• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

පහුරු ආ ගිය මඟ දිගේ බෝට්ටු ගමනක්…

September 23, 2021
in Holiday
Reading Time: 1 min read
A A
පහුරු ආ ගිය මඟ දිගේ බෝට්ටු ගමනක්…
Share on WhatsAppShare on Facebook

මහවැලි, කැලණි, කළු හා වලවේ යන ප්‍රධාන ගංගා හැරුණු කොට කදුකරයෙන් ඇරඹී, කෙත්වතු පෝෂණය කරමින්, මිනිසුන්ගේ මෙන්ම සතුන්ගේ ජීවනාලිය පෝෂණය කරමින් රටේ ආර්ථිකයට සවියක් ලබාදෙන ගංගා බොහෝමයකි. හිනිදුම හා සබරගමුව කඳු වැටි අසලින් ආරම්භ වී කිලෝමීටර 72කට නොවැඩි දුරක් ගමන් කර බෙන්තොටින් මුහුදට එක්වන බෙන්තර ගඟද මේ අතර ප්‍රමුඛස්ථානයක් ලබාගෙන ඇත.

කළුතර හා ගාල්ල දිස්ත්‍රික්ක මෙන්ම බස්නාහිර දකුණු පළාත් වෙන්කරන මායිම ලෙස සලකන බෙන්තර ගග ආශ්‍රිතව වර්තමානයේදී සංචාරක හෝටල්, නිවාඩු නිකේතන, ජල ක්‍රීඩා, බෝට්ටු සෆාරි ආදි සංචාරකයන්ගේ ආකර්ශනයට පත් ක්‍රියාකාරකම් රාශියකට තෝතැන්නක් වී පවතී. බෝට්ටු සෆාරියක් බෙන්තරින් ආරම්භ කල විට කරදිය හා මිරිදිය මුසු කලපුව දිගේ ක්‍රමයෙන් සමුදුරෙන් ඉවතට ගමන් කරයි. බෙන්තර කලපුව ආශ්‍රිතව දූපත් 60කට ආසන්නව පවතී. ඉන් බොහෝමයක් ජනශුන්‍ය වේ. ලංකාවේ විශාලතම කඩොලාන පරිසරයක අත්දැකීම් ලබාගැනීමට බෙන්තර ගග දිගේ ගමන උපකාරී වේ. ගමනේ පැය භාගයක් පමණ දුරකදී ඉස්සන් කොටු, මිරිදිය මත්ස්‍ය කොටු නිරීක්ෂණය කළ හැකිය. කලාතුරකින් හෝ කිඹුලකු නිරීක්ෂණය කිරීමට නම් ගමන නිසොල්මනේ යා යුතු වේ. ගමනේ මඟ පෙන්වන්නාට සහජයෙන්ම කිඹුලන් සිටිනා තැන් අවබෝධයක් තිබීම සංචාරකයන්ට එම අත්දැකීම ලබාගැනීමට උපකාරී වෙයි.

මමත් බුද්ධික අයියාත්, තාරුකා අක්කාත් තවත් මිතුරෙක් සමඟ අප සිව්දෙනා බෙන්තරින් ගමන ආරම්භ කර ගග දිගේ කඩොලාන ඔස්සේ ගොස් පහුරු කන්ද තරණය කර විහාරය වැඳ පුදා නැවත පැමිණීමට කටයුතු යොදා ගත්තෙමු. මීට පෙර මාදු ගඟ, කළු ගඟ ඔස්සේ ඉහලට ගොස් තිබුනත් බේරුවලට නුදුරු බෙන්තර ගග දිගේ ගමන පමාවී තිබුනි. ඉස්සන් ඇතුලු කලපු මත්ස්‍යයන්ගේද, මහකඩොල්, මට්ටිකඩොල්, හීන් කඩොල්, කැරන් කොකු, ගිංපොල්, කිරල වැනි කඩොලාන ශාක ගහනයන්ගෙන්ද සමන්විත ගමන වෙනස් අත්දැකීමක් අපට ලබාදීමට සමත්විය. සූර්යයා දැඩිව පායා තිබුනද ලවන මිශ්‍ර කලපු සුලඟ ගතට විඩාවක් නම් ගෙන දුන්නේම නැත.

ගගදිගේ කඩොලාන ගහනය ඔස්සේ යාමේදී මධ්‍යම ප්‍රමාණයේ කිඹුලෙකු නිරීක්ෂණය කිරීමටද අවස්තාවක් උදාවිනි. හෝරා එක හමාරක් පමණ කාලයකින් අනතුරුව පහුරු කන්ද ආශ්‍රිත තොටුපලට ලගාවීමට අප බෝට්ටුවට හැකි වූ අතර අතරමග පාලම් පාරුවේ ගමනද දැකගැනීමටද හැකිවිය. උදෑසන ආහාරය ඉක්මණින් රැගෙන පහුරු කන්ද තරණයට අපි සූදානම් වුනෙමු.

ඈත අතීතයේ සිටම කන්ද උඩ පර්වතයේ පිහිටි විහාරයට බෙන්තර ගග දිගේ පැමිනෙන බෞද්ධ සැදැහැවතුන් හා සංචාරකයන් පහුරු ඔස්සේ පැමිණ තරණය කිරීම නිසා පහුරු කන්ද වූ බව ජනවහරේ කියැවේ. වර්තමානයේ කන්ද මුදුනේ බෞද්ධ විහාරය සමග දේව විශ්වාස හා ග්‍රාමීය ඇදහිලි මුල්කරගත් ගොඩනැගිලි හා ප්‍රතිමා නිර්මාණ දැකගත හැකිය. ලංකාවේ විශාලතම පිත්තල ප්‍රතිමාවද මෙහි දැකගත හැක. සංචාරකයන් ලෙස තවත් වැදගත්වන කරුණවන්නේ, පර්වතයේ ඉහලටම ගියපසු නිරීක්ෂණය කලහැකි අංශක 360 පරාසයයි. නුදුරින්ම දිවෙන දක්ශින අධිවේගී මාර්ගයේ දිගුව වඩාත් ආකර්ශනීයව මෙහිදී දැකගත හැකි වේ.

මල්ගස් ඕවිට දෙනිය රක්ෂිතය අසලින් ගල්පඩි නගිමින් පැයකට අඩුකාලයකින් පහුරු කන්ද තරණය කල හැකිය. වෙහෙර වැදපුදා ගෙන නැවත පැමිනීමට පැය දෙකක පමන කාලයක් ගතවේ. අගනගරයේ සිට පැමිනෙන්කුට නිවාඩු දිනය වෙනස් අත්දැකීම් සමග ගතකිරීමට බෙන්තර ගගේ බෝට්ටු සවාරියත්, පහුරු කන්ද තරණයත් සැලසුම් කරගත හැකිය. ගග දිගේ ගොස් කඳු තරණයක් කර නැවත ගගදිගේ පැමිනීම අප සැමට ගෙනදුන්නේ නවමු අත්දැකීමකි. පරිසරය සුරකමින් ඡායාරූප හා වීඩීයෝ වලට මතක රදවා තවත් එක් ගමනක් අවසන් කිරීමට මෙසේ අවසන් කිරීමට අපි සමත්වුනෙමු.

අකිල දහනායක

SendShareShare
Previous Post

සමන් සුරිඳුගේ බාරේසිත නිවන මේ අවාරේ…

Next Post

කබ්රාල්වත් අරන් මනූෂ උසාවි යයි!

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Exclusive

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

නැගෙනහිර පළාතේ සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල හෙට (19) දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස්...

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News

පොලොන්නරුවේ රාජ්‍ය නායකයා නියෝජ්‍ය ඇමැති සරත් තඩි බොරුවක් අතෑරලා අතේ මාට්ටු! හැබැයි මේ කියන කතා විශ්වාස කරන කොටසකුත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.