• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

රාවණා රජු කළුදිය පොකුණෙ පතුලෙ හදපු සිර කඳවුර

June 13, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
මහා රාවණාගේ හෙළිනොවූ රහස්
Share on WhatsAppShare on Facebook

අපි ජීවත් වෙන්නෙ වසර පන්දහසකට වඩා ඉතිහාසයක් තියෙන රටක. එහෙම බැලුවාම මේ රටේ මිනිසුන්ටත් වසර පන්දහසකට එහා ගිය අභිමානවත් ඉතිහාසයක උරුමයක් තියෙනවා. ඒ උරුමය දිගේ හරි පරෙස්සමට කරුණු කාරණා තෝරා බේරාගෙන හොයාගෙන යද්දි අපිට අපේ රටට ප්‍රෞඪ ඉතිහාසයක් නිර්මාණය කරපු අභීත රජවරු, සෙන්පතියෝ එකිනෙකා හමු වෙනවා. එහෙම හමුවෙන මහා පරාක්‍රමබාහුලා, දුටැගැමුණුලා වගේම එතැනින් එහාටත් යන්න අපිට වාසනාව තියෙන්නේ ඊටත් එහා ඉතිහාසගත නායකයෝ අපිට හිටපු නිසයි. ඉතින් එහෙම පරෙස්සමට ඉතිහාසය හොයාගෙන යද්දි අපිට නතර වෙන්න තැනක් තියෙනවා. ඒ තමයි මහා බලසම්පන්න කිසිවකුට ඇදහිය නොහැකි බලපරාක්‍රමයක් තිබුණු මේ ලෝකය පමණක් නොව එයින් පිටත විශ්වයටත් තම බලය ප්‍රදර්ශනය කරමින් විශ්වයම ජයගත්තු මහා රාවණා රජතුමා. ජනප්‍රවාද අනුව බැලුවාම රාවණා රජු තමයි ලක්පොළොව මත ඇති විශ්මිත ඉදිකිරීම් සමුදායක නියම උරුමක්කාරය.

එනිසා ටිකක් ඉවසීමෙන් වසර පන්දහසක අතීතයට යන්න සිද්ධ වෙනවා. එදා රාවණා රජු සිය මහා බලපරාක්‍රමය ප්‍රයෝජනයට අරගෙන විශ්වයේ වෙනත් ග්‍රහලෝක සමගත් ගනුදෙනු කළා. එහෙම ගනුදෙනුවලදී මත ගැටුම් වගේම යුද ගැටුනුත් ඇති වුණා. හැබැයි ඒ එක යුද ගැටුමකින්වත් පරදින්න අකැමැති වෙච්ච මහා රාවණ තමන් සමඟ යුද්ධයට ආපු බොහෝ දෙනෙක්ව පරාජය කරලා සිරකරුවන් විදියට ලක්බිමට අරගෙන ආවා. එහෙම අරගෙන ආපු සිරකරුවන්ව රඳවා තැබුවේ අඩි එකසිය පනහකටත් වඩා ගැඹුර පොළොව යට සිරමැදිරි සංකීර්ණයක. අපි මේ යන්නෙ එතැන හොයාගෙන. හැබැයි අද අපිට ඒ අඩි එකසිය පනහ පහළට බැහැලා සිරමැදිරි සංකීර්ණයට යන්න ලැබෙන්නෙ නැහැ. දැන් එතැන තියෙන්නෙ පොකුණක්. ඒ තමයි කළුදිය පොකුණ. මිහින්තලේ කළුදිය පොකුණ අනුරාධපුර යුගයෙන් පස්සෙයි බොහෝ දෙනෙක් කතා කරන්නෙ. එහෙමත් නැත්නම් මෙය අනුරාධපුර යුගයට ගළපන්න ඇතැම් අය උත්සාහ කරනවා වෙන්නත් පුළුවන්. ඒත් මේ තැන එහෙම ලේසියෙන්, පහසුවෙන් අහවල් කාලයට අයිතියි කියලා කියන්න බැරි ජනප්‍රවාද විශාල ප්‍රමාණයක් මේ වෙනකොටත් කතාබහට ලක්වෙලා තියෙනවා. ඒ ඉතිහාසය වසර පන්දහසකටත් වඩා එහාට සම්බන්ධ වන බවට මේ වෙද්දි විවිධ ජනප්‍රවාද ඔස්සේ කරුණු කාරණා ඉස්මතු වෙමින් තිබෙනවා.

ජනප්‍රවාදයන්හි සඳහන් වන ආකාරයට නම් අඩි එකසිය පනහකටත් වැඩි ප්‍රමාණයක ගැඹුරක් ඇති කළුදිය පොකුණ පතුල කේතුවක් අනෙක් පිට හැරවූ ආකාරයටයි ඉදිකරලා තිබෙන්නෙ. එය කිසිවකුට විශ්වාස කළ නොහැකි ආකාරයේ විශ්මිත ක්‍රියාකාරකම් සඳහා යොදාගත් ස්ථානයක් ලෙසද සලකනවා. විශ්වය හා ගනුදෙනු කළ හැකි බල කේන්ද්‍රයක් ලෙස සැලකෙන මෙම ස්ථානය අතීතයේ රාවණා රජු විශ්වය හා සම්බන්ධ වීමට යොදාගත් ස්ථානවලින් එකක් කියලත් විවිධ මතවාද ඉදිරිපත් කෙරෙමින් තිබෙනවා.

රාවණා රජු කියන්නෙ එහෙම විස්මිත හපන්කම් කරපු රජ කෙනෙක් කියන එක මේ වෙද්දි රහසක් නෙවෙයි. එනිසා මේ කළුදිය පොකුණ ප්‍රදේශය ඔහු විසින් විවිධ විශේෂිත කටයුතු සඳහා භාවිත කළාය කියලා පිළිගන්න සාක්‍ෂි, සාධක සපයන තවත් බොහෝ කරුණු මේ අවටින්ම හොයාගන්න පුළුවන්.

මේ ගැන තවත් අමුතු කතා ටිකක් ජනප්‍රවාදවලත් තියෙනවා. ඒ ජනප්‍රවාද එකින් එක පිළිවෙළකට හොයලා බැලුවොත් පළමුවෙන්ම ඉස්මතු වන කාරණාව තමයි රාවණා රජ සමයේ කළුදිය පොකුණ පතුලේ තිබුණා යැයි කියන සිරකඳවුර. රාවණා රජු ගැන ජනප්‍රවාදයේ පැවසෙන අසීමිත බලය ගැන හිතද්දි මේ කාරණා බොරුවක් කියලා තර්ක කරන්න කිසි කෙනකුට බැහැ. ඒත් එක්කම මේ පොකුණු පත්ලේ සිව් කොනම රන් ඇතුන් හතර දෙනකුගේ පිළිම රඳවා තිබෙන බවත් කියනවා. ඊළඟට වැදගත්ම දෙය තමයි පරිසරයට හානි නොකර භූගත ඉදිකිරීම්වලට මුල්තැන දෙමින් සියලු ඉදිකිරීම් කළා යැයි කියන රාවණා රජුගේ මාතලේ පිහිටි භූගත මාලිගා සංකීර්ණයට යෑමට හැකි විශේෂිත උමං මාර්ගයක් මේ කළුදිය පොකුණ පතුලේ සිට ඉදිකර තිබුණාය කියන කතාව.

රාවණා රජු මෙම ස්ථානයේ සිට සක්වළ සමඟ ගනුදෙනු කළාය කියන කාරණා ඇත්තක් බව පිළිගත හැකි හේතු සාධකත් මෙහිම තිබෙනවා. ඒ අතරින් අදටත් දැකගත හැකි දෙයක් තමයි පොකුණ වටේට පිහිටුවා ඇති ගල් ආසන. ඒවා භාවනායෝගී භික්‍ෂුන් වහන්සේලා වෙනුවෙන් සකසා ඇති බව පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. එයින් එක් ආසනයක් කාල බුද්ධරක්ඛිත තෙරුන් භාවනා යෝගීව සිටීමට යොදාගෙන තිබෙනවා. එහිදී උන්වහන්සේ පිටසක්වළයන් සමඟ සම්බන්ධ වූ බවත්, ජනප්‍රවාදයන්හි සඳහන් වෙනවා. එවකට රාජගිරි ලෙනේ වැඩවසමින් මෙම ස්ථානයට භාවනා කටයුතු සඳහා වැඩම කර ඇති අතර, අදටද එම ස්ථානයේ කිසිවකුට භාවනා කටයුතුවල යෙදීමට ඉඩ නොදෙන බලවේග ක්‍රියාත්මක වන බවටත් විශ්වාසයක් තිබෙනවා.

මෙම ස්ථානයේ ඇතැම් තැන්වල චුම්බක ක්‍ෂේත්‍රයේ විවිධ වෙනස්වීම් සිදුවන බවටත් මේ වෙනකොට මතවාදයක් පැතිරයමින් තිබෙනවා. එනිසා ලේසියෙන්, පහසුවෙන් අමතක කළ නොහැකි හෙළයේ මහා රජු රාවණා ගැන සියලු තතු අනාගත පරපුර විසින් සොයාගනු තිබෙනවා. එදාට රාවණා රජුගේ විශ්මිත සිරමැදිරි සංකීර්ණය සියැසින් දැකගන්නට කෙනකුට අවස්ථාව ලැබෙන්නට බැරි නැත. එතෙක් ඉවසීමෙන් බලා සිටින්නට අපට සිදුවනු ඇත.
කුමාර රත්නායක

SendShareShare
Previous Post

සිංහල සිනමාවේ පළමු කාන්තාවට 93යි

Next Post

යුවතිපති ආරක්ෂාවට මහා බලගතු පිරිතක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

අපි කවුරුත් දන්න දෙයක් තමයි සුනාමියක් එන්නේ මුහුදු පතුලේ සිදුවන භූමිකම්පාවකින් කියලා. ඒත් පසුගිය දවසක මම ලොස් ඇලමොස් (ඛදි ්ක්පදි)...

Read more
හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.