• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ඉරුගල්බණ්ඩාර දෙවියන්ට පණදුන් මහකන්දෙ මිනිසා

August 31, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
ඉරුගල්බණ්ඩාර දෙවියන්ට පණදුන් මහකන්දෙ මිනිසා
Share on WhatsAppShare on Facebook

දෙවියකුට යළිත් පණදිය හැකිද? යන පැනය විමසන විටක මතුවන තව ගැටලුවක් වන්නේ දෙවියන් මියයන්නේද යන කාරණයයි. මෙහිදී ජන ඇදහීම ඇතුළු ජනශ්‍රැතිය හැදෑරූ විද්වතෙකුගේ අර්ථකථන වෙත සමීපවීම වඩාත් සුදුසුවෙයි. රිචඞ් බැයුමන් නම් ජනශ්‍රැතිවේදියා සඳහන් කරන අන්දමට ජනශ්‍රැතියේ ඇතැම් ප්‍රධාන අර්ථකථන කාලයක් තිස්සේ පණ නොලබා නිහඬව තිබේ. මේ ලෙසම යටපත් වූ ජනශ්‍රැතිය තුළ යටපත් වූ චරිතද තිබිය හැකිය. ඒවා ගවේෂණය කිරීම මගින් නව සංස්කෘතික ප්‍රබෝධයක් ඇති කිරීමද කැපවීමෙන් කළ හැකි බව ඒ ජනශ්‍රැති-වේදියාගේ අදහසයි.

ඒ කියන ආකාරයෙන් යම් ඇදහීමක් අවධානයෙන් ගිලිහී නිහඬව ඇති විට එතෙක් පැවැති හා ජනශ්‍රැතිය හා ඇදහීම යටපත්වේ. ඇදහූ දෙවියා හෝ එවන් වෙනත් චරිතයක් සැඟවී යයි. මේ මූලික න්‍යාය අනුව පේරාදෙණිය මහකන්ද පෙදෙසේ ජනයාගේ තුඩ තුඩ පැවැති ඉරුගල්බණ්ඩාර දේව විශ්වාස උපත ලැබූ යුගය යටපත් වී ඒ ඇදහීම දැන් දැන් බැහැර වෙමින් පවතිමින් තිබියදී මේ මෑතක අපූරු දෙයක් සිදුවිණි. උක්ත දේව විශ්වාසයට තුඩුදුන් ඉරුගල්බණ්ඩාර දේවතාවගේ ප්‍රතිමාවක් සාදවා ඒ දේවතාවාගේ මූලික ලක්‍ෂණ එක්තැන් කරන පාලි ගාථාවක්ද සෑදීමේ වැදගත්කම මතුකර දුන් ජන ඇදහීම් පිළිබඳ චින්තනයක් ඇති ත්‍රිරෝද රථ රියැදුරු මහතකු ලෙස මහකන්දේ සුමිත් කුමාර හැඳින්වීම අතිශයින් උචිත වෙයි.

සුමිත් කුමාර මහතා මහකන්ද ඉරුගල්බෝධිය විහාරයේ දායක මහතෙකි. මේ ස්ථානය පැරැණි ඉරුගල්බණ්ඩාර දෙවියන්ගේ උපත සිදුවූ පෙදෙස බව හඳූනාගත් ඔහු ඒ විහාරස්ථානයේ කලින් වැඩ විසූ විහාරාධිපති පූජ්‍ය ශාස්ත්‍රවේදී ඥානවංශ හිමියන් සමඟ මහකන්දේ පිහිටි මගේ නිල නිවෙසටද වරින් වර පැමිණියේය. හිටපු විහාරාධිපතිවහන්සේට ඉරුගල්බෝධි විහාරයේ ඓතිහාසික පසුතලය එක්තැන් කර වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමේ අදහසක්ද පැවැතිණි. ඒ අතරතුර අකාලයේ ගිලන් වූ උන්වහන්සේ හදිසියේ අපවත්වූහ. ඉන් පසු සැලකිය යුතු කාලයක් තුළ සුමිත් කුමාර මහතාගේ අවධානය යොමු වූයේ මේ ස්ථානයේ අධිගෘහිත යැයි සැලකෙන ඉරුගල්බණ්ඩාර දෙවියන්ගේ පිළිමයක් තැනවීම හා ඒ දෙවියන්ට ප්‍රණාමය දැක්වීමට පබැදිය යුතු ගාථාවක් සාදාගැනීම කෙරෙහිය. එම කාරණයේදී සුමිත් මහතා වත්මන් විහාරාධිපති පූජ්‍ය ශාස්ත්‍රවේදී පත්අඬුවන වංශෝදය ස්වාමින් වහන්සේගේ නොමඳ අනුග්‍රහයද රැගෙන මා හමුවට පැමිණ එකී දෙවියන් උදෙසා පාලි ගාථාවක් ප්‍රබන්ධ කර දෙන ලෙස ඉල්ලා සිටියේ ඉරුගල්බණ්ඩාර පුරාවෘත්තයට සම්බන්ධ කෝල්මුර කවි කිහිපයක් ද මා අත පත් කරමිනි.

ඒ කවි අතර ඉරුගල්බණ්ඩාර දෙවියන්ගේ රූපාකාරය හොඳින් විස්තර වන කවියක්ද විය. එය මෙසේය,
අටවාලා රන්දුන්න උරේයා
තනවාලා රන්මාල කරේයා
ලෙළදීලා රංගිරි අතේයා
නටවාලා ඉරුගල් වඩිනේයා

මේ පැදියට අමතරව ඉරුගල්බණ්ඩාර දෙවියා ප්‍රදේශයේ වී ගොවිතැනට හා සශ්‍රීකත්වයටද සම්බන්ධ දේවතාවෙක් බව හඳුන්වන තවත් කවි එහි විය. ඒ සියල්ල සැලකිල්ලට ගෙන එකී දෙවියාගේ ලක්‍ෂණ අනුව මා පබැඳූ ගාථාව මෙසේ විය.
“සන්තුට්ඨිතා බහිගතො චන්ද රංසීහි සංගමො
නිබ්බත්තිත්වා පායිංගාමෙ හනතානෙ සිඛරෙ වසී
යක්ඛානුභාවෙන විපුලො කසිත කම්මං සුරකඛති
සූරිය සෙල බණඩාරො නාමො වුච්චති දෙවතා”

මේ දෙවියන්ගේ උපතද තරමක් අනුවේදනීය ලක්‍ෂණ රැගත් පුරාවෘත්තයකි. මහකන්ද අසල ඇති පායිංගමුව පෙදෙසේ ගැමි යුවළකට කුඩා දරුවෙක් සිටියේය. ඔහු හඳ ඇති රාත්‍රිවල හඳ ඉල්ලා අඬන්නට විය. එක් දිනක් යුවළ දරුවා ගෙයින් පිටට දමා දොර වැසූහ. එසේ කළේ අනාදරයෙන් නොව තාවකාලිකව දරුවා බිය කොට හැඬුම නතර කිරීමටය. ඒත් හිටි අඩියේ දරුවාගේ හැඬීම නතර විය. වහා ගෙයින් පිටට ගිය මවුපියෝ විලාප තබමින් දරුවා සෙවූහ. ඒත් ඔහු සොයාගත නොහැකි විණි. එකනෙහි ඉහළ හන්තාන කඳු පෙදෙසින් “මම දැන් ඉරුගල්බණ්ඩාර දෙවියන්“ යනුවෙන් දෝංකාරයක් ඇසිණි. ඒ දෙවියන් සිහිනෙන් දැක්වූ පණිවුඩයක් අනුව පියා මහවැලි ගඟ අයිනේ කුඩා කෝවිලක් ඉදිකරන ලදී. 1947 වර්ෂයේ ඇතිවූ ගංවතුරින් ඒ කෝවිල ගසාගෙන යනු ලැබිණි. ඉන් පසු ඉරුගල්බණ්ඩාර ආකර්ෂණය සම්බන්ධ වූයේ ඊට මඳක් ඉහළින් පිහිටි ස්වභාවික ලෙනක් මැදිකරගෙන ඉදිවූ විහාරස්ථානයක් සමඟය. සුමිත් කුමාරගේ අවධානය යොමුවූයේ මෙම ඓතිහාසික ස්ථානය වෙතය. මේ කාරණය යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා සුමිත්ට නිරන්තර උපකාර කරන ලද්දේ පී.ඒ. සිසිර පායිංගමුව මහතා විසිනි. එමෙන්ම ගෙලිඔය දේවාලයක සේවය කරන පිටුනුගම කපුමහතාද සුමිත්ගේ උත්සාහයට මහත්සේ දායක වූයේය.

ඉරුගල්බණ්ඩාර දෙවියන්ගේ රූපාකාරය සෑදීමේදී සුමිත්ට උපකාර වූයේ හිඳගල රජමහාවිහාරාධිපති පූජ්‍ය ශාස්ත්‍රවේදී පඥාකීර්ති ස්වාමින් වහන්සේය. උන්වහන්සේ එක්තරා අඳුනක් නැරඹීමෙන් පසු ඉරුගල්බණ්ඩාර දේවපාදය පරීක්‍ෂා කොට එම ස්ථානයේ දේව ප්‍රතිමාවක් වඩාහිඳූවීමේ ඇති යෝග්‍යතාව අනුමත කළහ. එමෙන්ම සුමිත් සොයා දෙන ලද කෝල්මුර කවියෙන් විස්තර කරන දෙවියන්ගේ කායික විලාසය දළ වශයෙන් ඇඳ දෙන ලද්දේද උන්වහන්සේ විසිනි. ඒ අනුව ඉරුගල්බෝධි විහාරස්ථානයේ පසෙක ඇහැලියගොඩ සමන්ත ඉන්දික නම් ශිල්පියා අතින් ඉරුගල්බණ්ඩාර දෙවියන්ගේ අනුරුවක් ඉදිවූ අතර එකී දෙවියන්ගේ අනන්‍යතාව විස්තර කෙරෙන මා නිර්මාණය කළ ගාථා පාඨයද ඊට සම්බන්ධ විය.

මහාචාර්ය නන්දසේන රත්නපාලගේ ජනශ්‍රැති විද්‍යාව 1995 ග්‍රන්ථයේ එන අදහසක් සුමිත් කුමාර ඇතුළු මීට පාදක වූවන් සම්බන්ධයෙන් වඩා වැදගත් වෙයි. ඇලෙක්සන්ඩර් ක්‍රැප් නම් විද්වතා පවසන පරිදි ජනශ්‍රැතිය රැකෙන්නේ මෙසේ පොදු ජනයා ඊට දායක වූ විටය. සුමිත් කුමාර මහතා මීට මුල් නොවූයේ නම් ඉහත විස්තර කළ අනෙකුත් සම්පත්දායකයන්ද මීට සම්බන්ධ නොවනු ඇත. මේ සිදුවීම මිනිසුන්ගේ සිත් සතන් තුළින් අමතකවී යාමට ඉඩ ඇති නමුදු මා ලියන මේ සටහන මගින් මේ පුද්ගලයනුත් සිදුවීමත් ඉතිහාසයේ කොහේ හෝ සටහන් වනු ඇත.

SendShareShare
Previous Post

වවුනියාවේ සැඟවුණු හාස්කම් පිරි පුදබිම

Next Post

ධනවතුන් පැවිදිවුණු රාජකීය විහාරය

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.