• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

උඩරට රජවරු අන්තඃපුර බිසෝවරු සමඟ තනිවුණු රාජකීය සිරියහනේ අමුතු බලයක්

February 14, 2021
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
උඩරට රජවරු අන්තඃපුර බිසෝවරු සමඟ තනිවුණු රාජකීය සිරියහනේ  අමුතු බලයක්
Share on WhatsAppShare on Facebook

අන්තඃපුර කිව්ව ගමන් ඊළඟට මතු වන වචනය ලිංගිකත්වය. ඒක හින්දාම මේ මාතෘකාව වැඩි දෙනෙක් කතාබහට නොගෙන මඟහරිනවා වෙන්නත් පුළුන්. හැබැයි ඉතින් එහෙම මඟහරිනවා කියලා මේ කාරණාව කතා නොකළ යුතු දෙයක් කියලා හිතන එකත් සාධාරණ නැහැ. අනෙක් එක අන්තඃපුර පවත්වාගෙන යෑම හෝ ස්ත්‍රීන් විශාල පිරිසක් ඇසුරු කිරීම කියන කාරණයේ හොඳ, නරක හෝ ගැළපෙන, නොගැළපෙන බව හොයනවාට වඩා ශ්‍රී ලාංකීය රජවරුන්ගේ අන්තඃපුර ජීවිත ඇතුළේ සඟවුණු විශේෂිත කරුණු කාරණා තියනවාය කියන එක නම් සොයා බැලීම වටිනවා.

අන්තඃපුර පවත්වාගෙන ගිය බොහෝමයක් රජවරු සිය අන්තඃපුර ළඳුන් පිනවීම යන කාරණයේදී ගුප්තමය ශක්තීන්ගේ බලයත්, විවිධාකාර ඖෂධයන්ගේ ශක්තියත් භාවිත කළාය කියන එක විවිධ තැන්වලදී කියැවෙනවා. එහෙම දේවල් බොරු, අසත්‍ය කියලා නිකම්ම අතහැර දාන්නත් බැහැ. මොකද මේ ගනුදෙනුවලදී එවැනි විවිධාකාර උදව් උපකාරයන් රජු ලබාගන්නට ඇතැයි ඕනෑම කෙනකුට සාධාරණ සැකයක් ඇති වීමට අවස්ථාව තිබෙනවා.

බොහෝමයක් රජවරුන් සිය අන්තඃපුර ස්ත්‍රීන් සමඟ සබඳතා සඳහා වෙනමම ස්ථානයක් පවත්වාගෙන ගිය බවට අනන්තවත් කරුණු, කාරණා ජනප්‍රවාද අතරේ තිබෙනවා. ඇතැම් රජවරුන් සිය සිරියහන් ගබඩා විශේෂිත යන්ත්‍ර – මන්ත්‍රවලින් බලගන්වා තිබූ බවත්, රාගය ඉස්මතු වන ආකාරයට සිරියහන් ඉදිකර තිබූ බවත් කියැවෙනවා. ඒ වගේම ඒ වෙනුවෙන්ම රාජකීය වෙදැදුරන්, කට්ටඩින් ලවා සකස්කරවා ගත් තෙල්, ඖෂධ ආදිය භාවිතයට ගත් වගත් විවිධ ජනප්‍රවාද තුළ රසවත් ආකාරයට සඳහන් වෙනවා.

මේ සම්බන්ධව ඉතා වැදගත් රහස් ගොන්නක් සාක්‍ෂි සාධක සහිතව ඔප්පු වන ස්ථාන කිහිපයක් උඩරට රාජධානි පිහිටි මහනුවරින් හමුවෙනවා. එහිදී උඩරට රජුගේ අගමෙහෙසියටම වෙන් වූ ඇයට පමණක් වාසය සඳහා ඉදිකළ ගොඩනැඟිල්ලත් රජුගේ හිතගිය අන්තඃපුර ස්ත්‍රීන්ට නවාතැන් ගැනීම සඳහා ඉදිකළ ගොඩනැඟිල්ලත් අදත් ඉතා හොඳ මට්ටමින් දැකගත හැකි වෙනවා. ඉතා ඉහළ රාජකීය ආරක්‍ෂාවක් සහිතව මෙම ගොඩනැඟිලි තිබූ බවට අනුමත කළ හැකි පාරිසරික වටාපිටාවකුත් මෙම ගොඩනැඟිලි අවටින් දැකගත හැකියි.


එහිදී විශේෂිත තැනක් ලෙස අගබිසව වාසය කළ මැද වාහල ගොඩනැඟිල්ල හැඳින්විය හැක. මෙය තනි මහලට, බොරදම් බේරූ කළුගල් පාදමක් මත බිත්ති ගොඩනැඟූ, උසින් අඩු ඉදිකිරීමකි. ඉතා කුඩා ජනෙල්වල බීරළු සවිකර තිබෙනවා.

මෙරට අන්තිම රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අගබිසව වාසය කළ මෙය පැරැණි ස්වරූපය වෙනස් නොවූ එකම රාජකීය ගොඩනැඟිල්ල ලෙස අදද දැකගත හැකි වෙනවා. අද කෞතුකාගාරයක් ලෙස භාවිතයට ගැනුණත් මේ ගැන නොදන්නාකමින් බොහෝමයක් දෙනාට මඟහැරෙන තැනක් ලෙසද මෙය සැලකෙනවා.

කෙසේ නමුත් මොනතරම් රාජකීය සැප සම්පත් තිබුණත් රජුගේ අගමෙහෙසිය ගතකර ඇත්තේ නිදහස ඇහිරුණු ජීවිතයක් බවට මේ ගොඩනැඟිල්ලට යන ඕනෑම කෙනකුට හිතෙන එක සාමාන්‍යයි. විශාල උළුවහු කඳන් සහිත කුඩා ප්‍රමාණයේ දොර ඇතුළතින් පමණක් අගුළු ලා හැකි ආකාරයටයි නිර්මාණය කර තිබෙන්නේ. හැබැයි මෙම කුටිය පිළිබඳව කළ සංරක්‍ෂණ කටයුතුවලදී තවත් විශේෂ රහසක් හෙළිව තිබෙනවා. ඒ තමයි ගොඩනැඟිල්ලේ ඇති එකම කුටියේ ඇඳන් තැබීමට යැයි අනුමාන කළ හැකි අයුරින් කපා තිබූ කළුගල් කට්ටා හතරක ඇතුළත සැඟවූ තඹ පත්ඉරු හතරක් හමුවීම. එම පත්ඉරු හතරේ ආරක්‍ෂක මන්තර කොටා තිබූ බවට විශ්වාසයක් පවතින අතර, ඒවා අද ද පුරාවිද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරෙනවා. ලිංගික කටයුතුවලට ශක්තියක් එක්කර ගැනීමටත්, රජුගේත්, බිසවගේත් ආරක්‍ෂාවටත් එම මන්ත්‍ර වළලන්නට ඇතැයි විශ්වාසයක් පවතිනවා.

මීළඟට මේ කාරණයේදී වැදගත්ම තැන තමයි පල්ලෙ වාහල. වර්තමානයේ මහනුවර කෞතුකාගාරය පවත්වාගෙන යන්නෙ මේ ගොඩනැඟිල්ලෙ වුවත් මෙය එදා රජුගේ අන්තඃපුරය ලෙසයි භාවිතයට ගෙන තිබෙන්නේ. මිටි වහලක් සහිත මෙයද කුඩා ජනෙල්වලින් යුතුවයි නිමවා තිබෙන්නේ. ප්‍රමාණයෙන් විශාල වුවද මැද වාහලට සමානකම් සහිත පල්ලෙ වාහල ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වන්නේ කුඩා ශාලාවකටයි. ඒ දෙපසින් කාමර පේළිවලට යොමු වූ බරාඳයක් පිහිටා තිබෙනවා. හතර පැත්තෙන්ම ඇති බරාඳ මැද මිදුලටයි, විවෘත වෙන්නේ. මේ ආකාරයට විශේෂිත වූ ඉදිකිරීම් ක්‍රම සහිතව යම් රාජකීය ආරක්‍ෂිත ක්‍රමවේදයනට අනුව ඉදිකළ පහළ වාහල තුළද යම් ගුප්ත රහස් ගොන්නක් සැඟවී ඇතැයි කෙනකුට සිතෙනු ඇත. ඒ අතර, අන්තඃපුර ස්ත්‍රීන්ගේ සිතැඟි පාලනය සඳහා භාවිත කළ විවිධ උපක්‍රම යන්ත්‍ර – මන්ත්‍ර මෙන්ම ඖෂධද මේ නිහඬ බිත්ති අතරේ සඟවා සැඟවී නැතැයි කාටනම් කිව හැකිද.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

හච් “SMART” වෙයි

Next Post

අමානා තකාෆුල් රක්ෂණ සමාගම සාර්ථකව ජන හද ජය ගනී

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
Exclusive

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන මෙන් නියෝගයක් නිකුත් කරන්නැයි...

Read more
කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.