• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

පැවැදි ජීවිතේ නොදන්න පැත්ත

December 12, 2019
in Mahawanshaya
Reading Time: 5 mins read
A A
පැවැදි ජීවිතේ නොදන්න පැත්ත
Share on WhatsAppShare on Facebook

බෞද්ධ භික්ෂුවක් යනු සසර මාර්ගය කෙටි කර ගැනීමේ හෙවත් නිවන් අවබෝධ කර ගැනීමේ පරම චේතනාව මත ගිහි ජීවිතයේ සියලුම වූ සම්බන්ධකම් අතහැර එදා බුදු රජුන් විසින් අනුදැන වදාළ බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කිරීමට සසුන්ගත වූ තැනැත්තාය. සිය ගිහි ජීවිතය බාධා සහිත බැවින් සහ කෙලෙස්වලින් පිරුණු බැවින් වැඩි වේගයකින් නිවන් අවබෝධ කර ගැනීමට කැමැති වන්නෝ මෙසේ පැවිදි බිම අගය කර සිවුරු දරති. මෙම පැවිද්දෙහි අවස්ථා දෙකකි. ඒ අනුව “පබ්බජ්ජා” හෙවත් සසුන්ගත වීම පළමු අවස්ථාවයි. එහි දෙවැනි අවස්ථාව වන්නේ “උපසම්පදා” හෙවත් සංඝ සාසනයේ පූර්ණ සාමාජිකයකුගේ තත්ත්වයට පත්කරන අධිශීල අවස්ථාවයි. මෙම අවස්ථා දෙකම පුද්ගලයකුට ලබාගත හැකිවන්නේ පැවිදි ජීවිතයට අනුගතව විනයෙහි දැක්වෙන නීති රීතිවලටද එකඟ වීම මත පමණකි. එහෙත් ගිහියන් වෙන ඔබ අප එම කිසිවක් දන්නේ නැත.
පැවිදි ජීවිතයේ තිබෙන්නා වූ එම නීති රීති සමුදාය ගැන කතා කිරීමේදී මෙම දිනවලදී සමාජය තුළ වැඩි වශයෙන්ම කතාබහට ලක්වෙන මාතෘකාවක් තිබේ. එනම් භික්ෂූන් වහන්සේලා සෘජු ලෙසම දේශපාලනය කිරීමයි. පසුගියදා නිමා වූ ජනාධිපතිවරණ කාල සීමාව තුළද බොහෝ භික්ෂූන් වහන්සේලා එම දේශපාලන පිටියේ පුරෝගාමී වූහ. ඒ අතර සිටි සමහර ඇතැම් භික්ෂූන් වහන්සේලා එක් එක් දේශපාලන පක්ෂයන් සඳහාද ප්‍රසිද්ධියේම සහාය දක්වන්නට වූහ. එය දුටු වත්මන් සමාජය පැවසුවේ එම භික්ෂූන් වහන්සේලා සිවුරට හානියක් වෙන මේ දේශපාලනය නොකළ යුතු බවයි. එම කතාව ප්‍රසිද්ධියේ කිසිවෙක් නොකීවද අද වත්මන් සමාජය විසින් එය නොකියා කියන්නට විය. කෙසේ වුවද මෙම කරුණ ගැන පැවසීමේදී අතීතයේද රජුන් තනන්නට භික්ෂූන් වහන්සේලා මැදිහත් වූ බව පෙනෙන්නට තිබේ. එකම වෙනස වන්නේ එදා තැනුවේ රජකු වීමත් අද තනන්නේ ජනාධිපතිවරයකු වීමත් පමණි. එම නිසාම ඊට ඇඟිල්ල දිගු කිරීමද අපට කළ නොහැකිය. කෙසේ හෝ අප අතීතයට ගොස් බැලීමේදී එම කරුණ සනාථ වෙයි. එනම් භික්ෂූන් වහන්සේලා රාජ්‍ය පාලනයට සෘජුව මැදිහත් වී ඇති බවයි. පහළින් ඇත්තේ ඊට නිදසුන්ය.
(01) අතීතයේ රජවරුන් විසින් භික්ෂූන් වහන්සේලා සිය උපදේශකයන් ලෙසට පත්කර ගැනීමට කටයුතු කර තිබෙන බව සඳහන්ය. ඒ අනුව දෙවනපෑතිස් රජු මහා මහින්ද හිමිත් දුටුගැමුණු රජු ගෝදහත්ථ තිස්ස හිමිත් සද්ධාතිස්ස රජු කාලබුද්ධ රක්ඛිත හිමිත් සහ වළගම්බා රජු මහා තිස්ස හිමිත් මහසෙන් රජු සංඝ මිත්‍ර හිමිත් තම උපදේශකයන් ලෙස පත්කර ඇත.
(02) එදා රජවරුන් රජවරුන් අතර ඇති වූ යුද ගැටුම් සමථයකට පත්කිරීමට භික්ෂූන් වහන්සේලා මැදිහත් වූ බව සඳහන්ය. ඊට සමීපව නිදසුන වන්නේ එවකට දුටුගැමුණු රජු සහ සද්ධාතිස්ස කුමරුන් අතර ඇති වූ සහෝදර ගැටුම සමථයකට පත්කිරීමට ගෝදහත්ථ තිස්ස හිමි මැදිහත්වීමයි.
(03) වළගම්බා රජු සහ ඔහුගේ සෙනෙවියන් අතර වූ මත ගැටුමක් සමථයකට පත්කිරීමට මහා තිස්ස හිමි මැදිහත්ව තිබේ. එමෙන්ම දෙවැනි සේන රජු සහ උප රජු මහින්ද අතර රුහුණේදී සිදුවීමට ගිය ආරවුලක්ද හික්ෂූන් මැදිහත්ව සමථයකට පත්කර ඇත.
(04) මේ අතර රටේ රජුන් පත්කිරීමේදී මෙන්ම රටේ රජුන් නෙරපීමේදීද භික්ෂූන් වහන්සේලා මැදිහත්ව ක්‍රියා කළ බව සඳහන් වෙයි. වළගම්බා රජු දෙවැනි වරට රජු බවට පත්කිරීමට මහා තිස්ස හිමි කටයුතු කිරීමත් සද්ධාතිස්ස රජුගෙන් පසු ථූපාරාමයේදී රැස් වූ භික්ෂූන්ගේ අනුමැතිය මත රාජ්‍ය හිමි ලජ්ජතිස්ස කුමරු නෙරපා තුල්ලන්ථක කුමරු අභිෂේක කිරීමත් ඊට නිදසුන්ය.
(05) අතීතයේ රාජ්‍ය සහ බුදු සමය අතර ඉතාම සමීප සම්බන්ධයක් තිබූ බව පැවසෙයි. ඊට සමීපම නිදසුන වන්නේ එකල ධාතුසේන රජු රාජ්‍යත්වයට පත්කිරීම සඳහා මහානාම හිමි කටයුතු කිරීමයි. එමෙන්ම එදා මුගලන් කුමරුට සේනා රැස් කිරීම සඳහාද අම්බට්ඨ කෝලක විහාරයේ භික්ෂූන් ඉඩ ලබාදීමත් දෙවැනි සේල රජුව භික්ෂූන් ඉදිරියේ රුවන්වැලි සෑ මළුවේදී අභිෂේක කිරීමත් මීට නිදසුන්ය.
(06) අතීත රජවරුන් යුද වැදීමට ගොස් තිබෙන්නේද භික්ෂූන්ගේ අනුමැතිය උඩය. ඒ අනුව දුටුගැමුණු රජු මහා සංඝයාගේ කැමැත්ත මෙන්ම ආශීර්වාදය මත එළාර හා යුද්ධයට යද්දී දෙවැනි මිහිඳු රජුද රුහුණු රට සමඟ යුද වදින්නට යෑමට ථූපාරාමයට හික්ෂූන් රැස්කරවා කැමැත්ත ලබාගෙන තිබේ.
වර්තමානයේ පැවිදි ජීවිතයේ තිබෙන්නා වූ නීති රීති සමුදායට සමානවම යම්කිසි පුද්ගලයකු පැවිදි කිරීමට පෙර සලකා බැලිය යුතු සුවිශේෂී වූ කරුණු කිහිපයක් තිබේ. සැබෑවටම ඒවා කරුණු නොව ඉතා සුවිශේෂී වූ සුදුසුකම්ය. ඒ අනුව යම්කිසි පුද්ගලයකු එම සුවිශේෂී සුදුසුකම් සපුරා නැත්නම් ඔහුට හෝ ඇයට පැවිදිවීමට නොහැකිය. බුදු දහම තුළ ඔවුන්ව හැඳින්වෙන්නේ “පැවිදි කිරීමට නුසුදුසු පුද්ගලයෝ” යනුවෙනි. යම්කිසි හෙයකින් භික්ෂූන් වහන්සේ නමක් එම සුදුසුකම් නොබලා පුද්ගලයකු පැවිදි කළහොත් උන්වහන්සේ කර ඇත්තේ බරපතළ වූ වරදකි. එනිසා කිසිදු භික්ෂූන් වහන්සේ කෙනෙක් එම වරද කරන්නේ නැත. මේ අනුව අප මීට පහළින් දක්වන්නේ එසේ බුදු සසුනේ පැවිදි කිරීමට නුසුදුසු පුද්ගලයෝය.
(01) ඉතා බාල ළමයින්
(02) රාජ භටයන්
(03) සිරගෙයින් පැන ගිය අය
(04) අධිකරණයේ නම ලියවී ඇති අය
(05) දාසයන්
(06) අතක් නැති අය
(07) අතක් හා පයක් නැති අය
(08) කනක් නැති අය
(09) ඇඟිලි කැපූ අය
(10) ඇඟිලි බඳ අය
(11) මිටි අය
(12) බරවා පාද ඇති අය
(13) විරූපී අය
(14) අත් පා කොර වූ අය
(15) අංශභාග රෝගීන්
(16) ජරා දුර්වල වූ අය
(17) ගොළුවන්
(18) අඳ ගොළු බිහිරි අය
(19) කුෂ්ට දද රෝගීන්
(20) සොරුන්
(21) ණයකරුවන්
(22) කස පහර ලැබූ අය
(23) මව්පිය අනුමැතිය නැති අය
(24) ඇස් අන්ධ අය
(25) සිරුරේ සලකුණු ඇති අය
(26) ඇඟිලි අග කැපූ අය
(27) නහර කැපූ අය
(28) කුදු අය
(29) බෙල්ලේ ගෙඩි ඇති අය
(30) කර්ම රෝගීන්
පැවිදි වූ අයකුගේ පළමුවැනි අරමුණ වන්නේ යම්කිසි දිනෙක උපසම්පදාව හෙවත් සංඝ ශාසනයේ පූර්ණ සාමාජිකයකුගේ තත්ත්වයට පත්වීමයි. එහෙත් කුමන ආකාරයකින් හෝ ඊට බලපෑම් කළ හැකි සහ බාධාකාරී විය හැකි කරුණු කිහිපයක් තිබේ. ඒ අනුව බුදු සසුන තුළ කිසිම ආකාරයකින් හෝ උපසම්පදාව ලැබීමට නුසුදුසු පුද්ගලයෝ කිහිපදෙනෙක් සිටිති. අප මීළඟට පවසන්නේ එසේ බුදු සසුන තුළ උපසම්පදාව ලැබීමට නුසුදුසු පුද්ගලයෝ ගැනය.

(01) පණ්ඩකයා
(02) ථෙය්‍ය සංවාසකයා
(03) තිත්ථිය පක්කන්තිකා
(04) මාතු ඝාතක
(05) පීතෘ ඝාතක
(06) අරහත්ත ඝාතක
(07) උපාධ්‍යයෙක් නැති අයකු වීම
(08) පාත්‍රයක් නැති අයකු වීම
(09) සිවුරක් නැති අයකු වීම
(10) පාත්‍රයක් හා සිවුරක් නැත්තකු වීම
(11) ණයට ගත් පාත්‍රයක් ඇත්තකු වීම
(12) ණයට ගත් සිවුරක් ඇත්තකු වීම
(13) ණයට ගත් පාත්‍රයක් සිවුරක් ඇත්තකු වීම

මේ අතර උපසම්පදාව ලැබීමට නුසුදුසු තවත් එක් පිරිසක් සිටිති. බුදු දහම තුළ එය හඳුන්වා ඇත්තේ උපසම්පදාව ලැබීමට ඇති අන්තරාය ධර්ම ලෙසිනි. ඒ අන්තරාය ධර්ම පහත පරිදිය.

(01) කුෂ්ට ඇත්තකු වීම
(02) ගෙඩි ඇත්තකු වීම

(03) වණ ඇත්තකු වීම
(04) ඇදුම රෝගියකු වීම
(05) අපස්මාරය ඇත්තකු වීම
(06) මනුෂ්‍යයෙක් නොවීම
(07) පුරුෂයෙක් නොවීම
(08) දාසයකු වීම
(09) ණයෙන් මිදුණකු වීම
(10) රාජ භටයකු වීම
(11) මාපිය අවසර නැත්තකු වීම
(12) විසි වයස් සම්පූර්ණ
නොවීම
(13) සිවුරු සම්පූර්ණ නොවීම

උපසම්පදා ලැබූ යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් වස් විසීම අනිවාර්ය අංගයකි. වස් විසීම සිදුකරන්නේ වසරේ ජූලි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා වූ කාලයේය. මෙය ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් කටයුත්තකි. එමෙන්ම මහත් වූ ආනිශංස ඇති උසස් බෞද්ධ පින්කමකි. මේ අතර එසේ වස් වසන භික්ෂූන් වහන්සේලාට වස් විසීමට නුසුදුසු ස්ථාන කිහිපයක්ද බුදු දහම තුළ සඳහන් වෙයි.

(01) ගස් බෙන තුළ
(02) ගස් අතු උඩ
(03) එළිමහන් තුළ
(04) වහලක් හා දොරක් නැති තැන
(05) මිනී කාමර තුළ
(06) කුඩයක් යට
(07) සැළියක් තුළ

මේ අතර වස් වසනා උපසම්පදාව ලැබූ භික්ෂූන් වහන්සේ නමකට කිසිම විටෙක අතරමඟදී වස් සිඳ දමා බැහැරව යා නොහැකිය. නමුත් වස් සිඳ දමා බැහැරව යා හැකි අවස්ථා කිහිපයක්ද වෙයි. එම අවස්ථා වන්නේ පහත ඒවාය.

(01) සිව්පාවුන්ගෙන් කරදරයක් වීම
(02) සර්පයන්ගෙන් කරදරයක් වීම
(03) සොර සතුරු උවදුරු තිබීම
(04) අමනුෂ්‍ය කරදර තිබීම
(05) ගොදුරු ගමේ ගිනි විපතක් වීම
(06) සෙනසුන ගිනි ගැනීම
(07) ගොදුරු ගම ජලයෙන් යටවීම
(08) සෙනසුන ජලයෙන් යටවීම

අප ඉහතින් සඳහන් කළ කරුණුවලට අමතරව වස් සිඳ දමා බැහැරව යා හැකි තවත් විශේෂ අවස්ථා කිහිපයක් වෙයි. විශේෂයෙන්ම වස් වසනා භික්ෂූන් වහන්සේට පහතින් දැන් අප දක්වන්නා වූ ප්‍රශ්නයන් සඳහා මුහුණපෑමට සිදු වුවහොත් ඒ මොහොතේම උන්වහන්සේට වස් සිඳ දමා බැහැරව යා හැකිය. එම ප්‍රශ්නකාරී අවස්ථා පහත පරිදිය.

(01) ආහාර ප්‍රමාණවත්ව නොලැබීම
(02) සප්පාය භෝජන නැතිවීම
(03) සප්පාය බෙහෙත් නොලැබීම
(04) උපස්ථායකයකු නැතිවීම
(05) ස්ත්‍රියකගේ අයුතු ඉල්ලීම්
(06) වෙසඟනකගේ අයුතු ඉල්ලීම්
(07) ධන නිධානයක් මතුවීම
(08) සංඝ භේදයට මඟ පෑදීම
(09) යම් සංඝ භේදයක්
සංසිඳවීමට යෑම
රුවන් එස්. සෙනෙවිරත්න

SendShareShare
Previous Post

එජාප කමිටුව රැස්වෙයි: රනිල්ට නායකත්වයෙන් යන්න කියයි

Next Post

LCB Finance මූල්‍ය සමාගම සම්මානයෙන් පිදුම් ලබයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.