ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිවයින පුරා විසිරුණු සිය ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් සිය නවතම ශාඛාව පොල්ගහවෙල නගරයේදී පසුගියදා විවෘත කරන ලදී.
මෙසේ විවෘත කරන ලද නව පොල්ගහවෙල ශාඛාව අංක 130, ගොඩවෙල, පොල්ගහවෙල යන ස්ථානයේ පිහිටා තිබෙන අතර, පොල්ගහවෙල අවට ප්‍රදේශවල පාරිභෝගිකයන්ට සියලු රක්ෂණ අවස්ථා එකම වහලක් යටදී සම්පූර්ණ කරගැනීමේ හැකියාව සලසා දී තිබේ.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කළමනාකාර අධ්‍යක්ෂ දුෂ්‍යන්ත බස්නායක මහතා, ප්‍රධාන විධායක නිලධාරි චන්දන එල්. අලුත්ගම මහතා සහ ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය, සේවක මණ්ඩලය හා පාරිභෝගික මහත්ම මහත්මීන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගි වූ අතර, මෙසේ විවෘත වූයේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 157 වැනි ශාඛාවයි.
1962 තම ව්‍යාපාර කටයුතු ආරම්භ කළ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය මෙරට විශාලතම රාජ්‍ය රක්ෂණ ආයතනයයි. මේ වන විට රුපියල් බිලියන 197කට අධික වත්කම් සම්භාරයකින් සහ රුපියල් බිලියන 105කට අධික ජීවිත රක්ෂණ අරමුදලක් හිමි ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෙරට ස්ථාවරම රක්ෂණ ආයතනයයි. එමෙන්ම මෙරට ප්‍රමුඛතම මූල්‍ය රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් AAA+ ෆිට්ච් ශ්‍රේණිගත කිරීමට හිමිකම් කියන එකම දේශීය රක්ෂණ සමාගමයි. එමෙන්ම බ්‍රෑන්ඞ් ෆයිනෑන්ස් මගින් නම්කරනු ලබන 2019 වසරේ ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් අතර වඩාත්ම ජනප්‍රිය සන්නාමවල මුල් සන්නාම හතර අතර රැඳෙමින් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම රක්ෂණ සන්නාමය බවට පත්වීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමත්ව තිබේ.