ගනුදෙනුකරුවන්ගේ පහසුව තව දුරටත් ඉහළ නංවනු වස් Allianz Insurance Lanka විසින් පිහිටුවනු ලැබූ නවතම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය කොළඹ 8, කාසල් වීදිය, බොරැල්ල යන ලිපිනයෙහි පසුගියදා විවෘත කරනු ලැබීය. මෙම නව පාරිභෝගික සේවා මධ්‍යස්ථානය පිහිටුවීමත් සමග, පෙර නවම් මාවතේ පිහිටුවා තිබූ පාරිභෝගික සේවා මධ්‍යස්ථානයෙහි කටයුතු මෙන්ම දෙමටගොඩ පිහිටි Allianz Insurance Lanka ප්‍රධාන කාර්යාලයේ පාරිභෝගික සේවා කටයුතු සඳහා පිහිටුවා තිබූ පාරිභෝගික සේවා කවුළු කිහිපයක් මෙම නව පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේදී විවෘත කිරීමද සිදුවනු ඇත.
අතිනවීන පහසුකම්වලින් සමන්විත මෙහිදී සියලුම සාමාන්‍ය රක්ෂණ පාරිභෝගිකයන් වෙනුවෙන් සුවිසල් සේවාවක් සලසනු ඇත. මෙම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය වෙත පැමිණෙන ගනුදෙනුකරුවන් හට පෝලිම්වල රැඳෙමින් නිකරුණේ කාලය අපතේ නොයවා ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කළමනාකරණ පද්ධතියක් මගින් තමන්ට අවශ්‍ය සේවාව සලසා ගැනීම සඳහා කඩිනමින් මනා ලෙස පුහුණුව ලැබූ ඉදිරි පෙළ නිලධාරීන් වෙත යොමුකරනු ලබයි.
මේ පිළිබඳ අදහස් දැක්වූ Allianz Insurance Lanka ප්‍රධාන විධායක නිලධාරී ගානි සුබ්‍රමනියම් මහතා සඳහන් කර සිටියේ “පාරිභෝගික කේන්ද්‍රීය ශ්‍රී ලාංකේය රක්ෂණකරුවකු වශයෙන් ගනුදෙනුකරුවන් වෙත සුවපහසු සේවාවන් සලසා ගැනීම වෙනුවෙන් නව්‍ය හා වැඩි දියුණු කළ පහසුකම් සහිත අපගේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය කොළඹ නගරයේ හදවත බඳු ප්‍රධාන ස්ථානයක නැවත ස්ථාපිත කිරීමට හැකිවීම පිළිබඳ ඉතාමත් සතුටු වන බවත්, මෙය අප කෙරෙහි වන පාරිභෝගික විශ්වාසය තව තවත් වර්ධනය වීමට හේතුවක් වනු ඇති බවට තමන් විශ්වාස කරනවා” යනුවෙනි.