• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

පුංචි තිරේ ලොකුම නළුවා

October 21, 2019
in Heart
Reading Time: 1 min read
A A
පුංචි තිරේ ලොකුම නළුවා
Share on WhatsAppShare on Facebook

කලා ක්ෂේත්‍රයට පිවිසීමට අද බොහෝ දෙනෙක් බලන්නේ රූපය. ඒ දක්ෂතාවට වඩා රූපය වෙළෙඳ භාණ්ඩයක් කිරීමට උත්සාහ කරන නිසා. හැබැයි රූපය ගැන නොසිතා ඔහුගේ දක්ෂතාව තේරුම් ගන්නා සුවිශේෂ පුද්ගලයෙක් අපට හමුවුණා. ඔහු ජනප්‍රිය රංගන ශිල්පී මධුෂාන් නානායක්කාර.
මොකක්ද මධුෂාන් අමුඩෙ නිසා වෙච්ච වෙනස?
මම ඉතින් නිතර දෙවේලේ හොඳ ගීත අහනවා. ඉතින් සමන් ලෙනින් ගායනා කරන අමුඬේ ගීතය මම දැක්කා. මගේ හිතවත් සහෝදරයෙක් තමයි දිල්ශාන් පතිරත්න. ඔහු තමයි ගීතය රචනා කරලා තියෙන්නෙ. ඉතින් මම දිල්ශාන්ට කිව්වා මටත් වෙනස්ම ගීතයක් ලියල දෙන්න කියලා.
නිල්, රතු, කොළ වගේ ගීයක් නිර්මාණය කිරීමට උත්සාහ කළේ ඇයි?
එහෙම විශේෂ හේතුවක් නැහැ. මම ඒකෙන් කාටවත් මඩගහන්න උත්සාහ කළේ නැහැ. මට ලංකාවේ දේශපාලන වැඩක් නැහැ. මම නිර්මාණකරුවෙක්. මට නිර්මාණ කිරීමේ අයිතියක් තියෙනවා. ඉතින් ප්‍රේක්ෂකයන් එය හොඳයි නම් භාරගනීවි. නැතිනම් ප්‍රතික්ෂේප කරාවි. මම හිතන්නෙ නෑ දේශපාලනයෙන් මට බලපෑමක් එල්ල වේවි කියලා. නිල්, කොළ, රතු වෙනුවෙන් ලැබෙන ඕනෑම ප්‍රතිචාරයක් මම සතුටින් භාරගන්නවා. මට කිසිම පාටක් නැති නිසා.
අපි මෙහෙම හිතමු, මධුෂාන් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළා කියලා. පළමුවෙන්ම රට වෙනුවෙන් කරන්නේ මොකක්ද?
මම මුලින්ම කරන්නේ ඔය ඉන්න 225 දෙනාම අතුගාලා දානවා. කාලෙන් කාලෙට පැත්තෙන් පැත්තට පනිනවා. මොන පක්ෂය දිනුවත් ජනතාව වෙනුවෙන් කවුරුවත් නැහැ. එන හැමෝම එන්නේ අරුන් හොරු කියලා. කරන දෙයක් නැහැ. තරුණ පරම්පරාවෙ මොන තරම් දක්ෂ පිරිසක් ඉන්නවද? අධ්‍යාපනයෙන් ඉහළ, බුද්ධිමත් පිරිසක්. කෝ මේ අයට තැනක්? තරුණ පරපුරට මේ රට භාරදුන්නා නම් රට මීට වඩා දියුණුයි.
පසුගිය දවස්වල අපි ඔබව නිර්මාණ කිහිපයකින් දුටුවා. ඒ අතර ‘ආගන්තුකයා’ ටෙලිනාට්‍යයෙ විශේෂයෙන් කතා කරනවා ඔබ ගැන?
ඇත්තටම රූගතකිරීමට දවස් දෙකකට කලින් තමයි මට ඒ චරිතයට ආරාධනා කළේ. හැබැයි චරිතය ගැනවත් කිව්වෙ නැහැ. ‘ආගන්තුකයා’ ටෙලිනාට්‍යයේ රූගතකිරීම්වලට එන්න කියලයි කිව්වේ. මමත් ආශාවෙන් නරඹපු නිර්මාණයක්. ඉතින් හොඳ පිරිසක් වැඩ කරන නිසා මම චරිතය ගැන හිතුවෙ නැහැ. රූගතකිරීම් යන අතරතුර තමයි මම චරිතයේ අම්මා තාත්තා කවුද කියල විස්තර කතා කළේ.
ඉතින් මම රඟපාන හැම නිර්මාණයකම මගේ කොටස් මම බලනවා. එහෙම බැලුවට පස්සෙ නම් මට හිතෙනවා මීට වඩා හොඳට කළා නම් හොඳයි කියලා.
ඔය බාහිර ස්වරූපයමද මධුෂාන් පොඩි කාලේ ඉඳලම තිබුණේ?
ඔව්. මගේ මේ පෙනුම තමා. එය වෙනස් කරන්න කාටවත් බැහැ. කිව්වට පිළිගනීවිද දන්නෙ නැහැ. මම අට වසරෙදි මගේ බර කිලෝග්‍රෑම් 106ක් තිබුණා.
පාසල් කාලෙ ක්‍රීඩාවටත් දස්කම් පෙන්නුවා කියල ආරංචියි?
පාසල් කාලේ මම රගර් ක්‍රීඩාවට ගොඩක් දක්ෂයි. ජයග්‍රහණ පවා හිමි කරගෙන තිබෙනවා. 1994 වර්ෂයේ ඉඳලා 2001 දක්වා මම රගර් ක්‍රීඩා කළා. පසුකාලීනව අත පය පනින්න ගත්තා. ඔය වගේ ගැටලු නිසා මම රගර් සෙල්ලම් කළේ නැහැ.
රගර් සෙල්ලම් කරපු කොලු ගැටයා නළුවෙක් වුණේ අහම්බෙන්ද?
මම නළුවෙක් වෙන්න හිතාගෙන ආපු ගමනක් නෙවෙයි. චිත්‍රපට අධ්‍යක්ෂ නාලක විතානගේ මට ඉහළ පන්තියේ මිතුරෙක්. මම ගැන බන්දුල විතානගේ මහතාට කියල තිබුණා. බන්දුල විතානගේගෙ පුතා තමයි නාලක. ඉතින් මම නාලකගේ වේදිකා නාට්‍යයකට මුලින්ම සම්බන්ධ වුණා. පසුකාලීනව රඟපෑම ගැන ප්‍රවීණ ඇදුරු මණ්ඩලයක් යටතේ හදාරමින් මගේ ගමන සියලු දෙනාගේ උදව් ඇතිව හදාගත්තා.
ඔබට ඒ ලැබෙන වටිනා සහායත් එක්ක මේ දවස්වල කරන නිර්මාණ වැඩ මොනවද?
චරිත් අබේසිංහගේ ‘කුමී’ ටෙලිනාට්‍යය, චන්දික විජේසේනගේ ‘හාරත හේරා’ විකාශය වෙනවා. එයට අමතරව ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ ‘කොළඹ ඉතාලිය’ සහ මහේෂ් රත්සර මද්දුමආරච්ච රචනා කරන ‘සොල්දර ගෙදර’ කියන නිර්මාණ දෙකේ රූගතකිරීම්වලට සම්බන්ධ වෙනවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

පැරැණි ලංකාවේ දඬුවම් තීන්දු

Next Post

බුදුහාමුදුරුවෝ සිරිපතුල නොතිය ගිය කන්ද

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.