ලක්ෂ 220ක ජනතාවක් කලුවරේ තබමින් පසුගියදා රටේම සිදුවූ විදුලි බිදවැටීමට හේතුව එක් පුද්ගලයකුගේ අත්වැරදීමක් බව මේ වනවිට අනාවරණ වී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි (සම්ප්‍රේෂණ) ආචාර්ය සුසන්ත පෙරේරා මහතා පැවසුවේ කෙරවලපිටිය ප්‍රධාන විදුලි උපපොළේ නඩත්තු කටයුත්තක දී විදුලි අධිකාරිවරයෙකුගෙන් සිදුවූ අත්වැරදීමක් හේතුවෙන් මුළු දිවයිනටම විදුලිය විසන්ධි වූ බවකි.
“මෙ සිද්ධිය ආරම්භ වෙලා තියෙන්නේ කෙරවලපිටිය ග්‍රිඩ් උපපොළේ නඩත්තු කටයුත්තක් කිරීමේ දී, ඒ නඩත්තු කටයුත්ත සැහෙන දුරට නිම කරලා. අවසාන කොටස නිම කිරීමේ දී එය බාරව හිටපු විදුලි අධිකාරි මහත්මයාගේ අතින් අත්වැරැද්දක් වෙලා තියෙනවා. ඒ අත්වැරැද්ද හේතුවන්. අපි ඒකට කියනවා “අර්ත්“ වෙනවා කියලා. “අර්ත්“ වීම නිසා ෂෝට් එකක් ඇතිවෙලා. ඒ දෝෂය නිසා හටගත්තු ප්‍රතිඵයක් ලෙස අවසානයේ දී නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරය ඒ වෙන විට ක්‍රියාකරමින් තිබූ විදුලි ජනන යන්ත්‍ර තුන විසන්ධිවෙලා තියෙනවා. තුනම එකපාර නෙමෙයි යම් කාලයත් තුළ පද්ධතියෙන් විසන්දි වෙලා තියෙනවා.“ යනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරයා පැවසීය.
මේ අතර පසුගිය දා සිදුවූ හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් රුපියල් කෝටි 100ක පමණ අලාභයක් ආර්ථිකයට සිදුව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් පැවසීය.










