වනජීවී ඡායාරූප ශිල්පීන් උදෙසා වන ක්‍රිකට් තරගාවලිය සී.ඩබ්ලිව්.පී.සී. සහ වයිල්ඩ් ශ්‍රී ලංකා එකමුතුවෙන් ශ්‍රී ලංකාවේ සිටින සියලු වනජීවී ඡායාරූප ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා ඉතා සාර්ථකව පවත්වනු ලැබුවා. ඒ හරහා අප අපේක්ෂා කළේ වනජීවී සංරක්ෂණය සඳහා දායකත්වය දැක්වීම සහ ඒ කෙරෙහි අවධානය යොමුකිරීමයි. ඒ සඳහා අප ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමටද කටයුතු කළා.(Sri Lanka Latest News)
එහි ප්‍රතිඵලයක් ලෙස ආබාධයන්ට ලක්වන වන ජීවීන්ට ප්‍රතිකාර කළ හැකි ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් Treatment Cage (ප්‍රතිකාර කූඩුවක්) විශාල පිරිවැයක් යොදා ඉංජිනේරු තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය කරනු ලැබුවා. මෙහි ඇති විශේෂත්වය වන්නේ වන ජීවියාගේ සිරුරේ ප්‍රමාණය අනුව වෛද්‍යවරයාට එම කූඩුවේ පරිමාණයද සකසා ගත හැකි වීමයි. වනජීවී දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ මෙවැනි ප්‍රතිකාර කූඩුවක් නිර්මාණය කළ ප්‍රථම අවස්ථාව මෙය ලෙසද සැලකිය හැකියි. මෙම නිර්මාණය සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ නොමඳ පැසසුම්ද ලැබුණා.
මෙම ප්‍රතිකාර කූඩුව පළමු වරට විල්පත්තු ජාතික වනෝද්‍යානයට අනුබද්ධ පණ්ඩුලගම පශු වෛද්‍ය ඒකකයේ ප්‍රතිකාර කිරීම් වෙනුවෙන් පසුගිය මාසයේදී භාරදෙනු ලැබුවා. දෙවැනුව එම කූඩුව පසුගිය 20 වැනිදා (සිකුරාදා) නුවරඑළිය Galway’s Land (ගැල්වේස් ලෑන්ඩ්) ජාතික උද්‍යානයේ පශු වෛද්‍ය ඒකකයේ අවශ්‍යතාවන් වෙනුවෙන් භාරදීමට කටයුතු කළා.
මේ කටයුත්ත ඉතා සාර්ථකව නිම කරගැනීමට අපට හැකියාව ලැබුණේ ඊට විවිධ ආයතන සහ වනජීවියට ඇලුම් කරන බොහෝ දෙනකුගේ සහයෝගය ලැබුණු නිසයි. එලෙස අපට සහාය දැක්වූ සියලු දෙනාටම ස්තුතිය පුදකිරීමට මෙය අවස්ථාවක් කරගන්නා අතර, ඉදිරියේදීත් රටේ වනජීවී සංරක්ෂණය වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටුකිරීමට අප කටයුතු කරන බවද මෙහිලා සඳහන් කරනවා.
සමන් හල්ලොලුව