• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ධනවතුන් පැවිදිවුණු රාජකීය විහාරය

August 31, 2019
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
ධනවතුන් පැවිදිවුණු රාජකීය විහාරය
Share on WhatsAppShare on Facebook

අපගේ ප්‍රෞඪ ඉතිහාසය පිළිබඳ කදිම නිදර්ශන අනුරාධපුර පූජා භූමිය හා ඒ ආශ්‍රයෙන් හඳුනාගැනීම අසීරු නොවේ. මහින්දාගමනයෙන් පසු සිංහල සංස්කෘතිය බෞද්ධකරණයට බඳුන් වූ අතර කෙටි කලකින් භික්ෂු ශාසනයද මෙහි ස්ථාපිත විය. ක්‍රමයෙන් භික්ෂූන් වහන්සේ වර්ධනය වූ අතර රටේ රාජ්‍ය ගෙන ගිය දේවානම්පියතිස්ස රජු උන්වහන්සේලාගේ වාසස්ථාන නිර්මාණය කිරීමට මූලිකත්වය ගත්තේය. එසේ ගොඩනැංවූ ආරාමයක් ලෙස ඉස්සරසමණ විහාරය හෙවත් ඉසුරුමුණි විහාරය නම් කළ හැකිය. මෙකී විහාරය කරවා ඇත්තේ මුලින්ම පැවිදි උපසම්පදාභාවයට පත්වූ අරිට්ඨ තෙරුන් ඇතුළු රාජකීය ධනවත් පවුල්වලින් පැවිදි වූ පිරිස් වෙනුවෙනි. එහි භික්ෂූන් වහන්සේලා 500 නමක් වැඩසිටි බව දැක්වේ.

කෙසේ නමුත් වර්තමානයේ මෙය දිස්වන්නේ කුඩා විහාරස්ථානයක් ලෙසිනි. නමුත් අතීතයේදී මෙය සුවිසල් විහාරස්ථානයක් වශයෙන් පවතින්නට ඇති බව භික්ෂූන් වහන්සේ 500 නමක් වැඩසිටියේ යැයි සැලකෙන කතා පුවතින් තහවුරු කරගත හැකිය. ඒ අනුව ඉතා විශාල ආවාස සංකීර්ණයක් මෙහි තිබී ඇත. ශිලා ලේඛනවල පඤ්චමහා ආරාම පිළිබඳ දැක්වෙන අතර එයින් එක් විහාරයක් ලෙස මෙය නම් කළ හැකිය. මෙසේ කරවූ පඤ්චමහා ආරාම වන්නේ මහාවිහාරය, මිරිසවැටිය, ථූපාරාමය, මිහින්තලේ සහ ඉස්සරසමණ විහාරයයි. මෙහි අෂ්ටඵල බෝධීන් වහන්සේ ද රෝපණය කර තිබීම වැදගත් කරුණක් සේ සැළකිය හැකිය. ක්‍රිස්තු වර්ෂ 1-3 සියවස්වලට අයත් ශිලා ලේඛනවල මේ විහාරය හඳුන්වා ඇත්තේ ‘ඉසිරමණි විහාරය’ යන නාමයෙනි. මෙම විහාරය ස්වභාව සෞන්දර්යයෙන් හා නිර්මාණාත්මක වස්තුවලින් හෙබි ස්ථානයක් වශයෙන් අගැයීම් කළ හැකිය. කෙසේ නමුත් අතීතයේ නිර්මාණ හා වර්තමාන නිර්මාණ මනාව හඳුනාගත හැකිය.

මෙහි අන්තර්ගත වන අතීත නිර්මාණ ලෙස ගල් පර්වතය පාමුල ඇති පිරිත් පැන් පොකුණ, ගලෙහි ඇති ඇත් රූපය, පර්වත මුදුනේ ඇති බුදු මැඳූර, ලෙන් විහාරයට පිවිසෙන පඩිපෙළ, බහු උන්නතව කැටයම් කර ඇති අශ්වයා හා මිනිසා, සඳකඩපහණ, මුරගල් හා කොරවග්ගල්, ලෙන්විහාරයට පිවිසෙන තැන ඇති මකර තොරණ, අෂ්ටඵල බෝධිය ආදිය වේ. මෙහි වර්තමාන කාලයට අයත් වන නිර්මාණද දැකගත හැකි වන අතර නවීන විහාරය, පුරාවිද්‍යා කෞතුකාගාරය, භික්ෂු ආවාසය, දොරටුවේ ඇති මණ්ඩපය, ථූපය, ඝණ්ටාර කුලුන, ගලෙහි කොටා ඇති සිරිපතුල ඒ අතර වෙයි.

අතීතයේ පටන් ඉසුරුමුණි විහාරයට රාජ්‍යානුග්‍රහය ලැබී ඇත. විශේෂයෙන්ම වසභ රජු, වෝහාරිකතිස්ස රජු, පළමුවැනි කාශ්‍යප රජු, සිවුවැනි මහින්ද රජු ඒ අතර විශේෂ වෙති. වසභ රජු මෙහි පොහොය ගෙයක් කරවා ඇති අතර වෝහාරිකතිස්ස රජු විහාර ප්‍රාකාරය ඉදිකරවා ඇත. පළමු කස්සප රජතුමා මෙහි විහාරය අලුත්වැඩියා කොට තවත් කොටසක් එකතු කර ඇත. එසේම එකී විහාරයට බෝ උපුල්වන් කසුප්ගිරි විහාරය යන අන්‍ය නාමයක්ද තබන ලදී. මෙතැන් පටන් මේ විහාරය ගැන මහාවංසයේ සඳහන් වන්නේ කසුප්ගිරි විහාරය යන නාමයයි. එසේම සිවුවැනි මහින්ද රජතුමා මෙහි විහාරය වටකොට මහා ප්‍රාසාදයක් ඉදිකරවා ඇත. පසුකාලීනව ඔහුම මෙම විහාරය විශාල කළ බව කියැවේ.

ඉසුරුමුණි විහාරයේ ඓතිහාසිකත්වය පිළිබඳ වියතුන්ගේ ඇත්තේ සමාන කළ නොහැකි මතිමතාන්තරය. දහවැනි ශතවර්ෂයේ අග භාගයේදී එච්.සී.පී. බෙල් මහතා ප්‍රමුඛ පුරාවිද්‍යාඥයන් ප්‍රදේශවාසීන් වෙස්සගිරිය නමින් හඳුන්වන විහාර භූමියේ ගවේෂණ කටයුතු කළ අතර එහි වූ ශිලාලේඛන තොරතුරුවලින් හමුවූයේ එම විහාරය ඉසුරුමුණි විහාරය බවයි. මේ අනුව වෙස්සගිරිය නමින් සාවද්‍ය ලෙස ව්‍යවහාර කර ඇත්තේ ඉසුරුමුණිය බව සෙනරත් පරණවිතාන මහතා කියයි. එය ඔහුම පසුකාලීනව තහවුරු කර ඇත. එමෙන්ම ප්‍රදේශවාසීන් ඉසුරුමුණි විහාරය වශයෙන් තවත් විහාරයක් හඳුනාගෙන සිටි අතර එය වර්තමානයේ විද්‍යමාන වන ඉසුරුමුණියයි.

එසේම වැලිවිටියේ සෝරත හිමි හා සෙනරත් පරණවිතාන සූරීන් මේඝගිරි විහාරය පිළිබඳ ඉදිරිපත් කරන මතය ද වැදගත් වේ. ඔවුන් පවසන්නේ දළදා වහන්සේ මෙහි වැඩම කරවීමෙන් අනතුරුව මුලින්ම වැඩමවන ලද්දේ මේඝගිරි විහාරයට බවයි. එය වත්මන් ඉසුරුමුණි විහාරයයි. ආචාර්ය ධර්මරත්න හේරත් සූරීන් මෙම මතය සපුරා බැහැර කරයි. මේඝගිරි විහාරය ඉසුරුමුණිය වශයෙන් ගන්නේ නම් එය මහාවිහාරයට අයත් සංඝාරාමයක් නොව අභයගිරියට අයත් එකක් බව ඔහු පෙන්වා දෙයි. කෙසේ වෙතත් ඉසුරුමුණි විහාරය රමණීය පරිසරයකින් හෙබි ස්ථානයකි. එහි උතුරින් රන්මසු උයනත් දකුණින් වෙස්සගිරියත් නැඟෙනහිරින් වෙල්යායත් බටහිරින් තිසා වැවත් පිහිටා තිබේ.
එහි ඇති මූර්ති, කැටයම් ඇතුළු කලා ශිල්ප අපගේ අතීත කලාකරුවන්ගේ දක්ෂතාව හෙළි කරන අනභිභවනීය වස්තූන්ය.
සිංහ කැටයම
ඇන තබාගෙන සිටින අල්ප උන්නත සිංහ කැටයමක් මෙහි දක්නට ඇත. මේ සිංහයාට සමාන සිංහයන් කොරවග්ගල් ඉදිරියට පෙනෙන පරිද්දෙන් වෙයි. එහෙත් මෙම කැටයම් කොරවග්ගලකට සම්බන්ධතාවක් නොපෙන්වයි. එය කිසියම් ගොඩනැගිල්ලකට සම්බන්ධව තිබූ බවට නිගමනය කළ හැකිය.
වාමන රූප
විවිධාකාර රංගනයන්ගෙන් යුක්ත වාමන කැටයම් සහිත ගල් පුවරු 09ක් ඉසුරුමුණි විහාරයෙහි ඇත. මෙම කැටයම්වලින් දිස්වෙන ලොකු උදරය, මහත ශරීරය ආදි ලක්ෂණ මගින් ඔවුන් යක්ෂයන් බවට හොඳින්ම තහවුරුවේ. මේවා ගොඩනැඟිලිවල බිත්තියේ අලංකරණයට අලවා තිබෙන්නට ඇත.
කින්නර කැටයම්
මෙකී ගල් කැටයම්ද ගොඩනැඟිලි සැරසිල්ලක් ලෙස භාවිත කරන්නට ඇත. ගල් පුවරුවේ අල්ප උන්නතව තිදෙනෙකුගේ රූප දක්නට ලැබෙන අතර එහි ඉදිරියෙන් පිරිමියකුගේ හා කාන්තාවකගේ රූප දක්නට ලැබේ.
කුවේර ත්‍රිමූර්තිය
මෙයද ගොඩනැඟිල්ලක සැරසිලි සඳහා භාවිත කළ කැටයම් පුවරුවක් වේ. මෙහි මැද විශාල උදරයක් සහිත කොට කකුල් ඇති, කැරලි සහිත කෙටි කෙස් ඇති, මනාව හැඳපැලඳගත් කුවේරයා ඇන තියාගෙන සිටී. දෙපැත්තේ සමාන ලක්ෂණ සහිත යක්ෂයන් දෙදෙනෙක් දක්නට ලැබේ. කුවේර යක්ෂයන්ට අධිපතියා සේ සැලකේ.
කවාට කැටයම්
මෑතකදී තනන ලද පුරාවිද්‍යා කෞතුකාගාරයේ තබා ඇති 12-16 ඵලක මෙම ගණයේ කැටයම් ලෙස සැලකිය හැකිය. ඒවායෙහි දෙපසින් වෘත්තාකාරව විහිදී යන ලියවැල් මෝස්තරයක් විද්‍යමානය. මේ කැටයම් බොහෝ විට ගලින් කරන ලද ගොඩනැගිල්ලක ස්ථාපිත කර තිබෙන්නට ඇත. මෙහි මැද කවාටය තුළ කඩවසම් පුරුෂයෙක් තේජාන්විත ස්වරූපයකින් අල්ප උන්නතව කැටයම් කර ඇත.
පෙම් යුවළ
ඉසුරුමුණිය වඩාත් ප්‍රචලිතව ඇත්තේ මෙම පෙම් යුවළ නිසාය. මෙය ලෝක ප්‍රකට නිර්මාණයක් සේ සැලකේ. මෙහි කඩවසම් තරුණයෙක් ඵලකාසනයක දකුණු පය තිරස් අතට නවා ආසනය මත තබා වම්පය පහතට එල්ලෙන සේ දකුණු කලවය මත ප්‍රේමාන්විත කාන්තාවක හිඳුවාගෙන සිටී. ඇයගේ අතේ කිසියම් මුද්‍රාවක් ඇත. පිරිමියාගේ දකුණු උරයට පිටින් කඩුවක් හා එය වටා විහිදි රැස් වළල්ලක් දක්නට ලැබේ. පිරිමියා යටිකය පමණක් වැසෙන සේ ඇඳුමක් ඇඳ ඇත. නමුත් කාන්තාව ඇස්වට දක්වා විහිදී දිග ගවුමක් ඇඳගෙන සිටින්නීය. දෙදෙනාම ආභරණ පැලඳගෙන සිටිති. රූප දෙකේම උචිත පරිදි ශාරීරික ලක්ෂණ අන්තර්ගතව ඇත. මෙයට සමාන කැටයම් ඉන්දුනීසියාවේ බෝරෝබුදූර් ස්මාරකයේ පිරිමි හා ගැහැනු රූප විද්‍යමාන වන බව විද්වත්හු පවසති.
මෙකී කැටයමෙන් නිරූපණය වන්නේ සාලිය අශෝකමාලා බව බොහෝ අයගේ පිළිගැනීමයි. සෙට්සියර්, දොහානියන් වැනි පර්යේෂකයන් සඳහන් කරන්නේ මෙය මංජු ශ්‍රී නිරූපණයක් බවයි. මංජු ශ්‍රී යනු මහායානයේ අෂ්ට මහා බෝධිසත්වයන්ගෙන් කෙනෙකි. ඥානයට අධිපති හෙතෙම කඩුවෙන් ප්‍රඥාව නිරූපණය කෙරෙයි. කඩුව වටා ඇති රැස් වළල්ලෙන් අවිද්‍යාව නමැති අන්ධකාරය දුරුකරන බව හැඟවෙයි.
ගල මත පිහිටි ස්තූපය හා සිරිපතුල
මෙම නිර්මාණය එතරම් පැරැණි එකක් නොවේ. ගල් පර්වතය මත කුඩා ප්‍රමාණයේ ස්තූපයක් හා සිරිපතුලක් වෙයි. ඒවා වෙත පිවිසීම සඳහා ගලේ ශිඛර අතරින් මාර්ගයක් ඇත.
පොකුණ හා ගලේ ඇත් රූප
ඉසුරුමුණි විහාරයේ දොරටුවට දකුණු පසින් කුඩා පොකුණක් ඇත. ඊට අමතරව දොරටුවට පිටින් ද තරමක් විශාල පොකුණක් ඇත. මෙහි නිරන්තරයෙන් ජලය ඇත. විහාරයේ ගල් පර්වතය පාමුල පිහිටි කුඩා පොකුණ පිරිත් පැන් පොකුණ ලෙස ප්‍රසිද්ධය. එම පොකුණ ජලයෙන් පිරී ඇති විට ගල් පර්වතයේ ඇති අල්ප උන්නත ඇත් රූප දියනෑමට එන ඇත් රංචුවක විලාසය පෙන්නුම් කරයි. සමහර ඇතුන් හොඬවැල උස්සාගෙන දිය කෙළින ස්වරූපයක් ද පෙනෙයි.
මිනිසා හා අශ්වයා
ඉතා කලාත්මක නිර්මාණයක් ලෙස මෙය දැක්විය හැකිය. ගල් පර්වතයේ ඉදිරිපස වන්නට මෙම නිර්මාණය කර තිබේ. එයින් නිරූපණය වන්නේ කවුද යන්න පිළිබඳ බොහෝ මත ඇත. සෙනරත් පරණවිතාන සූරීන් දක්වන්නේ මිනිසා වර්ෂාවට අධිපති පර්ජන්‍ය බවත් අශ්වයා අග්නි බවත්ය. මේ මතය සී.ඩබ්ලිව්. නිකලස් ද පිළිගෙන ඇත. සමහරුන්ගේ මතය වන්නේ මේ මිනිසා යුද සෙනෙවියකු බවයි.
ලෙන් විහාරය
ලෙන් විහාරය පිහිටා ඇත්තේ ගල් පර්වතයේ අඩක් උසින්ය. මෙය කොටස් දෙකකින් යුක්ත වේ. ඒ ගර්භගුහය හා මුඛ මණ්ඩපය යනුවෙනි. මුඛ මණ්ඩපයට පිවිස මකර තොරණින් යුත් ගල් කැටයම් සහිත දොරටුවෙන් ගර්භගෘහයට පිවිසිය හැකි වේ. මෙහි සඳකඩපහණක්, මුරගල් දෙකක්, කොරවග්ගල් දෙකක් සහ පියගැට පෙළක් ඇත.
රජ පවුල කැටයම
මෙකී කැටයම මේ නමින් හඳුන්වා ඇත්තේ සෙනරත් පරණවිතාන සූරීන්ය. රාජ ලීලාසන ක්‍රමයට හිඳගැනීමට සැරසෙන එහි ප්‍රභූවරයකුගේ රූප මුල්තැන ගනී. ඔහුට සමීපව කාන්තාවක් හිඳගෙන සිටී. කාන්තාවගේ වම් කලව මත වමත තබා ශරීරයේ සම්පූර්ණ බර අත ඔස්සේ කාන්තාවට යොමු කොට ඇති අයුරු පෙනේ. පීඩාවට පත් කාන්තාව අත ඉවත ගන්නා මෙන් සංඥාවක් දෙන අයුරු එයින් පෙනේ.
ඉසුරුමුණි විහාරයේ ඇති පෞරාණිකත්වය මෙසේ කෙටියෙන් හඳුන්වා දීම අසීරු කර්තව්‍යයකි. එසේ වුවත් අපගේ ප්‍රෞඪ ඉතිහාසයේ උත්තුංග සාක්ෂියක් ලෙස මෙම නිර්මාණ සමුදාය නම් කිරීම වැදගත් තැනෙක ලා සැලකිය හැකිය.

රාජකීය පණ්ඩිත පදියතලාවේ ඥාණවිමල හිමි

SendShareShare
Previous Post

ඉරුගල්බණ්ඩාර දෙවියන්ට පණදුන් මහකන්දෙ මිනිසා

Next Post

උදුම්බරා ගැලවෙද්දි නදීශානි අතුරුදන්?

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.