• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

පැරැණි ලංකාවේ දඬුවම් තීන්දු

October 21, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
පැරැණි ලංකාවේ දඬුවම් තීන්දු
Share on WhatsAppShare on Facebook

දඬුවම යන වදන බොහෝ දෙනෙකු ඇසීමට අකැමැතිය. ‘දඬුවම’ යන්නෙන් ගම්‍ය වන්නේ සෞම්‍ය, හිතවත් අදහසක් නොවේ. අප ශාස්තෘවරයාණන් වහන්සේද දඬුවම පිළිබඳ බොහෝ අදහස් දක්වා ඇත්තාහ. දඬුවමක් ලැබීමට නම් යම් කිසි වරදක් හෝ නොහොබිනා දෙයක් යමෙකු සිදුකළ යුතුය. අතීතයේ සිට මිනිසාගෙන් නොයෙකුත් කායික වැරැදි සිදුවී ඇති බව නොරහසකි. වැරැද්ද බොහෝ විට සංස්කෘතිය තීරණය කරනු ලැබේ. මන්ද එක් සමාජයකින් වැරැදි යැයි හඟින සංකල්පයක් තවත් සංස්කෘතියක් මගින් උසස් කොට සැලකිය හැකිය. කෙසේ නමුත් රාජ්‍ය පාලනයේදී එසේත් නැත්නම් රටක සාමාන්‍ය නීතියේදී වැරැද්දට දඬුවම් ලබාදී ඇත. එය මූල්‍යමය වශයෙන් හෝ ශාරීරික (ශ්‍රමය) වශයෙන් හෝ ගෙවාදැමිය යුතුය.

මේ පිළිබඳ මැනවින් තොරතුරු අන්තර්ගත පැරැණි සාක්ෂ්‍යයක් ලෙසින් ‘වේවැල්කැටිය ලිපිය’ නම් කළ හැකිය. මේ මගින් අතීත ලංකාවේ සමාජ ස්වභාවය හා දඬුවම් ක්‍රමය පිළිබඳ අදහසක් ඇත. එහි ඇත්තේ ග්‍රාමීය පාලනය පිළිබඳයි. පැරණි රාජ්‍ය පාලනය ගත්කල්හි පාලන තන්ත්‍රයේ මුලසුන රජු හෙබවූවත් ග්‍රාමීය පාලනයක්ද තිබූ බව පැහැදිලි වෙයි. රටට හිතපක්ෂ තීන්දු රජු ගත් අතර ආක්‍රමණවලින් රට ආරක්ෂා කිරීම, රට කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත කිරීම, වාරිකර්මාන්තය නගාසිටුවීම, බෞද්ධාගම ආරක්ෂා කිරීම ආදී දෑ රජුගෙන් මහජනයා අපේක්ෂා කර ඇත. ග්‍රාමීය වශයෙන් ගත් කල්හි සිරිත් විරිත් ආරක්ෂා කිරීම, සාරධර්ම සුරැකීම ආදියත් රජයට අයවිය යුතු බදු මුදල් එකතු කිරීම සඳහාත් වගකිවයුත්තන් පත්කර ඇත. ‘ගමික’ නමින් වූ ගම් ප්‍රධානියකු ගැන බොහෝ සෙල්ලිපිවලින් තොරතුරු හමුවන්නේ මෙකී තැනැත්තා පිළිබඳයි.
වේවැල්කැටිය ලිපිය මගින් ගම් දහයක එකතුවක එකී නායකයන් එක්ව ‘කිබිගම්’ නායකයන් හා ‘විහාරගම්’ නායකයන්ද එක්ව අපරාධ කරන්නන්ට කෙසේ දඬුවම් පැමිණවිය යුතුදැයි කතිකා කොට ගත් ක්‍රියාමාර්ග රාශියක් හඳුනාගත හැකිය. එහි ව්‍යවස්ථාවේ එන පරිදි කිසිවෙක් තවත් අයකු කඩුවෙන් කොටා මැරුවහොත් හෝ මැරෙන්නට කෙටුවහොත්, කඩ පලා සොරකම් කළහොත් එසේත් නැත්නම් මංකොල්ලකෑම් සිදුකළහොත් එවැනි දේ කළ තැනැත්තාව අල්ලා බැඳ දසගම් මුලාදෑනීන් ඒකරාශී වී කරුණු විමසා බලා එවැනි මිනීමැරුම් කළ තැනැත්තාට මරණීය දඬුවම ලබාදී ගැටලුව සංසිඳුවිය යුතුය.

මංකොල්ලකෑම් ආදිය සිදුවුවහොත් එසේ මංකොල්ලකරුවන් පැහැරගන්නා ලද ධනයේ වටිනාකම නිශ්චය කොට ධනයේ අයිතිකරුවාට එකී ධනයේ වටිනාකම ලබාදී සොරුන් අල්ලාගැනීමට නොහැකි වුවහොත් දසගම් මුලාදෑනීන් දවස් 45ක් ඇතුළත සොරුන් අල්ලා අදාළ වැරැද්ද නිශ්චය කොට දඬුවම් ලබාදී සමථයකට පත්කළ යුතුය. එසේ අල්ලාගැනීමට නොහැකි වන්නේ නම් අදාළ දසගම් පාලකයන් කහවණු 125ක දඩයක් රාජ්‍ය භාණ්ඩාගාරයට ගෙවිය යුතුය. සොරුන් නොමැරෙන සේ දඬුවම් කළේ වී නම් ජීවිත මිල වශයෙන් කහවණු පනහක් ගෙවිය යුතුය. එය යම් හෙයකින් ගෙවීමට අපහසු වන්නේ නම් ඔහු ජීවත් වන නිවෙස ගත යුතුවේ. සොරා අල්ලා සිරගත කිරීම නොකළහොත් දසගමින් කහවණු 50ක් රාජ්‍ය භාණ්ඩාගාරයට දිය යුතුවේ.

යම් පුද්ගලයෙක් අපරාධකරුට, මංකොල්ලකරුට උපකාර පිණිස ගියේ වී නම් එකී තැනැත්තාට රන් කහවණු පනහක දඩයක් ගසනු ලැබේ. දඩය ගෙවාගැනීමට ඔහුට නොහැකි වන්නේ නම් ඔහු ජීවත් වන නිවෙස රජයට පවරාගත යුතුවේ. ඔහුට අයත් නිවෙසක් නොමැති වී නම් ඔහුගේ අත් පා කපා විනිශ්චය කළ යුතුය. ලැබෙන සුළු දඩ ගෙවීම් වී නම් එකී දඩ මුදල් පූර්වචාරිත්‍ර පරිදි දසගම්ලද්දන් විසින් හා පමුණුවන් විසින් සමසේ බෙදාගත යුතුවේ.

කිසියම් හේතුවක් මත මීගවයන්, ගවයන්, එළුවන් යන මොවුන් නොමැරිය යුතුය. එසේ මරණයට පත් කළේ නම් එකී තැනැත්තා අල්ලා ඔහුද මරණයට පත් කළ යුතුය. මීගවයන්, ගවයන්, එළුවන් ආදී සතුන් නොමරා සොරකම් කොට ගෙන ගියේ වීනම් ඔවුන් සොරුන් ලෙසින් හැඳිනගෙන ඔවුන්ගේ කිහිලිවල ඔවුන් සොරුන් බව ‘සංඥා සලකුණු’ තැබිය යුතුය. සොරුන් එකී දඬුවම සඳහා ඉදිරිපත් නොවන්නේ නම් ආයුධවලින් කොටා දමා වැරැද්ද සංසිඳවිය යුතුය. රාජාඥාව ඉක්මවා යන්නන් වී නම් ගිනියම් කළ යකඩ සපත්තුව මත සිටුවා තැබිය යුතුය. අවමංගල්‍ය කටයුතු සිදුකිරීමේදී තම තමන්ගේ කුලයට අනන්‍ය වූ චාරිත්‍ර වාරිත්‍ර අනුව ඒවා ඉටු කළ යුතුවේ.

මීට අමතරව වැරැදි කරන්නන්ට දඩගැසීමේ ක්‍රමවේදයක්ද අතීතයේ මෙහි පැවත ඇත. විශේෂයෙන්ම බදුලු ටැම්ලිපියෙන් එකී කරුණ සඳහා සාක්ෂ්‍ය ලැබේ. දඩ ගැනීමේදී ඊට උචිත ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව එහි දැක්වේ. බොහෝ විට මෙකී දඩගැසීම් සිදුකොට ඇත්තේ වෙළෙඳාම සම්බන්ධයෙනි. නොමනා ක්‍රියාකාරකම් එකලද අඩුවක් නැතිව සිදුවී ඇති අතර එසේ නොහොබිනා වෙළෙඳාම් කළ පිරිස් හට දඩ මුදල්වලට යටත් වීමට සිදුව ඇත.
කළ වැරැද්දේ ස්වභාවය අනුව දඬුවම් ලබා දීම සිදු වී ඇති බව පෙනේ. එහෙත් ඒ ලබාදෙන දඬුවම සමහර අවස්ථාවල භයංකර තත්ත්වයක් පෙන්නුම් කරන්නේ වැරැද්ද කරන තැනැත්තා මරණයට වුව පත් කළ හැකි නිසාය. මෙවැනි කෲර දඬුවම් ක්‍රම නිසා බොහෝ දෙනකු දඬුවමට බිය වී වැරැදි කිරීමෙන් වළකින්නට ඇත. වැරැද්දට දඬුවම් ලබාදීමේදී එකී දඬුවමේ ස්වභාවය කලින් කලට වෙනස් වන බව හඳුනාගත හැකි ප්‍රකට ලක්ෂණයකි.

පැරැණි දඬුවම් ක්‍රම ගත් කල්හි මරණයට පත්කිරීම අතිබිහිසුණු තීන්දුව වූ අතර එසේ මරණයට පත් කරන ක්‍රම ද කිහිපයක් ඇත. ශරීර අඟපසඟ කපා මරණයට පත්කිරීම, උල හිඳුවීම, හිස ගසාදැමීම ආදීදෑ සිදුවී තිබේ. එසේම මරණයට පත් නොකොට ශරීර අවයව කපා දැමීම ද සිදුව තිබේ. කස පහර දෙවීම, සිරකර තැබීම, දඬුකඳේ ගැසීම ආදී දඬුවම් ක්‍රමද නොඅඩුව එකල තිබී ඇත. මේ සෑම දඬුවමක්ම මිනිසාට අහිතකරය. දඬුවමට පවතින බිය නිසා වැරැදි කරන පුද්ගලයන් අවම වන්නටද ඇත.

පදියතලාවේ ඥාණවිමල හිමි

SendShareShare
Previous Post

හේමාස් රෝහල් සමූහය වැඩිම සම්මානලාභී රෝහල බවට පත්වේ

Next Post

පුංචි තිරේ ලොකුම නළුවා

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ශ්‍රී ලන්කන් ගුවන් සමා­ග­මට 2013 වස­රේදී යානා දහ­ය­කින් සම­න්විත ගුවන් බල­ඇ­ණි­යක් මිලදී ගැනී­මේදී යුරෝ­පීය ගුවන් සමා­ග­ම­කින් අමෙ­රි­කන් ඩොලර් මිලි­යන 2ක...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.