මේ කියන්නට යන්නේ ඔබ අතරින් බොහෝ දෙනෙක් නොදන්න නමුත් පෞරාණික වටිනාකමකින් යුත් පුරාණ රජමහා විහාරයක් ගැනය. ඉතා ඈත අතීතයට දිවයන මෙහි පෞරාණික වටිනාකම ගැන සාකච්ඡා කිරීමේදී 2009 වසරේදී කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මඟින් සිදුකරන ලද කැණීම්වලට අනුව අලවල පුරාණ පොත්ගුල්ලෙන් ප්‍රාග් ඓතිහාසික ආදි මානව ජනාවාසයක් බව තහවුරු වී තිබේ. එම ජනාවාස කොයිතරම් පැරණිද යත් ක්‍රි.පූ. 14000 – 8000 අතර කාලය තෙක් පැරණි බවයි පැවසෙන්නේ.
ඒ අනුව මෙහි භූගෝලීය සාධක විමසා බැලීමේදී මුහුදු මට්ටමින් අඩි 800ත් 1300ත් අතර උන්නතාංශයකින් යුක්ත බව පැවසේ. මේ අනුව උන්නතාංශ සීමාව හා මුහුදු මට්ටමින් අඩි 1286ක උසකින් ඇතාබැඳි ලෙනත්, මුහුදු මට්ටමින් අඩි 984ක උස අලවල මහකන්දත්, මුහුදු මට්ටමින් අඩි 842ක් උස කහගල කන්ද පිහිටා ඇති අතර පොත්ගුල්ලෙන මුහුදු මට්ටමින් 1024 උස් වූ කඳු ගැටයක් පිහිටා තිබේ.
ඒවගේම කුටි ආරක්‍ෂාවීම සඳහා කටාරමද කොටා තිබේ. ඒත් සමහර ක්‍රි.පූ. 1 වැනි සියවසේ බ්‍රාහ්මීය අක්‍ෂරවලින් ලියවුණු සෙල්ලිපි දක්නට ලැබේ.
“ගණිත කෘති තිස ලෙස
අගරු අනගත චතුදිය යහස දිනේ
ආවා වූත් නොවාවූත් මහසංඝයාට මෙම ලෙන පූජාකරන ලැබුවා”
එසේම ආදි මානවයාගේ ජීවන රටාව පිළිබඳ සුවිශේෂී කරුණු රාශියක් කැණීම්වලින් සොයාගෙන තිබේ. ඒ අනුව ආහාර ලෙස ගත් සත්ව කොටස් හමුවී තිබීම තුළින් සතුන් දඩයම් කොට ආහාරයට ගන්නට ඇතැයි සලකනු ලබයි. සර්පයන්, ගොනුන්, මුවන් ආදී සතුන්ගේ ශේෂ හමු වී තිබීමෙන් ඒ බව පසක්වේ.
ඒ වගේම මෙම ආදි මානවයාගේ ආයුධ වෙළෙඳාම් ආදිය පිළිබඳ සොයාබැලීමේදී මෙම කැණීම් තුළින් ඔවුන් භාවිත කළ අවි ආයුධ උලච්චිය සඳහා යොදාගත් මෙවලම් භාවිත කර ඇති බව සොයාගෙන ඇත.
බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගිනිකොන දිශාවේ පිහිටි මෙම අලවල ලෙන සියනෑ කෝරළයේ උඩුගහපත්තුවට අයත් පරිපාලනමය වශයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ, අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අලවල උතුර නම් සුන්දර ග්‍රාමයෙහි පිහිටා ඇත. වේයන්ගොඩ, ගලපිටමඩ මාර්ගයේ පැමිණෙන විට මෙම පොත්ගුල් ලෙන රජමහා විහාරය ඔබට හමුවනු ඇත.
වෙමැනි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන ආරක්‍ෂා කරගැනීම දේශයම සතු වගකීමක් නොවන්නේද? එනිසා මෙම පොත්ගුල් ලෙන පිළිබඳ විස්තර දැනෙන්නට හැඟෙන්නට ඔබට ලියන්නට සිතුණි.
කාංචනා මධුවන්ති රත්නායක











