• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

දිගු කලක් රට පාලනයේ රාජකීය රහස්

November 1, 2019
in Mahawanshaya
Reading Time: 4 mins read
A A
සිවුහෙලේ අන්තිම රජ්ජුරුවෝ
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව යනු ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන රටකි. ලිඛිත සාක්ෂ්‍ය හා පුරාවිද්‍යාත්මක සමස්ත සාධක ගෙනහැර බැලීමේදී ලොවේ අන් රටවලට වඩා අභිමානවත් රටක් වශයෙන් ඇගයීම් කළ හැකිය. මෙහි ජනාවාස ආරම්භ වූයේ කෙදිනකදැයි නිශ්චිතව සඳහන් කළ නොහැකිය. ආර්ය ජනාවාස පිහිටුවාගැනීමේ සිදුවීම ක්‍රිස්තු පූර්ව 6 වැනි සියවස තෙක් ඈතට විහිදගියද මෙහි මනුෂ්‍ය ජනාවාස ආරම්භ වූයේ ඊට බොහෝ ඈත සිට බව හඳුනාගැනීම අපහසු වන්නේ නැත. බළංගොඩ ආදි මානවයා ගැන නිරන්තරයෙන් කතා කරන අතර එවැනි අතීත මානවයන් ජීවත් වූ තවත් තැන් කිහිපයක් ද මේ වන විට සොයාගෙන ඇත.
මෙහි මිනිස් කොට්ඨාසයක් ජීවත් වීම ආරම්භ කළේ කවදාද එතැන් පටන් ඔවුන්ගේ අවශ්‍යතා සඳහාද ප්‍රමුඛ ලෙසින් සිතා කටයුතු කළ බව කිවයුතුම නොවේ. ආහාර, ඉඳුම් හිටුම්, ප්‍රජනනය, සෞඛ්‍ය හා ආරක්ෂාව ආදී අවශ්‍යතා ඔවුන් කෙසේ හෝ ඉටු කරගන්නට ඇත. සාධක රහිත ඉතිහාසයෙන් එකී දෑ සොයනවාට වඩා සාධක හමුවන අවස්ථා පිඬුකර ගැනීම, එකතු කරගැනීම අතිශයින් වැදගත්කමක් උසුලයි.

විජය තම සහචරයන් සමග මෙහි ජනාවාස පිහිටුවාගැනීමෙන් පසු මෙහි පාලනයද සියතට ගත්තේය. ඊට පෙර මෙහි ජීවත් වූ ස්වදේශිකයන් සමූල ඝාතනය කළ ඔහු කුවේණියගේ සහයෝගයෙන් මෙසේ තමා යටතට බලය ලබා ගත්තේය. කුවේණියට පිටුපෑ ඔහු භාරතයෙන් කුල කුමරියක ගෙන්වා ගෙන විවාහ කටයුතු සිදු කරගත් අතර සමස්ත ලංකාවේ පාලනය ඉතා සාර්ථකව සිදු කරගෙන ගියේය. ඔහුගෙන් පසු උපතිස්ස, පණ්ඩුවාසදේව ආදීන් මෙරට පාලනය කළද ඔවුන්ගේ පාලන තන්ත්‍රයේ ස්වභාවය පිළිබඳ නිශ්චිත සාධක හමු නොවේ.

රාජ්‍ය පාලනය අපට උරුම වූයේ භාරතීය දේශපාලනයේ අනුහසින් බව කිවහැකිය. එපමණකුදු නොව සංස්කෘතික වශයෙන් බොහෝ දෑ අපට දායාද වූයේ භාරතයෙනි. කෙසේ නමුත් අපටම අනන්‍ය පාලන තන්ත්‍රයක් මෙහි පවත්වාගෙන යාමට අපේ රාජ්‍ය පාලකයන්ට හැකියාව ලැබිණි. එසේ පාලනය කිරීමේදී අද මෙන් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ පිළිබිඹු වූයේ නැත. රාජ්‍ය පාලනය උරුමවූ පරම්පරාවක් වෙනම සිටියේය. රාජ්‍ය වංශයක තැනැත්තකු හැරුණු විට වෙනකකුට පාලන බලය ලබාගැනීම ඉතා අසීරු විය. රාජ්‍ය පාලනයේදී බල ලෝභීත්වය නිසා ඔවුන් අතර පවා අවිශ්වාසය මත විවිධ කුමන්ත්‍රණ, මිනීමැරුම් ආදිය සිදුව ඇත. එසේ තිබියදීත් මෙරට පාලනය කළ රජවරුන් කිහිප දෙනෙක් බොහෝ කාලයක් මෙරට පාලනයේ නියුක්තව සිට ඇත. එවන් කිහිපදෙනෙක් පිළිබඳ මෙහිදී කෙටියෙන් විමසා බැලේ.

පණ්ඩුකාභය රජතුමා

අනුරාධපුර යුගයේ මුලින්ම රාජ්‍යත්වයට පත්වන්නේ මෙතුමාය. වර්ෂ 70ක් තරම් ඉතා දීර්ඝ කාලයක් මෙරට පාලනය කළ මෙතුමා දේශපාලන වශයෙන් පමණක් නොව ආගමික, සමාජීය, කෘෂිකාර්මික ආදී අංශ දියුණු කිරීම සඳහා වෙහෙසගත් අයකු ලෙසින් නම් කළ හැකිය. මොහුගේ මවුපියන් ලෙසින් සැලකෙන්නේ උන්මාද චිත්‍රාව හා දීඝගාමිණී කුමාරයාය. ඔවුහු ක්ෂත්‍රිය වංශිකයෝය. එසේම බුදුරදුන්ගේ ඥාති පරපුරෙන් පැවත එන්නෝය. පණ්ඩුකාභය ළමා කාලයේදී ඉතා බිහිසුණු අද්දැකීම් ලැබුවේය. ඒ තමාගේ මාමාවරුන්ගේ මැර ක්‍රියා හමුවේදීය. අනුරාධපුර නගරය සියලු අංශවලින් සමන්විත නගරයක් කිරීම, ග්‍රාමසීමා ලකුණු කිරීම, බසවක්කුලම, අභය ආදී වැව් ගොඩනැංවීම, සියලු ආගම්වලට එකසේ සැලකීම ආදී දෑ සිදුව ඇත.

මුටසීව රජතුමා

මෙතුමා පණ්ඩුකාභය රජුගේ පුතණුවන්ය. ඔහුට පුතුන් නවදෙනකු සිටි බව ඉතිහාසගත තොරතුරුවලින් පෙනේ. දීපවංසයේ එය 10ක් කොට දක්වයි. ඔහු වර්ෂ හැටක් තරම් අතිදීර්ඝ කාලයක් මෙරට පාලනය කරයි. තම පියාණන් අනුකරණය කරමින් රටවැසියන්ගේ අවශ්‍යතා ඉටු කළ මුටසීව රජු කළ වැදගත්ම නිර්මාණය වන්නේ අනුරාධපුර මහමෙවුනා උයනයි. පසුකාලීනව මහින්ද මහරහතන් වහන්සේ මෙරටට බුදුදහම හඳුන්වාදීමෙන් පසු ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් මෙහි වැඩම කරවා ගෙන එය රෝපණය කළේ ද මහමෙවුනා උයනේය. මහාවිහාර සීමා ලකුණු කිරීමේදී මහමෙවුනා උයන සඟසතු කොට බුදුසසුනට පුදා ඇත.

මායාදුන්නේ රජතුමා

සීතාවක රාජධානියේ රජ බවට පත් වූ මෙතුමා වර්ෂ 60ක් තරම් දීර්ඝ කාලයක් පාලන තන්ත්‍රයේ නියුක්ත විය. ඔහුගේ පියා වූයේ කෝට්ටේ රාජධානිය පාලනය කළ හත්වැනි විජයබාහු රජුය. ඔහුගේ සහෝදරයන් වූයේ බුවනෙකබාහු හා පරරාජසිංහයි. බුවනෙකබා රජු තම පියාගෙන් පසු කෝට්ටේ රාජ්‍යත්වයට පත්වූ අතර මායාදුන්නේ කුමරු සීතාවක ප්‍රදේශය පාලනය කළේය. වර්තමානයේ අවිස්සාවේල්ල ප්‍රදේශය එකල සීතාවක නමින් හැඳින්විය. පරරාජසිංහද රයිගම් කෝරලේ පාලනය කළේය. මේ කාලයේදී සිදුවූ වැදගත්ම සිදුවීම වන්නේ පෘතුගීසීන් මෙරටට පැමිණීමයි. එසේ පැමිණීමෙන් මෙහි දේශපාලනය ආදී සෑම අංශයකටම බලපෑම තදින්ම දැනිණි. හත්වැනි බුවනෙකබාහු රජු පරංගීන්ට හිතවත්ව කටයුතු කිරීම නිසා මායාදුන්නේ කුමරු අවස්ථා කිහිපයකදී කෝට්ටේ රාජධානියට එරෙහිව යුද වැදුණේය. පරංගීන්ගෙන් උපකාර ලබා ඒ අවස්ථාවලට සාර්ථකව මුහුණ දීමට බුවනෙකබාහුට හැකිවිය. කෙසේ නමුත් උපක්‍රමශීලී රජකු ලෙසින් ඇගයීමට හසුවන මායාදුන්නේ මෙරට රජ වූ ප්‍රෞඪ පාලකයකු වේ.

පළමුවැනි විජයබාහු රජතුමා

පොළොන්නරුව පාලන මධ්‍යස්ථානය වශයෙන් තබාගනිමින් රජ වූ විජයබාහු රජතුමා කුඩා කාලයේදී හැඳින්වූයේ කිත්ති කුමාරයා වශයෙනි. මොහු රුහුණු ප්‍රදේශය ළමා කාලය ගතකරද්දී රජරට අයත්ව තිබුණේ චෝල පාලනයටයි. ලංකාවේ චෝල බලය පරාජය කොට මෙතුමා සංවිධානාත්මකව බලය ලබාගත්තේය. ඒ ක්‍රිස්තු වර්ෂ 1055දීය. එතැන් පටන් 1110 දක්වා වර්ෂ 55ක් පුරා රාජ්‍ය පාලනය කළ මෙතුමා අතින් විශේෂයෙන් සිදු වූ කර්තව්‍ය වන්නේ චෝලයන් විනාශ කළ වෙහෙර විහාර, වාරි කර්මාන්තය ආදිය නඟාසිටුවීමයි. මානවහිතවාදී පාලකයකු වශයෙන් ඇගයුම් කළ ඔහු රට ජාතිය වෙනුවෙන් අත්‍යුදාර සේවයක් කළ අයකු ලෙසින් නම් කිරීම වරදක් නොවේ.

සයවැනි පරාක්‍රමබාහු රජතුමා

පරාක්‍රමබාහු රජු කෝට්ටේ රාජධානිය කරගත් ශ්‍රේෂ්ඨ රජතුමා වශයෙන් සම්භාවනාවට ලක්වේ. කෝට්ටේ යුගයේදී දියුණු ජාතික, ආගමික, ආධ්‍යාපනික, සාහිත්‍ය සේවයක් සිදුවූයේ නම් ඊට මූලිකත්වය ගත්තේ මෙතුමාය. ඔහුගේ පියා-මව වූයේ සයවැනි විජයබාහු සහ සුනේත්‍රාදේවියයි. වර්ෂ 55ක් තරම් ඉතා දීර්ඝ කාලයක් කෝට්ටේ රාජධානිය කේන්ද්‍ර කරගෙන රට පාලනය කළ අතර මේ කාලයේදී රට සියලු අංශවලින් සමෘද්ධත්වය ලබා තිබිණි.

එළාර රජතුමා

අර්ධ ශතවර්ෂයකට ආසන්න කාලයක් මෙරට පාලනය කළ විදේශීය පාලකයකු වේ නම් ඒ එළාර රජතුමාය. ඔහු වර්ෂ 44ක් තරම් දීර්ඝ කාලයක් මෙරට පාලනය ගෙන ගියේය. සත්‍යවාදී පුද්ගලයකු වූ ඔහු අවනීතිය බැහැර කළේය. සියලුදෙනාට සාධාරණත්වය සලසා දුන්නේය. තම පුතණුවන්ගෙන් සිදුවූ වරදකට ඔහු ඝාතනය කළේය. ද්‍රවිඩ රජකු වුවත් බෞද්ධ පාලන මූලධර්ම අනුගමනය කරමින් ඉතා දැහැමි පාලනයක් ගෙන ගියේය. ඔහුගෙන් කෙතරම් ශ්‍රේෂ්ඨ මෙහෙවරක් සිදු වූවත් ඔහුගේ ඇමැතිවරුන්ගේ ක්‍රියාකාරකම් හමුවේ සාමාන්‍ය ජනයා වෙහෙසට පත්වූහ. දුටුගැමුණු රජුගේ යුද සේනාවේ සිටි නන්දමිත්‍රගේ පියාද එළාර රජුගේ සෙනෙවියෙකි. දීඝජන්තු නමින් හැඳින්වෙන එළාර රජුගේ සෙනෙවියා ශ්‍රී පාදය නිතර කරුණා කළ අයකු ලෙසින් ඇගයේ.

වසභ රජතුමා

ලංකා ඉතිහාසයේ දොරටුපාලකයකු රජවූ පුවත ඉතා හොඳින් දන්නා ජනප්‍රිය එකකි. ඒ සුභරාජයි. අනුරාධපුර යුගයයි. ඔහුගේ වර්ෂ 6ක පාලනයෙන් පසු රාජ්‍යත්වයට පත්වන්නේ වසභ රජතුමාය. ඔහු ලම්භකර්ණ වංශයේ ආරම්භකයාය. වර්ෂ 44ක් තරම් දීර්ඝ කාලයක් රාජ්‍ය පාලනය කළ අතර කෘෂි කර්මාන්තය නඟාසිටුවීම පිණිස විශාල කාර්යභාරයක් ඉටු කළේය. බලය බෙදා හැරීම මගින් පාලන කටයුතුවල ක්‍රමවත්භාවයක් ඇති කළ වසභ හමුදාවේ උසස් නිලධාරීන්ටත්, ඇමැතිවරුන්ටත්, තම පුතුන්ටත් පාලන කටයුතු භාර දුන්නේය. එය ඉතා සාර්ථක අයුරින් සිදුවූ බව ලංකාව පුරා පිහිටු වූ ශිලාලේඛන සාක්ෂි දරයි. යාපනය ප්‍රදේශය මෙකල භාරදී තිබුණේ ඉසිගිරි නම් වූ තැනැත්තකුටය. ‘උතර’ නම් වූ ඔහුගේ පුතණුවන්ද ‘දුටග’ නම් වූ තවත් පුතණුවන්ද ප්‍රාදේශීය පාලනය ගෙනගිය ආකාරය ශිලාලේඛනවලින් හෙළිවේ. ඔහුගෙන් ආරම්භ වූ ලම්භකර්ණ රාජ්‍ය වංශය ශතවර්ෂ 3කට අධික කාලයක් මෙහි පැවැත්තේය.

මීට අමතරව දේවානම්පියතිස්ස, මහසෙන්, සිරිමේඝවර්ණ, බුද්ධදාස, පළමු උපතිස්ස, පළමු අග්ගබෝධි, මානවම්ම, සිලාමේඝ, 1 පරාක්‍රමබාහු, 2 පරාක්‍රමබාහු, සෙනරත්, වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ ආදී රජවරුන් දශක 3කට වඩා මෙරට පාලනය කළ රජවරුන් අතරින් කිහිපදෙනෙකි. මේ සියලු රජවරුන් මෙතරම් දීර්ඝ කාලයක් පාලනය කිරීම සඳහා හැකියාව උදාවී ඇත්තේ පාලන තන්ත්‍රයේදී දැක්වූ සුවිශේෂ සාමර්ථය නිසාය. දේශපාලනික වශයෙන් හා සියලු අංශ කෙරෙහිම දක්වා ඇති දක්ෂතාව නිසා ඔවුනට බාධාවකින් තොරව රාජ්‍ය විචාරන්නට හැකියාව ලැබෙන්නට ඇත.
පදියතලාවේ ඥාණවිමල හිමි

SendShareShare
Previous Post

විශ්මිත බලයක් ඇති කැකිරි

Next Post

ක්ලීන්ටෙක් ඉලෙක්ට්‍රොනික කසළ කළමනාකරණයට කැපවෙයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.