• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ගෙඩිය වගේම නැට්ටත් ගුණ වම්බටු

March 1, 2020
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
ගෙඩිය වගේම නැට්ටත් ගුණ වම්බටු
Share on WhatsAppShare on Facebook

සොලනේසියේ යන කුලයට අයත් වම්බටු මුහුදු මට්ටමේ සිට මීටර් මී. 1300ක් පමණ උස ප්‍රදේශ දක්වා වගා කළ හැකිය. පහත රට, තෙත් කලාප, අතරමැදි හා වියළි කලාපවල මෙන්ම මැදරට තෙත් හා අතරමැදි කලාපවලද උඩරට අතරමැදි කලාපවලද මෙම බෝගය ඉතා සාර්ථකව වැවේ.
මෙම වම්බටු වගාවට දිවා කාලයේ 27 0C, 320 0C අතර උෂණත්වය යෝග්‍ය වන අතර, රාත්‍රී උෂ්ණත්වය 210 0C , 270 0C අතර යෝග්‍ය වෙයි. වගා කිරීමට සුදුසු කාලය ලෙස අවුරුද්දේ අප්‍රේල් – මැයි අතර කාලයත්, නොවැම්බර් – දෙසැම්බර් අතර කාලයත් යෝග්‍ය වෙයි. නිසි ප්‍රමිතියෙන් තෝරාගත් වම්බටු ඇට තවාන් දැමීමට පෙර තෝරාගත් භූමියේ ඇති පස හොඳින් පෙරළා එම භූමිය ජීවාණුහරණය කරගත යුතුයි. ඒ සඳහා පිදුරු හා දහයියා තට්ටු කිහිපයක් එක මත එක තබා ගිනි තැබීම කළ යුතුයි. ඉන්පසු කොම්පෝස්ට් පොහොර දමා හොඳින් පස කවලම් කරගත යුතුයි. එම සකසා ගත් භූමියේ 90cm ×60cm පරතරය ඇතිව දිග 30cm × පළල 30cm × ගැඹුර 30cm ප්‍රමාණයේ වළවල් හාරාගත යුතුයි. ඉන්පසු නැවැත එම වළවල්වලට කාබනික පොහොර යොදා එක් වළක එක් බීජය බැගින් සිටවිය යුතුයි. බීජ සිටවීම සවස් වරුවේ කළ යුතුයි. ඉන්පසු හිරු එළිය එක වර වළට නොවැටීමට පොල් අතු වැනි ද්‍රව්‍යයකින් එම වළ වසා තැබිය යුතුයි.
වම්බටු බීජ සාර්ථකව වැඩීම සඳහා හොඳ ජල වහනයක් තිබිය යුතුයි. බීජ සඳහා උදේ හවස ජලය යෙදිය යුතුයි. පසේ ‘පී.එච්’ අගය 5.5ත්, 5.8ත් අතර ආම්ලිකතාවයෙන් යුක්ත විය යුතුයි. දින 7ත්, 10ත් අතර බීජ පැළවීම සිදුවන අතර, සති 10ත්, 12ත් අතරදී පළමු අස්වැන්න නෙළාගත හැකිය. ඉන්පසු දින 7කට වරක් අස්වැන්න නෙළීමටද හැකිය.

වම්බටු වගාවේ අස්වැන්න ප්‍රභේදය හා වගා පාලනය මත වෙනස් වෙයි. ඒ නිසාම රජයෙන් නිර්දේශිත වම්බටු ප්‍රභේද වෙයි. රටට ප්‍රභේද එකිනෙක වෙනස් වන්නේ වම්බටු ගෙඩියේ හැඩය, පාට හා දිග ප්‍රමාණය පදනම් කරගෙනය. ඒ අනුව නිර්දේශිත ප්‍රභේද ලෙස එස්.එම්. 164, කැත්ත වේලි දම්, පාදාගොඩ, අමන්දා දෙමුහුම්, අංජලි දෙමුහුම් හැඳින්විය හැකිය. මේවායින් වැඩිපුර දැකිය හැකි වන්නේ ළා දම් පැහැති, සිලින්ඩරාකාර හැඩයෙන් යුතු මධ්‍යම ප්‍රමාණයේ කරලක් හිමි එස්.එම්. 164 ප්‍රභේදයයි.

වම්බටු ජනයා අතර ඉතා ජනප්‍රිය ආහාරයකි. එසේ වී ඇත්තේ වම්බටු විවිධ රස සිටින සේ විවිධ ආකාරයට පිසගත හැකි බැවිනි. ඒ අතර වම්බටු මෝජු, වම්බටු ව්‍යංජනය හා වම්බටු පෙති බැද සාදන සම්බෝලය ප්‍රධාන වෙයි. රස මෙන්ම වම්බටු ඖෂධීය ගුණයෙන් හෙබි එළවළුවකි. ගැමි වහරේ එන ‘බට්ටේ ගුණ නැට්ටේ’ යන්න පසක් කරමින් වම්බටුවල නැට්ටේ බොහෝ ගුණ පවතී. නැට්ටේ පමණක් නොව වම්බටු මුළු ගෙඩියේම ගුණ අපමණය. ඒ නමුත් නැට්ටේ ගුණ ඇති එකම එළවළුව වම්බටු වීම විශේෂයකි.

වම්බටුවල අධික ලෙස කෙඳි පවතී. ඒ නිසා වම්බටු ආහාරයට ගැනීමෙන් මලබද්ධය තුරන් වන අතර, ආහාර දිරවීමටද පහසුවෙයි. ඊට අමතරව විටමින් B1(තයටින්), B3 (නියැසීන්) හා B6 (පිරිඩොක්සීන්) ඇත. තවද මැග්නීසියම්, මැංගනීස්, තඹ, පොටෑසියම්, යකඩ, ප්‍රෝටීන් බහුලව පවතී. ඛනිජ ලවණ හා ප්‍රති ඔක්සිකාරකද පවතී.

ප්‍රතිඔක්සිකාරක මඟින් ශරීර ගතවන විෂ හරණය කරනු ලබයි. වම්බටු ගෙඩියේ පොත්තද ඉතා පෝෂණ ගුණයෙන් යුක්තය. එමඟින් මොළයේ පටක හා මේද කොටස් හානි වීම වළකාලයි. රුධිරයේ ඇති නරක කොලොස්ටරෝල් මට්ටම අඩුකර හෘදයේ නිරෝගී බව ඇති කරයි. රුධිරය ශරීර පුරා සංසරණය වීමද ක්‍රමවත් වෙයි. වම්බටුවල යුෂ මඟින් රුධිරයේ කොලෙස්ටරෝල් පාලනය වීමත්ද සිදුවෙයි. වම්බටු මඟින් ශරීරයේ යකඩ ප්‍රමාණය සමතුලිත තත්ත්වයට පත්කරයි. වැඩිපුර ඇති යකඩ විනාශ කර දමයි. වැඩිපුර යකඩ වම්බටු මඟින් විනාශ වීම නිසා ජන්මියාට හෘද රෝග හෝ පිළිකා වැලඳීම අවම වී යයි.

තවද වම්බටු ආහාරයට ගැනීම තුළින් ආර්තවහරණ සිදුවූ අයට ශරීරයේ වැඩිවන යකඩ ප්‍රමාණය පාලනය කරයි. ආතරයිටීස් වැලඳීමද අවම වෙයි. ආතරයිටීස් වැලඳුණු රෝගීන්ටද වම්බටු ඉතා සුබය. බැක්ටීරියා දිලීරවලින් ආරක්‍ෂාව ලැබේ. ප්‍රතිශක්තිකරණයද යහපත් වෙයි.
වම්බටුවල ඇති සියලුම පෝෂ ගුණය ලබා ගැනීමට නම් වම්බටු මිලදී ගැනීමේදී බොහෝ කරුණු ගණනාවක් ගැන සැලකිලිමත් විය යුතුයි. ඒ අතර ගෙඩියේ ප්‍රමාණයට බර වම්බටු තෝරාගත යුතුයි. ගෙඩිය කුඩා වී බර වැඩි හෝ ගෙඩිය විශාල වී බර අඩු හෝ වම්බටු නොගත යුතුයි. වම්බටුවල පොත්ත දිලිසෙන ඒවා විය යුතුයි. පොත්ත ඉතා මෘදු විය යුතුයි. කැළැල් වූ තැළුණු හෝ පණුවන් ගසා නිල්වූ වම්බටු නොගත යුතුයි. ඉරිතැළුණු වම්බටු නොගතයුතුයි යන මේවා මතකයේ තබා ගනිමින් වම්බටු මිලදීගත යුතුයි.

වම්බටු බොහෝ දෙනකුට ගුණ වන අතර, කිහිප දෙනකුට එය අගුණ ආහාරයක්ද වෙයි. ඒ අතර සෙම් රෝග සහිත අය වම්බටු නොගත යුතුයි. මන්ද ඔවුන්ගේ සෙම තත්ත්වය තවත් වැඩි කිරීමේ ශක්තිය වම්බටුවලට ඇති හෙයිනි. මුත්‍රා ගල්, වකුගඩුවේ ගල් ඇති අයටද අගුණය. වකුගඩු නරක් වූ රෝගීන්ටද සුබ නැත. පිත්තාශයේ ගල් හෝ පිත්තාශයේ විවිධ රෝග ඇති අයටද වම්බටු කෑම අගුණය. එමෙන්ම ශරීරයේ කැල්සියම් අඩු රෝගීන්ටද අගුණය.

ආර්ථික වටිනාකමක් මෙන්ම ඖෂධීය වටිනාකමක් ඇති වම්බටු ප්‍රණීත ආහාරමය වටිනාකමක් ඇති හෙයින් ඔබත් ඔබේ නිවෙසේ වම්බටු පෝච්චියක හෝ ගෙවත්තේ වගා කරන්න. වස විසෙන් තොර වම්බටු ආහාරයට ගෙන නැට්ටේ සිට ගෙඩිය අග්ගිස්ස දක්වා ඇති අසීමිත ඖෂධීය ගුණ ලබා ඔබත් නිරෝගීමත් පුද්ගලයකු වන්න. පරිභෝජනය කර ඉතිරි වන අස්වැන්න වෙළෙඳපොළට දමා ආර්ථික වාසිද අත්පත්කර ගන්න.
ජ්‍යොතිෂවේදී මංජුලා පල්ලෙබැද්ද

SendShareShare
Previous Post

එදා ‌දේවානි-සනත්: අද නිමල්-නවීන්: රාජ්‍ය ‌සේවයත් එක්ක ඇරගන්න යන මැති-ඇමැති කුලප්පුව

Next Post

එදා ලාදුරුවලට දීලා අද ‌කොරෝනාවලට ‌දෙන්න යන ‌මොකද්ද ‌මේ ‘මාන්තිව්’

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.