• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

අලවල පන්සලෙන් හමුවූ ආදි මානවයා

October 31, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
අලවල පන්සලෙන් හමුවූ ආදි මානවයා
Share on WhatsAppShare on Facebook

මේ කියන්නට යන්නේ ඔබ අතරින් බොහෝ දෙනෙක් නොදන්න නමුත් පෞරාණික වටිනාකමකින් යුත් පුරාණ රජමහා විහාරයක් ගැනය. ඉතා ඈත අතීතයට දිවයන මෙහි පෞරාණික වටිනාකම ගැන සාකච්ඡා කිරීමේදී 2009 වසරේදී කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මඟින් සිදුකරන ලද කැණීම්වලට අනුව අලවල පුරාණ පොත්ගුල්ලෙන් ප්‍රාග් ඓතිහාසික ආදි මානව ජනාවාසයක් බව තහවුරු වී තිබේ. එම ජනාවාස කොයිතරම් පැරණිද යත් ක්‍රි.පූ. 14000 – 8000 අතර කාලය තෙක් පැරණි බවයි පැවසෙන්නේ.
ඒ අනුව මෙහි භූගෝලීය සාධක විමසා බැලීමේදී මුහුදු මට්ටමින් අඩි 800ත් 1300ත් අතර උන්නතාංශයකින් යුක්ත බව පැවසේ. මේ අනුව උන්නතාංශ සීමාව හා මුහුදු මට්ටමින් අඩි 1286ක උසකින් ඇතාබැඳි ලෙනත්, මුහුදු මට්ටමින් අඩි 984ක උස අලවල මහකන්දත්, මුහුදු මට්ටමින් අඩි 842ක් උස කහගල කන්ද පිහිටා ඇති අතර පොත්ගුල්ලෙන මුහුදු මට්ටමින් 1024 උස් වූ කඳු ගැටයක් පිහිටා තිබේ.
ඒවගේම කුටි ආරක්‍ෂාවීම සඳහා කටාරමද කොටා තිබේ. ඒත් සමහර ක්‍රි.පූ. 1 වැනි සියවසේ බ්‍රාහ්මීය අක්‍ෂරවලින් ලියවුණු සෙල්ලිපි දක්නට ලැබේ.
“ගණිත කෘති තිස ලෙස
අගරු අනගත චතුදිය යහස දිනේ
ආවා වූත් නොවාවූත් මහසංඝයාට මෙම ලෙන පූජාකරන ලැබුවා”
එසේම ආදි මානවයාගේ ජීවන රටාව පිළිබඳ සුවිශේෂී කරුණු රාශියක් කැණීම්වලින් සොයාගෙන තිබේ. ඒ අනුව ආහාර ලෙස ගත් සත්ව කොටස් හමුවී තිබීම තුළින් සතුන් දඩයම් කොට ආහාරයට ගන්නට ඇතැයි සලකනු ලබයි. සර්පයන්, ගොනුන්, මුවන් ආදී සතුන්ගේ ශේෂ හමු වී තිබීමෙන් ඒ බව පසක්වේ.
ඒ වගේම මෙම ආදි මානවයාගේ ආයුධ වෙළෙඳාම් ආදිය පිළිබඳ සොයාබැලීමේදී මෙම කැණීම් තුළින් ඔවුන් භාවිත කළ අවි ආයුධ උලච්චිය සඳහා යොදාගත් මෙවලම් භාවිත කර ඇති බව සොයාගෙන ඇත.
බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගිනිකොන දිශාවේ පිහිටි මෙම අලවල ලෙන සියනෑ කෝරළයේ උඩුගහපත්තුවට අයත් පරිපාලනමය වශයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ, අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අලවල උතුර නම් සුන්දර ග්‍රාමයෙහි පිහිටා ඇත. වේයන්ගොඩ, ගලපිටමඩ මාර්ගයේ පැමිණෙන විට මෙම පොත්ගුල් ලෙන රජමහා විහාරය ඔබට හමුවනු ඇත.
වෙමැනි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන ආරක්‍ෂා කරගැනීම දේශයම සතු වගකීමක් නොවන්නේද? එනිසා මෙම පොත්ගුල් ලෙන පිළිබඳ විස්තර දැනෙන්නට හැඟෙන්නට ඔබට ලියන්නට සිතුණි.

කාංචනා මධුවන්ති රත්නායක

SendShareShare
Previous Post

කෝපිකඩේ කියන්නෙ මගේ දරුවෙක්

Next Post

සෝභිත හිමිගේ ව්‍යාපාරයෙන් අනුරට බලු බැනුම්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.