• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ජීවන් අලුත් වැඩකට ලෑස්තියි

September 17, 2019
in Heart
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

අතිශය කාර්යබහුල දේශපාලනික ජීවිතය හේතුවෙන් වසර ගණනාවක් පුරා සිංහල සිනමා ක්‍ෂේත්‍රයෙන් බැහැරව සිටි ප්‍රකට, දක්‍ෂ සිනමා කලාකරුවකු වන ප්‍රවීණ රංගන ශිල්පී ජීවන් කුමාරතුංග නැවත සිනමාවට ආගමනය වීම පසුගියදා දක්නට හැකිවිය. බොහෝ නිහතමානී මෙන්ම කාගේත් සිත් දිනාගත් දේශපාලකයකු සහ ප්‍රවීණ රංගධරයකුද වන ජීවන් කුමාරතුංග මෙවර වසර ගණනාවකට පසුව සිංහල සිනමාව අතික්‍රමණය කරන්නේ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු ලෙසිනි. එනම කුළුඳුලේ දොරට වඩින සිනමා අධ්‍යක්‍ෂවරයකු වශයෙනි. වසර 35කට අධික කාලයක් ප්‍රකට රංගන ශිල්පියකු ලෙස සිටි ජීවන් මෙවර තම නිර්මාණය අධ්‍යක්‍ෂණය කරමින් එහි ප්‍රධාන භූමිකාවක්ද නිරූපණය කරයි.

“ජීවා” නමින් නම් කර ඇති මෙම සිංහල චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගියදා කොළඹ කින්ග්ස්බරි හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තා වශයෙන් පැමිණියේ ව්‍යාපාරික ක්‍ෂේත්‍රය, කලාව සහ ක්‍රීඩා ක්‍ෂේත්‍රවලද ප්‍රබල නමක් හිමිකරගෙන ඇති, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ වත්මන් සභාපති කිෂූ ගෝමස් මහතාය. එහිදී ඔහු ප්‍රධාන දේශනය පවත්වමින් කියා සිටියේ ජීවන් කුමාරතුංග වැනි හසල දක්‍ෂතා ඇති රංගන ශිල්පියකු, චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු වශයෙන් දොරට වැඩීම අතිශය සතුටට පත්වීමට හේතුවක් බැව්ය. එමෙන්ම වත්මන් සමහර පාර්ශ්ව පවසන පරිදි වත්මන් සිනමාව කඩාවැටී ඇතැයි කියන කතාව අසත්‍යයක් බවත්, හොඳ සිනමා නිර්මාණ බිහිවන්නේ නම් ජනතාව ඒ කෙරෙහි ඇදී එන බවත්ය.

රංගන ශිල්පියකු මෙන්ම හිටපු අමාත්‍යවරයකුද වන ජීවන් කුමාරතුංග මහතා කතා කරමින් කියා සිටියේ,
තමන් අධ්‍යක්‍ෂණය කර නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන්නේ ජනතාවට සමීප වන වාණිජමය තේමාවක් ඇති එහෙත් ගුණාත්මකභාවයකින් යුත් සිනමා නිර්මාණයක් බවය. ඒ සඳහා තමන් දැඩි කැපකිරීමක් සිදු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවද පැවසීය. එය සම්පූර්ණයෙන්ම ජනතාව ආදරයෙන් වැලඳ ගන්නා පොදු සමාජයීය කතාවක් වනු ඇතැයිද ඔහු අවධාරණය කර සිටියේය. මෙම චිත්‍රපටයේ තමන් සමඟ වසර කිහිපයක නිහැඬියාවකින් සිටි තවත් ප්‍රවීණ රංගන ශිල්පිනියක වන සංගීතා වීරරත්න ප්‍රධාන නිළි භූමිකාව නිරූපණය කරන බවද පැවසීය.

ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය මහතාද මෙම උත්සවය අමතමින් ප්‍රකාශ කර සිටියේ,
ජීවන් කුමාරතුංග වැනි ප්‍රවීණ ශිල්පීන් නැවත සිනමාවට ආගමනය වීම අතිශය සතුටට කරුණක් බවය. එමෙන්ම ඔහු සිනමා අධ්‍යක්‍ෂණයට පිවිසීමද ඉතාමත් සතුටුදායක පුවතක් වන අතර, ඔහු අතින් සාර්ථක සිනමා නිර්මාණයක් බිහිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්ය. විවිධ දේශපාලනික කරුණු කාරණා නිසා ජීවන් කුමාරතුංග සිනමාවෙන් ඉවත්ව සිටීම විශාල පාඩුවක් බවද ප්‍රකාශ කර සිටියේය.

“ජීවා” චිත්‍රපටයේ රූගතකිරීම් කටයුතු මෙම සතියේදී ආරම්භ කිරීමට නියමිතය. තරුණ ව්‍යාපාරික යුවළක් වන තිළිණි ප්‍රියමාලී සහ ඉසුරු බණ්ඩාර “තිකෝ ෆිල්ම්ස්” වෙනුවෙන් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරයි. ජීවන් කුමාරතුංග සහ සංගීතා වීරරත්න සමඟ ක්ලීටස් මෙන්ඩිස්, මීනා කුමාරි, දර්ශන් ධර්මරාජ්, කැලුම් ආරියන් සහ තවත් ජනප්‍රිය නළු නිළියන් කිහිපදෙනෙක්ම මෙම නිර්මාණයට දායක වෙති. මෙහි තිර රචනය කැළුම් ආරියන්ද, කැමරා අධ්‍යක්‍ෂණය ප්‍රවීණ කැමරා අධ්‍යක්‍ෂ ත්‍රිශූලදීප තඩවිට විසින්ද, සිදුකරනු ලබයි. එයට අමතරව සහාය අධ්‍යක්‍ෂණය චන්දන එදිරිසිංහ, අංග රචනය ධනුෂ්ක හුලංගමුව, සංගීත අධ්‍යක්‍ෂණය සුනිල් ධර්මසේන, සටන් අධ්‍යක්‍ෂණය වසන්ත කුමාරවිල, නිෂ්පාදන කළමනාකරණය සුසන්ත කැළුම්ප්‍රිය සහ චාමර උජෙක්ෂිතද සිදුකරනු ලබයි. “ජීවා” චිත්‍රපටයේ මාධ්‍ය සම්බන්ධීකරණය ඇන්ටන් ජේ. ප්‍රනාන්දුගෙනි.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

කොණ්ඩදෙණිය හිමියන්ගේ අප්‍රකට වික්‍රම

Next Post

CINEC Open Day සැප්තැම්බර් 21 වැනිදා

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.