• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

නේත්‍රා ප්‍රතිෂ්ඨාපනයේ ඇසට නොපෙනෙන රහස්

August 22, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
නේත්‍රා ප්‍රතිෂ්ඨාපනයේ  ඇසට නොපෙනෙන රහස්
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ඇති බෞද්ධ විහාරස්ථාන තුළ ප්‍රමාණයෙන් විශාල වූ බුදු පිළිම වහන්සේලා තැනීම වර්තමානයේ දැකිය හැකි සුලබ දසුනකි. එය වැඩිපුරම කෙරෙන්නේ අලුතින්ම ඉදිකෙරෙන බෞද්ධ විහාරස්ථානයන් තුළය. එහෙත් ඓතිහාසික අතින් වැදගත් බොහෝ පැරණි විහාරස්ථාන තුළද ප්‍රමාණයෙන් විශාල බුදු පිළිම වහන්සේලා තනා ඇත. මෙම බුදු පිළිම වගන්සේලා තැනීම ලේසිපහසු දෙයක් නොවේ. සැබෑවටම එය සෑදීමට නම් මහා පොළොවේ කපන මුල්ම පස් පිඩැල්ල කැපීම පවා චාරිත්‍රානුකූලව සිදුකළ යුතුය. එමෙන්ම සුබ වේලාවන් සුබ නැකැත් අනුව ඒ සියල්ල පිළිවෙලට කළ යුතුය. නමුත් මෙසේ බුදු පිළිම වහන්සේ නමක් යම්කිසි විහාරස්ථානයක් තුළ තැනීමේදී වැදගත්ම කොටස වන්නේ ඊට නේත්‍රා තැබීමයි. එය බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන්නේ නේත්‍රා ප්‍රතිෂ්ඨාපන මංගල්‍යය යනුවෙනි. නේත්‍රා ප්‍රතිෂ්ඨාපන මංගල්‍යයන් නිතරම පාහේ දැකිය නොහැකි නිසා ඒ ගැන දන්නා පිරිසට වඩා නොදන්නා පිරිස වැඩිය.

නේත්‍රා ප්‍රතිෂ්ඨාපන මංගල්‍යය යනු විහාර කර්මාන්තයේ ඇති වැදගත්ම වූ බෞද්ධ උත්සවයකි. යම් විහාරස්ථානයක අලුතින්ම ඉදිකළ බුදු පිළිමයකට හෝ ජරාවාස වූ පැරණි බුදු පිළිමයක් පිළිසකර කිරීමෙන් පසුව එම බුදු පිළිමයකට නෙත් තැබීමේ උළෙල මෙසේ නේත්‍රා ප්‍රතිෂ්ඨාපන මංගල්‍යය ලෙස හැඳින්වෙයි. මෙම මංගල්‍යයේ එවකට ආරම්භය දෙස බැලීමේදී පෙනීයන්නේ එය දෙවිවරුන්ට නෙත් තැබීම සඳහා පිළියෙල කරගත් එක්තරා ප්‍රබල හින්දු සිරිතක් බවයි. එහෙත් පසුව බුදු පිළිම සඳහා නෙත් තැබීමටද එම චාරිත්‍රයම යොදාගෙන ඇති බව අපේ විශ්වාසයයි. නේත්‍රා තැබීමෙන් සිදුවන්නේ අදාළ පිළිමයෙන් නිරූපිත පුද්ගලයා පණ ගැන්වීමයි. එයට අනුව බුදු පිළිමවලට සහ දේව ප්‍රතිමාවලට මිනිසුන් ගරු බුහුමන් දැක්විය යුත්තේ එම නේත්‍රා මංගල්‍යය කිරීමෙන් පසුවය. ප්‍රතිමා ශිල්පියා ඇස්වහ වැනි වස් දොස්වලින් ඉවත්කර ගැනීම මෙම මංගල්‍යයේ ඇති එක්තරා අදහසකි.

නේත්‍රා ප්‍රතිෂ්ඨාපන මංගල්‍යයක් සඳහා මුලින්ම සුබ දවසක් සහ සුබ නැකතක් යොදාගත යුතුය. බුදු රජුන් බුද්ධත්වයට පත්වූ වේලාව වන අලුයම පහට ආසන්නව යෙදෙන සුබ නැකතක් මේ සඳහා යොදා ගනියි. එබඳු නැකතක් ලැබෙනාතුරු උත්සවය කල් දැමීම එක්තරා සිරිතකි. මෙම උත්සවයට පෙර දින කෝසල බිම්බ වර්ණනාවේ කවි කියමින් උත්සවයේ ආරම්භ සිදුකරනු ලැබේ. කෝසල බිම්බ වර්ණනාවේ ඇතුළත් වන්නේ බුද්ධ කාලයේ කොසොල් රජු රත් සඳුන් බුදු පිළිමයක් සාදා ඊට වැදුම් පිදුම් කළ බවට කියවෙන කතා පුවතකි. එම කවි කී පසුව ඊළඟට සිදු කරනුයේ රාත්‍රී අටට නවයට පමණ “කළස්ථාපනය” හෙවත් “කළ පිහිටුවීම” සිදුකිරීමයි. එය නේත්‍රා තබන මංගල්‍යයක සිදුකළ යුතු ප්‍රමුඛ සිරිතකි. ඉන් පසු පසු දිනයේදී පාන්දර තුනට පමණ මල්පැලක් වෙත පිදේනි දීම සිදු කරයි. බුදු පිළිමයේ නේත්‍රා සිත්තම් කිරීම සිදු කරන්නේ පාන්දර පහට පමණ ඇති නැකතටය. එම කාලය වෙනවිට සූදානම් කර තැබිය යුතු කාර්යයන් රැසකි. මුලින්ම විහාරයෙන් පිටත අට කොනේ ඉන්ද්‍ර වරුණ ආදී දිසා අධිපති දෙවිවරු වෙනුවෙන් පූජාසන අටක් ඉදිකළ යුතුය. තවද දොරකඩ දෙපස ද්වාරපාලක දෙවිවරුන් සඳහා පූජාසන දෙකක්ද දොරකඩ ඉදිරිපිට ඉඩම භාර ක්ෂේත්‍රපාල දෙවියන්ට තවත් පූජාසනයක් සහ පන්සල් ඉඩමෙන් බාහිරව බඞ්ගපාල දෙවියන්ට පූජාසනයක්ද පිළියෙල කිරීම සිරිතකි.
ඉහතින් කී “කළස්ථාපනය” හෙවත් “කළ පිහිටිවීම” සඳහා හාල්, පොල්, හකුරු සහ මුදල් දැමූ මුට්ටි අසූවක් සකස් කිරීම තවත් සිරිතකි. කළ පිහිටුවීම කරන්නේ මෙසේය. බිම හාල් අතුරා එහි ඇඟිල්ලෙන් අටමඟල අඳිනු ලැබේ.

අටමඟල යනු බෙරය, වෘෂභයා, නාගයා මෙන්ම විජිනිපත, සිංහයා, මකරා, පුරුෂ කොඩිය හා පහන යන මංගල වස්තු අට සම්බන්ධ කොට අඳිනු ලබන යන්ත්‍රයකි. අටමඟල මත පැදුරු එළා ඒ මත වී පස්වර්ගයක් තුනියට අතුරා පොල් කොළ තීරුවලින් ඒ ප්‍රදේශය අටකට බෙදනු ලැබේ. අනතුරුව එක් එක් කොටසකට කළ 40ක් වන සේ කළ කොටස් දෙකකට බෙදා ඒ මත තබනු ලැබේ. එක් කළ කොටසක් “බ්‍රහ්ම ගර්භය” නමින්ද අනෙක් කළ කොටස “විෂ්ණු ගර්භය” නමින්ද හැඳින්වෙයි. රන්, රිදී, මුතු හා නව රුවන් සහිත “බ්‍රහ්ම කළය” නමින් සලකන විශේෂ මුට්ටියක් බ්‍රහ්ම ගර්භය මධ්‍යයෙහිද “විෂ්ණු කළය” නමින් සැලකෙන සහල් සහිත මුට්ටියක් විෂ්ණු ගර්භය මධ්‍යයේද ඉන් පසුව තැන්පත් කරයි. මෙම ප්‍රධාන මුට්ටි සේරක්කාල නමින් හැඳින්වන පුවරු මත තබන බැවින් අනිකුත් මුට්ටිවලට වඩා ඉහළින් පිහිටයි. එම එක් එක් මුට්ටිය ලේන්සුවකින් වසයි. පසුව කන්‍යා නූල නම් වූ නූලක් ඒ සියලු මුට්ටි වෙත ඇද පංච වර්ණ සළුවකින් ඒ සියලු මුට්ටි වසා දමනු ලැබෙයි.

මෙම “කළස්ථාපනය” හෙවත් “කළ පිහිටිවීම” යන කාර්යය අවසානයේ විහාරය ඇතුළත ගණ දෙවියන් සඳහා ආසනයක් පිළියෙල කරයි. පසුව ඉන්ද්‍රකීලයක්ද පිළියෙල කොට එම ඉන්ද්‍රකීලය නවරත්න, රන්, සහල් ආදිය යෙදූ කළ ගෙඩියක සිටුවනු ලැබෙයි. අනතුරුව එය තබන්නේ බුදු පිළිමය ඉදිරිපිට විහාර බිමේ මුලින් සහල් මත අඳිනු ලැබූ අටමඟල මධ්‍යයේය. ඉහතින් කී සියල්ල පිළියෙල කරන්නේ ධෝතිය, සලුව, හිස්වැස්ම මෙන්ම කඩුක්කන් හා පූන නූල යන ඇඳුම් ආයිත්තම් තුළින් සැරසුණු මිනිසුන් විසින් වීම විශේෂත්වයකි. ඉන් පසුව තුන්පොට්ටිය, හැට්ටය, ලේන්සුව හා උස් ජගලත් තොප්පිය යන රතු පැහැ ඇඳුම් කට්ටලයෙන් සැරසුණු තවකෙක් කඩුවක් දරා දුම් කබලක් හා කොතලයක් ගෙන සංස්කෘත ශ්ලෝක ගායනය කරමින් සියලුම පූජාසන කරා ගොස් සුවඳ පැන් පූජා කරයි. පසුව ඔහු විහාරස්ථානය දසවරක් පැදකුනු කොට හේවිසි, බෙර සහ හොරණෑ සහිත පෙරහැරකින් පූජාසනය වෙත ගොස් පූජා පවත්වා ආපසු විහාරයට එයි. බෙර හඬින් අදහස් කරන්නේ නේත්‍රා තැබීමේ මංගල්‍යයට තිබෙන සූදානමයි. එය ඇසෙන ජනතාව එවිට විහාරස්ථානය වෙත පැමිණෙන බව විශ්වාසයයි.

මෙම නේත්‍රා ප්‍රතිෂ්ඨාපන මංගල්‍යයේ වැදගත්ම කොටස වන්නේ බුදු පිළිමයේ නේත්‍රා තැබීමයි. මෙය ඇත්තේ මුලින් කී සියලු චාරිත්‍ර වාරිත්‍ර කිරීමෙන් පසුය. එසේ කිරීමෙන් පසුව නේත්‍රා තැබීම සිදුවන්නේ පහත පරිදිය. එහිදී රටේ රජතුමා මෙන් පෙනී සිටින ප්‍රධාන ශිල්පියා තුන්පොට්ටිය හැට්ටය තොප්පිය සහ කඩුව සහිත ආභරණ සහිත රජ ඇඳුමින් සැරසී වහන්තරාව නැමැති අගනා රෙද්දකින් හිස වසාගෙන විහාරයට පැමිණෙයි. ඔහු සමඟ වහන්තරාවකින් හිස වසාගත් තව අයෙක්ද කැඩපතක් තෙලිකූරක් හා කළු සායම් ගෙන ඔහුගේ සහයට එන අතර ස්ත්‍රෝත්‍ර ගායනය සඳහාද බ්‍රාහ්මණයෙක් සේ ඇඳුම් ඇඳගත් අයෙක්ද පැමිණෙයි. පසුව විහාර දොර විවෘත කර ඔවුන් එළන ලද පියවිලි උඩින් විහාරයට ඇතුල් වෙයි. දෙවැන්නා ඉන්ද්‍රකීලය අබියස ඇති බුදු පිළිමය සමීපයට ගොස් කැඩපත ඇල්ලූ විට ප්‍රධාන ශිල්පියා නේත්‍රා තැබීම සිදුකරයි. එසේ නේත්‍රා තබන විට දෙවැන්නා මෙන්ම බ්‍රාහ්මණයා එකතුව මන්ත්‍ර ජප කරයි. මෙහිදී මෙම කැඩපත අල්ලන්නේ බුදු පිළිමයේ බැල්ම ලබාගැනීම සඳහාය. එහි අරමුණ බුදු පිළිමයේ සහ ශිල්පියාගේ ඇස්වහ දොස් හා වස් දොස් දුරු කිරීමයි.

නේත්‍රා තැබීම අවසානයේ ප්‍රධාන ශිල්පියා ඇස් වැහෙන සේ වහන්තරාව ඇඳ ගන්නා අතර පසුව ඔහු කලින් පිළියෙල කළ දිය බඳුනක් වෙත කැඳවාගෙන යෑම සිදුවෙයි. එහිදී අෂ්ටක කියමින් එම ශිල්පියා හිස දොවා ගනියි. මෙම අෂ්ටක හෙවත් ස්ත්‍රෝත්‍ර මඟින් කෙරෙන්නේ ගංගා, යමුනා, ගෝදාවරී, සරස්වතී, නර්මදා, සින්ධු හා කාවේරි යන ශුද්ධ වූ සප්ත ගංගා ජලයෙන් උත්සවය පවිත්‍ර කිරීමට කරන ඉල්ලීමකි. පසුව එසේ අෂ්ටක කියා අවසනදී කඩුවෙන් දිය කපා පසුව බඳුන බිඳිනු ලැබේ. ඉන් අනතුරුව විහාරයේ දොරවල් විවෘත කරවා ප්‍රධාන ශිල්පිය ප්‍රධාන විහාර දොරටුව වෙතට පැමිණිය යුතු අතර එහිදී ඔහුට තෑගි ප්‍රදානයක් සිදු කරයි. පසුව ඔහු තෑගි ශිෂ්‍යයෙකුට දී දිය මතුරා සිටින පිරිසට ඉසිනු ලැබේ. එම පුද පූජා හා චාරිත්‍ර අවසන් වූ පසුව බුදු පිළිම වහන්සේ ඉදිරිපිට ඇති තිරය ඉවත් කර එය බෞද්ධ ජනතාව වෙත විවෘත කරයි. බෞද්ධ බුදු පිළිමයක නේත්‍රා තැබෙන්නේ එසේය. නමුත් මෙම චාරිත්‍රවල ප්‍රාදේශීය වෙනස්කම් තිබේ. එම නිසා මෙදා ප්‍රදේශයෙන් ප්‍රදේශයට මෙම නේත්‍රා තැබීමේ බෞද්ධ මංගල්‍යයේ වෙනස්කම් පවතියි.
රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

UBER ශ්‍රී ලංකාවට පැය 24 පුරා ක්‍රියාත්මක සහය සේවාවක් හඳුන්වා දෙයි

Next Post

ලක්ෂ 220ක් කලුවරේ තිබ්බේ එක්කෙනෙක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.