• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

එදා ලාදුරුවලට දීලා අද ‌කොරෝනාවලට ‌දෙන්න යන ‌මොකද්ද ‌මේ ‘මාන්තිව්’

March 1, 2020
in News, Politics
Reading Time: 6 mins read
A A
එදා ලාදුරුවලට දීලා අද ‌කොරෝනාවලට ‌දෙන්න යන ‌මොකද්ද ‌මේ ‘මාන්තිව්’
Share on WhatsAppShare on Facebook

වලාකුල් තට්ටු ඇතිරූ හිස් අහස, තද නිල් පාට පසුබිමකි. අහල පහළක වැහි නැති මුත් සුළඟ හීන් හීතලක් අහුලාගෙන උන්නේය. පෙණ කිනිති මල් පරෙස්සමට අඩුක් කළ නැඟෙනහිර මුහුද ඈත තැනකින් හොයා ගත් රැලි රැගෙන වෙරළට ගොඩ වෙයි. ඉර ඇහැරෙන ඈත ඉසව්වේ අහසයි, මුහුදයි දෑඟිලි පටලාගෙනය. මුහුද තත්පරයක්වත් එක විදියකට ඉන්නේ නැත. අහස නිහඬය. ඇත්තටම ගැඹුරු මුහුදය. අහස ඊටත් වඩා ගැඹුරුය. හැබැයි මේ කතන්දරය අහසටවත්, මුහුදටවත් අයිති නැත. කතාව තියෙන්නේ අහසත්, මුහුදත් අතරය. ජීවිතය තියෙන්නේ එතැනය. අපි මේ හොයාගෙන යන්නේ ඒ කතාවය.
මේ කතාවේ නිමිත්ත පහුගිය දිනෙක මතුව ආ කතාවකි. ඒ අපි කොරෝනා කියන ලෝකය ‘කොවිඞ් 19’ කියන රෝගයට ඈඳුණු කතාවකි. මේ ලියනා මොහොත වෙද්දී ඒ කතන්දරවලින් ලෝකය ඉන්නේ තිගැස්සිලාය. චීනයෙන් උපන් රෝගය අග්නිදිග ආසියාවම ගිලගනිමින් සිටී. දැන් යුරෝපය සම්පූර්ණයෙන්ම තැතිගෙන අවසන්ය. ඉරානය, ඊශ්‍රායලය වගේ රටවලත් මේ තත්ත්වය පැතිර ගොස් තිබේ.


ලංකාව ඉන්නේ භයානක තැනකය. ඒත් ලංකාවේ නිලධාරීනුත්, රට වැස්සෝත් ලොකුවට මේ ගැන කලබල වෙන්නේත් නැත. නමුත් ‘අපිට එහෙම වුණොත්?’
ඒකට උත්තර හොයද්දී කියැවුණු නමකි. මේ.
‘මාන්තිව් දූපත’
මාන්තිව් දූපත මොකක්ද කියලා දැනගන්නට පෙර, මේ වෙලාවේ ඒ ගැන කතා කරන්නේ ඇයි කියා දැනගත යුතුය.
‘ලංකාවට ‘කොවිඞ් 2019’ ආවොත්, ඒ අය නතර කරන්න, මාන්තිව් දූපතේ තියෙන රෝහල සූදානම් කරන්න පුළුවන්.’
මාන්තිව් දූපත කරළියට එන්නේ ඔය විදියටය. කාලයක් තිස්සේ මාන්තිව් දූපතත්, මාන්තිව් දූපතේ රෝහලත් හැමෝටම අමතකව ගොස් තිබුණේය. නැඟෙනහිර මුහුද දිගේ කොහේ හෝ පිටරටක සිට ඉගිළ ආ කුරුලු කිරිලිගේ මාන්තිව් දූපතේ ලැගුම් ගත්තේය. ඒ කුරුලු කිරිලියන්ට මාන්තිව් දූපතේ කරදර කරන්නට කෙනෙක් උන්නේ නැත. නමුත් මාන්තිව් දූපතේ රෝහල එහෙම්මම තිබුණේය. කාලය විසින් පැරැණි කරන ලද රෝහල දිනෙන් දින දිරාපත් වෙමින් උන්නේය. දූපතේ ගහ-කොළ-වැල් ටිකෙන් ටික රෝහලට ගොඩ විය.


මුලින්ම ආවේ රෝහල් කොරිඩෝර් එකටය. සුළඟට එකින් එක කාමරවලට එබී බැලුවේය. හිතුවක්කාර කොළයක්, මලක් ජනෙල්වලින් ඇතුළට පැන්නේය. සමහර වැල් ඔළුව දැම්මේය. මේ නොදන්නා ඉසව්වේ, කාටත් රහසින් ජීවිත කිහිපයක් හුස්ම ගනිමින් උන්නේය. ඒ මාන්තිව් රෝහලට කවදාක හෝ ආ අයය. සමහරු ඒ ආ දිනය දැන උන්නේ නැත. සමහරුන්ට නෑදෑයෝ ආගිය දිනක් මතක නැත. නෑදෑයන් ගැන මවුපියන් ගැන අදහසක් නැත. මේ රෝහල ඔවුන් ජීවත් කරවයි. ලෙඞ්ඩු බලන වෙලාවට, කිසිදා කිසිදිනෙක කිසිවෙක් නොපැමිණෙන මේ රෝහල් ගේට්ටුවෙන් හදිසියේ නොකියාම නොදන්වාම ආවොත් ඒ වෙන්නේ මරණය පමණි. මරණය පැමිණ සිය හිතවතෙක් රැගෙන ගිය පසු, රෝහල යළි නිහඬ වෙයි. ඉතිරි කිහිප දෙනා, තම තමන්ගේ කොටස්වල හුදෙකලා වෙයි. දැන් ආගිය දේ කතා කර අවසන්ය. මතකයන් නිමාවෙමින් යළි අලුත් වෙන්නේ කාලය පමණි. මාන්තිව් දූපතේ, රෝහලේ කතාව ඒකය. ඒ අද කතාවය. අපි එහි ගොඩ වෙද්දී අපේ ඇස් මානේ හුස්ම ගන්නා කතාවය. නමුත් අතීතය ඊට වඩා බරය. ඒ කතාවද ඔබ දැන සිටිය යුතුමය.

අක්කර අනූඅටක භූමි භාගයක දූපත පිහිටා තිබේ. පෞද්ගලික ගේ-දොර නැත. තියෙන්නේ රජයේ ඉස්පිරිතාලයත්, හින්දු කෝවිලත් පමණි. අනෙක් ටික කාලය විසින් පරෙස්සම් කරගත් කැලෑ රොදකි. අතරින් පතර මතු වන උස ගස් දෙක තුනක කුරුලු, කිරිලියන් ස්ථිර වාසස්ථාන තනාගත්සේය.
පරණ රෝහල් ගොඩනැඟිල්ලට කතා කළ හැකි නම් කියන්නට කතා ඕනෑ තරම්ය. ඒ ඉතිහාසය ඒ තරම්ම දුරය. හැඳල ලාදුරු රෝහල තැනෙන්නේ 1708 වගේ කාලයකය. ඒත් එක්කම මේ රෝහලත් තැනෙයි. හැඳල ලාදුරු රෝහලට වඩා වයසින් බාල නමුත්, මේත් ඉපැරැණි රෝහලකි. මීට බොහෝ කලකට ඉහත ලාදුරු රෝගීන්ට සුව වෙන්නට අතක් තිබුණේ නැත. ලෝකයම මේ අපූරු රෝගය පවුකාරයන්ගේ රෝගය ලෙස නම් කරගත්තේය. රෝගීන්ගේ ශාරීරික විකෘතිතා නිසාත්, එහි ඇති අප්‍රසන්නතාව නිසාත් මුහුදෙන් එපිට තැනක් මේ රෝහල සඳහා අවශ්‍ය විය. අදද මේ රෝහලට බොහෝ දේ සැපයෙන්නේ එදිනෙදා මඩකළපු රෝහලෙනි. ඒ බෝට්ටු මඟින්ය. එදිනෙදා රෝහලට අදටත් ආහාර ගෙනියන්නේත් මඩකළපු රෝහලෙනි. වෛiවරයාද, එන්නේ මඩකළපු රෝහලේ සිටය. රෝහලට අනියුක්ත සේවයේ යෙදී ඉන්නේ කිහිප දෙනෙකි. ලිපිකරුවෙක්, හෙද-හෙදි, සාත්තු සේවක පිරිසකි. දැනගන්න තියෙන විදියට මේ සියලු දෙනා මඩකළපු රෝහලට අනියුක්ත අයය. මේ රෝහලට යන එන එක කරන්නට තියෙන එකම ක්‍රමය බෝට්ටුවය. කල්ලඩි පාලමට ටිකක් එපිටින් තියෙන බෝට්ටු ගමන් මඟ ඔබට වගේම මටත් තියෙන එකම ක්‍රමයයි. මාන්තිව් රෝහලට යන එන, ඕනෑම කෙනෙක්ට වෙන මඟක් නැත.

මෙවැනිම රෝහලක් රූමස්සලද තිබුණු බවක් කියැවෙන මුත්, ඒ ගැන වැඩි සඳහනක් නැත. මාන්තිව් දූපත් හැමතැනම වූ ගරාවැටුණු ගොඩනැඟිලි, පරණ රෝහලේ නටබුන් වන්නට ඇත. පෙර මේ බිමේ තැපැල් කන්තෝරුවක්ද තිබුණු බවට දැනගන්නට ලැබේ. එදා මේ රෝගින්ගේ ජීවිතයේ අතිශය වැදගත් තැනක් ලෙස මෙතැන හඳුනාගත හැකිය. තමන්ට යළි කිසි දිනෙක දක්නට නොලැබෙන නෑදෑයන්ගේ ආදරණීයයන්ගේ පණිවුඩ ආවේ එතැනටය. මේ අවාසනාවන්ත රෝගය විසින් වෙන් කරන ලද සබඳතා යළි තත්පරයකට, දෙකකට හෝ සිහිකර දුන්නේ ඒ අකුරුය. නමුත් අවසාන ලියමනද අයිතිකාරයාට ලබා දුන් පසු මේ තැපැල් හල අවසන් ගමන් ගොස්ය.
මාන්තිව් දූපතේ, බොහෝ මතක මිහිදන් කළ සුසාන භූමිය තවත් එවැනිම ස්ථානයකි. බොහෝ මෙහි ආ මිනිසුන් යළි මේ සයුර විසින් එගොඩ කළේ නැත. ඔවුන් රෝහලෙන් අවසර ගෙන යා හැකිව තිබූ එකම ගමන මේ සුසානයට ආ ගමනම පමණි. දැනගන්නට ඇති පරිදි මේ සුසානය විවිධ ජාතීන්ට අනුව වෙන වෙනම අවසන් කටයුතු කළ හැකි පරිදි වෙන්කර තිබුණේය. සමහර විට මේ රෝගීන් බලා උන්නේ ඒ ගමන යන්නටමය. මේ ජීවිතයෙන් නික්ම පලා යා හැකි එකම මඟ ලෙස ඔවුන් හඳුනාගෙන උන්නේ ඒ මඟය. ඇතැම් කතන්දර අතර මේ දූපතේම ඉපදී දූපතේම මියගිය ප්‍රේම කතා තිබේ. ඒත් ඒවා ගැන කියන්නට තරමේ සාක්‍ෂි නැත. නමුත් මේ දූපතට ගෙනා සමහර රෝගීන් මෙහිම වූ රෝගීන් සමඟ ප්‍රේම සබඳතා ගොඩනඟාගෙන මෙහිම ජීවත් වූ බවක් සමහරු කියති. සමහර විට මේ භයානක රෝගයේ අඳුරු හෙවණැලි අතර මේ කුරුලු දූපතේ ආදර කතා හැංගී හිඳින්නට ඇත. නමුත් අද වන විට ඒ කිසිවක් නැත. මාන්තිව් කුරුලු දූව නිසංසලය. මේ රෝගීන් පිළිබඳ තොරතුරු කිසිවක් මෙහි වාර්තා නොකරන්නට වගබලා ගනිමු. ඒ සියල්ල පෞද්ගලිකය.

මාන්තිව් රෝහල මෙතෙක් කිසිවෙක්ට මතක තිබුණේ නැත. ඒ ගැන හෙවූ බැලූ එක කෙසේ වෙතත්, ඒ ගැන කතා කළේත් මේ වෙලාවේය. ජීවිතයත්, මරණයත් අතර බොහෝ කඳුළු ගංගා ගලා ගිය මේ දූපත අපි යළි මතක් කරන්නේ ඒ වෙනුවෙනි. හෙට එවැනි කඳුළකට මෙහි ඉඩක් නොවේවායි අපි ප්‍රාර්ථනා කරමු.
නමුත් මේ විකල්පයේ වරදක් නැත. ලෝකයට භයානක විපතක් ඉදිරියේ නතර වී සිටිනා විට, අපටද ඒ වෙනුවෙන් ගන්නට පියවරක් අවශ්‍යය. කාලය බොහෝ දේ විසඳනු ඇත. නමුත් කාලයට ඉඩදී බලා සිටින්නට තරම් ඒ කාලය කෙටි නැත. කාලයට ඔහේ යන්නටදී බලා සිටිනා විට බොහෝ නොවිය යුතු දේ සිදුවිය හැකිය.
ඊළඟ කතාව අද මාන්තිව් රෝහල මේ සා සිදුවීමකට සූදානම්ද යන්නය.
ලෝකය නව රෝහල් තනනා විට, අපි නටබුන් රෝහල ඒ වෙනුවෙන් වෙන්කළ හැකිද? ප්‍රශ්නයකි. හැබෑවටම එසේ වෙන් කළ හැකිය. එහි ගැටලු බොහෝය. නමුත් ඒ බොහෝ දේට මුහුණ දෙන්නට අපි හිත හදාගනිමු. ප්‍රශ්නය එතැන නොවේ. රෝහලට රෝගීන් රැගෙන ගොස් දමා අතහැර දැමිය නොහැකිය. මේ රෝගයත් ලාදුරුත් කතා දෙකකි. එදා ලාදුරු සුවකිරීමට මඟක් තිබුණේ නැත. නමුත් මේ රෝගීන්ගේ සීයට අසූපහක (85%) පමණ සුව වීමේ සම්පභාවිතාවක් තිබේ. එය සිහි තබාගත යුතුය. රෝගීන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සූදානම් කළ යුතුය. රැවුලත් – කැඳත් දෙකම බේරා ගතයුතුය. ඒ නිසා දෙවරක් සිතා බැලිය යුතුය. නමුත් මාන්තිව් කුරුලු දූව ගැන බලධාරීන් මීට වඩා අවධානය යොමු කළ යුතුමය. මේ ඉතිහාසය පරෙස්සම් කළ යුතුය. අදත් මේ ඔබ කියවන දින රාත්‍රියත් නිහඬව නිසංසලව මාන්තිව් කුරුලු දූපතට පැමිණෙනු ඇත. කුරුලු ගී අතරේ රුප්පා යටට එන හීන් කළුවර දූපත පුරා ලැගුම් ගනු ඇත. මේ රෝගීන් කිහිපදෙනාගෙන් පසු සමහර විට මාන්තිව් ලාදුරු රෝහල මතකයක් පමණක් වේද? නමුත් ලාදුරු යළි හිස ඔසවා තිබේ. එය සුව කළ හැකිය. ‘කෙයිඞ්-19’ ඊට වඩා වෙනස්ය. නමුත් කාලය අද මේ දූපතට බොහෝ දේ කර ඇතිසේ හෙටද එසේ වනු ඇත.

ජීවන පහන් තිලිණ

SendShareShare
Previous Post

ගෙඩිය වගේම නැට්ටත් ගුණ වම්බටු

Next Post

CLC වෙතින් මහේන්ද්‍රා වාහන මිලදී ගැනීමේදී ආකර්ෂණීය දීමනා

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.