• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

රටම අවුස්සපු හූනො හයදෙනා

September 7, 2019
in Mahawanshaya
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

අපේ ලංකාවේ කාලයෙන් කාලයට එක එක කතා උඩට එනවා. අන්න එහෙම ආපු අලුත්ම කතාව තමයි අපේ රටේ ජාතික වීරයන්ගේ නම් කොහෙන්දෝ හොයාගත්තු හූනෝ හයදෙනකුට දැම්මයි කියන එක. ඒ කතාව කොච්චර ප්‍රසිද්ධියට පත්වුණාද කිව්වොත් ඔය කතාව පාර්ලිමේන්තුව දක්වා ගියා.
කොහොම හරි ඔය අපූරු කතාවට සමහරු හිනාවුණා. තව සමහරු හොඳටම බැන්නා. තවත් අයට තරහා ගියා. තවත් අයට කියන්න දෙයක් නැතිවුණා. හැබැයි අන්තිමේදි ජාතික වීරයෝ හයදෙනෙක්ගේ නමින් හූනෝ හයදෙනෙක් නම්වුණා. දැන් අපේ රටේ මිනිසුන්ට මේක අලුත් කතාවක්. ඒක හින්දා ඔය කරපු වැඬේ හොඳද නරකද කියලත් ඔන්න සමහරු හිතුවා. මුලදි නම් අපට හිතුණෙත් ඔය ජාතික වීරයන්ගේ නම් සතුන්ට දාපු එක ඔවුන්ට කරපු අගෞරවයක් කියලා. ඒ හින්දම අපි ඔය කතාවේ ඇත්ත නැත්ත හෙව්වා.

ඇත්තටම අපේ රටට ආවේණික හූනන් විශේෂ හයක් හොයාගත් ඒ ගවේෂණය ලේසියෙන් තකන්න බෑ. මොකද ඒ ගවේෂණ කණ්ඩායමට ඒක කරන්න අවුරුදු පහළොවකට ආසන්න කාලයක් ගතවෙලා තියෙනවා කියලා අපට ආරංචි වුණා. එහෙම බැලුවම ඒක අවුරුදු පහළොවකට ආසන්න කාලයක් තිස්සේ සිදුකරපු දීර්ඝ ගවේෂණයක ප්‍රතිඵලයක්. ඒ ප්‍රතිඵලයට අනුව ඒ පිරිස පහුගියදා ශ්‍රී ලංකාවට ආවේණික හූනන් විශේෂ හයක් හොයාගත්තා. අපිත් දන්න විදියට ඒ සොයාගැනීම ජෛව විද්‍යාත්මක අතින් ඉතා වැදගත් දෙයක්. හැබැයි ඔවුන්ට ඒ ගවේෂකයන් දැම්මේ අපේ රටේ ජාතික වීරයන්ගේ නම් හයක්. ඒත් එක්කම අපේ ලංකාවේ මිනිස්සු පුදුම වුණා. අන්තිමේදි ගිහි පැවිදි උතුමන්ගේ ඉඳන් බොහෝමයක් පිරිස් ඔය ගවේෂණ කණ්ඩායමට ඇඟිල්ල දිගු කළා. හැබැයි මේ වෙද්දි විදේශ රටවලින් හොයාගත්තු සතුන්ට ඒ රටවල ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නම් දාල තියෙනවා. ඔය අතරේ ඩොනල්ඞ් ට්‍රම්ප් සහ බැරැක් ඔබාමා සහ ජෝර්ජ් බුෂ් කියන ප්‍රබල ජනාධිපතිවරුත් ඉන්නවා. ජර්මනියේ හිටපු නායක හිට්ලර්ගේ නම දාපු ගෙම්බෙක් වගේම ඔබාමගේ නම තියෙන කටුස්සෙකුත් ඉන්නවා.

වත්මන් ලෝකයේ ඉන්න බොහෝ පරිසරවේදීන් හොයන්නේ බලන්නේ ඇහැට පේන්න ඉන්න ලොකු ලොකු සත්තු ගැන විතරයි. ඔය ගෝරිල්ලෝ, වළස්සු, චිම්පන්සියෝ, කොටියෝ, පැන්ඩෝ, රයිනෝ වගේ සත්තු ඒ අතරින් ඉදිරියෙන්ම ඉන්නවා. හැබැයි ඔය ලෝකයා එහෙම හිතද්දි අපේ ලංකාවේ අපේ පරිසරවේදියෙක් උඩුගම් බලා පීනන්න වුණා. ඔන්න ඔය පරිසරවේදියා තමයි උරග හා උභයජීවී පර්යේෂක, පරිසරවේදී සමීර සුරන්ජන් කරුණාරත්න මහතා කියන්නේ. අවසානේ ඔහු කිසිවකුත් අවධානය යොමු නොකරපු රටේ උරග සහ උභයජීවීන් ගැන වටිනා කියන අධ්‍යයනයක් කරන්න හිතුවා. ඒක ගොඩාක් වැදගත් වැඩක් කියලා බොහෝ වෙලාවට ඒ මහතාට නිතරම හිතෙන්න ඇති. අන්න ඒ සිතුවිල්ල තමයි අන්තිමේ අපේ රටම කතා කරන මාතෘකාවක් දක්වා ඉහළට ආවේ. සමීර සුරන්ජන් කරුණාරත්න මහතා ඔය වැඬේ මුලින්ම කියන්නේ රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්ය කනිෂ්ක උකුවෙල මහතාට. පස්සේ දෙන්නා එකතුවෙලා ඔය අධ්‍යයනයට අවශ්‍ය මානව සහ භෞතික සම්පත් එක්රැස් කරගන්න විදිය ගැන කතාකරනවා. ඊට පස්සේ සැලසුම් කරනවා. දැන් තමයි වැඬේ අමාරුම කොටස පටන්ගන්නේ. හැබැයි අමාරුව පස්සට දාලා දෙන්නා ඊළඟට ඔය වැඬේට මජින්ත මඩවල වගේම දිනේෂ් ගබඩාගේ එක්ක මාධව බෝතේජු කියන අපේ උරග විද්‍යාඥයන්වත් හමුවෙනවා. ඊළඟට ඔය වැඬේට එන්නේ දැනට ලංකාවේ ඉන්න ජ්‍යෙෂ්ඨතම උරග විද්‍යාඥයකු වන ආචාර්ය ඇන්ස්ලම් ද සිල්වා මහතා. දැන් මේ වැඬේට හයදෙනෙක් ඉන්නවා.

ඔය අතරේ ඔවුන්ට විදේශීය තාක්ෂණය වගේම දැනුම සහ අත්දැකීම් උවමනා වෙනවා. පස්සේ ඒ අඩුව පිරිමැහෙන්නේ ලෝකයේ ප්‍රකටම උරග හා උභයජීවී විද්‍යාඥයන් ලෙස සැලකෙන රුසියාවේ මොස්කව් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ නිකලොයි පොයර්කෝ වගේම වැලඞ් ගෝරින් කියන දෙන්නා මේ වැඬේට එකතුවීමත් එක්කයි. ඊළඟට ඇමෙරිකාවේ විලානෝවා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨතම මහාචාර්යවරයකු වන ඇරන් බවර් හා ඇමෙරිකාවේ රිච්වෝටර් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තිළිණ සූරසිංහ මහතාත් මේ වැඩෙත් එක්ක එකතු වෙන්න තීරණය කරනවා. ඊට පස්සේ මේ දහදෙනා එකතුවෙලා තමයි ඒ උරග සහ උභයජීවීන් පිළිබඳ අධ්‍යයනය සාර්ථක විදියට කරන්නේ. කොහොමින් කොහොම හරි අවුරුදු පහළොවකට පස්සේ ඔවුන් එහි සාර්ථක වූ ප්‍රතිඵල නෙළාගන්නවා.

අවුරුදු පහළොවකට ආසන්න කාලයක් සිදුකරපු ගවේෂණයෙන් පස්සේ මේ කණ්ඩායම ලංකාවට ආවේණික වූ හූනන් විශේෂ හයක් හොයාගන්නවා. ඒ කතාව එහෙම වෙනකොට ඊළඟට ඔය හූනක් විශේෂ සඳහා ඔවුන්ව හඳුන්වන්නට යම්කිසි නමක් ඔවුන්ට දාන්න වෙනවා. ඒ අනුව මෙම කණ්ඩායම අපේ රටේ හිටපු ජාතික වීරයන්ගේ නම් හයකින් ඔවුන්ව නම්කරනවා. ඔන්න ඔය විදියට තමයි ඔය කතාව උඩට ඇවිත් ප්‍රසිද්ධ වෙන්නේ. දැන් කියවන ඔබ අහයි ඇයි එහෙම නම්කළේ කියලා. ඇත්තටම ඒක වෙන්නේ මෙහෙමයි. යම් රටකට ආවේණික සත්වයෙක් හඳුනාගත්තොත් ඒ සතාට ලබාදෙන ජීවවිද්‍යාත්මක නාමයේ කොටසකට එම රටට අමිල සේවයක් කරපු පුද්ගලයකුගේ නමක් දානවා. ඒක අපේ රටට අලුත් වගේ පෙනුණට ඇත්තටම දැන් ඒක ලෝකයේ තියෙන සාමාන්‍ය සම්ප්‍රදායක්. ඒත් අපට පොට පැටලුණේ අන්න එතැනයි.

ඔය කොහොම හරි හොයාගත්තු හූනන් විශේෂ හයට දාන්නේ රටේ ප්‍රසිද්ධම ජාතික වීරයන්ගේ නම් හයක්. එතැන හූනන් දෙන්නෙක්ට දාන්නේ දුටුගැමුණු රජතුමාට හිටපු දසමහා යෝධයන්ගේ නම් දෙකක්. ඒ නම් දෙක වෙන්නේ නන්දිමිත්‍ර සහ ගෝඨයිම්බර. ඒත් අනෙක් හූනන් හතරදෙනාට දාන්නේ ඉංග්‍රීසීන්ගෙන් රට බේරගන්න ඌව වෙල්ලස්ස කැරැල්ල තුළදි සටන් වැදුණු විරුවන් හතර දෙනකුගේ නම්. ඒ, කොහුකුඹුරේ, බූටෑව, කිවුලේගෙදර සහ හිටිහාමි කියන නම්. ඔය විදියට අලුත් හූනන්ට නම් හයක් දාලා තියෙන්නේ ඒ ගවේෂණ කණ්ඩායම ගත්ත ඒකමතික තීරණයකට අනුව කියලයි කියන්නේ. ඒ නම් දාන්නෙත් මෙහෙමයි. අම්පාර පානම කුඩුම්බිගල ප්‍රදේශයෙන් සොයාගත් හූනා “නන්දිමිත්‍ර කියලත්, පදියතලාව කොකාගල ප්‍රදේශයෙන් සොයාගත් හූනා “ගෝඨයිම්බර” විදියටත් නම්කරනවා. තව මහනුවර කඩුගන්නාවෙන් සොයාගත් හූනා ”කොහුකුඹුරේ” විදියටත්, රත්නපුර බඹරබොටුවෙන් සොයාගත් හූනා “බූටෑව” විදියටත් නම්කරනවා. ඒ වගේම නුවරඑළියේ වලපනෙන් හූනෙක් හොයාගන්නවා. ඒ හූනා “කිවුලේගෙදර” ලෙස නම්කරද්දි මොනරාගල මරගලකන්දෙන් සොයාගත් හූනා ”හිටිහාමි” ලෙස නම්කරනවා.

අපේ රටට ආවේණික ඔය හූනන් විශේෂ හයට ජාතික වීරයන්ගේ නම් ලබාදීම ගැන දැන් රටම කතා කරනවා. ඒ හින්දම ඔය අපූරු කතාවේ ඇත්ත තවත් හොයන්න අපි උත්සාහ කළා. ඔන්න එතකොට තමයි අපි දැක්කේ අදාළ පර්යේෂණය සිදුකරපු බව පවසන උරග හා උභයජීවී පර්යේෂක, පරිසරවේදී සමීර සුරන්ජන් කරුණාරත්න මහතා මාධ්‍ය වෙත පවසා තිබුණු කතාව. ඔහු කියන්නේ ද්විපද නාමකරණයට සහ ජාත්‍යන්තර නාමකරණ ක්‍රමවේදයට අනුව ගරු කටයුතු පුද්ගලයන්ගේ නාම යොදමින් එම සත්වයන් විශේෂ දේශීය අනන්‍යතාව සමඟින් ජාත්‍යන්තරයට හඳුන්වාදීම සිය පර්යේෂණ කණ්ඩායමේ අරමුණක් වුණා කියලයි. විද්‍යාත්මක දැනුමක් නැති ඇතැම් පිරිස් මේ සම්බන්ධයෙන් සිදුකරන පදනම් විරහිත ප්‍රකාශ හේතුවෙන් මේ වන විට වැරැදි මතයක් සමාජගත වෙලා තියෙනවා කියලත් ඔහු කියනවා. ඒ වගේම එවැනි ප්‍රකාශ හෙළාදකින බවත් සමීර සුරන්ජන් කරුණාරත්න මහතා පසුගිය දවසක මාධ්‍ය වෙත සඳහන් කරලා තිබුණා.
රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

යන ගමන සුබද – අසුබද

Next Post

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නවතම ශාඛාව පොල්ගහවෙලට

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.