පාරිභෝගිකයින් වෙනුවෙන් නිරතුරුවම කැපවෙන ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සන්නිවේදන සහකරු වන හච්, සිය පාරිභෝගිකයින්ට වඩාත් උසස් සන්නිවේදන සේවාවක් ලබාදීම සඳහා කටයුතු යොදමින් සුවිශේෂී අත්දැකීමක් හච් “SMART” නමින් දියත් කර ඇත.
මේ හරහා හච් සතු දැවැන්ත හා සමීප ආවරණ ජාලය සහ පාරිභෝගිකයින් වෙනුවෙන් හච් තුළ වූ අසීමිත කැපකිරීමේ ප්‍රතිඵලයක් ලෙස ගෙවන මුදලට සරිලන විශිෂ්ට සේවාවක් පාරිභෝගිකයින් වෙත ලබාදීමට හච් සමත් වේ. එමනිසා දිනෙන් දින වර්ධනය වන ශක්තිමත් පාරිභෝගිකයින් පදනමක් තමන් සතු කර ගැනීමට හච් සමත් වී ඇති අතරම ඔවුන් වෙනුවෙන් නවතම වැඩසටහන් රාශියක් ද සැලසුම් කර ඇත.
හච්හි නවතම තේමාව “Yanko! Vango! Let’s Go Smart with HUTCH” යනු, ජාතියක් ලෙස එක්ව නැගිටිමු, එක්ව ඉදිරියට යමු, එක්ව ජීවත්වමු යන උදාර සිතුවිල්ලයි.











