• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

කොණ්ඩදෙණිය හිමියන්ගේ අප්‍රකට වික්‍රම

September 17, 2019
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

කැකුණ තෙල් ජීවමෙන් හොර කල්ලි නායකයා කොටුකරයි

කිරි කළයට ගොම බිඳුවක් වැටුණාම කිරි කළයම කිලිටි වෙන්නා සේ යහපත් ගුණගරුක මිනිසුන් ජීවත් වූ ඈත එපිට ගම්මාන අද මෙන්ම එදත් කිලිටි වූයේ සමාජ සාරධාර්ම නොතැකූ, හොරකමට, මැරකමට නැඹුරු වූ මිනිසුන් එකා දෙන්නා ගම්වල ජීවත් වූ බැවිණි.
අද මෙන්ම එදාද ගමවල නොයෙක් ආකාරයේ හොර මැරකම් සිදුවිය. එයින් පීඩාවට පත්වූයේ තමන්ගෙ පාඩුවේ යමක් කමක් කරගෙන අනුන්ට හිරිහැරයක් කරදරයක් නොවන ආකාරයට අහිංසකව දිවි ගෙවූ අසරණයන්ය.
තම ඇඟේපතේ ශක්තිය ප්‍රයෝජනයට ගෙන යමක් කමක් හරිහම්බ කරගෙන ජීවත් වීමට කල්පනා නොකළ ඔවුන් හැම විටෙකම කළේ දුක් මහන්සියෙන් ජීවත්වීමට යමක් කරනා අයගේ දෙයම සොරාගෙන ජීවත් වීමය. එවැනි අයගේ දහදුරාකම්, නොපනත්කම්වලින් අද වගේම එදා ගැමි සමාජයද බෙහෙවින් හෙම්බත් විය. එබඳු නොපනත් ක්‍රියාවල ගැහැට විඳි අපමණ මිනිසුන් තමන්ට සිදුවන හානි මඟහරවා ගැනීමටද එසේ කළ උන්ට දඬුවම් පැමිණවීමටද කොණ්ඩදෙණියේ හිමියන්ගේ පිහිට පතා පැමිණියේය.
ඒ හැර එබඳු අධමයන්ගෙන් අනේකවිධ ගැහැට විඳින්නට වූ අසරණ ජනී ජනයා නිරතුරුව පොලිසියට ගොස් එවැනි පැමිණිලිවලින් පොලිස් පොත් පිරවූහ.
මෙදිනද එබඳු පැමිණිලි රැගෙන පැමිණි පිරිසකට එවැනි හොරමැරකම් කළවුන් අල්ලා ගැනීමට මෙන්ම සොරාගත් දෑ ආපසු ලබාගැනීමට අවැසි ගුරුහරුකම් ලබාදෙමින් කොණ්ඩදෙණියේ හිමියෝ සිය දේව මන්දිරය තුළ වැඩ සිටියහ.
ඒ අතර කිසියම් කටයුත්තකට දේව මන්දිරයෙන් පිටතට පැමිණ සිටි “බණ්ඩා ඉක්මන් ගමනින් දේවාලය තුළටවිත්, ඔබ වහන්සේ හමුවීමට පොලිසියේ මහත්තුරු කට්ටියක් ඇවිත් සිටිනවා” යැයි කොණ්ඩදෙණියේ හිමියන්ට කීවේය.
“මං මේ ඇත්තන්ගෙ කටයුතු නිමා කරලම එන්නම්. උඹ ගිහින් ඒ ඇත්තන්ට ආවාස ගෙයි වාඩිවෙන්ඩ කියල තේ ටිකක් හදල දීපන් බණ්ඩො. මමත් ඉක්මනට එනව කියල කියපන්”
කොණ්ඩදෙණියේ හිමියන්ගේ උපදෙස් පරිදි බණ්ඩා ඒ කටයුතු එසේම කළේය.
තමා හමුවට පැමිණ සිටි ඇත්තන්ගේ කටයුතු නිමා කළ හිමියෝ ආවාස ගෙයට වැඩියහ.
“මේ අපේ පොලිසියෙ මහත්තුරු නොවැ. මොකෝ මෙහෙම හදිසියෙන්ම” හිමියෝ පිරිස දෙස බලා විමසූහ.
“අපිත් මේ ඔබ වහන්සේගෙන් පිහිටක් ලබාගෙන ආ ගමනක්. පිරිසේ පොලිස් ප්‍රධානියා කොණ්ඩදෙණියේ හිමියන් දෙස බලාගෙනම කීවේය.
“මගෙන්… පිහිටක්… පොලිසියට මොනවද මගෙන් වෙන්ට තියෙන පිහිට”
“එහෙම කියන්ට එපා හාමුදුරුවනේ. ඇයි අපේ පොලිස්පතිතුමත් පසුගිය කාලෙ දරුණු අපරාධකාරයො වගයක් අල්ලන්න අපේ හාමුදුරුවන්ගෙන් පිහිට පැතුවේ” පොලිස් ප්‍රධානියා එහෙම කීවම සීලරතන හිමියෝ සිනාසී හිස වනා එය අනුමත කළහ.
“හ්ම්… එහෙනම් කියමු බලන්ට අපෙන් පොලිසියට වෙන්ට ඕනෑ රාජකාරිය මොකක්ද කියලා” සීලරතන හිමියෝ හාන්සි පුටුවේ හරිබරි ගැහී ඈඳිගනිමින් කීහ.
“මේකයි හාමුදුරුවනේ දැන් මහව පැත්තෙත් හරි හරයට හොර මැරකම් වෙනව. අපට කියලත් විශාල නිලධාරී පිරිසක් නැහැ. එහෙත් ඉන්න අය දාවලේ වගේම රෑටත් මුර සංචාරක කටයුතුවල පවා යෙදිල ප්‍රදේශය ආරක්ෂා කරනව. ඒත් ගමේ තැන තැන කෙරෙන හොරකම්වල අඩුවක් නෑ”
“රෑට හරක් මඩුවල ගාල් කරන හරකුන් පන්නාගෙන යනවා. කුකුල්ලු අරගෙන යනවා. අහිංසක මිනිහෙක් කිතුලක් මැද්දම තෙලිජ්ජ මුට්ටිය පවා උස්සගෙන යනවා. වත්තක කෙසෙල් කැනක් තියන්නෙ නෑ. මේක එකම කල්ලියක වැඩක් කියලයි අපි සැක කරන්නෙ. ගම්මු ඉන්නෙ බියෙන්. තමන්ට සිදුවන සොරකම් ගැන පොලිසියට පැමිණිලි කරනවා. ඒත් සැකකරුවො ගැන හෝඩුවාවක් දෙන්න ගම්මු බයයි.”
“ඉතින් මහත්තයො මටත් කොච්චරවත් ඔය වගේ පැමිණිලි ලැබෙනවා. එහෙම කරන අයට දෙවියන් ලවා අච්චු කොරන්න කියලමයි ඉල්ලන්නෙ. ඔය දැන් ගිය උදවියත් එහෙම එහෙකට ඇවිත් ගියෙ.”
“හාමුදුරුවනෙ ඔබ වහන්සේගෙ ශක්ති බලයෙන් අපටත් මේ හොර කල්ලියෙ එකෙක් ගැන හෝඩුවාවක් ලබාගන්න හැකි වුණොත් ඉතිරි එවුන් උගෙන්ම දැනගත හැකියිනෙ. මේක ගමටම ලොකු හිසරදයක් වෙලා. අපටත් ලැබෙන පැමිණිලි එන්ට එන්ටම වැඩියි හාමුදුරුවනේ.”
“හ්ම්… හොඳයි ඔය එක මහත්මයෙක් මගෙත් එක්ක යමු අපේ දේව මණ්ඩලය හමුවට. ඊට ඉස්සෙල්ල කහ වතුරෙන් මුහුණයි, අත් දෙකයි හෝදගෙන පුංචි පඬුරක් බුලත් කොළේක තියන්න ඕනෙ. ඔය මහත්තය අතේ තිබෙන පඬුර බුලත් කොළය පිටින්ම කාලි මෑණිගෙ ඉදිරියෙන් තියල දේව මණ්ඩලය දිහා කෙළින්ම බලාගෙන වැඳගන්ටකො. තමන් ආපු කාරණාව ඉෂ්ට සිද්ධ වෙන්ට කියලත් හිතාගන්ටකො.” එසේ කී හිමියෝ කාලි මෑණියන්ගේ සුරත මත තිබූ රත් පැහැ පටිය ගෙන ගෙලට දමා දකුණට පුවක් මල් කිණිත්තක් ගෙන සිය දේව මණ්ඩලය හමුවේ ස්තෝත්‍ර කියන්නට වූහ.
එසේ ටික වේලාවක් ස්තෝත්‍ර කියමින් සිය දේව මණ්ඩලය ඇමතූ කොණ්ඩදෙණියේ හිමියෝ වරෙක උස් හඬිනුත්, තවත් වරෙක සිහින් හඬිනුත් මන්ත්‍ර කිහිපයක් ජප කළහ.
අනේකවිධ විදුලි බුබුළු දැල්වෙන්නාක් මෙන් වෛවර්ණ රශ්මි ධාරාවන්ගෙන් විටින් විට දේව මන්දිරය ඒකාලෝකව දැල්වෙන අයුරු පොලිස් නිලධාරියා බලා සිටියේ පුදුමය දනවමිනි.
දේව මණ්ඩලය පසෙක තිබෙන වලස් සිරුර එකවරම ඉදිරියට පනින්නට මෙන් ප්‍රාණවත් වන අයුරු දකිත්ම පොලිස් නිලධාරියාට ඉහින් කණින් දාදිය දමන්නට විය. දේව මන්දිරයට වැඳගෙන සිටින ඔහුගේ දෑත් දෙපා වෙව්ලන්නට විය.
දේව මන්දිරය දෙසම බලාගෙන යන්ත්‍ර මන්ත්‍ර ජප කරන අතරම සීලරතන හිමියෝ නිලධාරියා ඇමැතූහ. ඒ හඬ තමන් ආවාස ගෙය තුළදී කොණ්ඩදෙණිය හිමියන්ගෙන් ඇසූ හඬ නොවන වග දැනුණු නිලධාරියා තවත් බිය විය. ඔහු කිසි විටෙකත් මීට පෙර කොණ්ඩදෙණියේ හිමියන්ගේ දේව මන්දිරයට පැමිණ තිබුණේවත්, උන්වහන්සේ දේව මන්දිරය තුළදී වෙනත් ශක්තිසම්පන්න වෙසක් ගන්නා බවත් දැක තිබුණේද නැත.
“හ්ම්… මේ දරුව බය වෙන්ට කාරි නෑ. තමුන්ට මගේ දේව මන්දිරය ඇතුළත ආරක්ෂාව, රැකවරණය තිබෙනවා තේරුණාද?”
“එහෙමයි හාමුදුරුවනේ”
“තමුන් ඇවිත් ඉන්නෙ යහපත් සමාජයට හානිකර පිළිලයක් විනාශ කරන්න. මගේ දේව මණ්ඩලයෙන් පිහිටක් පතාගෙන. එහෙම නේද?”
“එහෙමයි… එහෙමයි…”
“මං උපකාර කරන්ට පොරොන්දු වෙනව තේරුණාද?” “මෙතැන් සිට තුන් වරුවක් ගතවන තැනේදි ඔය කියන පිරිසේ කෙනෙක්ව මං කොටුකරල දෙනව හොඳද”
“එහෙමයි හාමුදුරුවනේ…”
“තුන් වරුවක් ගෙවුණු පසුව මටත් ඒ ගැන යම් තොරතුරක් දැනගන්නට ඕනෑ තේරුණාද?”
“එහෙමයි… එහෙමයි…”
මන්ත්‍ර ජප කිරීම නවතා නැවැතත් දේව ස්තෝත්‍ර ගයා දේව භාෂාවෙන් දේව මණ්ඩලය අමතා කොණ්ඩදෙණියේ හිමියෝ පොලිස් ප්‍රධානියා දෙසට හැරුණහ.
“මහත්තයෝ බය වුණාද? දාදිය එහෙමත් දාලා. කිව්වම මොකද මගේ දේව මණ්දිරය ඇතුළත පුදුම බලයක් තියෙන්නෙ. මහත්තයො. මගේ දේව මන්දිරය හරහා මේ රටේ විතරක් නෙවෙයි මේ වන විට මහා සාගරයෙන් එපිට ඈයින්ටත් මම පිහිට වෙලා තියෙනවා. දුකට පත්ව, ප්‍රශ්නවලින් ගැලිල හිටපු උදවිය දස දහස් ගණනකගෙ කඳුළු පිසදාල ඔවුන්ට සැනසීම උදාකරලදීල තියෙනවා.
“අපේ හාමුදුරුවනේ…”
“ඔව්. තව ටිකක් ඉන්න ඕනෑ. මං දැන් කැකුණ තෙල් ටිකක් ජීවම් කරල දෙනව තේරුණාද?”
“එහෙමයි…”
“ඒ කැකුණ තෙල් දමල අලුත්ම මැටි පහනක් අරගෙන අලුත්ම කහ පැහැති පහන් තිර 3ක් වරු තුනක් එක දිගට දල්වන්න ඕනෑ. තුන්වැනි පහන දල්වල එහි පහන් තිරය දැල්වී නිමවෙන විටම හොර කල්ලියේ නායකයව මහත්තයලයටම කොටුවෙනව. ඒ සමගම පොලිසිය හමුවේ තමා කල්ලිය කරපු අපරාධ වගේම ඒකට සහසම්බන්ධ වෙච්ච හැමෝගෙම නම් ගම් සියල්ලම ඒ මිනිහ වමාරාවි. දැන් මගේ කටයුතු අහවරයි. ඉදිරි කටයුතු සියල්ල පොලිසියට බාරයි”
“එතකොට හාමුදුරුවනේ මහන්සිය”
“ඒ කිව්වෙ මගේ සේවය සල්ලිවලින් මනින්නද?”
“පිස්සුද මහත්තයො. මං ඔය බල්ලොත් නොකන සල්ලිවලට වැඩ කරන කෙනෙක් නෙමෙයි. මගේ ගාවට එන දහස් ගණන් ජනතාවගෙන් මං සල්ලි ගත්ත නම් මං අද කොහෙද ඉන්නෙ. ඔය කාගෙන්වත් සත පිච්චියක් තරමෙ මං අරගෙන නෑ. මං උපන් රටටත්, රටේ අසරණ ජනයාටත්, විපතට, ලෙඩට දුකට පත්වෙන අයටත්, සේවය කිරීමේ බලය මට ලැබුණෙ විශ්වයෙන්. මගේ ජීවිතේ ඇතිතුරාවට ඒ බලයෙන් මං මිනිසුන්ට සෙත, ශාන්තිය උදාකරල දෙනව.”
ප්‍රදේශයේ පොලිස් ප්‍රධානියා කොණ්ඩදෙණියේ හිමියන් දුන් කැකුණ තෙල් බඳුන අරගෙන ඉතා භක්තියෙන් හාමුදුරුවන්ගෙ දෙපා නමැද සෙසු පිරිස සමග ආපසු ගියහ.
පොලිස් ප්‍රධානියා කොණ්ඩදෙණියේ හිමියන්ගේ උපදෙස් පරිදි ගොක් අත්තකින් කොටුකර, පොලිසිය ඉදිරිපිට මිදුලේ ඉදිකළ පහන් ගෙයි කැකුණ තෙල් දැමූ නැවුම් පහන දැල්වීය. වරු තුන ගෙවුණු උදෑසන ගම්වැසියකු පොලිසියට පැමිණියේය.
“අනේ මහත්තයො ඊයෙ රෑ පුරාවට ගමේ බල්ලො එළිවෙනකම් බිරුවා. උදේ බලනකොට බුරම්පි අත්තගෙ වත්තෙ කෙසෙල් කැන් කපන්න ආපු අයෙක් ඒ ගෙය අසල වත්තෙ අලුතෙන් කපාපු වැසිකිළි වළකට වැටිලා. කෙඳිරිගානවා. ඒ වෙලාවෙම බල්ලො කඩා පැනල. තවමත් වළ වටකරගෙන බල්ලො හත් අට දෙනෙක් බුර බුර ඉන්නවා. මේ බල්ලො කොහෙන් ආවද දන්නෑ. අපේ ළඟපාත ගෙවල්වල නම් එක බල්ලෙක්වත් නෑ. බල්ලො හත් අට දෙනාම එකම පාට කළු බල්ලො. අනේ බුදු මහත්තයො මේ කතාව කියල යන්ටමයි මේ තකහනියක්ම පොලිසියට ආවේ” ගැමියා කීවේය.
පොලිසියෙ ප්‍රධානියා තව නිලධාරී කිහිපදෙනකු සමග ගැමියාගේ මඟපෙන්වීම යටතේ කෙසෙල් කැන් සොරා වැටී සිටි වළ සොයාගෙන පැමිණියහ.
තරමක් දුරින් යද්දී බල්ලන් බුරන හඬ ඇසුණත් ඒ අසලට යන විට එක බල්ලෙක්වත් ඒ අවට නොවීය. සිද්ධිය සැලවී ගම්මුද සෑහෙන පිරිසක් බුරම්පි ආතාගේ වත්තට එක්රොක් වූහ.
පොලිසිය කිහිපදෙනකුගේ ආධාරයෙන් වළට ඉණිමඟක් බස්සවා වළ ඇතුළත සිටි මිනිසා ගොඩගත්තේය. මිනිසා ගොඩට ගත් ගමන් පොලිසිය ඔහුගේ දෑත් පසුපසට තබා මාංචු දැමුවේය.
දිගු කාලයක් ගම බියවද්දමින්, හොරකම්, මැරකම් සිදුකළ කල්ලි නායකයා ඔහු විය. පොලිසිය කළ ප්‍රශ්නකිරීම් හමුවේ ඔවුන් එදින රාත්‍රියේද කපන ලද කෙසෙල් කැන් 15ක් සැඟවූ තැන් පෙන්වීය. සිය කල්ලිය දොළොස් දෙනකුගෙන් සමන්විත බව කී කල්ලි නායකයා ඒ සැවොම ගැනත්, වසර කිහිපයක් සිදුකළ හොර මැරකම් සියල්ලද පොලිසිය හමුවේ වැමෑරුවේය.
කල්ලි නායකයා පොලිසියට ගෙනගොස් වසා දැමූ ප්‍රධානියා ඇතුළු පිරිස අවට ගම් කිහිපයක් පීරා එදින හවස් වන විට කල්ලියේ සියලුමදෙනා අත්අඩංගුවට ගත්හ.
එදින සවස් යාමයේ පොලිස් ප්‍රධානියා ඇතුළු නිලධාරී පිරිසක් කොණ්ඩදෙණිය පන්සලට පැමිණ සීලරතන හිමියන් බැහැදුටුවහ.
“අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කී පරිදි වරු තුන පහන පත්තු කළා. පසුදා උදේම ගැමියෙක් ඇවිත් සොරෙක් වළකට වැටී ඇති බව කීවා. බැලුවම අවුරුදු කිහිපයක්ම එක දිගට ගම බියවද්දපු, හොර මැරකම් කළ කල්ලියේ නායකයා අපට අල්ල ගන්ට පුළුවන් වුණා. අපි ආවෙ පොලිසිය වෙනුවෙන් ඔබ වහන්සේට සිද්ධිය කියල ස්තුති කරල යන්ට.”
සීලරතන හිමියෝ මෙය එතරම් ගණන් නොගත්හ. උන්වහන්සේ මෙතෙක් සිදුකළ හපන්කම් මෙවැනි සුළුපටු ඒවා නොවීය. ඒ විතරක්ද නොවේ, එවැනි සැඩපරුෂ පුද්ගලයන්ට සිය දේව මණ්ඩලය හරහා උපරිම දඬුවම්ද ලබාදුන්හ.
“අපි මේ අය උසාවි දානවා” යැයි කී විට උන්වහන්සේට සිනා පහළ වූයේ බොහොමයක් සොරදෙටුවන් උසාවියට ගෙන ගියත් හරිහමන් සාක්ෂි නොමැති වීමෙන් එහෙමත් නැත්නම් සාක්ෂි පරස්පර වීමෙන් එවැනි සොර කල්ලිවලට නිදහස ලැබෙන බව උන්වහන්සේ දැන සිටි නිසාවෙනි.
“එතකොට ඔය හොර නායකයා වළට වැටිච්ච වෙලාවෙ ඉඳලා බල්ලො හත් අටදෙනෙක් වළ වටා බුර බුර හිටියෙ නැද්ද?”
“එළිවෙනකම් එහෙම ඉඳල තියෙනවා”
“එවුන් හත් අට දෙනාම එකම පාට බල්ලො නෙමෙයිද?”
“අපට පණිවුඩය දෙන්න ආව ගැමියා කිව්වා ඒ බල්ලො ඔක්කොම කළු පාට බව”
“ඒ ළඟපාත ගෙවල්වලත් බල්ලො නැහැ නේද?”
“හ්ම්… ඒකත් ඇත්ත. ඒ ගැමියා කීව ළඟපාත ගෙවල්වලත් බල්ලො නැහැ කියලා. මේ බල්ලො කෙහෙන් ආවද කියල කවුරුවත්ම දන්නෙ නෑ. එසේ කී පොලිස් නිලධාරියා කෙළින්ම සීලරතන හිමියන්ගේ මුහුණ දෙස බැලුවේය. “ඇයි නැත්තෙ. මං දන්නව. ඔය කල්ලි නායකයව වළකට දාල කොටු කෙරුවෙත් මම. කල්ලි නායකයව ගොඩ ඒම වළක්වන්න කළු බල්ලො අට දෙනෙක් යෙදෙව්වෙත් මම. එහෙම නොකළ නම් කල්ලියෙ අනෙක් එවුන් තමන්ගෙ නායකයව රෑ එළි වෙන්ට කලියෙන් ගොඩට අරගෙන යනව. මං මේ ඔක්කොම කෙරුව මගේ දේව මණ්ඩලයෙ ඉන්න කාලි මෑණියො හරහා. මට ඕනෙ නම් කාලි යකින්න හරහාම ඔය පාපතරයට එතැනදිම දඬුවම් දෙන්නත් තිබුණා. එහෙම කළා නම් හොර තක්කඩි කල්ලියම සෙම පෙරාගෙන එතැනම මැරී වැටෙනව. මං උන්ට දඬුවම් දෙන්න ගියේ නෑ.”
“පොලිසිය මගෙන් ඉල්ලුවෙ හොර කල්ලිය අල්ලගන්න කෙනෙක්ව අල්ලල දෙන්න කියල විතරයිනෙ. ඔන්න මගේ කාරිය මං කොළා. දැන් ඉතිරි හරිය පොලිසිය කරගන්න ඕනෑ” කී කොණ්ඩදෙණියේ හිමියෝ පොලිස් ප්‍රධානියා දෙසත්, සෙසු නිලධාරීන් දෙසත් බලා මඳ සිනාවක් පෑහ.
වසර ගණනක් පොලිසියට අල්ලාගත නොහැකි වූ සොර කල්ලියක් වරු තුනක් ඇතුළත කොටුකර ගැනීමට කළ ක්‍රියාවත්, සොර කල්ලි නායකයාම වළකට දැමුවේ මම යැයිද සෙසු අය නායකයව අරගෙන යනවට වළට කළු බල්ලන් යෙදවූයේ මම යැයි කොණ්ඩදෙණිය හිමියන් කළ කතාව ඔවුන් ඒ වන විට විස්මයට පත්කර තිබිණි.
“දැන් හොර කල්ලිය ඇල්ලුවනෙ. ඉතිරි හරිය පොලිසිය අතේ. මං දඬුවම් දුන්න නම් හොර කල්ලියම එතැනම සෙම දාගෙන මැරී වැටෙනවා” කී කතාවෙන් පොලිස් නිලධාරියා ඇතුළු සෙසු නිලධාරීහු සියල්ලම ත්‍රස්තව ගියහ. ඔවුන්ගේ උගුරකට වියැළී ගියේ එහෙයිනි.
පොලිසියෙ සමහර උදවිය උන්වහන්සේ අතින් දඬුවම් විඳි ආකාරය සිහිවීමෙනුත්, සොර කල්ලිය කොටුකළ ක්‍රියාවෙනුත් කොණ්ඩදෙණිය හිමියන්ට ඇති විසල් බලය කොතෙක්ද යන්න ඔවුනට එදින වැටහිණි.
නන්දන ශ්‍රී දොරකුඹුර

SendShareShare
Previous Post

ජීවිතය ගැන සිහිනයෙන් අනාවැකියක්

Next Post

ජීවන් අලුත් වැඩකට ලෑස්තියි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News
Exclusive

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

පානදුරේ ගොරකාන ගල්කණුව ප්‍රදේශයේ පිහිටි එක් නිවසක් වටා දින කිහිපයක් තිස්සේ පැතිර ගියේ අමුතු නිහඬතාවක්. ඒ නිවසේ දොර දින කිහිපයක්...

Read more
අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.