පැවසෙයි. පසුව රාහුල භද්‍ර, ගුණමතී, ස්ථීරමතී හා ජයදේව මෙන්ම බුද්ධ කීරිති ආදී කුලපති හිමිවරුන් එහි ප්‍රධානීන් විය. මෙහි මුල්ම ආචාර්යවරුන් වන්නේ නාගර්ජුන හිමි සහ ආර්යදේව හිමියන්ය. නාලන්දාව වර්ෂ දහසක් පමණ විරාජමානව හා කීර්තිමත් විශ්වවිද්‍යාලයක් සේ තිබුණද 13 වැනි සියවසේදී මුස්ලිම් ආක්‍රමණිකයකු වූ භක්තියාර් ඛිලජ් විසින් නාලන්දාව ගිනිබත් කළ බව පැවසෙයි.

වික්‍රමශිලා විශ්වවිද්‍යාලය යනු ඉහතින් අප පැවසූ නාලන්දාවේම අනුග්‍රහය ඇතිව ඉදිවූ සහෝදර විශ්වවිද්‍යාලයකි. නාලන්දාවට සමීපව නැඟෙනහිරින් පිහිටි මේ වික්‍රමශිලා විශ්වවිද්‍යාලය කොල්ගොං නගරයෙන් සැතපුම් හයක් පමණ උතුරින් එදා ඉදිකර තිබිණි. එදා නාලන්දාවේ සිටි තාන්ත්‍රික ආචාර්යවරයකු වූ කාම්පාල හිමියන්ගේ අදහසකට අනුව මෙය ඉදිකළේ මගධයේ පාල රජ පරපුරේ එන ධර්මපාල රජුය. එම රජු මෙහි නඩත්තුව සඳහා ගම්වරයක්ද පූජා කර තිබේ. තවද නයපාල රජුද මෙහි දියුණුවට කැපවුණු බව සඳහන් වෙයි. මෙම වික්‍රමශිලා විශ්වවිද්‍යාලය යනු මහායාන ඉගැන්වීම් පදනම් කොටගත් අධ්‍යාපන ආයතනයකි. මහා ප්‍රාකාරයකින් වටවූ මෙම විශ්වවිද්‍යාලය මධ්‍යයේ විද්‍යා ගෘහ නම් වූ දේශන ශාලාවක් වූ අතර එය තුළට ඇතුළුවීමට ප්‍රධාන දොරටු හයක්ද විය. ඊට පසුව එහි සංඝාරාම හයක් විය. ඒ සංඝාරාමයක ආචාර්යවරුන් 180කට පමණ නේවාසික පහසුකම්ද තිබිණි. මෙහි විෂය මාලාව නාලන්දාවට සමාන එකක් විය. එහෙත් තාන්ත්‍රික ඉගැන්වීම්වලට මෙය ප්‍රසිද්ධ විය. මීට සිසුන් ඇතුළත් කරගත්තේද “ද්වාර පණ්ඩිත” නම් ආචාර්ය මණ්ඩලයක් විසිනි. එදා මෙහි කුලපති වූයේ දීපංකර ශ්‍රී හිමියන්ය. මෙහි ආචාර්ය මණ්ඩලයට 114ක් පමණ වූ අතර මහා රැස්වීම් ශාලාවක්ද විය. එවකට කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වූ මෙයද 12 වැනි සියවසේදී මුස්ලිම් ආක්‍රමණ නිසා විනාශ විය.

එදා නාලන්දා විශ්වවිද්‍යාලය ප්‍රධානතම මහායාන මධ්‍යස්ථානය වෙද්දී ප්‍රධානම හීනයාන මධ්‍යස්ථානය වූයේ වලභි විශ්වවිද්‍යාලයයි. එය බටහිර ඉන්දියාවේ කතියවාර් අර්ධද්වීපයේ භවනගර් සමීපයේ පිහිටි අතර ක්‍රි.ව. 7 වැනි සියවස තුළ එය ඉතා දියුණු විශ්වවිද්‍යාලයක් විය. වලභිය මෛත්‍රික පරපුරේ රජුන්ගේ අනුග්‍රහය උඩ ගොඩනඟා සංවර්ධනය කළ එකකි. 5 වැනි සියවසේ ඉදිකර ඇති වලභියේ එදා අධිපතිකම දැරුවේ ස්ථීරමතී හිමියන්ය. මේ අතර ගුණමතී හිමිද එහි විසූ පඬිවරු වූ අතර ඔවුන් දෙදෙනාම නාලන්දා ආචාර්ය මණ්ඩලයේද සිට තිබීම සුවිශේෂී කරුණකි. ඇතැම් තැන්හි වලභි විශ්වවිද්‍යාලය ආරම්භ කළේද මෙම හිමිවරුන් දෙපළ බව සඳහන් වෙයි. හයදහසක් පමණ පිරිසක් නේවාසිකව සිටි මෙහි විහාර මන්දිර 100ක් පමණ විය. එමෙන්ම ලෝකයේ විවිධ රටවලින් සිසුන් මෙහි පැමිණ අධ්‍යාපන කටයුතුවල නිරත වී තිබේ. වලභියේද විශාල පුස්තකාලයක් වූ අතර එහි පැවැත්මට ආධාර කර ඇත්තේ පළමු ගුහසේන රජු බව ශිලා ලේඛනයක සඳහන්ව ඇත. හීනයාන ධර්ම ග්‍රන්ථ, බුද්ධ ධර්මය, දේශපාලන විද්‍යාව, හින්දු ධර්මය මෙන්ම වේද වේදාංග, නීතිය, වාණිජ, කෘෂිකර්මය, අර්ථ ශාස්ත්‍රය, චිකිත්සා විද්‍යාවද ආදී විෂයන් මෙහි උගන්වා තිබේ. ක්‍රි.ව. 475 සිට 1200 දක්වා අඛණ්ඩව කීර්තිමත් හීනයාන විද්‍යායතනයක් වූ මෙය 13 වැනි සියවසේදී වූ මුස්ලිම් ආක්‍රමණයක් නිසා පසුව ගිනිගෙන විනාශ වී තිබේ.

ජගද්දලා විශ්වවිද්‍යාලය තිබූ බව සඳහන් වන්නේ උතුරු බෙංගාලයේ වරේන්ද්‍ර දේශයේ අගනුවර ලෙස හැඳින්වූ රාමාවතී නුවරය. මෙය එදා 11 වැනි සියවසේ ඉදිකළ බවට සඳහන් වන්නේ පාල රජ පරම්පරාවේ සිටි රම්පාල රජුය. නාලන්දාව තරමට දියුණු නොවුණද ජගද්දලාව හඳුන්වන්නේ තාන්ත්‍රික බුදු සමය කේන්ද්‍ර කරගත් ආයතනයක් ලෙසිනි. එසේ නමුත් නාලන්දාවේ ක්‍රියාත්මක වූ ආකාරයේම අධ්‍යාපන සහ පරිපාලන පටිපාටියක් මෙහි ක්‍රියාත්මක විය. එය ටිබෙට් බෞද්ධ පොත්පත්වල සඳහන් වේ. එදා නාලන්දා සහ වික්‍රමශිලා යන ප්‍රසිද්ධ විශ්වවිද්‍යාල විනාශවීමෙන් පසුවද මෙම විශ්වවිද්‍යාලය කලක් ක්‍රියාත්මක වූ බව සඳහන්ය. ඒ බව පැහැදිලි වන්නේ ශ්‍රී භද්‍ර තෙරුන් ඉහත කී විශ්වවිද්‍යාල විනාශවෙනු දැක ජගද්දලාවට ශිල්ප හැදෑරීමට පැමිණීමයි. එමෙන්ම මෙහිදී මහායාන ධර්ම ග්‍රන්ථද බොහෝ ගණනාවක්ම ටිබෙට් බසට පරිවර්තනය කර තිබේ. ජගද්දලා විශ්වවිද්‍යාලයේ තොරතුරු විරල අතර ක්‍රි.ව. 1207දී මුස්ලිම් ආක්‍රමණ හේතුවෙන් පසුව මෙම විශ්වවිද්‍යාලයද විනාශ විය.

ඕදන්තපුරි විශ්වවිද්‍යාලය තිබුණේ නාලන්දා විශ්වවිද්‍යාලයට සැතපුම් අටක් පමණ වූ දුරකිනි. මෙය ක්‍රි.ව. 750දී ඉදිකළ බව සඳහන් වන්නේ ගෝපාල රජතුමන් විසිනි. මහායාන ධර්ම ශාස්ත්‍ර පදනම් කරගත් පැරණි විද්‍යායතනයක් වූ මෙහි වික්‍රමශිලාවේ අධිපති දීපංකර ශ්‍රී හිමියන්ද මහායාන ධර්මය හැදෑරුව බව සඳහන් වෙයි. ටිබෙට් වාර්තාවලට අනුව 12,000ක් පමණ වන ගුරු ශිෂ්‍ය සේවක පිරිසක් ඕදන්තපුරි විශ්වවිද්‍යාලයේ සිටි අතර මෙම විශ්වවිද්‍යාලය පිළිබඳව ප්‍රමාණවත් තොරතුරු සොයාගෙන නැත. මෙයද කාලයත් සමඟ මුස්ලිම් ආක්‍රමණ නිසා විනාශ වූවකි. සෝමපුර විශ්වවිද්‍යාලය ගැන අවසන් වශයෙන් පැවසීමේදී ක්‍රි.ව. 818 – 850 සමයේ රජ කළ දේවපාල රජතුමා බෞද්ධ ආරාම පද්ධතියක් භාරතයේ ගොඩනැඟූ අතර එහි අපූර්ව ප්‍රතිඵලයක් ලෙස සෝමපුර විශ්වවිද්‍යාලය දියුණු විය. මෙය තිබෙන්නේ වර්ග සැතපුමක් තරම් වූ භූමියක් තුළය. මෙහිද සිසුන් දහස් ගණනක් අධ්‍යාපන හැදෑරූ අතර සෝමපුරයේ නේවාසික කුටි 177ක් විය. තවද මෙම සෝමපුර විශ්වවිද්‍යාලයේ ගිහි පැවිදි දෙපිරිසම නේවාසික අධ්‍යාපනය හදාරා ඇති අතර බාහිරව සිට පැමිණි සිසුන්ද මෙහි අධ්‍යාපනය හදාරා ඇත. සෝමපුර විශ්වවිද්‍යාලයද මුස්ලිම් ආක්‍රමණ නිසා විනාශ වූ බව කියන තවත් එක් විශ්වවිද්‍යාලයකි.
රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

Good Market දැන් බත්තරමුල්ලේ

Next Post

ජීවිත මට්ටු කරන තට්ටු නිවාස

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.