• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ආර්ය කාමදේව ඇමැති හදපු දේවාලය

September 15, 2019
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

අපි දැන් ඉන්නේ සමන් දෙවියන්ගේ අඩවියේ. ඒ කියන්නේ අර සමනල කන්ද පෙනෙන නොපෙනෙන දුරකින්. දැන් කියවන ඔබ බලයි අපි අවාරේ සිරීපාදේ යන්න හදනවද කියලත්. ඇත්තටම කිව්වොත් ඒකට උත්තරේ නෑ. ඔබ දන්නවනේ මේ ගෙවෙන්නේ අපේ ලංකාවේ පෙරහැර මංගල්‍ය පවත්වන සමයක් කියලා. ඉතින් කතරගමින් මහනුවරට ඇවිත් ඊළඟට සීනිගමට බෙල්ලන්විලට ගිය ඒ පෙරහැර මංගල්‍ය දැන් නැවතිලා තියෙන්නේ රත්නපුරේ. දැන් නම් ඔබට හිතෙයි අපි ආවේ ඇයි කියලා. ඔව් ඔබ හිතුවා වගේම අපි ආවේ රත්නපුරේ මහා සමන් දේවාලයට. මොකද මේ ගෙවෙන්නේ සමන් දේවාලයේ වාර්ෂික පෙරහැර සමය. ඉතින් ඒ පෙරහැර මංගල්‍ය ඊයේ දිනට තිබුණු දිය කැපීමේ චාරිත්‍රයත් එක්කම සාර්ථකව අවසන් කළා. ඒ හින්ද අපිට හිතුණා මේ සතියේ රත්නපුරේ මහා සමන් දේවාලයේ කවුරුත් නොදන්නා කතාවක් ඔබට කියන්න. ඉතින් අපිත් සමන් දේවාලයට ගිහින්ම ඔය ගැන තොරතුරු හෙව්වා.

සබරගමුව මහා සමන් දේවාලය කියන්නේ අපේ උරුමයක්. ඊට අධිපති දෙවියන් සුමන සමන් දෙවියන් කියලයි කියන්නේ. ඒ දෙවියන් දේශීය දෙවියෙක් විදියටයි හඳුන්වන්නේ. ඒ වගේම ගෞතම බුදු රජාණන් වහන්සේ කැලණියට වැඩම කරපු වෙලාවේ උන්වහන්සේගේ සිරිපතුල පිහිටුවන ලෙස සමනල කන්දට ආරාධනා කළෙත් ඔය දෙවියන්ම තමයි. ඒ හින්දා සමනල කන්ද කියන්නේ සුමන සමන් දෙවියන්ගේ අඩවිය. එහෙම නැත්නම් නිවහන. සමහර තැන්වල සුමන සමන් දෙවියෝ “සමන්තභද්‍ර” කියලත් හඳුන්වලා තියෙනවා. ඓතිහාසික ස්ථාන කොච්චර නම් සබරගමුව පළාතෙ තිබුණත් එයින් මූලිකත්වය ලැබෙන්නේ රත්නපුර මහා සමන් දේවාලයට තමයි. දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍ය සුබ මොහොතින් ආරම්භ කෙරුවේ පසුගිය අගෝස්තු 31 වැනිදා. පස්සේ එදා ඉඳන් සැප්තැම්බර් 03 වැනිදා වෙනකල්ම කුඹල් පෙරහැරක් තිබුණා. ඊළඟට සැප්තැම්බර් 04 වැනිදා ඉඳන් 08 වැනිදා වෙනකල් වීදි පෙරහැරත්, 09 වැනිදා ඉඳන් 13 වැනිදා වෙනකල් මහා රන්දෝලි පෙරහැරත් තිබුණා. ඔය පෙරහැර මංගල්‍ය අවසන් කළේ සැප්තැම්බර් 14 වැනිදාට යෙදුණු දිය කැපීමේ චාරිත්‍රයෙන්. ඉතින් ඒකත් මතක් කරන එක හොඳයි.

අපි අද කතාබහ කරන ඔය රත්නපුර මහා සමන් දේවාලයේ ඉතිහාසය ගැනත් හරිම අපූරු කතාවක් තියෙනවා. අතීතයේ දඹදෙණිය යුගයේ දෙවැනි පරාක්‍රමබාහු රජතුමා රජකම් කරන කාලේ එතුමගේ අමාත්‍යවරයෙක් රත්නපුරයට එනවා. ඒ එන්නේ මැණික් ගරන්න. මොකද රත්නපුරේ කියන්නේ මැණික් ආකරයක් කියලා කියවන ඔබට අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. කොහොම හරි හැම වැඩකටම කලින් ඔහු තමන්ට වැඩියෙන් මැණික් හම්බවෙන්න කියලා සුමන සමන් දෙවියන්ට බාරයක් වෙනවා. අපිට දෙයක් කියන්න අමතක වුණා. ඔය එන අමාත්‍යවරයගේ නම “ආර්ය කාමදේව” කියලයි කියන්නේ. ඉතින් කොහොම හරි ඔහු හිතුවා වගේම මැණික් විශාල වශයෙන් හම්බවෙනවා. ඔය සතුටට ඔහු බාරයක් ඔප්පු කරලා සුමන සමන් දෙවියන් වෙනුවෙන් දේවාලයක් හදනවා. කාලයත් එක්ක පළමුවැනි රාජසිංහ රජතුමා වගේම හයවැනි පරාක්‍රමබාහු රජතුමා ඔය දේවාලය ප්‍රතිසංස්කරණය කරනවා. ඒත් පෘතුගීසි ආක්‍රමණයන් හින්දා දේවාලේ පසු කාලයක විනාශ වෙනවා. ඒත් දෙවැනි රාජසිංහ රජතුමා එතැන ආයෙත් දේවාලයක් හදනවා. අද අපි වඳින රත්නපුරේ මහා සමන් දේවාලය හැදෙන්නේ එහෙමයි.

සබරගමුවේ, නැත්නම් රත්නපුරේ මේ මහා සමන් දේවාලයට යනවා නම් ඔය දේවාලයට යන්න ලේසිම පාරත් අපි කියන්නම්. රත්නපුර කොළඹ ප්‍රධාන පාරේ යද්දි රත්නපුර නඟරය පේන දුරින් තියෙන මාරගහ යට නම් තැනින් දකුණට හැරිලා පානදුර පාරේ ටික දුරක් යන්න. වැඩිම වුණොත් කිලෝමීටර් දෙකක් තුනක් ඇති. එහෙම ගියාම ලේසියෙන්ම සබරගමුව මහා සමන් දේවාලය ළඟට යන්න පුළුවන්. අපේ මතකය හරියට හරි නම් ඔය පැත්තට කියන්නේ “දේවාලේගාව” කියලා. ඔන්න ඒ ළඟින් කළුගඟත් යනවා. සුමන සමන් දෙවියන් වෙනුවෙන් ලංකාවේ තියෙන ප්‍රධානම දේවාලය මේක. ඒ වගේම තමයි මෙදා පෙරහැර සමයේ දේවාලයට දහස් ගණනක බැතිමතුන් පිරිසක් ඇවිත් තියෙනවා. සබරගමුව මහා සමන් දේවාලය හාස්කම් අතිනුත් සෑහෙන්න ප්‍රසිද්ධයි. ඒත් අපි අද ඔබට කියන්නේ ඔය හාස්කම් ගැන නෙවෙයි පෙරහැර ගැන. මොකද අපිට දැනගන්න ලැබුණා මහා සමන් දේවාලයේ පෙරහැර සුවිශේෂී පෙරහැරක් කියලා. ඉතින් ඒ හින්දම අපි ඔය ගැන ටිකක් වැඩිපුර මහන්සි වෙලා හෙව්වා.

සබරගමුව මහා සමන් දේවාලයේ මහා පෙරහැර මංගල්‍යයක් මුලින්ම පැවැත්වුණා කියලා නම් සඳහන් වෙන්නේ දඹදෙණිය යුගයේ හයවැනි පරාක්‍රමබාහු රජතුමාගේ කාළේ. ඒ වගේම කාලයක් යද්දි සීතාවක රාජසිංහ රජතුමා එවකට දෙල්ගමුව විහාරයේ තිබුණු දළදා වහන්සේ සමන් දේවාලයට වැඩමවා පෙරහැර පැවැත්වූවා කියලත් කියනවා. කොහොමින් හරි මහා සමන් දේවාලයේ පෙරහැර හොඳින්ම කළේ හයවැනි රාජසිංහ රාජ්‍ය සමයේ කියලයි කියන්නේ. ඒ වගේම දෙවැනි රාජසිංහ රජතුමාත් මහා සමන් දේවාලයේ පෙරහැර ඊළඟට සාර්ථකව පැවැත්වූවා කියලා අපේ ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. මහනුවර පෙරහැර මංගල්‍යය, කතරගම පෙරහැර මංගල්‍යය වගේම මහා සමන් දේවාලයේ පෙරහැර මංගල්‍යයත් සති දෙකක් නැත්නම් දින පහළොවක් පුරා පැවැත්වෙනවා.

අපි මුලින්ම කිව්වනේ මේ සබරගමුව මහා සමන් දේවාලයේ පෙරහැර රටේ අනෙක් පෙරහැරවල් එක්ක ගත්තම හරි සුවිශේෂී එකක් කියලා. ඒ සුවිශේෂී බව ඔන්න මුලින්ම පටන් ගන්න කුඹල් පෙරහැරේ ඉඳන්ම තියෙනවා. ඔය කුඹල් පෙරහැරෙත් ප්‍රධානතම සිරිතක් තියෙනවා. ඒක තමයි වළං කදක් ගත්තු අතවැසියකුත් එක්ක කුඹලෙක් කළගෙඩි දෙකක් අතින් ඇරන් කුඹල් පෙරහැරේ ඉදිරියෙන්ම ගමන් කරලා හඳුන්කුනමේ ඒ කළගෙඩි දෙක තියලා යන එක. ඒක කුඹල් පෙරහැරේ ප්‍රධාන සිරිතක්. හැබැයි කුඹල් පෙරහැර පවත්වන්නේ සාමාන්‍ය මට්ටමින්. ඒකට ගන්නෙත් දේවාභරණයක් විතරයි. නමුත් ඊළඟට පටන් ගන්න වීදි පෙරහැර නම් ටිකක් ලොකුවට පවත්වනවා. ඔය පෙරහැරේදි මහා සමන් දේවාලයේ දේවාභරණ කීපයක්ම විශේෂ රන් දෝලියකින් දළ ඇතකු පිටින් අරන් යනවා. මේ පෙරහැර ගමන් කරන්නේ දේවාලයේ හතර මායිමේ තියෙන වීදී හතරේ විතරයි. හුණුවල වීදියත්, ගම්පහේ වීදියත්, උඩ වීදියත් සහ බඩල් වීදියත් තමයි ඒ කියන වීදි හතර වෙන්නේ. ඉතින් වීදිවල ගමන් කරන පළමු පෙරහැර හින්දයි මේකට වීදි පෙරහැර කියන්නේ. ඒත් එක්කම පත්තිනි දේවාලයේ සලඹත් දෝලාවක් මතින් මේ, පෙරහැරේ ගමන් කරවනවා.
කුඹල් පෙරහැරත් වීදි පෙරහැරත් අවසන් කළාට පස්සේ පටන්ගන්නේ මහා පෙරහැර නැත්නම් අපූරු රන්දෝලි පෙරහැර. ඒ පෙරහැර කලින් පෙරහැරවලට වඩා වෙනස්. අවසන් රන්දෝලි පෙරහැර සංස්කෘතික අංගවලින් පොහොසත් එකක් කියලා කිව්වොත් වැරැදි නෑ. ඒ වගේම අලි ඇතුන් සහ නැටුම් කණ්ඩායම් රැසක්ම මෙම පෙරහැරේ ගමන් කරනවා. පෙරහැර ගමන් කරන්න කලින් ඉටුකළ යුතු සිරිත් කීපයක් තියෙනවා. හේවිසි පූජාවත්, මඟුල් බෙර වාදනයත්, තෙරුවන් නැමදීමත්, දළදා වර්ණනාව ගායනයත්, හස්තියා පිට කරඬුව තැබීමත් ඒ අතරින් ප්‍රධානම තැනක් ගන්නවා කියන්න පුළුවන්. පෙරහැර ආරම්භ වූ බව දන්වන්නේ වෙඩිල්ලක් පත්තු කිරීමත් එක්කයි. සබරගමුව මහා සමන් දේවාල පෙරහැර මංගල්‍යයේ මුලින් ගමන් කරන්නේ දළදා පෙරහැර. ඒ එක්කම ඊට පස්සේ තමයි දේව පෙරහැර යන්නේ. ඔය පෙරහැර ගමන් කරන්න කලියෙන් දේව නමස්කාරය කරනවා. ඊළඟට වන්දිභට්ට ගායනය කියලත් එකක් සිදු කරනවා. ඊට පස්සේ සබරගමුව මහා සමන් දේවලයටම ආවේණික හරි අපූරු සිරිත් 24ක් ඉටු කරනවා. පහළින් අපි කියන්නේ ඔය කියන සිරිත් ටික ගැන තමයි.
(01) ආලත්ති ගායනය (දල්වා ඇති පහන් අතැතිව කාන්තාවන් තාලයට පා තබමින් සිදුකරන ආශීර්වාද ගායනයකි)
(02) දුම් තේවාව (පෙරහැර ගමන් කරන මාර්ගයට දුම් ඇල්ලීම සිදුකරයි)
(03) සක් පිඹීම (හක්ගෙඩිය පිඹීමයි)
(04) කොම්බුව (කුකුළා හඬලන ආකාරයට පුරම්පේත්තුව පිඹීමයි)
(05) දවුල (සබරගමුවට ආවේණික වූ වාද්‍ය භාණ්ඩය ගැසීමයි)
(06) තම්මැට්ටම (දවුල් පදය ඇල්ලීමට සහාය දෙමින් තම්මැට්ටම ගැසීමයි)
(07) හොරණෑ (හොරණෑව පිඹීමයි)
(08) කොඩි (ප්‍රධාන කොඩි අටක් රැගෙන යයි)
(09) පන්දම් (පෙරහැරට ආලෝකය දීමට පන්දම් ගෙන යයි)
(10) කුඩය (ශ්‍රී පාදස්ථානයට අයත් රිදී කුඩය සහ මුතු කුඩ දෙකක් රැගෙන යයි)
(11) පේළිය (පෙරහැර නිසි පරිදි හසුරුවන්නා පේළි විදානේය)
(12) කවිය (පෙරහැරේ ගමන් තාලයට අනුව කවි ගායනයයි)
(13) පියවිල්ල (පාවඩ එළීමයි)
(14) හඳුන් කිරිපැන් (පාවඩයට හඳුන් කිරිපැන් ඉසීම සිදුකරයි)
(15) දෝලිය (බිසෝ දෙවියන් වෙනුවෙන් ඇගේ ආභරණ තැන්පත් කළ දෝලාවයි)
(16) සමන් දෙවියන් වැඩමවීම (සමන් දෙවියන්ගේ ආභරණ වැඩමවීමයි)
(17) කුමාර දෙවි වැඩමවීම (කුමාර දෙවියන්ගේ ආභරණ වැඩමවීමයි)
(18) පලිහ දැනීම (දේව පෙරහැර තුන පිටත්වන විට පිටුපසින් පලිහ දෙකක් දැරීමයි)
(19) චාමර සැලීම (චාමර සැලීම සිදුකරයි)
(21) අව් අතු දැරීම (ඉර අව්ව වැළැක්වීම සඳහා භාවිත කරයි)
(22) ආලත්ති (ආලත්ති අම්මලාගේ ආශීර්වාද ගායනය සිදු කිරීමයි)
(23) මාණික්කෙලා (කාන්තාවන් ඉදිරිපත් කරන නැටුමකි)
(24) මුලාදෑනි (පෙරහැරේ අවසානයට ගමන් කරන්නේ මුලදෑනීන්ය. බස්නායක නිලමේලා, මොහොට්ටාලවරුන්, ලේකම්වරුන් සහ විදානේලා මීට අයත්ය)

සබරගමුවේ මහා සමන් දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍ය අවසන් වෙන්නේ දිය කැපීමේ චාරිත්‍රයෙන්. ඊට කලින් කරන්න ඕනේ සිරිත් කීපයක් තියෙනවා. කොහොම හරි මේ පෙරහැරේ දිය කැපීමේ චාරිත්‍රය සිදු කරන්නේ කළුගඟේ රත්මල් ඇල්ල කියන තොටුපොළේ. මහා සමන් දේවාලයේ ඉඳන් ඒ තැනට සැතපුම් හය හතක දුරක් තියෙනවා. ඒ ප්‍රදේශයට කියන්නේ “අංගම්මන” කියලා. නොහිතපු වැස්සක් වැහැලා ඔය දවසට කළු ගඟේ වතුර වැඩිවුණා කියලා හිතන්නකෝ. අන්න ඒ වෙලාවකට දිය කැපීමේ චාරිත්‍රය සිදු කරන්නේ සමන් දේවාලය ඉස්සරහා බෝඹුගල කන්ද පාමුල තියෙන බොලපැන් ළිඳට ගිහින්. දේවාලයේ ඉඳන් දිය කැපීමේ චාරිත්‍රයට යන්නෙත් පෙරහැරකින්. ඒකට කියන්නේ “ගඟේ පෙරහැර” කියලා. ඒත් දිය කපන චාරිත්‍රය නම් වියන් නිසාවෙන් කාටවත් පේන්නේ නෑ. හැබැයි ඉතින් අවසානයේ වෙඩිල්ලක් මඟින් සියල්ල අවසන් කියලා දන්වනවා. හැබැයි ආපහු “ගඟේ පෙරහැර” දේවාලය යනකල් යනවා. එහෙම ගිහිල්ලා ගරායක් නැටුමක් නටනවා. ඒ වගේම ලබන වසර දක්වා දිය කපලා ගත්තු වතුර කෙණ්ඩිය දේවාලයේ ආරක්ෂිතව තැන්පත් කරනවා. ඊට පස්සේ පෙරහැර මංගල්‍ය සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා.

රුවන් එස්. සෙනෙවිරත්න

SendShareShare
Previous Post

මිනිසුන්ට ‌නොපෙනී නායකයන් ගිරව් වගේ කතාකරන ‌මොකක්ද ‌මේ ‌ටෙලිප්‍රොම්ප්ටරේ

Next Post

ඉතාලියේ තනිවුණු ආදරණීය ගායකයා

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.