උතුරු දුම්රිය මාර්ගය කියන්නේ කඳුකර තරම්ම සුන්දර ගමනක්. මනස්කාන්ත කුඹුරු මැදින් හා කළපු මැදින් කොළඹ කොටුව සිට කන්කසන්තුරේ දක්වා ගමන් කිරීම හරිම සුන්දරම ගමනක්. එයින් බෙහෙවින් සුන්දරතම ප්‍රදේශය ඇරඹෙන්නේ උතුරු පළාතේ අලිමංකඩ සිට කන්කසන්තුරේ දක්වා ඇති කොටසයි.Sri Lanka Latest News
අවුරුදු 30ක් තිස්සේ LTTE යුද සමයේ පැවති සුන්දර අලිමංකඩ කළපුව හා A9 මාර්ගයත් එක සමාන්තරව යාපනය දක්වා ගමන් කරන්නේ මේ අලිමංකඩ සිටයි. ඒ වගේම සුන්දර පලෙයි හා චාවකච්චේරිය, තචංතොප්පුව, නාවක්කුලී කියන ප්‍රදේශ වලින් මෙම දුම්රිය මාර්ගය දිව යන්නේ උතුරේ තියෙන ලස්සනම කුඹුරු පසු කරමින්. තල් ගස් වලින් පිරිණු වටපිටාවන් හා ඇතින් පිහිටි සුළං බලාගාර, අලිමංකඩ ලුණු ලේවාය පසු කරමින් කන්කසන්තුරේ දක්වා ගමන් කරන යාල්දේවී දුම්රිය වගේම කන්කසන්තුරේ නගරාන්තර යාල්රාණි රාත්‍රී තැපැල් දුම්රියන්වල ඔබ එක වරක් හෝ මේ ගමන ගිහින්ම බලන්න ඕනේ. ඔබට හිතෙයි කඳුකරය විතරක් නෙමෙයි මේ සුන්දර උතුර කොච්චර ලස්සනයිද කියලා. විශේෂයෙන්ම උතුරු පළාතේ ලස්සනම කාලේ තමා වර්ෂාවෙන් පස්සේ. ඇත්තටම පුදුම ලස්සනක්. මෙහෙම සටහනක් තියන්න හිතුවේ මම මෙතෙක් කල් දැක්ක වෙනමම පරිසරයක් තුළින් මේ දුම්රිය මාර්ගය ගමන් කරන නිසා හා ඡායරූප වලට සුන්දර ප්‍රදේශය බහුලව තියෙන නිසා. මේ සෑහෙන මහන්සියෙන් ගහපු ෆොටො ටිකක්. මේවා වල අයිතිය සුරකින්න කියලා ඉල්ලනවා.
මලිඳු කනිෂ්ක











