21 වැනි සියවස ඔස්සේ ඉදිරියටම ගමන් කරන නූතන ලෝකයේ නවීණ තාක්‍ෂණික ඉලෙක්ට්‍රොනික මෙවලම් භාවිත කිරීම දවසින් දවස බහුල වශයෙන් සිදුවේ. කාලයත් සමඟ එම මෙවලම්වල ආයු කාලය දවසින් දවස අඩුවීම නිසා ඒවා ඉවතලන ද්‍රව්‍ය වශයෙන් බැහැර කිරීමට නිරන්තරව සිදුවීම මේ වන විට ශ්‍රී ලංකාව තුළ විශාල පාරිසරික ගැටලුවක් බවට පත්ව තිබේ. ජංගම දුරකතන, පරිගණක, මුළුතැන්ගෙයි උපකරණ සහ ගෘහ විදුලි උපකරණ වැනි නිෂ්පාදන වර්තමාන ජන ජීවිතයේ නැතුවම බැරි තත්ත්වයට පත්ව ඇති අතර ඒවායේ ආයු කාලය නිමාවී අපද්‍රව්‍ය ලෙස බාහිර පරිසරයට මුදාහැරීමෙන් ජල දූෂණය, වායු දූෂණය, පාංශු දූෂණය ඇතුළු මහජන සෞඛ්‍යයට තර්ජනයක් වන පාරිසරික ප්‍රශ්න ඇතිකරමින් ජන ජීවිතය විශාල අවදානමකට ලක්කර ඇත.
මේ සඳහා ප්‍රායෝගික විසඳුම් ලබාදීමට දිවයිනේ ප්‍රධාන ව්‍යාපාර ජාලයක් වන අබාන්ස් සමූහ ව්‍යාපාරයේ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපාරය වන ක්ලීන්ටෙක් සමාගම සුවිශේෂී මෙහෙවරක නියැළෙමින් සිටියි. මෙහිදී ඉවතලන ඉලෙක්ට්‍රොනික කැළකසළ වෙන්කර ගැනීමට ඔවුන් කටයුතු කරනු ලබයි. ඒ අන්දමින් වෙන්කර ගන්නා කොටස් වැඩිදුර ප්‍රතිචක්‍රීකරණය සඳහා ජපානය සහ බෙල්ජියම වැනි රටවලට අපනයනය කරනු ලබන අතර එහිදී ඒවායේ ඇති වටිනා වානේ කොටස් නිස්සාරණය කරගනු ලබයි. මෙහිදී ඔවුන් වැඩි දුරටත් පවසා සිටින්නේ පාරිභෝගිකයන්ගේ පෞද්ගලිකත්වය සහ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා ජංගම දුරකථන වැනි නිෂ්පාදනවල ඇති පෞද්ගලික දත්ත යනාදිය පිටස්තර අයකුට ආපසු ලබාගැනීමට නොහැකි වන ලෙස විනාශ කරන බවයි.