• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

එදා ‌දේවානි-සනත්: අද නිමල්-නවීන්: රාජ්‍ය ‌සේවයත් එක්ක ඇරගන්න යන මැති-ඇමැති කුලප්පුව

March 1, 2020
in News, Politics
Reading Time: 2 mins read
A A
එදා ‌දේවානි-සනත්: අද නිමල්-නවීන්: රාජ්‍ය ‌සේවයත් එක්ක ඇරගන්න යන මැති-ඇමැති කුලප්පුව
Share on WhatsAppShare on Facebook

නුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නයේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් බිමකින් පසුගිය 21දා නැඟුණ වාග් ප්‍රහාරයක හඬක් නිසා ඒ අවට ඇති වූයේ දැඩි නොසන්සුන්තාවකි. ඒ හඬ කාගේද, සංවාදය කරන්න කවුරුන් සමඟද යන්න එළියට ඒමට වැඩි වෙලාවක්ද ගත නොවුණි. රජයේ නිලධාරීන් පිරිසක් සටන උස්හඬින් යුතුව විරෝධය පෑමේ යෙදී සිටියේ අන්කිසිවකු නොව නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාව මෙන්ම මුළුරටම හඳුනන එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රි නවීන් දිසානායකය. ග්‍රෙගරි වැව ආසන්නයේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් බිමක අනවසරයෙන් පවත්වාගෙන ගිය ආපන ශාලාවක් ඉවත් කිරීමට නුවරඑළිය නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කටයුතු කරමින් සිටියදී එතැනට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රි නවීන් දිසානායක මහතා එම නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් විරෝධය පළකිරීම නිසා මෙම නොසන්සුන්තාවය හටගෙන තිබිණි. මන්ත්‍රිවරයා එහි පැමිණ තිබුණේද ආධාරකරුවන් පිරිසක් සමඟය. එහිදී දිසානායක මහතා දැඩි ආවේගශීලීව නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමඟ බහින්බස් වූයේ මෙසේය.
නවීන් – අපි ඉඩ දෙන්නෙ නැහැ මේක කරන්න. මට මෙතැන නිදාගන්න වෙනවා. ඔයා ඕක කරන්න ගියොත්. හරි පුළුවන්නම් මාව අයින් කරන්න.
නිලධාරියා – මම කරන්නේ මගේ රාජකාරිය.
නවීන් – ඔයා උසාවි නියෝගයක් අරන් එන්න. නීතිය ඔයාගෙ පැත්තෙ නම්, ඔබතුමා ගිහිල්ල උසාවි නියෝගයක් අරගෙන එන්න.
නිලධාරියා – මම අහන්නෙ මම මොකද්ද කරන්නෙ. මම මගේ රාජකාරිය කරනවා.
නවීන් – නැහැ, අපි ඉඩ දෙන්නෙ නැහැ ඒකට.
නිලධාරියා – කොහොමද ඔබතුමා ඉඩ නොදෙන්නෙ.
නවීන් – අපිටත් ඉන්නවා මිනිස් බලයක්.
නිලධාරියා – ඒ බලය පාවිච්චි කරන්න එපා වැරැදි විදියට මන්ත්‍රිතුමා. වැරැදියි, වැරැදියි.
නවීන් – බැහැ, බැහැ, (අධික ශබ්දයෙන්) මම එහෙම කරන්න ඉඩ දෙන්නෙ නැහැ අද.
නිලධාරියා – ඇයි එහෙම කරන්නෙ.
නවීන් – උසාවි නියෝගයක් අරන් එන්න ඔබතුමා. නීතිය ඔයාගෙ පැත්තේ නම් ඔයා උසාවියෙන් නියෝගයක් අරන් එන්න.
නිලධාරියා – නමුත් අධිකාරියට බලයක් තියෙනවා.
නවීන් – නැහැ, නැහැ, නෝටිස් එකක් එවලා කරන්න.
නිලධාරියා – ඇයි අධිකාරිය අධිකරණයට යා යුත්තේ? අධිකාරියට බලය තියෙනවා.
නවීන් – බලය තියෙනවා නම් බලය අරගෙන එන්න.
නිලධාරියා – එතකොට ඔබතුමා හදන්නෙ මේක කඩාකප්පල් කරන්න.
නවීන් – නැහැ, නැහැ, නැහැ, අපි නීතිය අනුව ක්‍රියා කරමු.
නිලධාරියා – ඔයා කියන එක වැරැදියි මන්ත්‍රිතුමා. මම මේ ඔයා කියන දේ කරන්නේ නැහැ. කරන්නෙ රාජකාරියක්.
නවීන් – මමත් කරන්නේ රාජකාරියක්. මම මේ ප්‍රදේශයේ මනුෂ්‍යයන්ගෙ ඡන්දයෙන් ගියා නම් මම හිටගන්නේ මිනිස්සුත් සමඟ.
නිලධාරියා – ගරු මන්ත්‍රිතුමා ඔබ මේ දෙන්නේ නරක ආදර්ශයක්.
එම ආපනශාලා හිමිකරුද මෙම වසරේ ජනවාරි 07 වැනි දිනද මෙම ආපන ශාලා බිම සඳහා රුපියල් 1,63,000ක මුදලක් නාගරික සංවර්ධන අධිකාරියේ බත්තරමුල්ල කාර්යාලයට ගෙවා ඇති බවක් මාධ්‍ය වාර්තා කර තිබුණද නාගරික සංවර්ධන අධිකාරිය පවසා සිටියේ ඔහුට 2020 වසරේ එය පවත්වාගෙන යෑමට අවසරයක් දී නොමැති බවකි.
මෙම සිද්ධිය වූ දිනයේ එම ආපනශාලාව ඉවත්කර ගැනීමට පැය 48ක කාලයක් ලබාදී නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඉවත්ව ගොස් තිබිණි. කෙසේ වෙතත් මෙම සිද්ධියට මැදිහත්වීමට පැමිණි නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නවින් දිසානායක මහතා අදාළ නිලධාරියාගේ රාජකාරියට බාධා කරමින් හැසිරුණු ආකාරය බොහෝ දෙනකුගේ දෝෂදර්ශනයට ලක්වී තිබිණි. කොහොම නමුත් නාගරික සංවර්ධන අධිකාරියේ නියමයන් පරිදි පසුගිය බදාදා වන විට අදාළ ආපන ශාලාවේ ඉදිකිරීම් සියල්ල ඉවත්කරගත් බව නුවරඑළිය පොලිසිය මෙන්ම කොළඹ නාගරික සංවර්ධන අධිකාරියේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ අංශයේ නිලධාරියකු ‘මව්රට’ට සනාථ කර සිටියේය.
මෙම සිද්ධිය වන විට කොළඹ සිට නුවරඑළිය බලාගොස් සිටි අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම් අංශයේ නිලධාරීන් සමඟ නුවරඑළිය නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ රන්ජිත් බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් කිහිප දෙනකු සහභාගි වී තිබුණි. ඔවුන්ගේ ආරක්‍ෂාව සඳහා නුවරඑළිය පොලිසියේ නිලධාරීන් පිරිසක්ද සහභාගි වී ඇත්තේ අදාළ නිලධාරීන් විසින් පොලිසිය දැනුවත් කර තිබීම නිසාය. අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ බලය පැවරී ඇති නාගරික සංවර්ධන අධිකාරියට නීතිමය තත්ත්වය පිළිබඳව එහි උසස් නිලධාරියකුගෙන් කළ විමසීමකදී එම නිලධාරියා සඳහන් කළේ මෙවැන්නකි.’
‘අපිට නීතිවිරෝධීව තියෙන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට බලයක් තියෙනවා. මේවගෙ දේවල් අපි පළමුවතාවට කළ දෙයක් නොවෙයි. අධිකරණයට ගියත් සිදුවන්නේ අපගේ නීතිමය තත්ත්වය තහවුරු කිරීමක් පමණයි. එජාපය රජයේ කාලයේත් අපි ඇමැති නියෝගයන් මත අනවසර ඉදිකිරීම් ඉවත්කර තියෙනවා. 2002 වත්තල තිබුණා අපේ අධිකාරියට අයත් ඉඩමක්. ඒකේ පවුල් සෑහෙන සංඛ්‍යාවක් හිටියා. ඒ කාලේ හිටිය ඇමැතිවරයාගේ නියෝග මත සියල්ලම ඉවත් කළා.
‘මේ සිද්ධියේ හඬපටය හොඳට අහන්න. එතැනට ආව මන්ත්‍රිවරයා කියනවා ඉවත් කිරීමේ බලය යූ.ඩී. එකට තියෙනව කියලා. අපි හිටියෙ නිලධාරීන් හත්අට දෙනකු විතරයි. යහපාලන රජය කාලේ මේ ස්ථානය ලබා දීල තියෙන්නෙත් විනිවිද භාවයෙන් නොවෙයි. ඉඩමක් ලබා දෙන විට ක්‍රමයක් තිබිය යුතුයි. ටෙන්ඩර් පරිපාටියක් තියෙන්න ඕනෑ. පසුගිය රජය කාලෙ ඔය කරල තිබුණෙ පිළිගත හැකි ක්‍රමවේදයක් නොවෙයි. ඒ තැන වෙනුවට වෙනත් තැනක් දෙනව කියල අපේ බැඳීමක් නැහැ. අනෙක් එක මේ ග්‍රෙගරි වැව ප්‍රදේශය මුක්ත කලාපයක්. ස්ථිර ගොඩනැඟිලි හදන්න බැහැ. අනෙත් එක ළඟදි නානුඔය සිට නුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නයට කේබල් කාර් ව්‍යාපෘතියක් එනවා. ඒ ව්‍යාපෘති සඳහාත් මේ තැන් නිදහස් විය යුතුයි. සමහර විට ඒ ව්‍යාපෘතියට වඩා වෙනස් ව්‍යාපෘතියක් වෙන්න පුළුවන්.’
කෙසේ වෙතත් මෙම සිද්ධියට අදාළව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට එහි ගිය නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරිනිය සමඟ ප්‍රශ්න ඇතිකරගත් නුවරඑළිය දිස්ත්‍රික් හා එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නවින් දිසානායක මහතා දුරකතනයෙන් සම්බන්ධකර ගැනීමට දින දෙකක් තිස්සේ ‘මව්රට’ ගත් උත්සාහය අසාර්ථක විය. ඔහුගේ ආරක්‍ෂක නිලධාරියා බව කියන දුරකතන අංක 0717 845671 සිටි අයට කතා කළද ඔහු කීවේ මන්ත්‍රිවරයා දවස තිස්සේම විවිධ සාකච්ඡාවල යෙදෙන බැවින් දුරකතනයට සම්බන්ධ කරගත නොහැකි බවය. ‘මව්රට’ පුවත්පතෙන් කතා කළ බව පමණක් මන්ත්‍රිවරයාට දැනුම් දීමට කටයුතු කරන බවද ඔහු පවසා සිටියේය. කෙසේ වෙතත් මෙම සිද්ධිය වාර්තා වූයේ මීට දින කිහිපයකට ඉහතදී ගම්පහ අඩවි වන නිලධාරිනිය වන දේවානි ජයතිලක මහත්මිය හා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අතර සිදුවූ ආන්දෝලනාත්මක වචන හුවමාරුවේ උණුසුම මැකී යෑමටත් මත්තෙන් වීම විශේෂ සිදුවීමකි. ඒ අවස්ථාවේදී ‘මව්රට’ පුවත්පත කොන්දේසි විරහිතව රාජ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය විවේචනය කරමින් රාජ්‍ය සේවයේ කොන්ද කෙළින් තියාගෙන කටයුතු කළ අඩවි වන නිලධාරිනිය වෙනුවෙන් පෙනී සිටීමට පියවර ගත්තේය. එම නිසා නවීන් දිසානායකට හා රජයේ නිලධාරියකු හා නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරියා අතර සිදුවන සිද්ධියේදී අප පැහැදිලිවම පෙනී සිටින්නේ රජයේ නිලධාරියා වෙනුවෙනි. මන්ද යත් එම නිලධාරියා ඍජුව කියා සිටින්නේ තමන් පැමිණ සිටින්නේ නීතිය අකුරට ක්‍රියා කරවන්න යැයි කියාය. එමෙන්ම නීතිය කඩනොකරන ලෙසට ඔහු මන්ත්‍රි නවීන්ගෙන්ද ඉල්ලිමක් කරයි. බැලූබැල්මට මෙම සිදුවීමේදී රජයේ නිලධාරීන් ඍජුව කටයුතු කරන ආකාරයක් පෙනෙන්නට තිබේ.
අනෙක් අතට මන්ත්‍රිවරයා අනවශ්‍ය ලෙස මෙම සිදුවීමට බාධා කරන ආකාරයක්ද පෙනී යයි. හුදෙක්ම එය ඡන්ද මත පදනම්ව සිදුකරන බලපෑමක් බව පෙනෙන්නට තිබේ. එය සැබැවින්ම වැරැදි පූර්වාදර්ශයක් මෙන්ම දේශපාලකයකු වශයෙන්, නීතිඥයකු වශයෙන් කටයුතු කරන නවීන් වැන්නකුට එය උචිත නොවන බවක්ද පෙනී යයි. එම නිසා පාට, පක්‍ෂ භේදයකින් තොරව ඊට විරුද්ධ වීම මාධ්‍යයේ මෙන්ම ජනතාවගේද වගකීමකි.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

සිංගර් ජෝන් ඩියර් ට්‍රැක්ටර් සේවා කඳවුරු දිවයින පුරා

Next Post

ගෙඩිය වගේම නැට්ටත් ගුණ වම්බටු

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.