• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මෙගා හදන්නෙ අගක් මුලක් නැතිව

December 5, 2020
in Heart
Reading Time: 3 mins read
A A
මෙගා හදන්නෙ අගක් මුලක් නැතිව
Share on WhatsAppShare on Facebook

අතරමගදි චරිත මරනවා…

BRO කියන්නෙ වෙනස්ම එකක්…

විවිධ බාධක, කම්කටොළු මැද ජීවිතය ජයගත්ත අපේ කාලයේ පටාචාරාවක් ඇය. ඒ තරමට ඇය සැබෑ ජීවිතයේ වගේම විවිධ චරිත හරහාද උතුම් වූ මවු සෙනෙහස විදහා පෑමට වෙහෙස මහන්සි වෙනවා. ඒ වෙන කවුරුත් නොව ජනප්‍රිය රංගන ශිල්පිනී ගයනි ගිසන්තිකා. ඒ උදාර මවු සෙනෙහස සමඟ ගෙවන ජීවිතය ගැන කතා කිරීමට අපි ඇයව සම්බන්ධ කරගත්තේ මේ විදියට.
ගයනි අපි මුලින්ම ‘BRO’ ගැන කතා කරමුද?
‘BRO’ ටෙලිනාට්‍ය වෙනස්ම විදියේ නිර්මාණයක් මම සම්බන්ධ වුණු. එය මට වගේම මගේ ආදරණීය ජනතාවට ඒ වෙනස තදින්ම දැනෙයි ‘BRO’ ටෙලිනාට්‍යය සමඟ දිගටම රැඳී සිටියොත්.
එකිනෙකාට දැනෙන වෙනස විවිධාකාරයි. ඒ නිසා අපි කැමැතියි ඔබෙන් දැනගන්න ඔබට දැනුණු වෙනස?
මෙහෙමයි. මම මෙයට කලින් ටෙලිනාට්‍ය ගණනාවක රඟපෑවා. ඒ සියල්ලගේ තිබුණේ දෙබස් සමඟ රඟපෑමක්. නමුත් එතැනින් එහාට ගිය මට යමක් කළ හැකි ලොකේෂන් වෙනස්වීමත් සමඟ තාත්වික රංගනයක් මට මෙය තුළින් නිරූපණය කිරීමට හැකි වුණා. අනෙකුත් නිර්මාණවල මට යමක් කිරීමට නොතිබුණා කියනවා නෙවෙයි. ඒ සියලුම නිර්මාණවල මම නිරූපණය කළ චරිතවලට වඩා වෙනසක් වෙයි. වැඩිපුර රඟපාන්න තිබෙනවා.
ටෙලිනාට්‍ය කිහිපයකම අපි මවක් ලෙස තමයි ඔබව දකින්නේ. මෙය එකාකාරී කියලා ඔබට හිතෙන්නේ නැද්ද?
සැබෑ ජීවිතයේදීත් මම මවක් තමයි. ඔබ පවසන විදියට මම ටෙලිනාට්‍ය කිහිපයකම අම්මාගේ චරිත නිරූපණය කළා. ඒ අම්මාවරුන් අතරත් විවිධ මාදිලියේ මවගේ චරිත තමයි රඟපෑවේ. අද සමාජයෙන් එවැනි අම්මාවරුන් ඕනෑ තරම් සිටිනවා. ඒ සියලුම චරිතවලට මම සාධාරණයක් කළා කියලා මම විශ්වාස කරනවා.
‘BRO’ ටෙලිනාට්‍ය හරහා පුංචි තිරයට එන අම්මා කොයි වගේද?
එය ගැන මට දැන්ම ලොකුවට කියන්න බැහැ. විවිධ බාධක, කම්කටොළු මැද ජීවත් වන මවක්. ඒ විතරක් නෙවේ ගතිපැවැතුම්වලින් වගේම ඉහළ පැලැන්තියේ මවක් ලෙසට රඟපානවා.
ඔය අතරෙ ගයනි ‘මහාපොළොව’ සමඟ ලොකු බැඳීමක් එක්ක වැඩකරනවා නේද?
දමිත් රත්නායක අධ්‍යක්‍ෂණය කළ ‘මහාපොළොව’ ටෙලිනාට්‍යයේ වැඩකටයුතු කරලා ඉවරයි. මහව අවට තමයි එහි රූපගත කිරීම් කටයුතු සිදුකළේ. ඇත්තටම මට සුමිත් රත්නායක සහෝදර ශිල්පියා හමුවන්නේ වේදිකාවෙන්. අපි අතර ලොකු බැඳීමක් තියෙනවා ‘මහාපොළොව’ වගේ. මම ඔහුගේ ‘මද්දාහාන’ ටෙලිනාට්‍යයේ කල්‍යාණි චරිතය නිරූපණය කළා. ඒ චරිතය වෙනුවෙන් සහාය නිළියටද සම්මාන හිමිවුණා. ඉතින් ‘මහාපොළොව’ නුදුරු දිනයකදී විකාශය වෙයි. අපි එතකොට එය ගැන කතා කරමු.
‘මහාපොළොව’ ටෙලිනාට්‍යයේ පිටපත තුළ විශේෂත්වයක් ඔබ දකිනවාද?
ඇත්තටම ඔව්. ‘මහාපොළොව’ ටෙලිනාට්‍යයේ විතරක් නෙවේ, ‘මද්දාහාන’ ටෙලිනාට්‍යයේ පිටපත තුළත් ඒ නිර්මාණ තුළ වැඩ කරපු සියලුම ශිල්පීන්ට දැනෙන්නට ඇති. මොකද වර්තමානයේ ටෙලිනාට්‍යවල එහෙම සම්පූර්ණ පිටපතක් අපේ අතට ලැබෙන්නේ නැහැ. ඒත් සුමිත් රත්නායකගේ සියලුම නිර්මාණවල පිටපත සම්පූර්ණ කරලා තමයි ටෙලිනාට්‍ය වැඩකටයුතු පටන්ගන්නේ. එවිට අපිට කිසිම බයක්, සැකයක් නැතුව නිර්මාණය හොඳට තේරුම් ගෙන චරිතයට හොඳ සාධාරණයක් කරන්න පුළුවන්. ඒ සුන්දර පිටපත් කලාව නැති වුණේ මේ මෙගා ටෙලිනාට්‍ය කලාව නිසයි. මේ වන විටත් මම ළඟ ‘BRO’ ටෙලිනාට්‍යයේ පිටපත තිබෙනවා ඉදිරි කොටස් කිහිපය.
මෙගා ටෙලිනාට්‍ය කලාවට මෙවැනි ක්‍රමවේදයක් සැකැසීමට අපහසුද?
මෙහෙමයි, මෙගා ටෙලිනාට්‍ය නිසා කොටස් පහළොවෙන්, පහළොවට තමයි රූපගත කිරීම් සිදුකරන්නේ. ඉතින් අපිට ලැබෙන චරිතය අනුව අපි උපරිම දායකත්වය ලබාදෙනවා. ඒ වගේම අපි හිතින් හිතනවා මේ චරිතය මේ විදියට සිදුවෙයි කියා. සමහර අවස්ථාවන්වල ඉතින් අතරමඟදී චරිත මරනවා. මෙගා ටෙලිනාට්‍යවල ඉතින් අපි රඟපාන්නේ අග-මුලක් නොදැන තමයි.
නවක පරපුර සමඟ වැඩකිරීම ගැන මොකද හිතෙන්නේ?
දැන් ප්‍රවීණ ශිල්පීන් නිර්මාණකරණයෙන් බැහැර වෙලා තියෙන්නේ. ‘BRO’ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂ ළාබාලතම තරුණයෙක්. මම එවැනි ළාබාලතම තරුණයෙක් සමඟ වැඩ කරන පළමු අවස්ථාව තමයි මේ. ඔහුගේත් පළමු ටෙලිනාට්‍ය තමයි ‘ BRO’ ඇත්තටම මම ගොඩක් ආශාවෙන් ඔහු සමඟ වැඩ කළේ ඔහුගේ වැඩ තුළත් කිසිම නුහුරු ගතියක් දැනෙන්නට නැහැ. ඔහුට අවශ්‍ය දේ පැහැදිලි කිරීමක් කරලා තමයි රූපගත කිරීම් පටන් ගන්නේ. ඔහුව දැනහඳුනගෙන වැඩ කරන්න ලැබීමත් සතුටක්. ඒ විතරක් නෙවේ මම විශ්වාස කරනවා අපේ නිර්මාණ කලාව ඉදිරියට ගෙන යෑමට ඔහුටත් ශක්තියක් තිබෙන බව.
‘අසන්ධිමිත්තා’ සිනමා නිර්මාණයෙන් පසු සිනමාවේ ඔබේ දායකත්වය කොයි වගේද?
‘අසන්ධිමිත්තා’ චිත්‍රපටයෙන් පසු මට සිනමාවට සම්බන්ධ වීමට බැරිවුණා. අනෙක තමයි මේ කොරෝනා වසංගතයත් නිසා සිනමාවට වගේම ප්‍රසංග වේදිකාවට ගොඩවීමට තව කාලයක් යයි කියලා මම හිතනවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

අඹු සැමියන් විරසක කරවන වාස්තු ප්‍රශ්න

Next Post

ජීවිත අනූනව ලක්‍ෂයක් බිලිගත් වසර හතරක අඳුරු මතකය

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.