• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෝඩිගෙ ‌නෙළුම් මලයි ‌ගෝඨාගේ ‌පොහොට්ටුවයි (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

November 30, 2019
in Exclusive, Gurudawa
Reading Time: 2 mins read
A A
මෝඩිගෙ ‌නෙළුම් මලයි ‌ගෝඨාගේ ‌පොහොට්ටුවයි (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

ගෝඨාභය රාජපක්ෂ පසුගිය බ්‍රහස්පතින්දා ඉන්දියාව බලා පිටත් වූයේ ලංකාවේ හත්වැනි ජනාධිපතිවරයා ලෙසය. මෙයට පෙර ඔහු අවසන් වරට ඉන්දියාවට ගියේ 2014 ඔක්තෝබරයේදීය. ඒ හරියටම මීට වසර 5කට පෙරය. ඔහු ඒ වෙලාවේ ඉන්දියාවට ගියේ මහින්දගේ ආණ්ඩුවේ ආරක්ෂක ලේකම් ලෙසය. ඔහුගේ එම සංචාරයේදී එරට ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩෝවාල් සහ දිල්ලියේ ‘සවුත් බ්ලොක්’හි විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීහු ගෝඨාභයට රතු නිවේදනයක් බාරදුන්හ. එනම් කොළඹ වරායට චීන සබ්මැරීන් පැමිණීම ගැන ඉන්දියාව විරෝධය දක්වන බවය. ගෝඨාභය එම රතු නිවේදනය කියවා ලංකාවට පැමිණියේය. වැඩි දවසක් ගියේ නැත. තවත් චීන සබ්මැරීනයක් සහ යුද නෞකාවක් දවස් පහක සංචාරයකට ලංකාවට ළඟාවිය. ඒ හරියටම ජනාධිපතිවරණය පැවැත්වීමට මාස දෙක තුනකට පෙරය. මහින්ද 2015 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළේය. එම ජනාධිපතිවරණයෙන් මහින්ද පරාජය ලැබීය. 2015 මාර්තු 13 මහින්ද ‘ඉන්දියා ටුඩේ’ මාධ්‍යයට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් කීවේ ඉන්දීය බුද්ධි අංශ තමාව පරාජයට පත්කරන්න කුමන්ත්‍රණය කළ බවය. ගෝඨාභය රාජපක්ෂද විදේශ මාධ්‍යයට මේ කතාවම කීවේය.
කලකට පසු ඉන්දීය අගමැති මෝඩි ලංකාවේ සංචාරයකට ආවේය. මහින්ද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් මෝඩි හමුවීමට අවස්ථාවක් ඉල්ලුවේය. ඒ වැඬේට කපුකම කළේ බැසිල්ය. රාජපක්ෂලාට යළි බලයට ඒමට ඉන්දියාව ලංකවේ දේශපාලන භූමියෙන් නිෂ්ක්‍රිය කොට තබා ගත යුතු බව බැසිල් තේරුම් ගෙන සිටියේය. මෝඩිද කාර්යබහුල කාලසටහනක් මැද මහින්ද හමුවීමට වේලාවක් දුන්නේය. යළිත් වතාවක් 2018 දී මෝඩි ලංකාවට පැමිණි විට මහින්ද ගෝඨාභය සමඟ මෝඩි හමුවීමට අවස්ථාවක් ඉල්ලුවේය. හමුවට ගෝඨාභය සහභාගි කරවීමේ කපුකම කළෙත් බැසිල් රාජපක්ෂය. මහින්ද ගෝඨාභය සහ ජී.එල්. සමඟ මෝඩි හමුවිය. ඒ මෝඩිගේත්, ගෝඨාභයගේත් පළමු හමුවීමය. මෝඩි සහ ගෝඨාභය අතර ලොකු කතාබහක් ඇති නොවීය. ඒ මෝඩි සහ මහින්ද – ගෝඨා හමුවට පසු ජනාධිපති මෛත්‍රිපාල අපූරු ප්‍රකාශයක් කළේය. ඔහු කීවේ මෝඩි මහින්ද හමුවීමට පෙර ඉන්දියාව මේ හමුව ගැන තමාව දැනුවත් කළ බවය. ඔහු නොකියා කීවේ මෝඩි මහින්දව හමුවූයේ තමාගේ අවසරය මත බවය. ඔහුගේ මේ ප්‍රකාශය ඉන්දියාවත් මහින්ද පාර්ශ්වයත් යන දෙකම ලැජ්ජාවට පත්කළ ප්‍රකාශයකි. ඉන්දියාව එම ප්‍රකාශයට උත්තර දෙන්න ගියේ නැත. මහින්දලාත් උත්තර බඳින්න ගියේ නැත.

මේ වෙනකොට බැසිල් යළි ඉන්දියාව සහ රාජපක්ෂලා එකට එක් කිරීමට මෙහෙයුමක් දියත් කොට තිබිණි. මේ මෙහෙයුමට අමතරව රාජපක්ෂවරුන්ගේ ඔටුන්න හිමි කුමාරයා නාමල් රාජපක්ෂත් මෝඩිගේ ජාත්‍යන්තර සබඳතා ජාලයට රිංගා මෝඩි සහ මහින්ද සමීප කරවන මෙහෙයුමක් දියත් කොට තිබිණි. මෝඩි ලංකාවට ආවේ 2017 මැයි මාසයේය. 2017 ජූලි මාසයේ මෛත්‍රි – රනිල් ආණ්ඩුව හම්බන්තොට වරාය චීනයට බදුදෙන ගිවිසුම අස්සන් කළේය. ගිවිසුම ගැන රනිල් ඉන්දියාව දැනුවත් කොට තිබුණත් එය ඉන්දියාවේ සතුටට හේතු නොවීය. 2015 ජනාධිපතිවරණයේදී කොළඹ චීන වරාය ව්‍යාපෘතිය නතර කරනවා කියා පැමිණි රනිල් එම ගිවිසුම වෙනස් කොට ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ගැනත් ඉන්දියාව හිටියේ කනස්සල්ලෙන්නි. චන්ද්‍රිකා ජනාධිපති ධුරය දරන කාලයේ සිට සාකච්ඡා කළ ඉන්දීය ව්‍යාපෘතියක් වූ සාම්පූර් විදුලි බලාගාරයත් මහින්දගේ ආණ්ඩුවට යෝජනා කොට තිබූ ත්‍රිකුණාමල තෙල් ටැංකි ඉන්දියාවට බදුදීමේ යෝජනාවත් මෛත්‍රි – රනිල් ආණ්ඩුවට ඉදිරිපත් වූ විට රනිල්ගේ ආණ්ඩුව එයට කැමැති වුවත් මෛත්‍රිපාල සාම්පූර් බලාගාරයටත්, ත්‍රිකුණාමල තෙල් ටැංකි බදු දීමටත් එරෙහි විය. චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලයේ සිට සාකච්ඡා කරමින් ආ ඉන්දු – ලංකා වෙළෙඳ ගිවිසුම වූ එක්ටා ගිවිසුම අස්සන් කරන්න සූදානම් වෙද්දී එයට එරෙහිව මහින්දලා ගෙනගිය විරෝධතා ව්‍යාපාරය පාලනය කිරීමටද මෛත්‍රි – රනිල් ආණ්ඩුව කිසි දෙයක් කළේ නැත. චීනයට හම්බන්තොට වරාය බදු දීමේ ගිවිසුමටද මහින්දවාදීන් විරෝධතා දැක්වුවත් විරෝධතා මැද මෛත්‍රි සහ රනිල් එක්ව ගිවිසුම අස්සන් කළහ. ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව සමඟ අස්සන් කළ වෙළෙඳ ගිවිසුමටද මහින්දවාදීන් විරෝධතාව දැක්වුවත් එයද අස්සන් කරනු ලැබීය.
ඉන්දියාව මේ සියල්ල දෙස බලා සිටියේ උපේක්ෂාවෙනි. 2018 පුංචි ඡන්දය ආවේ මේ අතරතුරදීය. ඡන්දයෙන් පොහොට්ටුව අතිවිශිෂ්ට ජයක් ලැබීය. රැල්ල යන අත ඉන්දියාව තේරුම් ගත්තේය. මෝඩි දිල්ලියේදී මහින්ද සහ නාමල් හමුවූයේ ඉන්දියාව රාජපක්ෂලා සමඟ තිබූ අමනාපකම් අවසන් කොට ඇති බවට ලොවටම පෙන්වමිනි. ඒ හමුව මෛත්‍රි – රනිල් ආණ්ඩුවම පුදුමයට පත්කළ හමුවක් විය. රනිල් කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට බදු දෙන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේ ඉන් පසුවය. මෛත්‍රි වහාම එය නතර කළේය. ඉන්දීය බුද්ධි අංශ තමාව ඝාතනය කරන්න කුමන්ත්‍රණය කරනවා යැයි මෛත්‍රි කැබිනෙට්ටුවේ කීවේ මේ අතරතුරදීය. රනිල් වහාම ඉන්දියාවට ගොස් මෛත්‍රිට එරෙහිව ගතු කීවේය. මෛත්‍රි මෝඩිට කතා කොට රනිල්ට එරෙහිව ගතු කීවේය. ඔක්තෝබර් කුමන්ත්‍රණය කරළියට ආවේ මේ කාලයේය. මෛත්‍රි අගමැති ධුරයෙන් රනිල් ඉවත් කොට මහින්දව පත් කළේය. ඉන්දියාව මෙතැනදී රඟපාන චරිතය දිහා මහින්දලා ඇහැ ගහගෙන සිටියහ. ඉන්දියාව ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලට කුමන්ත්‍රණය නිෂ්ක්‍රිය කරන්න ඉඩ දී නිහඬ විය.
කෙසේ හෝ රනිල්ට යළි අගමැති ධුරය හිමි විය. පාස්කු බෝම්බ ප්‍රහාරය සිදුවූයේ මින් පසුවය. මෙයින් ඉන්දියාව දැඩි කම්පාවට පත්විය. ලංකාව මුස්ලිම් ත්‍රස්තවාදීන්ට ආරක්ෂිත ස්ථානයක් වුවහොත් එයින් ඉන්දියාවට එල්ලවන අනතුර ඉන්දියාව හොඳින් තක්සේරු කොට තිබිණි. ලංකාවේ මෛත්‍රි සහ රනිල් ආණ්ඩුව අතර තියෙන අර්බුදයත් එයින් රට අනාරක්ෂිත වී ඇති ආකාරයත් ආණ්ඩුව ආරක්ෂා කරන මුස්ලිම් දේශපාලනඥයන්ගේ රැකවරණ පතන මුස්ලිම් අන්තවාදී කල්ලි ගැනත් ඉන්දියාව හොඳින් සිතා බැලීය. මේ වෙලාවේ ලංකාවට ශක්තිමත් නායකයෙක් සහ ශක්තිමත් ආණ්ඩුවක් අවශ්‍ය බව ඉන්දියාවට දැනුණි. මහින්දලා බැසිල්ගේ ඉන්දීය මෙහෙයුම සහ නාමල්ගේ ඉන්දීය මෙහෙයුම හරහා එතැනට හොඳින් පෝර දමනු ලැබීය. ඉන්දියාව කවදත් බැසිල්ට ප්‍රිය කළේය. මහින්ද සමඟ අමනාපකම් බැසිල් සහ නාමල් එක්වී දුරු කළේය. ප්‍රශ්නය තිබුණේ ගෝඨාභයටය. පාස්කු බෝම්බ ප්‍රහාරය ඉල්ලන ශක්තිමත් නායකයා ගෝඨාභය බව මහින්ද බැසිල් සහ නාමල් ඉන්දියාවට හොඳින් ඒත්තු ගන්වනු ලැබීය. ඉන්දියාව ගෝඨාභය ගැන තිබුණු සැකය අමතක කර දැමීය. මෛත්‍රි සහ යූ.ඇන්.පී. ආණ්ඩුවේ රනිල් විරෝධීන් මේ කිසිවක් දින සිටියේ නැත. ඔවුහු මෝඩි සහ සජිත් අතර සම්බන්ධයක් හදන්න වැඩ කළහ. පාස්කු බෝම්බ ප්‍රහාරයට පසු ලංකාවට ආ මෝඩිගේ පරිවාරක ඇමැති ලෙස සජිත්ව නම් කළේ මෛත්‍රි සහ යූ.ඇන්.පී. ආණ්ඩුවේ රනිල් විරෝධීන්ය. ඉන්දීය මාධ්‍ය මෙය හැඳින්වූයේ සජිත් ඉන්දියාවේ අනාගත බලාපොරොත්තුව ලෙසය. ඒත් මේ වෙන කොටත් ඉන්දියාව ජනාධිපතිවරණයේදී නිෂ්ක්‍රිය වීමට තීරණය කොට තිබිණි. ජනාධිපතිවරණය අතරමැද බැසිල් ‘ද හින්දු’ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් කීවේ මෙවර ජනාධිපතිවරණයේදී විදේශ බලව්ගවල මැදිහත් වීමක් නැති බවය. බැසිල් ඒ කීවේ ඉන්දියාව ගැනය. එපමණක් නොව ගෝඨාභයගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කළේ කලාපයේ ආරක්ෂාව සහතික කරන්න ඉන්දියාව සමඟ ළඟින් වැඩ කරන බවය. ඇත්තටම ඉන්දියාව මේ ජනාධිපතිවරණයේදී අනුගමනය කළේ නිහඬ චරිතයකි. ගෝඨාභය දින්න විගස මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝඨාභය හමුවූයේත්, ඉන්දීය විදේශ ඇමැති ලංකාවට පැමිණ ගෝඨාභයට පළමු විදේශ සංචාරයට ආරාධනා කළේත් ඒ නිසාය. ගෝඨාභයද සිය පළමු මාධ්‍ය සාකච්ඡාව ඉන්දීය මාධ්‍යවේදියකුට ලබාදෙමින් කීවේ තමන් හම්බන්තොට වරාය චීනයට බදුදීමේ ගිවිසුම වෙනස් කරනවා කියාය. ගෝඨාභය ඉන්දියාවේ ආරක්ෂක කටයුතු සම්බන්ධ මාධ්‍යවේදියෙක් හරහා ඒ පණිවුඩය යැව්වේ ඉන්දියාවටය.
මහින්ද ගෝඨාභයගේ ඉන්දීය සංචාරයට කොයි තරම් සංවේදීද කියනවා නම් ජනාධිපතිවරණ ජයග්‍රහණයට පසු දමිළ නාමපුවරු ගැලවීම දුටුවේ ගෝඨාභයගේ ඉන්දීය සංචාරය කඩාකප්පල් කරන කුමන්ත්‍රණයක් ලෙසය. මේ බව ඉන්දියාවේ ප්‍රකට එන්.ඩී.ටී.වී. මාධ්‍ය අනාවරණය කොට තිබිණි.
“අතටම දීලත් කටට දාගන්න බැරි ඩබලක්”
ඉන්දියාවේ සවුත් බ්ලොක්හි නිලධාරීන් මෛත්‍රි සහ රනිල් ගැන මෙහෙම කියල හිනාවෙනවාද දන්නේ නැත.

උපුල් ‌ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

රුවන්වැලි සෑයේ අතීත කතාව

Next Post

ඉල්ලගෙන ආපු විපක්ෂ නායක කාර්යාලයේ යතුරු රනිල් යළිත් බාර ‌දෙයි

MORE NEWS

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

Load More
හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

එක්සත් ජාතික පක්ෂයේ සෙංකඩගල ආසන සංවිධායක ආචාර්ය චමින්ද මලලසේකර මහතා එම පක්ෂයෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News...

Read more
අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.