ශ්‍රී ලංකා සුව සේවා සැපයීමේ ප්‍රමුඛතම ආයතනය වන හේමාස් රෝහල් ජාලය මෑතකදී දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් සම්මාන රැසක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ වැඩිම සම්මානලාභී රෝහල බවට පත්වීමේ ජයග්‍රහණය සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පසුගිය ඔක්තෝබර් 15 වැනිදා ෂැන්ග්‍රිලා හෝටලයේදී සැමරූ අතර, මෙම උළෙල “සෙත්කාරය” ලෙස නම් කර තිබිණි.
හේමාස් රෝහල පසුගිය මාස හය තුළ දේශීය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් ඉහළම සම්මානයන් 18කින් පිදුම් ලබමින් ශ්‍රී ලංකාවේ වඩාත් පිළිගත් රෝහල බවට පත්වීමට සමත් වී තිබේ. මෙම සම්මානයන් අතරට සිංගප්පූරුවේ හෙල්ත්කෙයාර් ඒෂියාහි සම්මාන 3ත්, වියට්නාමයේ හැනෝයිහි පැවති රෝහල් කළමනාකරණ ආසියා සම්මාන උළෙලේ විශිෂ්ටතා සම්මානයත් ඇතුළත් වන අතර, මේ වසරේදී ප්‍රධාන විදේශීය සම්මානයන් ලබාගත් මෙරට එකම රෝහල හේමාස් රෝහල බවට පත්වෙමින් ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් අත්කර දීමට සමත් වී තිබේ.
මේ අතර දේශීය වශයෙන්, ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය ආයතනය හෙවත් NIOSH ඉහළම සම්මාන 3ත්, ගුණාත්මකභාවය හා ඵලදායීතාව සඳහා වූ ජාතික සම්මේලනයේ (NCQP) රන් සම්මාන 9ක්, රිදී සහ ලෝකඩ සම්මානයත් ලැබීමට හේමාස් රෝහල සමත් වී තිබේ.