• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

රුවන්වැලි සෑයේ අතීත කතාව

November 30, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
රුවන්වැලි සෑයේ අතීත කතාව
Share on WhatsAppShare on Facebook

ඓතිහාසික රුවන්වැලි සෑ රජාණන් වහන්සේ යනු වසර දහස් ගණනක් පුරා වසරේ සෑම දිනකම ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසකගේ වන්දනාවට ලක්වෙන ඓතිහාසික පුණ්‍ය භූමියක් බව අමුතුවෙන් පැවසිය යුතු නැති කාරණයකි. නමුත් රුවන්වැලි සෑ රජාණන් වහන්සේ පිළිබඳ සමාජය තුළ වෙනදාටත් වඩා වැඩි අවධානයක් පසුගිය දින කිහිපය පුරා ඇති වී තිබෙන ආකාරය දක්නට හැකි විය. අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම ධුරයේ දිවුරුම් දීම සඳහා රුවන්වැලි සෑ සලපතළ මළුවේ පිහිටි දුටුගැමුණු පිළිමය තෝරා ගැනීම එය එක් හේතුවක් විය. ඊට සතියකට පසු රුවන්වැලි සෑයේ චූඩා මාණික්‍යය පැලඳවීමේ උත්සවය යෙදී තිබීම එම අවධානය දෙගුණ තෙගුණ කිරීමට හේතු විය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දිවුරුම් දීමේ උත්සවය රූපවාහිනියෙන් නැරඹූ බොහෝ දෙනකුට දර්ශන තලය පසුපසින් පෙනුණු යෝධ අට්ටාලය කුමක්දැයි යන්න විශාල ගැටලුවක් විය. ඒ කුමක්දැයි යන්න හරියටම අනාවරණය වූයේ චූඩා මාණික්‍යය පැලඳවීමේ උත්සවය පිළිබඳ තොරතුරු අනාවරණය වීමත් සමඟය. එලෙස රුවන්වැලි සෑ රදුන්ට ඉහළින් දර්ශනය වූයේ කොත් වහන්සේ පැලඳවීම සඳහා ඉදිකළ දැවැන්ත අට්ටාලයය. ඒ මතින් ඉහළට ගෙන ගිය චූඩා මාණික්‍යය සහිත කොත් වහන්සේ පසුගිය 25 වැනිදා සවස් කාලයේදී රුවන්වැලි සෑ රදුන් මත පැලඳවූ අතර ඊට පසු දින එනම් නොවැම්බර් 26 වැනිදා උදෑසන 10ට මල්වතු පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල හිමිපාණන් අතින් එම කොත් වහන්සේ නිරාවරණය විය.

චූඩා මාණික්‍යය ඇතුළු රුවන්වැලි සෑ රජාණන් වහන්සේගේ කොත් වහන්සේ මේ ආකාරයෙන් සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කර ඇත්තේ වසර 80කට පසුවය. 19 වැනි ශත වර්ෂයේදී මහ කැලයෙන් වැසී ගරා වැටී තිබියදී සොයා ගත් රුවන්වැලි සෑය නැවත වරක් ගොඩ නැංවීමේ පුරෝගාමියා ලෙස කටයුතු කර ඇත්තේ නාරන්විට සුමනසාර හිමිපාණන්ය. උන්වහන්සේගේ මැදිහත් වීමෙන් ඇරඹූ රුවන්වැලි සෑ වර්ධන සමිතියේ මැදිහත්වීමෙන් රුවන්වැලිසෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇත්තේ 1884 වසරේදීය. කෙසේ නමුත් එලෙස ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර වසර 50කට ආසන්න කාලයක් ගත වන තුරුම රුවන්වැලි සෑය සඳහා චූඩා මාණික්‍යයක් පලන්දවා තිබී නැත. රුවන්වැලි සෑයේ කොත් පැලඳවීම සඳහා චූඩා මාණික්‍යයක් සෙවූ නමුත් 1933 වසර වන තුරුම එවැන්නක් හමු වී නොමැති බව ඉතිහාසයේ සඳහන්ව ඇත. මීට වසර 80කට පෙර රුවන්වැලි සෑයේ පැලඳවීම සඳහා චූඩා මාණික්‍යයක් සෙවීමේ කතාවද ඉතා රසවත් එකක්ය.

රුවන්වැලි සෑ රදුන් සඳහා පැලඳවීමට සුදුසු චූඩා මාණික්‍යයක් සෙවීමේ වගකීම බාර ගත් දෙමටගොඩ මහා මතුටාරාමාධිපති යූ. විනයාලංකාර බුරුම නාහිමියන් එම අභියෝගය ජයගැනීම සඳහා වසර 7ක කාලයක් වෙහෙස වී ඇත. චූඩා මාණික්‍යයක් සොයා ගැනීමේ අදහසින් 1933 වසරේදී බුරුම රට බලා පිටත්ව ගිය උන් වහන්සේ ප්‍රථමයෙන් වැඩම කර ඇත්තේ රැන්ගුන් නුවරටය. එහිදී ඒ සඳහා සුදුසු පළිඟුවක් සොයා ගැනීමට උන්වහන්සේ අසමත් වී තිබේ. අනතුරුව උන්වහන්සේ ඉහළ බුරුමයේ ග්‍රාමීය නගරයක් වන මෝගොක් වෙත වැඩම කර ඇත. බුරුමයේ මැණික් සඳහා සුප්‍රසිද්ධ නගරයක් ලෙස සැලකෙන මෝගොක් නුවර මැණික් ව්‍යාපාරිකයන් වෙත තම අරමුණ පැහැදිලි කර දීමෙන් අනතුරුව ඒ සඳහා සුදුසු පළිඟුවක් සොයා ගැනීමට උන්වහන්සේට හැකියාව ලැබී ඇත. ලංකාවේ පළිඟුවලට වඩා දීප්තියෙන් අධික වූ එම පළිඟුවේ මිල ඉතා අධික එකක් වී ඇති එකල එහි වටිනාකම සඳහන් වී ඇත්තේ රුපියල් හයදහසක් ලෙසටය. එම වටිනා පළිඟුවත් සමඟින් උන්වහන්සේ නැවත වරක් ශ්‍රී ලංකාවට වැඩම කර ඇත්තේ 1938 වසරේදීය.

කෙසේ නමුත් එලෙස රැගෙන ආ පළිඟුව කොත් වහන්සේට සුදුසු පරිදි සකස් කිරීමට අවශ්‍ය තාක්ෂණය මෙහි නොමැති වීම මත ඒ සඳහා එය නැවත වරක් බුරුමය වෙත රැගෙන යෑමට උන් වහන්සේට සිදුව ඇත. එහෙත් එය රැගෙන නැවත බුරුමයට වැඩම කළ උන්වහන්සේ එහිදී මුහුණ දී ඇත්තේ නොසිතූ අත්දැකීමකටය. ඒ එම පළිඟුව කැපිය නොහැකි බවට කැපුම්කරුවන් ප්‍රකාශ කිරීමත් සමඟය. ඒ එම පළිඟුව තුළ වූ අනෙපේක්ෂිත ඉරි තැළීමක් හේතුවෙනි. කෙසේ හෝ තම උත්සාහය අත් නොහළ විනයාලංකාර හිමියන්ට ඊටත් වඩා විශාල පළිඟුවක් සොයා ගැනීමේ හැකියාව ලැබී ඇත. ඉතිහාසයේ සඳහන්ව ඇති පරිදි කපා ඔපමට්ටම් කළ එම පළිඟුව රැගෙන උන් වහන්සේ නැවත මෙරටට වැඩම කර ඇත්තේ 1940 මාර්තු 4 වැනිදාය. ශ්‍රී ලංකාවට වැඩම කරවීමට පෙර බුරුමයේ බෞද්ධයන්ගේ වන්දනාවටද ලක් වූ එම චූඩා මාණික්‍යය එහිදී ආශ්චර්යයන් පෑ බවත් ඉතිහාසයේ සඳහන්ව ඇත. එහිදී චූඩා මාණික්‍යය තැන්පත් කර තිබූ මංජුසාව වටා ධාතූන් වහන්සේ අනූඅට නමක් තැන්පත් වූ බවද සඳහන්ය.

එම චූඩා මාණික්‍යය සහිතව රුවන්වැලි සෑ රදුන්ගේ කොත් පැලඳවීමේ උත්සවය පවත්වා ඇත්තේ 1940 ජූලි 17 වැනිදාය. ශ්‍රී ලංකාවේ නන් දෙසින් අති විශාල බැතිමතුන් පිරිසක් සහභාගි වූ එම පින්කමේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වී ඇත්තේ එවකට ස්වදේශ කටයුතු ඇමැතිවරයා වූ ඩී. බී. ජයතිලක මහතාය. බුරුමයෙන් රැගෙන ආ පළිඟුව චූඩා මාණික්‍යය ලෙස යොදා ගත් එම කොත් වහන්සේගේ මුළු බර ටොන් 6කි. කොත් වහන්සේ මුදුනේ ආධාරකයක් මත චූඩා මාණික්‍යය රඳවා ඇති අතර එම ආධාරකය සැරසීමට රන් කිලෝ 5.5ක් සහ රිදී කිලෝ 69ක් යොදා ගත් බවද සඳහන්ය. එමෙන්ම ඒ වටා මැණික් ගල් 5,000කට ආසන්න ප්‍රමාණයක් අතුරා ඇත.

ශ්‍රී ලංකාවේ අනෙක් දාගැබ් සඳහා මෙන්ම රුවන්වැලි සෑයේ මුල් ඉදි කිරීමේදීද එයට චූඩා මාණික්‍යයක් සහ කොත් කැරැල්ලක් ඇතුළත්ව තිබී නැත. ඒ වෙනුවට තිබී ඇත්තේ ඡත්‍රයක් සහිත යූපයකි. නමුත් පසු කාලීනව දාගැබ් සඳහා වජ්‍ර චුම්බටක හෙවත් චූඩා මාණික්‍යයන් පලඳවා ඇති අතර ඒ සඳහා ප්‍රධාන හේතුව වී ඇත්තේ අකුණුවලින් ආරක්ෂා වීමය. රුවන්වැලි සෑ රජාණන් සඳහා පළමුව වජ්‍ර චුම්බටක පලඳවා ඇත්තේ පළමුවැනි සංඝතිස්ස රජු විසින් බව වංසකතාවන්හි සඳහන්ය. ඉන් අනතුරුව ධාතුසේන සහ මහානාග යන රජවරුන් විසින්ද රුවන්වැලිසෑයට වජ්‍ර චුම්බටක පූජා කර ඇත.

අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ සහ රුවන්වැලි සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මෙවර එම මහා පුණ්‍යකර්මය සිදු කරන ලද්දේ විශ්ව පාරමී පදනම විසිනි. වසර 80ක් පුරා ප්‍රතිසංස්කරණය නොවීම හේතුවෙන් කොත් වහන්සේට අත්ව තිබූ ඉරණම උන්වහන්සේලා දෑසින්ම දැක බලා ගෙන ඇත. රුවන්වැලි සෑ කොත් වහන්සේගේ ප්‍රතිසංස්කරණය සඳහා අති විශාල අට්ටාලයක් ඉදි කර ඇත්තේද උන්වහන්සේට ඒ වෙත ගමන් කිරීම පහසු කරවීම සඳහාය.

කොත් වහන්සේ මත ආලේපිත කර තිබූ රත්තරන් පැහැ තීන්ත බොහෝ දුර්වර්ණව තිබූ නිසා මෙවර ප්‍රතිසංස්කරණයේදී ඒ වෙනුවට ඒ මත පිරිසුදු රත්තරන් ආලේප කිරීමට කටයුතු කර ඇත. එම වැඩ කටයුත්ත බාරව ක්‍රියා කළේ මීට පෙර දළදා මාලිගාවේ වියනෙහි රන් ආලේප කිරීම බාරව කටයුතු කළ ඔරුබා ීඡ් නම් ඉතාලි සමාගමය. ඒ සඳහා අවශ්‍ය රත්තරන් ගෙන්වා ඇත්තේද ඉතාලියෙනි.      

කොත් වහන්සේ සඳහා මෙවර යොදා ගත් චූඩා මාණික්‍යය සකස් කර ඇත්තේ දියමන්තිවලට පමණක් දෙවැනි රොක් ක්‍රිස්ටිස් නම් පළිඟු පාෂාණයෙනි. ඕස්ටේ්‍රලියාවෙන් ලබා ගත් එම පළිඟුව සකස් කර ඇත්තේද ඕස්ටේ්‍රලියා සමාගමක් විසිනි. එහි පාදම පිරිසුදු රත්තරන් යොදා පිරිසුදු කර ඇත්තේ සිංගප්පූරු සමාගමක් විසිනි. එමෙන්ම රුවන්වැලි සෑයේ සවි කර තිබූ අකුණු සන්නායකය අබලන්ව තිබූ නිසාවෙන් නව ප්‍රතිසංස්කරණයේදී ඒ වෙනුවට නව අකුණු සන්නායකයක් සවි කිරීමටද කටයුතු කර ඇත. එමෙන්ම රුවන්වැලි සෑය මත වූ විදුලි පද්ධතිය පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කිරීමටද කටයුතු කර ඇත. ඒ සියලු කටයුතු සිදු කර ඇත්තේ ජාත්‍යන්තර සමාගම් විසින් වීමද විශේෂත්වයකි.

සියලුම කටයුතු නිසි පරිදි අවසන් වීමෙන් පසු රුවන්වැලි සෑ රජාණන් වහන්සේ පෙරටත් වඩා වැඩි අභිමානයකින් දිස්වෙමින් ඇත. ඈතට පෙනෙන රුවන්වැලි කොත් වහන්සේගේ දර්ශනයෙන් හිත් තුළ ඇති වන මෙත් සිසිල වෙනදාටත් වඩා ඉහළ ගොස් ඇත. ලෝ පුරා සියලු ජනතාව වෙත ඒ සිසිල බෙදමින් තවත් චිරාත් කාලයක් රුවන්වැලි සෑ රදුන් යෙහෙන් වැජඹෙනු ඇත. ශ්‍රී ලාංකික අප සැමගේ බලාපොරොත්තු වන්නේද එයය.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

“Let there be joy” මේ ඔඩෙල්හි නත්තල් සමයයි

Next Post

මෝඩිගෙ ‌නෙළුම් මලයි ‌ගෝඨාගේ ‌පොහොට්ටුවයි (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.