අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් පිහිටුවනු ලැබූ සාධාරණ සමාජයක් සදහා වූ ජනතා ව්‍යාපාරය ජන බලවේගයේ අපේක්ෂකයා වූ අනුර කුමාර දිසානායක මහතා වෙත චෝදනා රැසක් එල්ල කිරීමට කටයුතු කොට ඇත.
එම ව්‍යාපාරයේ වත්මන් සභාපතිවරයා වන මහාචාර්ය සරත් විජේසූරිය මහතා පසුගිය දිනෙක ප්‍රසිද්ධ වේදිකාවේදී සදහන් කර සිටියේ ජවිපෙ අධිතක්සේරුවක සිට ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවත් මෙවර ඔවුන්ට ඔවුන්ගේ තරම දැනගත හැකි වනු ඇති බවකි.
එමෙන්ම ඔවුන් දැන හෝ නොදැන රාජපක්ෂ විරෝධී කදවුරට වැටෙන ජන්ද නැවත බෙදී යාමකට ලක් කර ඇති බවද විජේසූරිය මහතා එහිදී පෙන්වා දුන්නේය.










