• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

මිනිසුන්ට ‌නොපෙනී නායකයන් ගිරව් වගේ කතාකරන ‌මොකක්ද ‌මේ ‌ටෙලිප්‍රොම්ප්ටරේ

September 14, 2019
in Politics, Uncategorized
Reading Time: 7 mins read
A A
මිනිසුන්ට ‌නොපෙනී නායකයන් ගිරව් වගේ කතාකරන ‌මොකක්ද ‌මේ ‌ටෙලිප්‍රොම්ප්ටරේ
Share on WhatsAppShare on Facebook

ඉන්දියාවෙ ඇගමැතිවරයාගේ නිල මන්දිරය උත්සවශ්‍රීයෙන් ඇලලී ගොස් තිබිණි. තමන්ගේ රටට පැමිණි යාබද දේශයේ නවතම නායකයා පිළිගන්නට ඉන්දීය අගමැතිවරයා සියලු කටයුතු ලකලැහැස්ති කර තිබිණි. දිනය හරියට 2015 වසරේ පෙබරවාරි 16 වැනිදාය. මෙය සැබැවින්ම අතිවිශේෂිත උත්සවයක් වූ අතර, එයට දෙස් විදෙස් ප්‍රභූවරු රාශියක්ම පැමිණ සිටියහ. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මේ සිදුකරන්නට යන්නේ, එවිට ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ඔහුගේ බිරිය හෙවත් ජනාධිපති ආර්යාව පිළිගැනීමේ උත්සවය සිදුකිරීමටයි. මුලින්ම කතාව පැවැත්වීමට ආරාධනා කළේ ඉන්දීය අගමැතිවරයාටය. නරේන්ද්‍ර මෝඩි මහතා මයික්‍රෆෝනය ඉදිරියේ සිටගත්තේ තම කතාව පැවැත්වීමටය. දෙස් – විදෙස් මාධ්‍යවේදීන් සිය ගණනක් ඔහු ඉදිරිපස දෙනෙත් විවර කර සවන් යොමාගෙන සිටියේය. ඉන්දීය අගමැතිවරයාගේ දෙබස් ඉංග්‍රීසි බසින් ගලා එන්නට වූයේය.

“ඉට් ඊස් අ ග්‍රේට් ප්ලෙෂර් ඇන්ඞ් ප්‍රිවිලේජ් ටු වෙල්කම් ප්‍රසිඩන්ට් මෛත්‍රිපාල සිරිසේන ඇන්ඞ් එම්. ආර්. එස්. සිරිසේන ටු ඉන්ඩියා” (ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඔහුගේ බිරිය එම්. ආර්. එස්. සිරිසේන මම ඉතාමත් සතුටින් සහ ගෞරවයෙන් යුතුව පිළිගන්නවා).
ඉන්දීය අගමැතිවරයාගේ පළමු වදන සවනට වැටුණු සැනින්ම රැස්ව සිටි පිරිස අන්දුන්කුන්දුන් වී ගියේය. ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාගේ නම නිවැරැදිය. එහෙත් ඔහුගේ බිරියගේ නම එම්. ආර්. එස්. සිරිසේනද? රැස්ව සිටි බොහෝ පිරිසට මෙය එක්වරම අවබෝධ නොවූවද තත්පර කිහිපයකින් එය අවබෝධ කරගන්නට හැකි විය. අගමැතිවරයා යම් ඉංග්‍රීසි වදනක් බලාගෙන මෙම කතාව කියන්නට ඇති බැව් පැහැදිලි විය. එහෙත් එවැන්නක් පෙනෙන්නටද නැත. එහෙත් එම වදන මෙසේ විය යුතු යැයි බොහෝ පිරිස සිතන්නට වූහ.
—It is a Great Pleasure and Privilege to welcome President Maithripala Sirisena and Mrs. Sirisena to India˜ ඉහත ඔබට සිංහල බසින් ලියා තැබුවේ මෙම ඉංග්‍රීසි වදනය.
දැන් සිදුවී ඇත්තේ කුමක්ද? මෙවැනි වදනක් පෙනෙන තැනක හෝ ඉන්දීය අගමැතිවරයා අත යම් සටහනක් කඩදාසියක් හෝ නොමැත. එහෙත් අගමැතිවරයා ඉදිරියේ දෙපස ආධාරක දෙකක් මත රැඳවූ විනිවිද පෙනෙන වීදුරු පෘෂ්ඨයන් දෙකක් ඇත. අගමැතිවරයා තම කතාව සිදු කරන්නේ මෙම ආධාරක දෙක දෙපස නෙත් යොමු කරමිනි. එහෙත් එහි රැස්වුණු ජනතාවට පෙනෙන්නට අකුරක් හෝ නොමැත. එය කෙතරම් විනිවිද පෙනෙන්නේද යත් අගමැතිවරයාගේ රූපය පවා එය හරහා පෙනෙයි. අගමැතිවරයා බොහෝ චතුරව තම කතාව සිදුකරගෙන යයි. එහෙත් ඔහුට මේ වන විට අත්‍යවශ්‍ය වූ වචනයක් වැරැදී හමාරය. නරේන්ද්‍ර මෝඩි අගමැතිවරයා අමාරුවෙ වැටී ඇත්තේ ඔහුගේ වරදකින්ද? එසේත් නැතිනම වෙනත් හේතුවකින්ද? පැටළුණු ගැටය ටිකෙන් ටික ලිහෙන්නට විය.
අගමැතිවරයාගේ ඉදිරියෙහි දෙපස ඇති ආධාරක මත රැඳවූ වීදුරු පෘෂ්ඨ දෙක කුමක්ද? මෙය ඉංග්‍රීසි බසින් “ටෙලිප්‍රොම්ප්ටර්” වශයෙන් හඳුන්වයි. මෙම උපකරණයට නිසි සිංහල වචනයක් නැතත් සරලව ප්‍රකාශ කළහොත් “මතක්කර දෙන්නා” හෝ “සිහිකර දෙන්නා” යන අර්ථය එයට ආදේශ කළ හැකිය. අද වත්මන් ලෝකයේ බොහෝ රාජ්‍ය නායකයන් සහ ප්‍රභූ පිරිස් පොදු සභාවක් ඉදිරියේ කතාවක් සිදුකරන විටදී මෙම උපකරණය භාවිත කරයි. මෙය මඟින් සිදු කෙරෙන්නේ කලින් සකස් කරගත් කතාවක් සභාවට නොදැනෙන ලෙස එම අවස්ථාවේ සිදුකරන කතාවක් මෙන් ප්‍රකාශ කිරීමය. ඉදිරියේ සිටින ජනතාවට මෙම ආධාරකය මත ඇති වීදුරු පෘෂ්ඨයන් සාමාන්‍ය විනිවිද පෙනෙන අයුරින් දර්ශනය වුවද, කතාව පවත්වන්නාට තමන්ගේ පැත්තේ සිට එම පෘෂ්ඨය මත අදාළ කතාවේ වචන දිස්වෙයි. එවිට කතාව සිදුකරන්නේ එම වැකි දෙස බලමිනි.
“ටෙලිප්‍රොම්ප්ටරය” විද්‍යුත් තාක්‍ෂණික උපකරණයකි. එය ගැන තවත් කරුණු ලියන්නට පෙර නරේන්ද්‍ර මෝඩි අගමැතිවරයාට වූ ඇබැද්දිය දෙස නැවත හැරී බලමු. ඔහු ශ්‍රී ලංකාවේ ජනාධිපති ආර්යාවට එම්. ආර්. එස්. සිරිසේන යැයි කිව්වේ “ටෙලිප්‍රොම්ප්ටරයේ” දිස්වුණු ඵරි හෙවත් මිසිස් (මහත්මිය) යන වචනය දුටු විටය.
මෙය සැබෑ ලෙසම සිදුවූ අතිවිශාල වැරැදීමකි. සිරිසේන මහත්මිය (මිසිස් සිරිසේන) යැයි කියන්නට නියමිතව තිබුණද, එය ඉන්දීය අගමැතිවරයා පටලවා ගත්තේය. ඉන්දීය අගමැතිවරයා යනු ඉංග්‍රීසි භාෂාව උගත් අයෙකි. එහෙත් මෙහිදී ටෙලිප්‍රොම්ප්ටරයේ මුද්‍රිතව තිබූ ඵරිග අකුරු තුන දුටුවිට ඔහු අදහස පටලවා ගත්තේය. රාජ්‍ය නායකයකු සිදුකළ මෙම වරද එකල බොහෝ මාධ්‍යයන් විවේචනයට ලක් කළේය. නරේන්ද්‍ර මෝඩි අගමැතිවරයා බොහෝ විට තම කතාවන් පැවැත්වීමේදී මෙම ටෙලිප්‍රොම්ප්ටරයේ සහාය ලබාගන්නා බවට දෝෂාරෝපණයද නැඟිනි. ස්වභාවිකව සහ තාත්විකව සජීවී කතාවක් කිරීමට ඇති නොහැකියාව එමඟින් පෙන්වන බවටද මාධ්‍ය දොස් පවරා තිබිණි.

කෙසේ හෝ එසේ පැවසුවද අද මෙම අපූරු “ටෙලිප්‍රොම්ප්ටරය” ලෝකයේ රාජ්‍ය නායකයන් රැසකගේ මිතුරකු වී හමාරය. ශ්‍රී ලංකාවේ නායකයන් කිහිප දෙනකුටද මෙය ගජ මිතුරකු වී ඇත. මෙම විද්‍යුත් උපකරණය සහ රාජ්‍ය නායකයන් අතර බැඳී ඇති කතා විටෙක ඉතාමත් රසවත්ය. මෝඩි අගමැතිවරයාගේ කතාවම එයට හොඳ උදාහරණයකි. 2016 වසරේ ජුනි මාසයේදී මෝඩි අගමැතිවරයා ඇමෙරිකාවේ සංචාරයක් කළේය. එහිදී ඔහු ඇමෙරිකානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අමතා කොන්ග්‍රස් මණ්ඩලයේදී විශේෂ දේශනයක් සිදු කළේය. මෙහිදී ඔහු සිදුකළ විශිෂ්ට දේශනය අසා ඇමෙරිකානු මන්ත්‍රීවරු පුදුමයට පත්වූහ. ඔවුන් සතුට දරාගත නොහැකිව එකිනෙකා පැමිණ ඉන්දීය අගමැතිවරයාට සුබ පතන්නට විය. එහෙත් මෝදි අගමැතිවරයා කතාව සිදුකරන විටදී තමන් ඉදිරිපස දෙපස “ටෙලිප්‍රොම්ප්ටර්” යන්ත්‍ර දෙකක් සවිකර ඇති බව බොහෝ දෙනකුට මතකයට හෝ අවධානයට හෝ නැඟුණේ නැත. මෝඩි අගමැතිවරයා සාමාන්‍යයෙන් තමන්ගේ රටේදී හින්දු බසින් කතාකරන විටදී මෙවැනි යන්ත්‍ර භාවිත නොකරන බැව් පැවැසෙයි. එහෙත් ඔහු ඉංග්‍රීසි බසින් කතා කරන විටදී එම යන්ත්‍රය අනිවාර්යයෙන්ම උපයෝගී කරගනියි. කෙසේ හෝ අවසානයේ ඇමෙරිකාවේදී සිදුකළ කතාව “ටෙලිප්‍රෙම්ප්ටර්” කතාවක් බවට හෙළිවිය. සමාජ මාධ්‍ය ජාල එම පුවත ඡායාරූපද සමඟ පළකරන්නට විය.

වත්මන් ඇමෙරිකානු ජනාධිපතිවරයාට පෙර ඇමෙරිකාවේ සිටි ජනාධිපති බැරැක් ඔබාමා ද “ටෙලිප්‍රොම්ප්ටර්” යන්ත්‍රය බොහෝ අවස්ථාවලදී භාවිත කරන රාජ්‍ය නායකයෙකි. ඔහු වරක් තම කොන්ග්‍රස් (පාර්ලිමේන්තු) සභිකයන් අමතන්නට ගත්තේ තමන් දෙපස ඇති මෙම යන්ත්‍ර දෙක ආධාර කරගනිමිනි. එහෙත් තම කතාව අරඹා සුළු වේලාවකදී තමාගේ වම්පසින් වූ “ටෙලිප්‍රොම්ප්ටර්” යන්ත්‍රයේ වීදුරුවල මුළුමනින්ම බිමට කඩාගෙන වැටිනි. තවද එය මහත් ශබ්ද නඟමින් කෑලිවලට කැඩී බිම විසිරී ගියේය. ඔබාමා ජනාධිපතිවරයා කලබලයටද පත්විය. එහෙත් ඒ බැව් නොහඟවා මඳ සිනහවක් පාමින් සභාව අමතා ඉංග්‍රීසි බසින් “සොරි, එබවුට් දැට් ගයිස්” (- මිතුරන් ඒ ගැන සමාවෙන්න) යනුවෙන් පැවැසීය. එක් යන්ත්‍රයක් බඳී ගියත් අනෙක් යන්ත්‍රය හොඳට තිබෙනු පෙනෙන්නට විය. එහෙත් එය ක්‍රියා විරහිතවී ඇත. පරිගණකගත උපරණයක් හෙයින් එසේ සිදුවී ඇත. මෙහිදී අතිශය රසවත් සිදුවීම ලෙසට වාර්තා වී තිබුණේ ඔබාමා ජනාධිපතිවරයා “පුවර් ඉකොනොම” (දුර්වල ආර්ථිකය) යන වචනය භාවිත කරන විටදීම එය ශබ්ද නඟා බිම කඩාවැටීමය. ඊට පසුව ජනාධිපතිවරයා යම් සටහන් කිහිපයක් ඇසුරෙන් ඉතාමත් අපහසුවෙන් කතාව සිදුකර ඇත.
ඇමෙරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ද තම ප්‍රධාන දේශනවලදී “ටෙලිප්‍රොම්ප්ටර්” යන්ත්‍රයේ පිහිට පතයි. මෙයට වසරකට පෙර ඔහු කොන්ග්‍රස් මණ්ඩලය අමතමින් සිටින විටදී හොඳින් වැඩකරමින් තිබූ එම යන්ත්‍රය මුළුමනින්ම ක්‍රියා විරහිත විය. ඔහු අන්දුන්කුන්දුන්වී ගියේය. හොඳ වේලාවට යන්ත්‍රයට යොදන ලද කතාවේ ලිඛිත පිටපතක් ඔහු අත විය. ඔහු එය අතට ගෙන කියවමින් කතාව කළේය. ඊට පසු ටෙලිප්‍රොම්ප්ටර් යන්ත්‍රය එතැනින් ඉවත් කිරීමට පැමිණි තරුණ සේවකයා දෙස බලා “මොකක්ද මනුස්සයෝ ඕකට වුණේ?” යැයි ඇසීය. එහෙත් සේවකයා කිසිවක් නොකියා එය ගලවාගෙන යනු දක්නට හැකි විය. මේ ආකාරයට මෙම රාජ්‍ය නායකයන්ට සිදුවුණු ඇබැද්දි ඉතා රසවත්ය.
ශ්‍රී ලංකාවේ නායකයන් ආශ්‍රිතවද විවිධ “ටෙලිප්‍රොම්ප්ටර්” කතාන්දර එළිදැක්වී ඇත. හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාද මෙම යන්ත්‍රය බොහෝ සෙයින් භාවිත කළ රාජ්‍ය නායකයෙකි. ඔහු සමහර අවස්ථාවලදී ස්වාධීනව, සජීවී කතා සිංහල භාෂාවෙන් සිදුකළද, ඉංග්‍රීසි සහ දමිළ භාෂාවෙන් සිදුකරන කතාවලදී මෙම යන්ත්‍රය භාවිත කරයි. 2009 වසරේදී වර්ගවාදී සිවිල් යුද්ධය දිනාගැනීමෙන් පසුව ඔහු 2009 දෙසැම්බර් 24 වැනිදා ජාතිය අමතා කතාවක් කළේය. මෙය නත්තල් දිනට පෙර දිනය විය. සිංහල භාෂාවෙන් සිදුකළ මෙම කතාව ටෙලිප්‍රොම්ප්ටර් යන්ත්‍රයක ආධාරයෙන් සිදුකරන ලදී. එහිදී “සිරස” ආයතනය මෙම කතාව රාත්‍රී 7 පුවත්වලට විකාශය කළේ ජනාධිපතිවරයා සහ ටෙලිප්‍රොම්ප්ටර් යන්ත්‍රයේද දසුන් සහිතවය. මෙම ප්‍රචාරය ගැන මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය අංශ කෝපයට පත්විය. ඔවුන් “සිරස” ආයතනයට වහා තර්ජනය කරමින් කියා සිටියේ රාත්‍රී 10 ප්‍රවෘත්ති විකාශනයේදී එම දර්ශන භාවිත නොකරන ලෙසය. “ටෙලිප්‍රොම්ප්ටර්” උපකරණය දර්ශනය නොවෙන වෙනත් දර්ශන භාවිත කරන ලෙසට තර්ජනය කළේය. මෙම සිදුවීම එකල මාධ්‍ය කිහිපයකින්ම ප්‍රචාරය කරන ලදී.

රාත්‍රී 10 ප්‍රවෘත්ති විකාශයට ජනාධිපති මාධ්‍ය අංශය එවනු ලබන දර්ශන භාවිත කිරීමටද නියෝග කළේය. අවසානයේදී බියට පත්වුණු රූපවාහිනී ආයතනය ජනාධිපති මාධ්‍ය අංශය එවන ලද දර්ශන පමණක් රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයේදී විකාශනය කෙරිණි.
රාජපක්‍ෂ පාලනය සමයේදී මහින්ද රාජපක්‍ෂ මහතා දිවයිනේ උතුරු නැඟෙනහිර ප්‍රදේශවලදී ඉතා චතුරව දමිළ භාෂාව කතාකරන රැස්වීම් රාශියක් දක්නට හැකි විය. මෙම දමිළ භාෂා දේශන ඔහු සම්පූර්ණයෙන්ම පවත්වන ලද්දේ මෙම විද්‍යුත් යන්ත්‍රයේ ආධාරයෙනි. එම කාලයේදී ජනාධිපති මාධ්‍ය අංශය සියලු මාධ්‍ය ආයතනවලට උපදෙස් දී තිබුණේ මෙම යන්ත්‍රයේ දසුන් කිසි විටෙකත් හසුනොවන ආකාරයෙන් දර්ශන රූපගතකරන ලෙසටය. මේ නිසා එකල මාධ්‍යවේදීන්ට මෙම “ටෙලිප්‍රොම්ප්ටර්” උපකරණය මරණීය තර්ජන ගෙනදුන් උපකරණයක්ද විය. කෙසේ හෝ එම සමය සැබැවින්ම මාධ්‍යකරුවන්ගේ අඳුරුතම, බියකරු සමයක් බවට පත්වී තිබීමද අදටත් නොරහසකි.
ටෙලිප්‍රොම්ප්ටරය සහ වත්මන් ජානාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර බැඳි රසවත් කතාවක්ද වාර්තාවී ඇත. ජනාධිපතිවරයා සාමාන්‍යයෙන් සිංහල බසින් කතාකරන විටදී එවැනි උපකරණ භාවිත නොකර චතුරව කතාකරයි. එහෙත් ඉංග්‍රීසි බසින් කතාකරන විටදී මෙම උපකරණය භාවිත කරයි. ඔහු 2017 වසරේ ඇමෙරිකාවේ පැවැති එක්සත් ජාතීන්ගේ සමුළුව ඉංග්‍රීසි භාෂාවෙන් ඇමතීම සඳහා ටෙලිප්‍රොම්ප්ටරය භාවිත කළ අතර එම උපකරණය ශ්‍රී ලංකාවේ සිට රැගෙන යෑමට කටයුතු කර තිබිණි. ටෙලිප්‍රොම්ප්ටර් ඕනෑ තරම් ඇමෙරිකාවේ තිබුණද ඔහු තමාට හුරු, විශ්වාසයක් ඇති යන්ත්‍රයක් මෙරටින් රැගෙන ගියේය. ඒ සඳහා ඇමෙරිකාවෙන් විශේෂ අවසරයක් ගැනීමටද සිදුවූ අතර එම උපකරණය ක්‍රියාකරවීම සඳහා කාර්මක ශිල්පීන්ද රැගෙන ගියේය. අනතුරුව ඔහු සාර්ථක ලෙස එක්සත් ජාතීන්ගේ සමුළුව අමතා ඇත’

තවත් රසවත් “ටෙලිප්‍රොම්ප්ටර්” කතා අසන්නට පෙර අප මෙම අපූරු යන්ත්‍රයේ ඉතිහාසය ගැන කරුණු මඳක් සොයා බලමු. මෙම විද්‍යුත් උපකරණයට ඉතා දිගු ඉතිහාසයක් නැතත්, වසර 70ක පමණ සැලකියයුතු ඉතිහාසයක් ඇත. එනම් 1950 වසරේදී ඇමෙරිකාවේදී ෆ්‍රෙඞ් බාටන් නමැති විද්‍යුත් ඉන්ජිනේරුවකු මෙම උපකරණය තනා ඇත. රූපවාහිනී කර්මාන්තයේ ප්‍රයෝජනය සඳහා මෙම උපකරණය මුලින් නිපදවනු ලැබුවත්, පසුව එය දේශපාලකයන්ගේ ප්‍රයෝජනය සඳහා භාවිත කෙරිණි. එම කාර්යයන් සඳහා වෙන වෙනම වෙනස් ස්වරූපයෙන් යුත් නිෂ්පාදනද බිහිවිණි. 1950 වසරේදී නිපදවනු ලැබූ මෙම උපකරණය 1952 වසරේදී මුලින්ම දේශපාලකයකු භාවිත කරනු ලැබුවෙ ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වන හර්බර්ට් හුවර්ය. ඔහු චිකාගෝ නුවර පැවති රිපබ්ලිකන් පක්‍ෂයේ ජාතික සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වූවේ “ටෙලිප්‍රොම්ප්ටර්” යන්ත්‍රයේ ආධාරයෙනි. ඉන්පසුව දෙවැනි වතාවට 1954 වසරේදී ඇමෙරිකාවේ හිටපු ජනාධිපති අයිසක් හූවර් මෙම යන්ත්‍රය භාවිත කරමින් දේශපාලන රැලියක් පවත්වා ඇත. ඉන් පසුව ගතවී ඇති පසුගිය වසර 70ක කාලයක් තුළදී ලෝකයේ විවිධ රටවල රාජ්‍ය නායකයන් මෙම උපකරණය භාවිතයට ගෙන ඇත.
“ටෙලිප්‍රොම්ප්ටර්” යන්ත්‍ර වර්ග කිහිපයක්ම ඇත. එනම් රූපවාහිනී ප්‍රවෘත්ති කියැවීම සඳහා භාවිත කරනු ලබන වර්ගය, රූපවාහිනී රංගන ශිල්පීන්ගේ ප්‍රයෝජනය සඳහා භාවිත කරනු ලබන වර්ගය සහ රාජ්‍ය නායකයන්ගේ දේශන සඳහා භාවිත කරනු ලබන වර්ගය ලෙස මෙසේ නම් කළ හැකිය. මෙම වර්ග තුන එකිනෙකට වෙනස් අතර, මිල ගණන්ද එකිනෙකට වෙනස්ය. එහෙත් මෙම සියල්ලෙන්ම සිදුකරන්නේ එකම ආකාරයක ක්‍රියාවලියකි. එනම් මතක්කර දීමේ හෝ සිහිකැඳවීමේ ක්‍රියාවලියයි. ඇමෙරිකානු ඩොලර් 1000 සිට 3000 (රුපියල් ලක්‍ෂ 2 සිට 6 දක්වා) පමණ දක්වා මෙම උපකරණ මිල වන අතර, එයට වඩා අධික මිල ඒවාද වෙළෙඳපොළෙහි ඇත. එනම් සාමාන්‍ය භාවිතයට සහ වෘත්තීයමය භාවිතයට ගන්නා ඒවා ලෙස වර්ග කර ඒවායේ මිල ගණන් නියම කරෙයි. කෙසේ හෝ අප මෙම ලිපියේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළේ රාජ්‍ය නායකයන් භාවිත කරනු ලබන ඡරුිසාැබඑස්ක ඡරද ඔැකැචරදපචඑැර නමැති විශේෂිත වර්ගය කෙරෙහිය. මෙම උපකරණයෙහි ඇති විනිවිද පෙනෙන වීදුරු පෘෂ්ඨය අඩි 08ක් දක්වා ඉහළට එසවිය හැකිය. එසේම එම වීදුරුව අඟල් 15ංඅඟල් 15 සිට අඟල් 19ංඅඟල් 19 දක්වා ප්‍රමාණවලින් ලබාගැනීමට හැකි අතර, දිවා රාත්‍රී දෙකෙහිමද භාවිත කළ හැකිය.
අපේ රටේ සිටින දේශපාලන නායකයන් කිහිප දෙනකුම තම කතා පැවැත්වීමට මෙම උපකරණය භාවිත කරනු දක්නට හැකිය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙන්ම වත්මන් ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාද “ටෙලිප්‍රොම්ප්ටරය” භාවිත කළ වාර බොහෝය. ඔවුන්ගේ පක්‍ෂ සමමේලනයේදී ප්‍රධාන කතා පැවැත්වීමට මෙම යන්ත්‍රය භාවිත කරන ලදී. ප්‍රකට නීති විශාරදයකු සහ විද්වතකු වන ආචාර්ය නිහාල් ජයවික්‍රම මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණේ දැනට නම් ප්‍රකාශයට පත්කර තිබෙන ප්‍රකට ජනාධිපති අපේක්‍ෂකයා තම මංගල කතාව “ටෙලිප්‍රොම්ප්ටරයක” ආධාරයෙන් ඉතා ගාම්භිර ලෙස සිදුකළේ පාර්ලිමේන්තුවේ රාජාසනයක කතාවක විලසින් බවය. එනම මෙයින් අදහස් කළේ කලින් පිළියෙළ කරගත් කතාවක් මෙම යන්ත්‍රය මඟින් විශිෂ්ට ලෙස ඉදිරිපත් කළ හැකි බැව්ය. එහෙත් එය කිසිසේත්ම තමන්ට හැඟුම්බර ක්‍රියාවලියක් නොවන බවත්, බුද්ධිමතුන් පෙන්වාදී ඇත. මෙය සැබැවින්ම එම රාජ්‍ය නායකයාගේ හෝ දේශපාලකයාගේ හෝ බුද්ධිය පෙන්වීමක් නොව, “අඳ-ගොළු-බිහිරි” ක්‍රියාවලියක් බැව් ප්‍රකාශ කර සිටියි. එමෙන්ම දේශපාලකයකුගේ අකර්මණ්‍යතාවත්, පුහු බවත් එයින් ඉස්මතු වන බවද අවධාරණය කරයි. වරක් ඇමෙරිකානු ජනාධිපතිවරයෙක් තම තාක්‍ෂණික සේවකයකුට පවසා ඇත්තේ “ටෙලිප්‍රොම්ප්ටරය” තමාට වඩා ඉතා පහතින් ඇති බවත්, ඒ නිසා ඉහළට ඔසවන ලෙසත්ය. එවිට නිලධාරියා ජනාධිපතිවරයාට පවසා ඇත්තේ අපූරු කියමනකි.
“එහෙම අපිට ඕන විදියට ඒක උස්සන්න බැහැ. එතකොට වෙන්නේ සර් ජනතාව දෙස බලාගෙන නෙවෙයි කතා කරන්නේ. වහල දෙස බලාගෙනයි. එහෙමත් නැත්නම් සර් අහස දෙස බලාගෙන කතා කරනවා වගේ පේන්න පුළුවන්”
නිලධාරියා ජනාධිපතිවරයාට එසේ පවසන විට ඔහු වචනයකුදු කතා නොකර බිම බලාගෙන ඇත. ඒ ආකාරයට එය ඉතාමත් රසවත් එමෙන්ම හාස්‍යජනක පුවතක්ද විය. එනම් “ටෙලිප්‍රොම්ප්ටරයට” ඕනෑ විදයට අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා වැඩ කළ යුතුය. සත්‍ය ලෙසම සැබෑ රාජ්‍ය නායකයකු නම් මෙම කිසිදු උපකරණයකට හිස නොනමා තමන්ගේ ශක්තියෙන් සහ දක්‍ෂතාවයෙන් අදාළ කතාව කළ යුතුය. ලෝකයේ එවැනි නායකයන්ද කොපමණ සිටින්නේද? අඩු තරමේ අතේ කඩදාසි කැබැල්ලක් හෝ නොමැතිව කතාකරන දක්‍ෂ නායකයන් ඕනෑ තරම් ලොව සිටිති.
“ටෙලිප්‍රොම්ප්ටරයට” තවත් අපූරු නාමයක්ද ඇත. මෙයට කියන එම අන්වර්ථ නාමය නම් “ගිරවා” යන්නය. සියල්ල ඔබට මතක් කරන්නේ මේ ගිරවාය.

ප්‍රියන්ත ‌හෙට්ටිගේ

SendShareShare
Previous Post

හොරොව්පොතානේ මිනිස්සු හිටිහැටියෙ මැරිලා වැටුණේ කුමාරයාගේ බල බිදිලද?

Next Post

ආර්ය කාමදේව ඇමැති හදපු දේවාලය

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Uncategorized

ගැහුවාට විරෝධය! අමෙරිකානු සාම සාකච්ජාවලින් ඉරානය ඉවත් වෙයි! I Sri Lanka Latest News

තවත් ජංජාලයක්! ආණ්ඩුව ඩිජිටල් ID ටෙන්ඩරය බ්ලැක්ලිස්ට් වෙච්ච ඉන්දීය සමාගමකට දෙන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Uncategorized

O/L කරලත් ඉවරයි! A/L කරලත් ඉවරයි! අවුරුදු තුනහමාරක් ගිහිල්ලත් තවම සිසුන්ට ID එක ඇවිත් නෑ! දෙපාර්තමේන්තුවත් සද්ද නෑ! I Sri Lanka Latest News

ලැබී ඇති අවස්ථාව කිසිසේත් මගහැර ගන්නේ නෑ! රට දිනවීමේ ගමනට අකුල් හෙලූ පිරිසක් ලෙස ඉතිහාසයට එක් නොවී එහි පංගුකරුවන් වන්න! අනුර පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ සියලු දෙනාට ආරාධනා කරයි! I Sri Lanka Latest News
Uncategorized

වචනයක්වත් කතා නොකර අනුර දවස් 3ක් පාර්ලිමේන්තුවේ මොනවද කළේ? I Sri Lanka Latest News

කොළඹ ගෙදරින් දොට්ට දැමූ මහින්දව පිළිගන්න ගමේ මහසෙනගක් රැස්වෙයි! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

ප්‍රශ්නයක් නෑ! මහින්ද එළියට ආවා! VIDEO I Sri Lanka Latest News

ඊළඟට යන්නේ කව්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

ඊළඟට යන්නේ කව්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

මේ පාර කතානායක ධූරය වෛද්‍යවරයෙක්ට!  I Sri Lanka Latest News
Uncategorized

බාර දීලා මාස 4ක්! තාම කිසිම දෙයක් කරලා නෑ! පාර්ලිමේන්තුවේ ලිංගික හිංසන සිද්ධියේ වාර්තාව තවම කතානායක ළඟ! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

දශකයකට පසු ඇතිවන ප්‍රබලම එල්-නිනෝ තත්ත්වයක බලපෑමක් ඉදිරියේ දී එල්ල වීමේ හැකියාවක් පවතින බවට එක්සත් ජාතීන්ගේ කාලගුණවිද්‍යා ඒජන්සිය අනතුරු අඟවා...

Read more
සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.