• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අරමුණට යන හංසි

October 28, 2019
in Heart
Reading Time: 1 min read
A A
අරමුණට යන හංසි
Share on WhatsAppShare on Facebook

ජනප්‍රියතාවට කවුද අකැමැති? ඒ වෙනුවෙන් මොනවද නොකරන්නේ? අද ජනප්‍රිය කිරුළ සල්ලි දීලා ගන්න කාලයක් උදාවෙලා තියෙන්නේ. ඉතින් එහෙම ජනප්‍රිය කිරුළට සමහරු දඟලනකොට හංසි දෙව්මිණිගේ එකම සිහිනය හොඳම නිළියන් අතරට එකතු වෙන්න කියලා අපට ආරංචි වුණා. ඉතින් ඇය ඒ ගැන අපට කිව්වේ මේ විදියට.
හංසි දැන් වැඩ ගොඩකට හිරවෙලා නේද?
සිරස ෆිල්ම් ස්ටාර් එකෙන් පස්සේ තමයි මට ‘කුමී’ ටෙලිනාට්‍යයට ආරාධනාවක් ලැබුණෙ චරිත් අබේසිංහ අයියා හරහා. කුමී ටෙලිනාට්‍යයේ මම සෙනුරිගෙ චරිතය රඟපෑවා. හිතුවටත් වඩා මට හොඳ ප්‍රතිචාර ලැබුණා. මේ දවස්වල තවත් ටෙලිනාට්‍ය දෙකකට ආරාධනා ලැබිලා තිබෙනවා. මහේන්ද්‍ර කරුණාතිලක අධ්‍යක්ෂණය කරන ටෙලිනාට්‍යයක ටිනාගේ චරිතය තමයි මට ලැබුණේ.
හංසිට වඩා හාත්පසින්ම වෙනස් ඇති ටිනා?
ඔව්, ටිනාගේ ගොඩක්ම තියෙන්නේ මවාපාමින් ආදරය පෙන්වමින් අවශ්‍ය දේවල් සපුරාගන්න එක. ටෙලිනාට්‍ය විකාශය වෙන කාලවල ටිනා ගැන අපි වැඩි දුරට කතා කරමු නේද?
තරුණ කාලේ ගොඩ දෙනෙක් උත්සාහ කරන්නේ පෙම්වතියගේ චරිත රඟපාන්න. ඒත් හංසි අන්තර්ජාලයේ පවා හොයන්නේ වෙනස් චරිතයක් රඟපෑමට අවශ්‍ය කරුණු?
පොඩි කාලේ ඉඳලම මගේ තිබුණු ආශාවක් තමයි අන්ධ චරිතයක් රඟපාන එක. අන්ධ කියලා, ඇස් වහගෙන රඟපාන එක නෙවෙයි. ඒ චරිතය තුළ මිනිසුන්ට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ආදරය, වේදනාව, සතුට ඔහුට දැනෙන්නේ මොන විදියටද කියල මම හොයා බලනවා.
ඔබ මේ ක්ෂේත්‍රයට එකතු වෙන්නේ නිවේදිකාවක් විදියට නේද?
ඔව් මම මුල් කාලයේ සී.එස්.එන්., මැක්ස් රූපවාහිනී නාලිකාවල නිවේදිකාවක් විදියට කටයුතු කළා. ගෙදරින් මුලදි කැමැත්තක් තිබුණේ නැහැ මම මේ දේවල් කරනවට. දෙමව්පියන්ට ඕනෙ වුණේ මට හොඳ අධ්‍යාපනයක් දෙන්න. ඒ දේ මම කළා. ඉතින් දැන් ගෙදරින් ප්‍රශ්නයක් නැහැ.
දැනගෙන ගියොත් කතරගම – නොදැන ගිහොත් අතරමඟ නේද හංසි?
ඒ නිසාම තමයි මම මේ ක්ෂේත්‍රය ගැන හැදෑරීමක් ඇතිව යොමුවෙන්නේ. නිකම් හිස් මිනිහෙක් විදියට යොමුවුණාම අවසානයේ අපි අතරමං. මම මේ වන විටත් කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ නාට්‍ය හා රංග කලා විශේෂ උපාධිය හදාරනවා.
මොනව ඉගෙන ගත්තත් හංසි විනයක් නැතිව මේ ගමන යන්න අපහසුයි කියලා පිළිගන්නවද?
මම මගේ වෘත්තියට සලකන්නේ මගේ දෙමව්පියන්ට වගේ. ඒ තරමට මම ආදරේ කරනවා වගේම ගෞරව කරනවා. මට එක රැයකින් ජනප්‍රිය නිළිය වෙන්න බැරිකමක් නැහැ. මට එහෙම නම කැත කරගෙන මේ ගමන යන්න උවමනාවක් නැහැ. විනයක් ඇතිව, හැදෑරීමක් ඇතිව මේ ගමන යනකොට හරිම සුන්දරයි මට නම්.
ගොඩ දෙනෙක් තැනකට යන්න හදනකොට කකුලෙන් අදිනවා වැඩියි. එහෙම අවස්ථාවන් හංසිගේ ගමනටත් බලපාන්න ඇති?
මම අද මේ තැන ඉන්නේ මගේ දෙමව්පියන් නිසා. සමහර අවස්ථාවල මගේම ඥාතීන් මට වළ කපපු අවස්ථා තිබුණා. මම එයාලට වෛර කරන්නේ නැහැ. මොකද එයාලටම දැනේවි මම කවුද කියලා. මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය මේ කලා ජීවිතය කියලයි මට නම් හිතෙන්නේ.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

මිනිසා වෙනුවෙන් සටනට යන සත්වයා

Next Post

පරිගණකයෙන් කේන්දරේ ගැලපුවාම වෙන දේ

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

2026 ජූලි 10 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද රාජ්‍ය මුදල් කාරක සභාවේ වාර්තාව මඟින් අනාවරණය කර ඇත්තේ 2025 නොවැම්බර් සිට...

Read more
හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

අනුරට අභියෝගයක්! නාමල් හිරේ යන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිට 75%ක් කැමැතිලු! කොහෙන්ද මේවට හිනාවෙන්නේ..? නාමල්ට ලොකු ප්‍රශ්නයක් ඇවිත්! I Sri Lanka Latest News

කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන එළියට එයි! කාටවත් අඳුනගන්න බැරිවෙලා!

‘මම KPI කතා කරන්නේ..! මේක රෙකෝඩ් කරලා පොලිසියට දීපන්..! CID එකට දීපන්..! දකුණේ ඕන ලොක්කෙකුට දීපන්..! මම මැරෙන්න බයත් නෑ.. මරන්න බයත් නෑ.! පුළුවන් දෙයක් කරපන්..!’ රට පැන්න පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් දෙවුන්දර බස්නායක නිළමේට ආ කෝල් එක..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.