• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

සමන් සුරිඳුගේ බාරේසිත නිවන මේ අවාරේ…

September 23, 2021
in Holiday
Reading Time: 1 min read
A A
සමන් සුරිඳුගේ බාරේසිත නිවන මේ අවාරේ…
Share on WhatsAppShare on Facebook

රට පුරා සංචාරය කරත් ඇස් වලින් දකින්න ආස හිත නිමෙන තැන් තියෙන්නෙ බොහෝම ටිකයි. එයිනුත් සුමන සමන් දෙවියන්ගේ අඩවිය තරම් දකින්න හිත නිමෙන අඩවියක් නැති තරම්. ඒ ගහ කොළ වල ඇළ, දොළ වල අසිරිය මොහොතකට ප්‍රශ්න සියල්ල අමතක කරවමින් අමුතුම ලෝකෙක අතරමං කරන අයුරු පුදුමාකරයි.
කොවිඩ් වසංගත තත්ත්වය නිසා වාරයේ මෙවර කරුණා කිරීමට නොහැකි වීම සිතට ලොකු අඩු පාඩුවක්. කොවිඩ් තත්ත්වය පහව නොගිහින් තිබුනත් කාටවත් ප්‍රශ්නයක් නොවන අයුරින් බයික් එකේම යන්න තීරණය කළේ අවාරයේ වැසි සමයත් අඩවිය වෙලා ගනිමින් තිබෙන කාලයකමයි.


පෙර කරුණා කළේ අවාරයේදි තනිව වූවත් මෙවර එසේ කරුණා කිරීමට ඉඩක් ලැබුණේ නැත්තේ සහකාරියත් ගමනට එකතු වීම නිසා.

කෙසේ හෝ වැස්සට ඕනෙ කරන හැමදේමත් ලෑස්ති කරන් අවාරයේ වුණත් උඩ මලුවේ පූජාවකටත් ද්‍රවයත් සූදානම් කරගෙන රෝද දෙකේ සගයාගෙන් රාත්‍රී 12 වන විට කඩුවෙලින් පිටත් වුණේ සමන් දෙවියන්ගේ පිහිට ආරක්ශාව බලාපොරොත්තුවෙන්.

අවිස්සාවේල්ලෙන් පසුව සැප සේ ගමන් කිරීමට නම් බැරි වුණේ මෙතෙක් නොමැතිව තිබු වර්ශාව ඇද හැළීමට පටන් ගත් නිසා. වර්ශාව වුණත් නැවතී සිටීමට කාලයක් නැති නිසත් වැහි ආවරණ කට්ටලය පැළඳ ගනිමින් වර්ශාව මැදින්ම සෙමින් සෙමින් මධ්‍යම කදුකරයට ප්‍රවිශ්ඨ වුණේ යටියන්තොට, කිතුල්ගල පසු කරමින්. වර්ශාව නම් කිසිම අඩුවක් නැති නිසා යම් සීතලක් ඇඟට දැනුනත් නොනවත්වාම අපි ගමනේ.

ගිනිගත්හේන පසු කරමින් දියගල හන්දියෙන් නෝටන් දෙසට හැරුන පසු ගමන පෙර සේ ගමන් කිරීමට නොහැකි එකම බධාව නම් මාර්ගයේ දැඩි අබලන් තත්ත්වය. එසේම ඉදිරිය නොපෙනන තරම් ඝන මීදුමක් පරිසරය වෙලාගෙන තිබ්බ නිසා මඳක් සෙමින්ම යාමට සිදුවුණා.

මාර්ගයේ කිසිම වාහනයක් නොතිබූ අතර අවාරයේ ඒ අඩවියේ රජ කරන වල් ඌරු පවුලක් සිය පැටවු 20 පමණ පිරිසක් සමඟ පාර මාරු වීමට නම් මදක් නවත්වා බලා සිටීමට සිදු වුණු අතර මේ වැස්සේ මුන් කොහෙද මේ යන්නෙ කියන්නාක් මෙන් ගෝන්නු දෙතුන් දෙනෙක්ද පුදුමයෙන් මෙන් බලා සිටියෙ උන්ගේ නිදහසට අප බදා කිරීම නිසා.
නෝටන් පසු කරමින් ඉදිරියට ඇදෙමින් මාඋස්සාකැලේ පසු කරමින් අතරමඟ තිබූ මගී ආවරනයක් ළඟ නැවතුනේ ගමන් මහන්සිය සේම දැඩි සීතලක් නිසා.

එහි වාඩි වී මදක් ඇහැ පියවා ගත්තේ ගතට දැනුන දැඩි වෙහෙස නිසා. පැය බාගයක් පමන විවේක ගනිමින් නැවත ගමන ආරම්බ කරමින් පාන්දර 5 වන විට නල්ලතන්නිය නගරයට පැමිනීමට හැකි වුණා. ඒ වන විටත් වර්ශාවේ අඩුවක් තිබුනේ නම් නෑ.

බයික් එකත් අසල කඩයකින් දමා සූදානම් වුනේ කරුණා කිරීමට. ඇද සිටි වැහි ආවරන නම් ඉවත් කිරීමට කිසිම ඉඩක් නොලැබුණේ වැහි කෝඩය තිබීම නිසා. නමුත් සිතට සතුටක් දැනුනෙත් වර්ශාව සහ මීදුම බලාපොරොත්තුවෙන්ම පැමිනීම නිසා.

වර්ශාව මැදින්ම සෙමෙන් සෙමෙන් ඉහලට ඇදුනේ අධික සීතලක්ද අපව වෙලාගනිමින් තිබියදී. සීත ගගුල අම්බලමට ගොඩ වැදී උදේ ආහාරයද ගනිමින් දැඩි සුලං සහ මීදුමත් සමඟ ඇද හැලෙන වර්ශාව මඟින් ඉදිරියට ගමන් කිරීමද මදක් අසීරු වූවත් අවාරයේ මේ තිබෙන සුන්දරත්වය දකින විට විඩාව නිමී යයි.

වර්ශාවෙන් සක්‍රීය වූ වනයේ තිබෙන දියදහරා සේලයක් සිහි කරවමින් ඇද හැලෙන අතරම සාම විහාරයට ඉහලින් යකාහැඩු ඇල්ලද ඇදහැලෙන්නෙ යකා මහා හඩින් ඉකිබිදින ලෙසින්.

ඉදිකටුපානෙන් රත්නපුර මාර්ගයට ඇති වනගත මාර්ගයෙන් ඒ දෙසම හැරී ගමන් කළේ වර්ශාව නිසා ඒ මාර්ගයත් සුන්දරත්වයෙන් අනූන වන නිසාමයි. එසේ ගමන් කරමින් එහි අසීරුම අඩිය වූයේ රත්නපුර මාර්ගයේ හුලංකපොල්ල කොටස ගමන් කිරීමටයි. දැඩි සුලං ප්‍රවාහයක් ඒ හරහා හමා ගියේ ඉදිරියක් නොපෙනෙන මීදුම අතරින්මයි. ඒ සෑම දුශ්කරතාවක්ම විඳිමින් 10.30 පමණ වන විට මලුවට ගොස් පූජාව තබමින් වැඳ පුදා ගැනීමට හැකි සමන් දෙවියන්ගේ කරුණාව නිසාමයි.

පලාත් මායිමක් වෙන් කරන කඳු වැටියක් ලෙස සමනල කන්ද පිහිටන අතර ඒ වන විටත් පුදුමයක් ලෙසින් හැටන් මාර්ගය දෙසට වර්ශාව හෝ මීදුම නොතිබූ අතර රත්නපුර මාර්ගය දෙසට වර්ශාවත් දැඩි මීදුමත් තිබීම අදහාගත නොහැකි කරුණක් වුණා.

දැඩි දුශ්කරතා මැදින් වුවද නොයිදුල් පරිසරයක පහස විඳිමින් සුන්දරත්වයෙන් අඩුවක් නොවන දර්ශන වලින් සිත පුරවාගනිමින් නැවත නල්ලතන්නියට පැමිණ ගමන අවසන් කළේ සුමන් සමන් දෙවියන්ගේ පිහිට ආරක්ශාවෙන්.

සුන්දරත්වයෙන් පරිපූර්න මේ සමනළ අඩවිය රැකගැනීම ශ්‍රී ලාංකීක අපගේ වගකීමක්. මක් නිසාද මෙහි වටිනාකම වචනයෙන් කිව නොහැකි තරම්.

දිලන්ත ලහිරු

SendShareShare
Previous Post

ඕනෑම වෙලාවක ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන්ලු! වහා ජාතික ආරක්ෂාව තහවුරු කරන්න! (VIDEO)

Next Post

පහුරු ආ ගිය මඟ දිගේ බෝට්ටු ගමනක්…

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
දුවත් එක්ක තියෙන ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙස බල කරමින්, පොලිස් කාන්තාවක් පාසල් සිසුවෙකු පැහැරගෙන ගිහින් හොඳටම ගහලා I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම යාමේ වසර දෙකේ දීර්ඝය තවත් ක්ෂේත්‍ර රැසකට එයි! විශේෂඥ වෛද්‍යවරුන්ට පොලිසියට රස පරීක්ෂවරුන්ටත් දෙන්න සැලසුමක්! Sri Lanka Latest News

රාජ්‍ය සේවයට සම්බන්ධ ක්ෂේත්‍ර රැසක පවතින උග්‍ර සේවක පුරප්පාඩුව පියවා ගැනීම සදහා වන පිළියමක් ලෙස, එම ක්ෂේත්‍රවලට අදාලව විශ්‍රාම යන...

Read more
මාග්‍රට් තැචර් ලංකාවවට ආ වෙලාවේ යාපනය කොටුවේ සිරවී සිටි සෙබළුන් 250ක් බේරාගන්න දියත් කළ ඓතිහාසික රාත්‍රී මෙහෙයුම ඇතුළු තවත් මෙහෙයුම් රැසක්! හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහයන්ගේ ස්වයංචරිතාපදානය එළිදකී! PHOTOS I Sri Lanka Latest News

මාග්‍රට් තැචර් ලංකාවවට ආ වෙලාවේ යාපනය කොටුවේ සිරවී සිටි සෙබළුන් 250ක් බේරාගන්න දියත් කළ ඓතිහාසික රාත්‍රී මෙහෙයුම ඇතුළු තවත් මෙහෙයුම් රැසක්! හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහයන්ගේ ස්වයංචරිතාපදානය එළිදකී! PHOTOS I Sri Lanka Latest News

මුට්ටිය දාලා බැලුවේ කව්ද-කොහෙන්ද? මොන විරෝධය ආවත් වැඩේ කරනවා! අනුර ගත්ත තීන්දුවේම ඉඳියි! රාජ්‍ය රහස්! Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ආචාර්ය-උපාධි සටන අස්සේ උණුසුම් ඡන්ද සටනකින් මොරටුවේදී ජාජබය පරදා සජබය දිනයි! I Sri Lanka Latest News

නාඋල සමූපයත් පොදු විපක්ෂය දිනයි! මාලිමාවට 20යි! සජබය තනිවම 26ක් අරන්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගම් පෙරළිය දිගටම! කරුවලගස්වැව සමූප ඡන්දයෙන් සජබය ප්‍රමුඛ විපක්ෂය ජයගනී! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.