AIA ඉන්ෂුවරන්ස් සමාගම, සිය වෙල්ත් ප්ලෑනර් ක්‍රිෂාන් වසන්ත දසනායක ජාත්‍යන්තර මිලියන් ඩොලර් වටමේසයේ (MDRT) ශ්‍රී ලංකා සාමාජිකත්ව සන්නිවේදන කමිටුවේ (MDRT-MCC) මෙරට සභාපති ලෙස මුලසුන හෙබවීමට ආරාධනා ලැබීම මහත් අභිමානයෙන් සමරයි. ජාත්‍යන්තර MDRT හි සාමාජිකත්ව සන්නිවේදන කමිටුව වන MDRT-MCC ලොව වටා 400කට අධික සාමාජිකයින් පිරිසකගෙන් සමන්විත වේ. වර්තමාන සාමාජිකයින් සහ ක්ෂේත්‍රයේ අනෙකුත් රක්ෂණ සමාගම් මෙන්ම අනාගතයේ සාමාජිකත්වය ලබා ගැනීමට බලාපොරොත්තු වන සැමදෙනා වෙත, තොරතුරු සන්නිවේදනය සහ ප්‍රවර්ධන කටයුතු සිදු කිරීමත් සාමාජිකත්වය සම්බන්ධ කරුණු, ඇමෙරිකා එක්සත් ජනපදයේ පිහිටා ඇති ජාත්‍යන්තර MDRT ප්‍රධාන මූලස්ථාන කාර්යාලයේ විධායක කමිටුව වෙත වාර්තා කිරීමත් MCC සතු වගකීමයි. මිලියන් ඩොලර් වටමේසය (MDRT) යනු ගෝලීය ස්වාධීන සංගමයක් වන අතර ජීවිත රක්ෂණ සහ මූල්‍ය සේවා ව්‍යාපාර අංශයේ විශිෂ්ටතා ප්‍රමිතිය ලෙස ජාත්‍යන්තරව පිළිගැනෙයි.
MDRT, ලොව පුරා රටවල් 70ක සමාගම් 500 කට අධික සංඛ්‍යාවක සේවයේ නියුතු විශිෂ්ට ජීවිත රක්ෂණ වෘත්තිකයින් 72ල000කට අධික සාමාජික සංඛ්‍යාවකින් සැදුම්ලත් සංගමයකි.
එහි සාමාජිකයින් විසින් ඉහළ මට්ටමක වාරික, කොමිස් ප්‍රමාණ සහ ආදායම් ජනනය කිරීම සිදුකළ යුතු අතර සුවිශේෂී වෘත්තීය දැනුම, මනා සදාචාරාත්මක චර්යාව මෙන්ම අසමසම සේවාලාභී සත්කාරයක්ද විදහා දැක්විය යුතුයි.