අංක 137, පන්නිපිටිය පාර බත්තරමුල්ල යන ස්ථානයේදී බත්තරමුල්ල Good Market අලෙවි සල පසුගියදා නිල වශයෙන් විවෘත විය. රට පුරා විසිරුණු 130කට අධික වූ Good Market අනුමත නිෂ්පාදකයන් විසින් නිෂ්පාදනය කරන ලද නැවුම් කාබනික එළවළු සහ පලතුරු, ස්වාභාවික ආහාර, ඇඟ ගල්වනයන්, නිවාස සහ උද්‍යාන නිෂ්පාදන මෙම අලෙවි සලෙන් ලබා ගත හැකිය.
එසේම බත්තරමුල්ල Good Marketහි පිහිටි Farm Gate Cafe වෙතින් ප්‍රණීත පලතුරු යුෂ වර්ග, කෝපි ඇතුළු පාන වර්ග රස විඳීමේ අවස්ථාව දැන් පාරිභෝගිකයන්ට උදා වී ඇත. එසේම පාරිභෝගිකයන්ට රැස්විය හැකි ඉඩකඩකින්ද සමන්විත බත්තරමුල්ල Good Market හි ඔබගේ හමුවීම් මෙන්ම රැස්වීම් ආදිය පැවැත්වීමේ ස්ථානයක් ලෙසද යොදා ගැනීමට හැකියාව ඇත.











