මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මූලිකත්වයෙන් බිහි කෙරුණු ‘සාධාරණ සමාජයක් සදහා වූ ජනතා ව්‍යාපාරය’ සදහා මෙතෙක් ලබා දී තිබූ ආණ්ඩුවේ ඉහළම කාර්යාලයක නිල කාමරය ඉහළින් ලැබුණු අණකින් පසුගිය සතියේ සිට ඉබි යතුරු දමා සීල් තබා වසා ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව පසුගිය කාලය පුරාම එහි රැදී සිටිමින් රාජකාරී කටයුතු කළ එම සංවිධානයේ වත්මන් ලේකම්වරයා වන පාලිත ලිහිණිය කුමාර මහතා හට එම කාර්යාලය මේ වනවිට තහනම් ප්‍රදේශයක් බවට පත්ව තිබේ.
මෙම සංවිධානය ආරම්භ කළ දා සිටම සෝභිත හිමියන් සමග අතිශය සමීපව කටයුතු කර දැනට ආණ්ඩුවේ ඉහළම තැනකට සමීපව උපදේශකවරයකු වශයෙන් කටයුතු කරන එක්තරා ප්‍රසිද්ධ පුද්ගලයකු ලබා දී තිබූ තොරතුරුවලට අනුව මෙම කාර්යලය සීල් තබා වසා දමා ඇති බව පැවසේ.
අදාළ කාර්යාලයේ කටයුතු කරන පාලිත ලිහිණිය කුමාර ඇතුළු එම සංවිධානය මේ වනවිට කතානායක කරු ජයසූරිය මහතා ජනපති අපේක්ෂකයා ලෙස පත් කරලීම සදහා තිරය පිටුපස විශාල වැඩකොටසක් සිදු කරන බවට මෙම උපදේශකයා ආණ්ඩුවේ ඉහළම තැන්වලට වාර්තා කර තිබීම මේ සදහා හේතු වී ඇති බවද දැනගන්නට ඇත.
ඒ අනුව ලිහිණිය කුමාර මහතා පසුගිය සතියේ සිය රාජකාරීයට වාර්තා කිරීමට පැමිණෙද්දී කාර්යාලයට ඉබි යතුරු දමා වසා එහි යතුරු ගේට්ටුවට බාරදී ඇති බව දැනගන්නට තිබේ.