• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

මිනිසාගෙයි ස්වභාවධර්මයෙයි සටන දිනන්නෙ කවුද?

May 9, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
මිනිසාගෙයි ස්වභාවධර්මයෙයි සටන දිනන්නෙ කවුද?
Share on WhatsAppShare on Facebook

මිනිසා නමැති ජීවියාගේ ආරම්භයේ පටන්ම ඔහුට තිබුණෙ ටිකක් අමුතු විදියක අවශ්‍යතා. මොකද මිනිසාට නිතරම ඕනෑ වුණේ සියල්ල තමාට යටත් බව ලෝකයට පෙන්වන්න. එහෙම හිතපු ඔහු කරන්න බැහැ කියලා හිතපු බොහෝ දේවල් කරන්න සමත් වුණා. මුහුදෙන් යන්න යාත්‍රා හැදුවා. අහසෙන් යන්න හිතුණාම ගුවන් යානා හැදුවා. මුලින් තනියම යන්න ගුවන් යානාවක් හදා ගත්තාම එහෙම බැහැ කියලා හිතලා පහකට, දහයකට නොවේ දෙතුන් සියයකට යන්න පුළුවන් ගුවන් යානාත් හැදුවා. එහෙම රටකින් රටකට යන්නත් පටන් ගත්තා.

මිනිසාගේ ඒ කුතුහලයට සීමාවක් තිබුණෙ නැහැ. එක දෙයකින් සෑහීමකට පත්වුණෙත් නැහැ. මුලින්ම ඔරුවෙන් ගිහින් ඊට පස්සෙ බෝට්ටු හදලා එතැනින් පස්සෙ අක්කර ගණනක් විශාල නැව් හදන්න තරම් මිනිසාගේ අසීමිත කුතුහලය හේතුවක් වුණා. එහෙම මහසයුර ජය ගත්තු මිනිසා රටකින් රටකට ගියපු මිනිසා අන්තිමට මේ ලෝකයට පිටතින් තිබෙන දේවලුත් හොයන්න පටන් ගත්තා. එහෙම හොයාගෙන හොයාගෙන ගිහින් හඳ අල්ලන්නත් මිනිසාට වැඩි කාලයක් ගතවුණේ නැහැ.

හඳ අල්ලලත් ඇතියි කියලා නතර නොවී අඟහරු ගැනත් ඇහැ ගහගෙන ඉන්න ගමන් තම තමන්ගේ බලපුළුවන්කාරකමේ තරමට අවි ආයුධ, න්‍යෂ්ටික අවි ආයුධ පමණක් නොවේ එක තත්පරෙන් ලෝකයම සම්බන්ධ කරන්න හැකියාව තිබෙන තාක්‍ෂණික උපක්‍රමත් හොයාගත්තා. හැබැයි මේ හැම තැනකදීම මිනිසා හිතුවේ සියල්ල සිදුවන්නේ සිදුවිය යුත්තෙ තමන්ට අවශ්‍ය විදියට කියලයි. එහෙම හිතලා අනෙක් සියල්ල ගණන් නොගැනීමේ කුහක අධම ගතියක් මිනිසා තුළ පැලපදියම් වුණේ විසිඑක්වැනි සියවසේ නව තාක්‍ෂණික විප්ලවයත් සමඟ කියලා කිව්වත් වරදක් නැහැ.

මිනිසා එහෙම අමතකම කරලා දාපු අතහැරලා දාපු ගණන් නොගත්ත දේවල් අතරේ විශේෂ දෙයක් තිබුණා. ඒ තමයි ස්වභාවධර්මය. මිනිසා ස්වභාවධර්මය කොයි තරම් අමතක කළාද කිව්වොත් එහෙම දෙයක් තියෙනවද, අපට ජීවත් වෙන්න එහෙම දෙයක් අවශ්‍යද කියන එකත් අමතක කළා. දවසින් දවස මිනිසාගේ තාක්‍ෂණික මෙවලම් දියුණු තියුණු වුණා. ඒ අතරේ ස්වභාවධර්මය විනාශ වුණා. ඕසෝන් ස්ථරය විනාශ වුණා. මහපොළොව පිරිහුණා. මිනිසා ගස් – කොළන් කප කපා විනාශ කරමින් කොන්ක්‍රීට් වනාන්තර හැදුවා. අපි දිනුම්, අපට මොනවද බැරි යැයි සිතමින් දවසින් දවස මිනිසා ආඩම්බර වුණා. හැබැයි එහෙම හිතපු මිනිසා අවස්ථා ගණනාවකදී ස්වභාවධර්මයට පැරැදුණා. ස්වභාවධර්මය මිනිසාට යම් පාඩමක් කියා දීමට ඒ සෑම අවස්ථාවකම උත්සාහයක් ගත්තා. හැබැයි එයින් යමක් ඉගෙන ගෙන මිනිසා හැදුණාද කියලා දෙවරක්, තෙවරක් නොවේ සිය දහස් වාරයක් හෝ සිතා තේරුම් ගතයුතු යැයි මිනිසාට තේරුම් කර දෙන්නට 2020 කොරෝනා වෛරසය මිනිසුන් අතරට එවලා ස්වභාවධර්මය ඉතා ඉවසීමෙන් බලාගෙන ඉන්න බවකුත් පෙනෙනවා. තත්ත්වය එසේ වෙද්දී 2020ට පෙර මිනිසා ස්වභාවධර්මයට පැරැදුණේ කෙසේද යන්න සිතා බැලීමත් වටිනවා.

වසර සියයකට වතාවක් ස්වභාවධර්මයා මිනිසාට යම් පණිවුඩයක් ලබා දීමට කොරෝනා වැනි වසංගත තත්ත්වයක් ඇති කරනවද යන්නත් දැන් දැන් සාකච්ඡාවට ගැනෙන බවකුත් පෙනෙන්නට තිබෙනවා. එහෙම බලද්දී මිනිසාට දැනෙන ලෙස හානි කළ වෛරස් වසංගත විදියට ස්පාඤ්ඤ උණ, මහාමාරිය, ඉඹෝලා වැනි විවිධ නම්වලින් විවිධ කාලවල වසංගත තත්ත්වයන් පැතිර යමින් මිනිස් ජීවිතවලට ප්‍රබලව බලපෑවා. මේ සියල්ල අතරේ ස්වභාවධර්මය ලෝකයේ ප්‍රබල යැයි සම්මත බොහෝ රටවල්වලට විවිධ කාලවකවානුවල යම් යම් පාඩම් කියා දීමට සමත් වුණා.

1556 ජනවාරි 23 වැනිදා ඒ වගේ ප්‍රබල පාඩමක් මිනිසාට කියා දෙමින් මිනිසාව ඔට්ටු කරන්නට ස්වභාවධර්මය උත්සාහයක් ගන්නවා. ඒ තමයි එදින චීනයේ ෂාන්ති හී භූමි කම්පාව. එම භූමි කම්පාවෙන් ජීවිත 8,30,000ක් විනාශ වුණා. කාලාන්තරයක් පුරාවට මිනිසාට ඒ අමිහිරි මතකයන් වද දුන්නා. ඒ මතකයන් සමඟ ස්වභාවධර්මය ගැන ආදරයෙන් කටයුතු කළත්, යළිත් පෙර තත්ත්වයටම මිනිසාගේ ක්‍රියා කලාපය පිරිහෙන්නට වැඩි කාලයක් ගතවුණේ නැහැ.

තවත් එවැනිම පාඩමක් මිනිසාට කියා දීමට සමත් වූ ස්වාභාවික විපතක් තමයි 1815 ඉන්දුනීසියාවේ ටම්බෝරා ගිනිකන්ද පුපුරා යෑම. එයින් සිදුවූ ජීවිත හා දේපොළ හානිය අතිවිශාලයි. මිනිසාගේ ගේ-දොර, වතු-පිටි ගිනියම් ලාවා තට්ටුවලින් වැසී යද්දී විනාශ වූ ජීවිත ප්‍රමාණය 92,000ක් බවටත් වාර්තා වෙනවා.

ඊළඟට 1871 දී මෙවැනිම විපතකට මුහුණ දීමට ඇමෙරිකාවේ වැසියන්ටත් සිදුවෙනවා. ඒ 1871 ඔක්තෝබර් 08 සිදුවූ පෙෂ්ටීයෙන් ලැව්ගින්න. එයින් මිනිස් ජීවිත 2,000කට අධික ප්‍රමාණයක් ලෝකයට අහිමි වෙද්දී 1876-1878 කාලය අතරතුර ලෝකයම කම්පා කළ දරුණුතම ස්වාභාවික විපතකට මුහුණ දීමට ඉන්දියාවට සිද්ධ වුණා.
ඒ වසර දෙකක් පුරාවට එරටට බලපෑ දරුණු නියඟයයි. එයින් මිලියන ගණනක් ජීවිත විනාශ වූ බවටත් ගණන් බලා තිබෙනවා.

1910 මාර්තු 01දා ඇමෙරිකාවේ වොලින්ටන්හි සිදුවූ නාය යෑමෙන් ජීවිත දහස් ගණනක් විනාශ වෙද්දී 1931 චීනයේ ඇති වූ ගංවතුර තත්ත්වය යළිත් වතාවක් වාර්තාගත ජීවිත ප්‍රමාණයක් ලෝකයට අහිමි කරනවා. ඒ අනුව එම ගංවතුරෙන් විනාශ වූ ජීවිත සංඛ්‍යාව මිලියන 2කට වැඩි බවටත් ගණන් බලා තිබෙනවා.

1970දී තමයි ස්වභාවධර්මය මිනිසාට ඊළඟ පාඩම කියා දෙන්නේ. ඒ 1970 නොවැම්බර් 13දා බංග්ලාදේශයට බලපෑ සුළිසුළං තත්ත්වයෙන් ජීවිත ලක්‍ෂ දෙකකට වැඩි ප්‍රමාණයක් බිලි ගනිමිනි. ඊළඟට 1972 පෙබරවාරි 1 වැනි දින ඉරානයේ සිදුවූ කුණාටුවෙනුත් ජීවිත 4,000ක් මිනිසාගෙන් උදුරා ගන්නට ස්වභාවධර්මය කටයුතු කරනවා. යළිත් 1989 අප්‍රේල් 26 බංග්ලාදේශයට ‘ටොර්නාඩෝ’ තත්ත්වයක් ඇති වෙනවා. එයින් අහිමි වුණු ජීවිත ප්‍රමාණය 1,300කට අධිකයි.

1999 කියන්නෙත් ස්වභාවධර්මය මිනිසාව පරාජය කළ වසරක්. එයට හේතුව 1999 දෙසැම්බර් මස වෙනිසියුලාවේ සිදුවූ නාය යෑමෙන් ජීවිත 20,000ක් ලෝකයට අහිමි වීමයි.
මේ සියලු පාඩම් සමඟින් ලෝකයටම දැනෙන ලෙස මිනිසාව පරාජය කරන්නට ස්වභාවධර්මය ගත් උත්සාහයන් තිබෙනවා. ඒ 2004 වසරේ ඉන්දියන් සාගරයේ සිදුවූ සුනාමි තත්ත්වය. එයින් අහිමි වූ ජීවිත ප්‍රමාණය 2,30,000කි.
මේ සියලු තැන්හි ස්වභාවධර්මය මිනිසාව පරාජය කරනවා. හැබැයි තාමත් මිනිසා ස්වභාවධර්මය සමඟින් ඇති ගැටීම නවතා ඇති බවක් පෙනෙන්නට නැහැ. ඇතැම් විට ඉදිරි දිනයක ස්වභාවධර්මය මිනිසාට සදහටම මතක සිටින පාඩමක් කියා දීමට බැරි නැත. එයට ගැළපෙනම හැඳීන්වීම ලෝක විනාශය නම් වන්නටද බැරි නැත.
කුමාර රත්නායක

SendShareShare
Previous Post

කුවේණියගෙ මාලිගාගල

Next Post

බුදු රුවට ජීවය දුන් මහා දානය

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.