කොළඹ හිල්ටන් හෝටලයේ පැවති දකුණු ආසියාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී 2019 වසරේ හොඳම නැඟී එන මූල්‍ය සමාගම ලෙසින් ලංකා ක්‍රෙඩිට් ඇන්ඞ් බිස්නස් ෆිනෑන්ස් ලිමිටඞ් සමාගම සම්මානයට පාත්‍ර විය.
බරපතළ මූල්‍ය අර්බුදයකට ලක්ව තිබූ සිටි ෆිනෑන්ස් කෝපරේෂන් ලිමිටඞ් මූල්‍ය සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවේ මඟපෙන්වීම සහ අනුමැතිය මත පවරා ගෙන, සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි / විධායක අධ්‍යක්ෂ කේ. ජී. ලීලානන්ද මහතාගේ අග්‍රගණ්‍ය මෙහෙයවීමෙන්, එහි සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ සේවක මණ්ඩලයේ කැපවීම සහ කාර්යක්ෂමතාව නිසා, එකී මූල්‍ය සමාගමේ අගතියට පත් තැන්පත්කරුවන්ගේ තැන්පතු ගෙවමින්ද වැටී තිබූ මූල්‍ය සේවා නඟා සිටුවමින්ද තම සමාගම ලාභදායී මූල්‍ය සමාගමක් මෙන්ම මූල්‍ය ක්ෂේත්‍රයේ ස්ථාවර සමාගමක් බවට පත් කරමින්ද ඉදිරියට යන්නා වූ විශිෂ්ට ක්‍රියාවලිය අගයනු වස් මෙකී සම්මානය එකී සමාගම වෙත ප්‍රදානය කරනු ලැබීය.











