• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ජීවිත අනූනව ලක්‍ෂයක් බිලිගත් වසර හතරක අඳුරු මතකය

December 5, 2020
in Mahawanshaya
Reading Time: 4 mins read
A A
ජීවිත අනූනව ලක්‍ෂයක් බිලිගත් වසර හතරක අඳුරු මතකය
Share on WhatsAppShare on Facebook

මේ ගෙවෙන මොහොතෙත් ලෝකය පුරාම මිනිස් ජීවිත අනතුරට පත්වෙමින් තිබේ. දිනෙන් දින ලැයිස්තු ගතවෙන මරණ සංඛ්‍යාව අතිවිශාලය. ඒ කොරෝනා වසංගතය දිනෙන් දින බරපතළ තත්ත්වයට පත්වෙමින් ශීඝ්‍රයෙන් මිනිස් සමාජය අතර පැතිරයෑමේ ප්‍රතිඵලයක් වශයෙන්. චීනයෙන් ඇරැඹි කොරෝනා වසංගතයට වසරකුත් මාස කිහිපයක් ගතවී ඇති මේ මොහොත වන විට ඊට බිලිවූ ජීවිත ගණන මිලියන ගණනින් ඉහළ යමින් පවතී. මේ තත්ත්වයට තවමත් නිසි ඖෂධයක් හෝ එන්නතක් සොයාගෙන නොමැති නිසාම කවදා කෙලෙස කොතරම් ජීවිත ප්‍රමාණයක් බිලිගෙන මෙය නතරවේදැයි කිසිවකුත් දන්නේද නැත.

ලෝකය පුරා මෙලෙසින් මිනිස් ජීවිත විශාල වශයෙන් බිලිගත් ව්‍යසන අතීත මතක සටහන් අවුස්සා බලද්දී අනන්තවත් හමුවෙයි. ඒ අතරින් ස්වාභාවික ව්‍යසන මෙන්ම මිනිසා විසින්ම මිනිස් ජීවිත විනාශයට ලක්කළ අවස්ථාද හමුවේ. ඒ ආකාරයෙන් ජීවිත 9,906,000ක් මරු තුරුලට යවමින් 21,219,000කට තුවාල සිදුකරමින් 7,750,000ක් අතුරුදන් කරමින් සිදුවූ පළමු ලෝක සංග්‍රාමය ඉතිහාසයේ හමුවන මහා ඛේදවාචකයකි. එයින් ලෝකයම සලිතව ඇති අතර එවකට මරණ බියත්, අවිනිශ්චිත තාවයත් සිතට නොදැනුණු ජීවියකු සිට නැතැයි පැවසේ.

1914 ජූලි 28 වැනිදා මෙම මහා ව්‍යසනය ඇරඹුණු අතර එය අවසන් වූයේ 1918 නොවැම්බර් 11 වැනිදාය. කෙසේ නමුත් ලෝකයේ ප්‍රබල අධිරාජ්‍ය හතරක් මේ යුද්ධයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් ලෙස කටයුතු කළේය. එනම් ඔස්ට්‍රෝ හංගේරියානු අධිරාජ්‍ය, ජර්මනිය, ඔටෝමන් අධිරාජ්‍ය, රුසියාව එම පාර්ශ්වකරුවන්ය. මේ මහා විනාශයේ මුල්ම වෙඩිල්ල පත්තු කරන්නට හේතුපාදක වූයේ 1914 ජුනි 28 වැනිදා ගුවිරිලෝ ප්‍රින්සිප් නමැති බොස්නියන් ශිෂ්‍යයකු ඝාතනය කිරීමයි.

ප්‍රින්සිප් බොස්නියා තරුණ සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස කටයුතු කරමින් සිටි තරුණයෙකි. ඔහුගේ ඝාතනය දේශපාලන හේතුකාරණා මුල්කරගෙන සිදුවූවාක් යැයි පැහැදිලිව පෙනෙන්නට තිබිණි. මේ හේතුවත් සමඟින් ඔස්ටි්‍රයා හංගේරියා අධිරාජ්‍යවාදීහු බොහෝ කලබලයට පත්වූහ. ඝාතනයේ වරදකරුවන් වහා නීතිය ඉදිරියට පමුණුවන්නට ඔවුන්ට අවශ්‍ය විය. ඒ සඳහා ඔවුහු දැඩි ලෙස ඉල්ලීම් කළද ඒ කිසිවකින් ප්‍රතිඵලයක් නොවුණි. අදාළ පාර්ශ්වවලින් ඊට නිසි ප්‍රතිචාරයක්ද නොලැබිණි.

ඔස්ටි්‍රයා සහ හංගේරියා අධිරාජ්‍යවාදීන්ගේ ඉල්ලීමට සති තුනක් ගෙවී ගියේද කිසිදු ප්‍රතිචාරයක් නොමැතිවය. එසේ හෙයින් තවදුරටත් නිහඬව සිටීමට නොකැමැති වූ ඔස්ටි්‍රයා හංගේරියා බලධාරීහු විමර්ශන කටයුතු ආරම්භ කළ අතර ඝාතනයේ වගකීම සර්බියාවට පැවරිණි.


ඒ අනුව ජූලි මස 23දා පළමු ලෝක සංග්‍රාමයේ ප්‍රථම ප්‍රහාරය එල්ලවූ නමුත්, ප්‍රථම ලෝක සංග්‍රාමයේ ආරම්භය ලෙස අදද පිළිගැනෙන්නේ ප්‍රින්සිප් ඝාතනය කෙරුණු දිනයයි. ඒ අනුව ජූලි මස 31දා රුසියාවද අගෝස්තු 03දා බෙල්ජියමද යුද්ධයට සම්බන්ධතාවය දක්වා ඇත. ජර්මනිය ප්‍රංශයට විරුද්ධවද යුද ප්‍රකාශ කළ අතර, බෙල්ජියම ජර්මනිය යටතට පවරා ගැනීමට හැකි විය. මේ අතරේ යුද්ධයට ප්‍රබල දායකත්වයක් දෙමින් බි්‍රතාන්‍යයද ඊට සම්බන්ධ විය. බි්‍රතාන්‍ය ගොඩබිම සටන්වලින් ඈත්වෙමින් නාවුක යුද්ධයකට මුලපිරුවේය. ඒ අනුව උපරිම නාවුක බලයක් යොදමින් යුද ජයග්‍රහණ ලබා ගැනීමට කටයුතු කළ බි්‍රතාන්‍යයන් යුදමය කටයුතුවලින් සිවිල් ජනතාවට අවම හිරිහැරයක් වන ලෙස සිය මෙහෙයුම් දියත් කිරීමට උනන්දු විය.

යුද්ධයේදී එක් එක් රටවල තිබූ යුද සහ නාවුක බලය විවිධාකාර විය. ජර්මනිය, ප්‍රංශය සහ රුසියාව යුද උපක්‍රම අතින් ඉදිරියෙන්ම සිටියේය. එම උපක්‍රම භාවිතයන්, අනෙක් පාර්ශ්වයන් එම උපක්‍රමවලට ප්‍රතිචාර දැක්වීමට යෑමත් නිසා ගැටුම්කාරී තත්ත්වය වර්ධනය විය. එසේම මෙම යුද්ධයේ ආදීනව ගැන ඉතා දූරදර්ශීව සිතාබැලූ නායකයන් අතර එවක බි්‍රතාන්‍යයේ රාජ්‍ය නායකයාව සිටි වුඞ්රෝ විල්සන් කියා සිටියේ මෙම මහා යුද්ධය වහා නතර කළ යුතු බවත්, එසේ නොකළහොත් මහා විනාශයක් සිදුවිය හැකි බවත්ය.

එහෙත් එවැනි සාධාරණ ඉල්ලීම් සියල්ල පසුපසට තල්ලු වී යමින් යුද්ධය ඉදිරියට ඇදී ගියේය. එහෙයින් එක්සත් ජාතීන්ගේ සංගමය පිහිටුවා ඒ මගින් තිරසාර සාමයකට මාර්ගයක් පාදාගත හැකි වෙතැයි ඔහු කල්පනා කළේය. මේ අතර රුසියාවේ වී.අයි. ලෙනින් දැරුවේ වෙනමම අදහසකි. ඔහු ප්‍රකාශ කළේ යුද්ධය ඇතිවූයේ ආර්ථික විෂමතා හේතුකරගෙන බවයි. එනිසා ඒවාට විසඳුම් ලබාදීමෙන් යුද්ධය නතර කළ හැකි බවට ඔහු විශ්වාස කළේය.
යුද්ධයේ උච්චතම අවස්ථාවට මඟපාදමින් සර්බියන් හමුදා ඔස්ටි්‍රයානු හමුදාවට එරෙහිව අගෝස්තු 12 වැනිදා තීරණාත්මක සටනකට අවතීර්ණ විය. එම සටන සති තුනක් පුරා පැවැති අතර එයින් ඔස්ටි්‍රයානු හමුදාවට විශාල පරාජයක් අත්විය.


මේ කාලයේ විවිධ රටවල් යුද්ධයට සම්බන්ධ වූ හෙයින් තාක්ෂණයද ප්‍රබල ලෙස යුද්ධයට දායක වන්නට පටන් ගත්තේය. නවීන ආයුධ හා උපක්‍රම යොදා ගැනීමට දෙපාර්ශ්වයම උනන්දු වූ බවද පෙනෙන්නට තිබේ. ‘මැෂින් තුවක්කුව’ ප්‍රථම වරට හඳුන්වා දෙනු ලැබුවේද ප්‍රථම ලෝක යුද්ධයටය. ඒ අනුව එවකට එක උණ්ඩය බැගින් පිටවන අවි වෙනුවට උණ්ඩ වැලක් පිට කිරීමට මෙම මැෂින් තුවක්කුවට හැකිවිය.

යුද්ධයේ මානුෂීය මුහුණුවර වෙනස් කරමින් 1915 දී විෂ වායු යොදා ගැනීමට ජර්මනිය කටයුතු කළේය. මෙම විෂ වායුවලින් යුද්ධය දිනාගත නොහැකි වුවද ඉන් සෙබළුන්ට හුස්ම ගැනීම අපහසු කළේය. මෙම පළමු ලෝක යුද්ධයේදී භාවිතා කළ අමානුෂීය උපක්‍රමයක් ලෙසද සැලකේ. එසේම සතුරු හමුදාවක් ඉදිරියට නොබියව යා හැකි යුද ටැංකි නිර්මාණය කිරීමටද ජර්මනියට හැකියාව ලැබිණි. 1915 අප්‍රේල් මාසයේ ජර්මනිය තවත් පියවරකට යමින් ක්ලෝරින් වායුවද එල්ල කළේය. ඒ අනුව කිලෝමීටර් 4ක භූමියක් පුරා ක්ලෝරීන් වායුව විසුරුවා හැරිණි. එයින් කැනේඩියානු සෙබළු 5000ක් පමණ මරණයට පත්වූ බව වාර්තා වේ.

1916 ජූලි 01 දා පළමුවන ලෝක යුද ඉතිහාසයේ අතිශය ඛේදනීය දිනයක් ලෙස ඉතිහාස පොත්වල සඳහන්ව ඇත. එදින බි්‍රතාන්‍ය හමුදාවල 19,240ක් මියගිය අතර, 57,470ක් සෙබළුන් තුවාල ලැබීය.

1916 – 1917 කාලය වන විට ජර්මනිය යුද ජයග්‍රහණ කිහිපයක්ම අත්පත් කරගෙන තිබිණි. ප්‍රංශ සහ බි්‍රතාන්‍ය හමුදාවලට බුද්ධි තොරතුරු ලැබීම වළක්වන්නටත් ජර්මානුවන් සූක්ෂ්ම ලෙස කටයුතු කර තිබූ බවද පැහැදිලි විය. එසේ වුවත් ජර්මනියට නාවුක බලය අතින් තිබුණේ අඩු ශක්තියකි. මන්ද ප්‍රථම නාවුක සංග්‍රාමයේදී ජර්මනියට විශාල නැව් දෙකක් අහිමි වූ අතර සැහැල්ලු යාත්‍රා දෙකක් සහ ප්‍රවාහන යාත්‍රා දෙකක්ද මුහුදුබත්ව තිබිණි.



තම නාවුක බලය බිඳහෙළීමට ප්‍රතිචාර ලෙස ජර්මනිය බි්‍රතාන්‍ය රාජකීය හමුදාවල ප්‍රධාන සැපයුම් මාර්ග අවහිර කිරීමට පියවර ගත්තේය. ඊට අමතරව සබ්මැරීන තාක්ෂණය භාවිතා කළ ජර්මනිය සබ්මැරීන යොදාගෙන බි්‍රතාන්‍ය නාවුක යාත්‍රාවලට පහරදීමටද සැලැසුම් කළේය.

1917 දී බැලුනයක ආධාරයෙන් ගුවනින් ගමන්ගත් පිරිස් සතුරු බලසේනා ස්ථානගත වී ඇති අයුරු නිරීක්ෂණය කර ඒ අනුව කාලතුවක්කු ප්‍රහාර එල්ල කළේය. මෙය එවකට භාවිතා කළ ප්‍රබලතම උපක්‍රමයකි.

තත්ත්වය දිනෙන් දින දරුණු වෙද්දී මෙම ව්‍යසනය නතර කිරීමට සාම ගිවිසුමක අවශ්‍යතාවය තදින්ම දැනෙන්නට විය. එහෙත් එවැන්නකට අස්සන් කිරීමට ජර්මනිය එකවර එකඟ වූයේ නැත. එනිසා ජර්මනිය එයට අස්සන් තබනතුරු ජර්මනියට ආහාර ලැබෙන සියලු මාර්ග අවහිරව තැබීමට අනෙක් පාර්ශ්ව කටයුතු කළහ.

අවසානයේ සාමයට කැමැති අයගේ දැඩි පරිශ්‍රමය මත යුද්ධය අවසන් වුවද එයට මැදිහත් වූ රටවල ජන ජීවිත තදින්ම පිරිහී තිබිණි. එවැනි රටවල ජනයාගේ මානසික ආතතියන් දිගු කාලයක් තිස්සේ පහව නොගිය අතර පළමු ලෝක යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස සමහර රටවල දේශසීමා වෙනස් විය. ඇතැම් රටවල් අධිරාජ්‍යයෙන් මිදී නිදහස් නිවහල් රටවල් බවට පත්විය.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

මෙගා හදන්නෙ අගක් මුලක් නැතිව

Next Post

ක්‍රිෂාන් දසනායක ශ්‍රී ලංකා MDRT සාමාජිකත්ව සන්නිවේදන කමිටුවේ සභාපති ධුරයට

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.