• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

මිනිසා වෙනුවෙන් සටනට යන සත්වයා

October 28, 2019
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
මිනිසා වෙනුවෙන් සටනට යන සත්වයා
Share on WhatsAppShare on Facebook

සත්ව හා ශාක ආරක්ෂා කිරීමේ ආඥාපනතේ 3 වැනි උප ලේඛනයේ ඇතුළත් පූර්ණ වශයෙන් රක්ෂිත සත්ව විශේෂ ලැයිස්තුවට 1976 දී අසාමාන්‍ය තවත් සතකු එකතු කරනු ලැබිණි. ඒ වූකලී ඩෙල්ෆ්ට් දූපතේ පෝනියාය. අශ්වයන් මෙරටට ආවේණික නොවන නමුදු ශ්‍රී ලංකාවේ වසර දහස් ගණනක් පුරා අශ්වයන් උපයෝගී කරගෙන ඇත.

ක්‍රි.ව. 5 වැනි සියවස තරම් ඈත කාලයේ සිට අපේ ඓතිහාසික වාර්තාවල අශ්වයන් ගැන සඳහන් වෙයි. පණ්ඩුකාභය රජතුමා අශ්වයකු පිට නැඟී ගිය බව මහාවංශය සඳහන් කරයි. ක්‍රි.පූ. දෙවැනි සියවසේදී වසර 33ක් ශ්‍රී ලංකාව පාලනය කළ සේන හා ගුත්තික දකුණු ඉන්දියාවෙන් පැමිණි අශ්ව වෙළෙන්දෝ වූහ. දුටුගැමුණු රජතුමා සිය සහෝදර සද්ධාතිස්ස රජතුමා සමග සටන් කළේ අශ්වයකු පිට නැඟී සිටය. වලගම්බා රජතුමා දමිළ ආක්‍රමණිකයන්ගෙන් බේරී පලා ගියේ අශ්ව කරත්තයකිනි. පරාක්‍රමබාහු රජතුමා තම සටන් මෙහෙයවීමට ඇතකු වෙනුවට යොදාගත්තේ අශ්වයෙකි. තුරන් වී ගිය අශ්වයන්ගේ ෆොසිල ශ්‍රී ලංකාවෙන් ලැබී ඇත.

අශ්වයාගේ සම්භවය නොයෙකුත් මතභේදවලට තුඩුදුන් මාතෘකාවකි. මධ්‍යම ආසියාවේ උරගයා යන කැලෑ අශ්වයාගෙන් අශ්වයෝ පැවැත එන බව බොහෝ විද්‍යාඥයෝ විශ්වාස කරති. උතුරු ඇමරිකාවේ මිසිසිපි ද්‍රෝණියේ අශ්වයාගේ සම්භවය ඇති වී යැයි තවත් මතයකි. ඈත සමයකදී අශ්වයන් ආසියාව හා ඇලස්කාව සම්බන්ධ කෙරුණු ගොඩබිම් පාලම හරහා ආසියාවට සංක්‍රමණය වී තිබේ. ෆොසිල වාර්තා ඉදිරිපත් කිරීම මගින් මෙම මතය සනාථ කර තිබේ. අශ්වයන්ගේ සම්භවය කොහේදී සිදු වුවත් ප්‍රථමයෙන් වන අශ්වයන් ගෘහස්ථ කර ඇත්තේ මධ්‍යම ආසියාවේ තම ගව පට්ටි දක්කාගෙන තෘණ බිම් සොයාගෙන ගිය සංචාරක මොන්ගෝලියානු එf`ඞ්රුන් බවට කිසිදු මත භේදයක් නැත.

මානව ශිෂ්ටාචාරය පැතිරවීමට තනි සතකු උපකාර වී නම් ඒ අශ්වයාය. මිනිසාට සඵලතාව සලසාදී ලෝකය වටා ඔහුගේ ශිෂ්ටාචාරය පැතිර වීමට සැලැස්වූයේද අශ්වයාමය. මිනිසාට ඇවිදගෙන යාමට නොහැකිවූද, බොහෝ ඈත වූද ස්ථානවලට ඔහු ගෙනයනු ලැබුයේ අශ්වයා විසිනි. අශ්වයා මිනිසාගේ බර ඉසිලුවා පමණක් නොව ඔහුගේ යුද්ධවලදී සටනටද ගියේය. ගෙන්ගිස්බාන් ලෝකයෙන් අඩක්ම අල්ලා ගත්තේ අශ්වාරෝහක බළඇණියකිනි.

භාණ්ඩ ප්‍රවාහනයට, කෘෂිකර්මාන්තයට, මස් සහ කිරි බීම සඳහාද අශ්වයා මිනිසාට ප්‍රයෝජනවත් වූ සතෙකි. පිළිගත් සුවිශේෂිත වූ විවිධ සත්ව වර්ග ඇත. එමෙන්ම අශ්වයන් බෝ කිරීම ඉතාමත් විශේෂිත කලාවකි. මධ්‍යම ආසියාවේ සිට ලොව පුරා හැම තැනකම හඳුන්වා දෙන ලද්දේ සැහැල්ලු පාද සහිත අශ්වයන්ය. පසුව එම සතුන්ගේ පීඩනයට ඔරොත්තු දීමේ ශක්තිය වැඩිදියුණු කරවන ලදී. අලුතින් බෝ කෙරුණු මෙවැනි වර්ගවල අශ්වයන් විශාල අස්ථි, පුළුල් පාද හා බර වූ කකුල් සහිත ස්ථුලව වැඩුණු ශරීරවලින් හෙබි වූ බැවින් බර අදින අසුන් ලෙස කදිමට ප්‍රයෝජනවත් විය. අශ්වයන් වර්ග කරනු ලබන්නේ උන්ගේ වර්ගය අනුව නොව උන්ගේ උපයෝගිතාවය අනුවය. ඒ අනුව ප්‍රධාන වර්ග තුනකි.

  1. අධික බර උසුලාගෙන යන අශ්වයෝ.
  2. කරත්ත ඇදීම පිණිස යොදාගන්නා අශ්වයෝ.
  3. සෑදල බඳින අශ්වයෝ ආදී වශයෙනි.
    අංක 2 හා 3 වර්ග දෙක අශ්වයන් හා පෝනියන් වශයෙන් තව දුරටත් උප කොටස් දෙකකට වෙන් කෙරේ. අශ්වයා සහ පෝනියා වෙන්කර ගන්නේ වියත් 14ක උස සීමාවෙනි.

    දෙවැනි ලෝක සංග්‍රාමයේදී අවසාන අශ්වා රෝහක බළඇණිය විසුරුවා හරින ලදී. පිට උඩ යාම හා තුරඟ තරගවලට ගැනීම මෙකල අශ්වයාගෙන් ලැබෙන ප්‍රධාන ප්‍රයෝජන වේ. පෘතුගීසින් හා පසු කාලයක දී පැමිණි ලන්දේසීන්ද හොඳ වර්ගයේ අශ්වයන්ගේ අවශ්‍යතාව අවබෝධ කර ගෙන උතුරු පළාතේ අශ්ව පට්ටියක් ආරම්භ කළහ. බි්‍රතාන්‍යයෝද එය එසේම පවත්වාගෙන ගියහ. ඔවුහු මේ සඳහා ඩෙල්ෆ්ට් හා ඉරනතිව් යන ලන්දේසීන්ගේ (එඇැ ටැඉරදාැරි) දූපත් දෙක තෝරාගත්හ. එහි වෘක්ෂලතා හා දේශගුණය අශ්වයන්ට ඉතා යෝග්‍ය විය. ඒ හැර එය විලෝපීයන්ගෙන්ද තොර විය. දූපත් වීම නිසා ඒවායේ අශ්වයන් නිදහසේ මුදාහැර තබා අවශ්‍ය වූ විටක දී අල්ලා ගැනීමට හැකි විය. 1672 දී ප්‍රකාශයට පත්කරන ලද ‘බෝල්ඩියස්ගේ ලංකාව’ යන කෘතියේ යාපනයේ පිහිටුවන ලද අශ්ව පට්ටිය ගැන ප්‍රථමයෙන්ම සඳහන්විණි. උතුරු පළාතේ පිහිටි ලන්දේසි ප්‍රතිසංස්කරණ (රුදෙරපැා) ආගම් පල්ලියේ ආගම් ප්‍රචාරකයකු ලෙස සේවය කළ බෝල්ඩියස් 1658 සිට1666 දක්වා කාලයේදී ලියා ඇති පොතේ මෙසේ සඳහන් කර ඇත. සාමාන්‍යයෙන් දිවයිනට අශ්වයන් (අලින්ගේ ලොකුම හතුරා) ආනයනය කෙරේ. මෙයට වසර කිහිපයකට පෙර පෘතුගීසීන්ද ඩි ඩකා (ඩෙල්ෆ්ට්) දූපතට අශ්වයන් හඳුන්වාදී තිබුණි. දැනට ඔවුන්ගේ සංඛ්‍යාව වැඩි වී ඇත. 60, 70, 80 සහ 100ක පමණ සමන්විත රංචු වශයෙන් උන් දක්නට ලැබේ.

    පෘතුගීසීන් පිහිටුවන ලද අශ්ව පට්ටිය ලන්දේසීන් හා බි්‍රතාන්‍යයන් විසින්ද දිගටම පවත්වා ගෙනයන ලදී. ඒ සඳහා විශේෂ නිලධාරියකුද පත්කර ඇත. කලින් කලට අල්ලා ගන්නා අශ්වයන් හීලෑ කරගත්තත් ඉන්දියාවෙන් වඩා ලාභදායී මිලකට අශ්වයන් ආනයනය කරගත හැකි වූ හෙයින් අශ්ව පට්ටිය ගැන තිබූ අවධානය අඩු වී ඇත. 1814දී ඉංග්‍රීසි ජාතික සිවිල් සේවකයකු වූ බර්ටොලැසි පෙන්වා දෙන්නේ ඩෙල්ෆ්ට්වල පිහිටි අශ්ව පට්ටියට ලන්දේසීන් හොඳම වර්ගයේ අරාබි වෙළඹුන් ගෙන්වා ගත් බවකි. 1812 වන විට එහි වෙළඹුන් 200ක්ද අශ්ව නාම්බන් සහ තරුණ වෙළඹියන් 50ද සිටි බවකි.

    බර්ටොලැසි එසේ ලියා වසර කිහිපයක් ඉකුත් වූ පසු ඩෙල්ෆ්ට් දූපතේ අශ්ව පට්ටිය නැවත ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රයන්තනයක් දරනු ලැබීය. හමුදාවට කැන්වස් සැපයීමට ඩෙල්ෆ්ට් දූපතේ හණ වගාව කළ යුතු යැයි ජෝන් විල්සන් ආණ්ඩුකාරයා තීරණය කරනු ලැබීය. ඒ සඳහා 4 වැනි ලංකා රෙජිමේන්තුවේ ලුතිනන් නොලාන් යන අයර්ලන්ත ජාතිකයකු ඩෙල්ෆ්ට් දූපතට පත්කර යැවිණි. ටික කලකට පසු අශ්ව පට්ටියද ඔහු යටතට පත්වීම නිසා එහි අශ්වයන් ඇති කිරීමේ ආයතනයද දියුණු කරන ලෙස ඔහුට උපදෙස් දුන්නේය. 1811 වසරේ ජූලි 11දා එහි පැමිණි නොලාන් එහි පැවැති උග්‍ර ජල හිඟයට පිළියමක් ලෙස මිරිදිය ජලයෙන් යුත් ළිං ගණනාවක් ඉදිකිරීමට පියවර ගත් අතර තවමත් ඒ ළිං භාවිත කෙරේ. නොලාන් අශ්ව පට්ටිය දියුණු කරන අතරම ඩෙල්ෆ්ට් දූපතේ කාන්තාවන් සිය වසඟයට ගැනීමටද සමත් විය. කැසනෝවා වැන්කු ලෙස ඔහුගේ ප්‍රේමාන්විත ක්‍රියාවන් පිළිබඳ පුවත් මෙකල පුරාවෘත බවට පත්ව ඇත. අද ඩෙල්ෆ්ට් දූපතේ වෙසෙන බොහෝ ගම්වැසියන්ගේ අළු පැහැති ඇස් නොලාන්ගෙන් ලැබුණු දායාදවලට දෙස් දෙයි. නොලාන්ගේ කාන්තා ඇසුර නොරිස්සූ ගම්වැසියන් 45 දෙනකු එහි මහෙස්ත්‍රාත්වරයා වන නොලාන්, කාන්තාවන් ගෙන්වා ගැනීමට තමා සතු අධිකරණ බලය භාවිත කරන බවට චෝදනා කර අත්සන් කළ පෙත්සමක් යාපනයේ ඒජන්තවරයා වෙත යවන ලදී. එහෙත් එම චෝදනා ඔප්පු කිරීමට නොහැකි වූ හෙයින් පෙත්සම ඉවත් කරන ලදී. එස් වුවද ඔහුගේ ආශාවන් ඉටු කිරීමට පිටුපෑ තරුණියකට කස පහරවල් 10ක් දීමට නියම කළ බවත්, ඔහුට දාව ළමයෙක් බිහිකළ තරුණියක් ළිඳකට පැන දිවි නසාගත් බවත් පැවැසේ. 1824දී නොලාන් විශ්‍රාම යන තෙක්ම ඩෙල්ෆ්ට්හි කාන්තාවෝ ඔහුගෙන් ආශ්වාදය ලද්දෝය. ඔහු අතින් සිදුවූ මෙවැනි වැරැදි හැරුණ විට දූපතේ ජනතාව අතර ඔහු ඉතා ජනප්‍රිය චරිතයක් විය. සියලුම ක්ෂේත්‍රයන්හි ඔහු දැක්වූ ශූරතාව මේ දක්වා පුරාවෘත්ත වශයෙන් ද යාපනේ කච්චේරියේ වාර්තාවලින් දැක්වේ.

    වසර 150ක තරම් දීර්ඝ කාලයක් තුළ නිරන්තරයෙන්ම එම සත්වයන් ගැන අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් එම සතුන් අයහපත් තත්ත්වයට පත්ව ඇත. අරාබියට ආවේණික සතුන්ගේ ලක්ෂණ අතුරුදන් වී බොහෝ කල්ය. දැනට ඉතිරිව ඇත්තේ කුඩා පෝනියන් පමණකි. උන් නිදහසේ උලාකෑමෙහි යෙදී සිටින විට කොටුකර ගෙන කොළඹට ගෙනෙන අවස්ථා ඇත. ගාලුමුවදොර පිට්ටනියේදී ළමයින් පිට උඩ ගෙන යාමට උන් උපයෝගී කෙරේ.
    (වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයකු වූ එස්.ඩී. සපරමාදු මහතාගේ ශ්‍රී ලංකා වන ජීවීන් අතර ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී)

    රැග් විජයසිරි
SendShareShare
Previous Post

Allianz නව පාරිභෝගික සේවා මධ්‍යස්ථානය බොරැල්ලට

Next Post

අරමුණට යන හංසි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.