• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සිංහල සිනමාවේ පළමු කාන්තාවට 93යි

June 13, 2020
in Heart
Reading Time: 1 min read
A A
සිංහල සිනමාවේ පළමු කාන්තාවට 93යි
Share on WhatsAppShare on Facebook

සිංහල සිනමාවේ පළමු කාන්තාව ලෙස විරුදාවලත් අයිරාංගනී සේරසිංහ මහත්මිය පසුගිය 09 වැනිදා තම 93 වැනි උපන්දිනය සැමරුවා. දශක ගණනාවක් පුරා කලාවේ විවිධ ඉසව් හරහා තම රංගන හැකියාවන් විදහා දැක්වූ ඇය තවමත් බොහෝ දෙනාගේ හදවතේ රැඳුණු නිළියක්. අයිරාංගනී රොක්සානා මීදෙණිය ලෙසින් සිනමාවට පිවිසෙන ඇය කලක් මියුසියස් විද්‍යාලයේ ගුරිවරියක් ලෙසින්ද කටයුතු කර තියෙනවා. ඒ වගේම ඇය පත්‍ර කලාවේදිනියක් ලෙසින්ද ප්‍රකටයි. සිංහල සිනමාවේ පළමු කාන්තාව ලෙස පමණක් නෙවෙයි ශ්‍රී ලංකාවේ සිනමා රංගනය හැදෑරූ පළමු නිළිය ලෙසින් සැලකෙන්නේද ඇයයි.

1927 වසරේ ජුනි 09 වැනි දින ඇය රුවන්වැල්ලේදී උපත ලබන්නේ ලංකාවේ ප්‍රධාන පෙළේ වලව් පෙළපතක පුරුකක් ලෙසිනුයි. බිෂොප් විද්‍යාලයෙන් සහ නුවර කාන්තා උසස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඇය තම පියාගේ විරෝධය නොතකමින් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා තියෙනවා. ඇයට කලා දිවියට පිවිසීමේ අවස්ථාව හිමි වෙලා තියෙන්නෙත් විශ්වවිද්‍යාලය අධ්‍යාපනය හදාරන අවදියේදිමයි. ඒ ඊ. එෆ්. සී. ලියුඩොක් මහතාගේ මඟ පෙන්වීම හරහා. චිත්‍රසේනයන් යටතේ නර්තනය හැදෑරූ ඇය විශ්වවිද්‍යාල උපාධිය අවසන් කිරීමෙන් පසු වසර 03ක් ලන්ඩන් නුවරදී කලා විෂය හදාරා තිබෙනවා. නමුත් සේරසිංහ මහත්මිය පසු කලෙක ප්‍රකාශ කර තිබුණේ තමන් කලාවට පිවිසුණේ පරිසරයට තිබුණු ළැදිකම නිසා බවයි. ඇයගේ පරිසරයට ඇති ළැදිකම පිළිබඳ උදාහරණත් ඇයගේ රංගන දිවිය පුරාම සොයා ගන්න පුළුවන්.
එවැනි එක් අවස්ථාවක් 80 දශකයේදී අපිට හමුවෙනවා. 80 දශකයේ ලංකාවේ හිටිය ප්‍රධාන පෙළේ නළුවන්ගෙන් කෙනෙක් තමයි ජෝ අබේවික්‍රම. වාණිජ සිනමාවේ සිට සම්භාව්‍ය සිනමාව දක්වා ජෝ අබේවික්‍රමගේ ආගමනය සිද්ධ වෙන්නෙත් 80 දශකයේදී තමයි. ඒ වගේම එවක පැවැති රජය සමඟ පැවැති දේශපාලන සබඳතා හේතුවෙන් ජෝ අබේවික්‍රම කලක් පරිසරය සම්බන්ධ එක්තරා අමාත්‍යාංශයක සභාපතිවරයෙකු ලෙස කටයුතු කළා. ඒ අවස්ථාවේ වනාන්තර විනාශ කිරීම සම්බන්ධයෙන් ජෝට විශාල චෝදනා එල්ල වුණා. ඒ චෝදනා හේතුවෙන් ජෝ සමඟ කිසිදු නිර්මාණයක් සඳහා රංගනයෙන් දායක නොවීමට අයිරාංගනී සේරසිංහ මහත්මිය තීරණය කරලා තිබුණා. ඒ වගේම ඒ තීරණය අකුරටම ක්‍රියාත්මක වුණා. එතැනින් පස්සේ ඇය නැවත ජෝ අබේවික්‍රම සමඟ රංගනයෙන් දායක වුණේ ඔහුගේ ජීවිතයේ අවසන් කාල සීමාවෙදියි. පරිසරයට තිබුණු ළැදිකම වගේම කාන්තාවක් ලෙසින් ඇය සතු වූ අධිෂ්ඨානයත් ඒ හරහා කැපී පෙනුණා. ඒ වගේම අයිරාංගනී සේරසිංහ මහත්මියටත් ලංකාවේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් සමඟ ඥාති සබඳතා තිබුණා. හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන වගේම හිටපු අගමැකි රනිල් වික්‍රමසිංහත් ඇගේ ළඟම ඥාතීන්. නමුත් ඇය කෙදිනකවත් එම සබඳතා හරහා වෙනත් ප්‍රයෝජන නොගැනීමත් හැම දෙනාගේම අගය කිරීමට ලක් වුණා.

ශ්‍රී ලාංකීය සිනමාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකෙන ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ රේඛාව හරහා තමයි අයිරාංගනී සේරසිංහ මහත්මිය සිනමාවට අවතීර්ණ වෙන්නේ. එතැන් පටන් සංදේශය, දෙලොවක් අතර, රන්සළු, දෙවැනි ගමන, ලොකු දුව, රෝස කැලේ ඇතුළු සිනමා කෘති රාශියක් සඳහා ඇය රංගනයෙන් දායක වෙලා තියෙනවා. සිනමාවේ පමණක් නෙවෙයි සිංහල ටෙලි නාට්‍ය කලාව ආරම්භ වූ දිනයේ සිටම ඇය ඒ සඳහාත් තම දායකත්වය ලබා දීල තියෙනවා. 1980 දශකයේ පළමු භාගයේ විකාශනය වූ යශෝරාවය චිත්‍රපටයේ සුදු හාමිනේගේ චරිතයෙන් ටෙලි නාට්‍ය රසිකයන්ගේ ආදරයට ලක් වුණු ඇය එතැන් පටන් දූදරුවෝ, නෑදෑයෝ, සත්පුරවැසියෝ, මුතු කිරිල්ලී වැනි ටෙලි නාට්‍ය රාශියක් හරහා රසිකයන්ගේ සිත් ඇඳ බැද ගන්නට සමත් වුණා.

සිංහල සිනමාවට වගේම සිංහල ටෙලි නාට්‍ය කලාවට සහ වේදිකා නාට්‍ය කලාවට ඇය සිදු කළ මෙහෙවර නිසාම කලා කීර්ති සහ ීරස ඛ්බන්බ දf එයැ ශැ්ර යන ගෞරව සම්මානත් ඇයට හිමි වෙලා තියෙනවා. ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයට අනූපමේය මෙහෙයක් සිදුකෙරුව මේ විශිෂ්ට කලාකාරිනියට නිරෝගිමත් දිවියකට ආසිරි පතන්නත් අපි මේක වෙලාවක් කර ගන්නවා.

SendShareShare
Previous Post

HNB FINANCE රන් සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබයි

Next Post

රාවණා රජු කළුදිය පොකුණෙ පතුලෙ හදපු සිර කඳවුර

MORE NEWS

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

Load More
මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News
Exclusive

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

.යුපුන් අබේකෝන් ආන්දෝලනාත්මක ප්‍රකාශ කීපයක්ම සිදුකරමින් ක්‍රීඩාවෙන් සමුගත්තා. අමතක කරන්න බැරි කාරණය වෙන්නේ ඔහු ශ්‍රී ලාංකිකයකු විදිහට මීටර් සියය වේගයෙන්ම...

Read more
ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.