• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ඉතිහාසය වෙනස් කරන්නන් ආපු ගියපු තැන මාතොට

September 13, 2019
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ උතුරු දෙසට වන්නට පිහිටි අද වන විට ප්‍රකට දිස්ත්‍රික්කයක් ලෙසද සැලකෙන මන්නාරම අපට ඉතිරිකර ඇති අතීත වෘත්තාන්තයන් බොහෝය. සිංහල රාජ්‍ය ඉතිහාසය තුළ ‘මන්නාරම’ නාමය ගැන සඳහන් වන වංශකතාද ජනශ්‍රැතිද බොහෝය.
මන්නාරම ලෙස අද හඳුන්වන මෙම මන්නාරම්තොට එදා හැඳින්වූයේ “මාතොට” නමිනි. අපගේ සිංහල රාජ්‍ය ආක්‍රමණයට එදා විදේශ ආක්‍රමණිකයන් බොහෝ පිරිසක් කඩාවැදී ඇත්තේද මාතොටිනි. එසේම අපගේ සිංහල රජවරු අප රටට එල්ල වූ ආක්‍රමණික අවස්ථා මෙල්ල කොට උනුන් ආපසු පන්නා දමා ඔවුන්ගේ රාජ්‍යවලටම ගොස් පහර දීමට එතෙරට ගොස් ඇත්තේත් මෙකී “මාතොට” (මන්නාරම) හරහාය.

එබැවින් මෙම මාතොට අප රටේ ඉතිහාසය දෙස එබී බලන කාහටත් කේන්ද්‍රස්ථානයක්ව පැවැති බව මොනවට පැහැදිලි වෙයි.
අප මේ කතා කරන්නට යන්නේ මෙයට ක්‍රි.ව. 1858කට – ක්‍රි.ව. 1166කට තරම් පෙර මන්නාරම් තොට මුල්වී ඇති අතීත ඉතිහාසගත සංසිද්ධි කිහිපයක් ගැනය.
එදා ලංකා ඉතිහාසයේ දෙස්-විදෙස් වෙළෙඳ කටයුතු බොහෝමයක් සිදුව ඇත්තේද මාතොට හරහාය. එබැවින් මෙය මහතොට ලෙසද නම් කෙරිණි. අප රටට මේ මාතොට වැදගත් වනුයේ මේ හරහා විශාල ලෙස වෙළෙඳ කටයුතු සිදුවූ මහතොටක් ලෙස මෙකී තොට භාවිත වූ නිසා පමණක්ම නොවේ.

එදා ඉන්දියානු සතුරු සේනාවෝ හෙළදිව ආක්‍රමණය කරනු ලැබුවේත් එවකට ලක්දිව රජකළ දෙවැනි සේන, මහා පරාක්‍රමබාහු වැනි සිංහල රජවරු දකුණු ඉන්දියානු රාජ්‍යයන් ආක්‍රමණය කරනු ලැබුවේත් මාතොට හරහා එතෙර වෙමිනි.
එසේම ක්‍රි.ව. 161දී පමණ මෙරට ආක්‍රමණය කිරීමට භල්ලුක නම් යෝධයා ගොඩබැස ඇත්තේද මෙකී මාතොට හරහාමය.
ඒ විතරක්ද නොවේ. ක්‍රි.ව. 772-777 වසර පහක (5) පමණ රාජ්‍ය පාලනයක් ගෙනගිය අටවැනි අග්ගබෝධි රජ සමයේ විදෙස් සතුරු ආක්‍රමණයක් සිදුවෙතැයි ඇති වූ සැකය නිසාවෙන් මහින්ද කුමාරයා මාතොටට ගොස් එහි රැඳී සිටිය බව මහාවංශයේද සඳහන් වෙයි.
පළමු වැනි රාජ රාජ නම් චෝල රජු මාතොට අල්ලාගෙන එය රාජරාජ්පුරම් යැයි නම් කරනු ලැබීය. එම අවධියේ එහි දෙවොලක්ද ගොඩනඟා ඊට “රාජේශ්වර දෙවොල” යැයි නම් තැබීය. මෙම චෝල ආධිපත්‍යය වසර 77ක් පුරා පැවැති අතර, කීර්ති විජයබාහු (පළමුවැනි විජයබාහු) කුමාරා ක්‍රි.ව. 1055-1111 අතර කාලයේදී එම ආධිපත්‍ය අවසන් කරදමනු ලැබීය.
දකුණු ඉන්දියාවේ “තේවාරම් ගී” නමැති ආගමික පද්‍යාවලියේ මෙකී මාතොට වරාය ගැනත්, එහි ගොඩනඟා තිබූ ‘තිරුකේශ්වරම්’ දෙවොල ගැනත් උසස් ලෙස වර්ණනා කොට ඇත්තේය.
එපමණක් නොවේ ලක්දිව රජ කළ දහවැනි සියවසට අයත් සිංහල රජවරු එවකට මාතොට පාලනය කළ රාජ්‍ය නිලධාරීන් මහපුටු ලද්දන් (මහපටුන් වූවන්) යනුවෙන් සිය ශිලා ලේඛනවල හඳුන්වා දී තිබේ.

මහාවංශයේ තවත් සඳහනක් තිබේ. එයින් කියැවෙන්නේ පළමු වැනි වික්‍රමබාහු රජ සමයේ එනම් ක්‍රි.ව. 1111-1132 කාලයේදී ආරිය දේශාධිපති වීරදේව නමැති රජෙක් යුද සේනාවක්ද කැටුව මාතොටට ගොඩබැස්ස බවය. එවිට ඉහත කී වික්‍රමබාහු රජු සිය සේනා මෙහෙයවා ඔහු පරාජය කොට පසුබස්සවා ආපසු හරවා යැවූ බවද එහි සඳහන්ය.

ඓතිහාසික මාතොට ගැන අටුවා ග්‍රන්ථවලද විශුද්ධි මාර්ගයේ මෙන්ම සද්ධර්මාලංකාරයෙහිද මොනවට පැහැදිලි කර තිබේ. එසේම සද්ධර්මාලංකාරය යනු ඉපැරැණි සිංහල බෞද්ධ කතාවල පාලි පරිවර්තනයක් හැටියට ‘රසවාහිණිය’ සිංහලයට පෙරළන ලද්දකි. එම කෘතියේ සූත්‍ර වස්තුවෙහි මාවටු තොටින් නැව් නැඟ මෙරට භික්‍ෂුන් හැට නමක් දඹදිව වන්දනාවට වැඩම කළ පුවතක් සඳහන් වෙයි. මෙයින් කියැවෙන්නේද මාතොට ගැනය.
මෙයින් තවත් කරුණක් ගම්‍ය වෙයි. එතරම් ඈත අතීතයේදීත් මාතොට කේන්ද්‍ර කොට ගෙන නාවික කටයුතු සිදුව ඇති බවය.

එසේම දුෂ්ට ගාමිණි වස්තුවෙහි සඳහන් වන්නේ එළාර රජුගේ බෑණනුවන් වූ භල්ලුක යෝධයාද ලක්දිව යටත් කරගැනීමට හැට දහසක යුද සේනාවක් සමඟ මාවටු තොටට ගොඩබැස්ස බවය.
මාවටු තොටෙහි තරුණ වෙළෙන්දකුගේ ප්‍රේමවන්තියක වූ බව කියන හේවා නම් තරුණියක ඔහු සොයමින් මුහුද පිහිනා යෑමේදී ඇති වූ සිද්ධියක් මුල්කොට ගෙන එකී සිද්ධිය ඇතිවූ බව හේමා වස්තුවේ සඳහන් වෙයි.

තවද මාවටු පටුන්ගමින් බදු අයකර ගැනීම සඳහා අනුරාධපුරයෙන් පැමිණි බව කියන රාජ්‍ය නිලධාරියකු ඉහත සඳහන් කළ වෙළෙන්දාගේ රූමත් බිරිය කෙරෙහි සිතක් ඇති වීමෙන් වෙළෙන්දා මැරීමට උපායක් යෙදූ බවද එම උපාය පදනම්ව ඉහත කතාව ගොඩනැඟී ඇති බවට වන රසවත් කතාවක් නන්දිවාණිජ වස්තුවේද සඳහන්ය.
මෙකී මාතොට හෙවත් මන්නාරමේ බලකොටුවක්ද තිබී ඇත. ඒ ක්‍රි.ව. 1236-1270 කාලය තුළ මෙරට රජ කළ දඹදෙණියේ පණ්ඩිත පරාක්‍රමබාහුගේ වසර 34ක රාජ්‍ය පාලන සමයේදී නිකාය සංග්‍රහයට අනුව එවකට මෙම බළකොටුවේ ජාමක, ද්‍රවිඩ මෙන්ම මැලේ යන සොල්දාදුවන් සේවයේ යෙදී සිටි බවද සඳහන් වෙයි.

සීතාවක රජ සමයේදී කොනප්පු බණ්ඩාර පෙරටුකොට ගෙන ගෝවේ සිට පැමිණ ඇති පෘතුගීසී හමුදාවද එදා ලක්දිවට ගොඩබැස ඇත්තේ මන්නාරමටය. මෙම පිරිස එසේ ලක්දිවට ගොඩබසින විට සීතාවක රාජසිංහයන් සිටියේ පෘතුගීසි බලකොටුව වූ කොළඹ – කොටුව වටලාගෙනය.
රාජාවලියේ සඳහන් වන ආකාරයට කොළඹ-කොටුව වටලාගෙන සිටි සීතාවක රජුගේ අවධානය වෙනතකට යොමුකරවනු සඳහා මන්නාරමෙන් මෙරටට ගොඩබට පෘතුගීසී හමුදා සිය ප්‍රහාරයන් එල්ල කොට ඇත්තේ කන්ද උඩරටටය.

අදටත් කතරගම දේවාල භූමියේ ඇති දෙවැනි උදය රජ සමයට අයත් (ක්‍රි.ව. 887-898) දෙටගමුව ටැම් ලිපියේ මහවටුවෙහි (මාතොට) එළුවන් මැරීමේ පාපකර්මය ගැන සඳහන් කොට තිබේ. ඒ ගැන සඳහන් වන තවත් සෙල්ලිපියක් ඇත. එය මැදිරිගිරි සෙල්ලිපිය වෙයි.
එහි සඳහන් වන ආකාරයට එවකට එහි විසූ අන්‍ය ආගමික භක්තිකයන් මෙම සත්ව ඝාතන කටයුතු සිදුකර ඇති බව පෙනේ.

මෙම මාතොට ගැන “මහපුටුපය” ලෙස හඳුන්වා දී ඇත්තේ නිශ්ශංක මල්ල රජු පොළොන්නරුවේ ප්‍රීතිදාහ මණ්ඩපයේ ලියා ඇති ශිලා ලිපිය මඟිනි.
එසේම කොළඹ කෞතුකාගාරයේදී දැකිය හැකි සෙල්ලිපියේ “මහවොටිය” ලෙස සඳහන් වන්නේද මෙකී මාතොට ගැනය.
මාතොට එවකට ලක්දිව සිංහල රජුගේ පාලනය යටතේ පැවැතී ඇති බවට ගම්පොළ රජකළ සේනාසම්මත වික්‍රමබාහු රජුගේ ගඩලාදෙණිය සෙල්ලිපිය සාක්‍ෂි දරයි. ඒ ආකාරයේ පටුන්ගම් පාලනය කළ නිලධාරීහු එහි හඳුන්වා දී ඇත්තේ “පජුරුවන් වහන්සේ” යන නාමයෙන් බව පෙනේ.

තවද මාතොටින් හමුවී ඇති ද්‍රවිඩ සෙල්ලිපියකට අනුව පෙනී යන්නේ ඔවුන් මාතොට හඳුන්වා ඇත්තේ මාතෝට්ටම් නමින් සහ රාජ රාජ්පුරම් යන නම්වලින් බවයි.
(“මන්නාරම් පුරාවස්තු” ඇසුරිනි)
නන්දන ශ්‍රී දොරකුඹුර

SendShareShare
Previous Post

‘සාධාරණ සමාජයක්’ කාර්යාලයට ඉහළම මන්දිරයක ‌දොර වැහෙයි

Next Post

සිරිසේන පාර්ලිමේන්තුවට පත්වෙයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.