• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කබ්රාල්වත් අරන් මනූෂ උසාවි යයි!

September 23, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
කබ්රාල්වත් අරන් මනූෂ උසාවි යයි!
Share on WhatsAppShare on Facebook

මහ බැංකුවේ අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් පත් කිරීම අභියෝගයට ලක් කරමින් ඔහු මහබැංකු අධිපති ධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය

සිය මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් නිතිපතිවරයා, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර වගඋත්තරකරුවන් බවට පත් කර තිබුණි.

මහ බැංකුවේ පවතින ආචාර ධර්ම පද්ධතියට අනුව දේශපාලනයට සම්බන්ධ පුද්ගලයෙක්ට අධිපති ධූරයට පත්විය නොහැකි බවද, එහෙත් අජිත් නිවාඩ් කබ්රාල් දේශපාලනයට සෘජුව සම්බන්ධ පුද්ගලයෙක් බවද මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කරමින් මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා පවසයි. ඔහු 1999 වසරේදී එකසත් ජාතික පක්ෂය නියෝජනය කරමින් බස්නාහිර පළාත් සභාවට තේරි පත්වූ බවද 2004 වසරේදී අගමැති මහින්ද රාජපක්ෂගේ උපදේශකයෙක් ලෙස පත්ව පසුව සැලසුම් ක‍්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම්ධූරයට පත්වූ බවද පෙත්සමේ සදහන් වේ.

ඉන් පසුව මහ බැංකු අධිපතිධූරයට පත්ව මෛත‍්‍රීපාල සිරිසේන නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් දිනයේදීම එම තනතුරින් ඉල්ලා අස්වූ බවද එමගින් ඔහුගේ දේශපාලන බැදියාවන් පෙන්නුම කරන බවද පෙත්සමේ දැක්වේ. පොදුජන පෙරමුණ පිහිටුවන අවස්ථාවේ ආරම්භක සාමාජිකයෙක් වූ ඔහු එම පක්ෂයේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ආමාත්‍ය ධූරය දැරූ බවත්, එම රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වූ දිනම රාත‍්‍රියේදී මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කර ඇති බවත් පෙත්සමේ දැක්වේ.

බැදුම්කර වංචාව සම්න්ධයෙන් පැවැත්වූ ව්‍යෝහාරික විගණනවලදී අජිත් නිවාඩ් කබ්රාල් සම්බන්ධයෙන් විමර්ශණ කර ඇති බවද, බැදුම්කර වංචාවට සම්බන්ධ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරියක් ලෙස ඔහුගේ සහෝදරියක් වන ශිරෝමි නොයෙල් වික‍්‍රමසිංහ කටයුතු කර ඇති බවද මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ දැක්වේ. ඒ අතරම මහ බැංකුව සමග බැදුම්කර ගනුදෙනු සිදුකරන ලංකා බැංකුව හා එච්.එන්.බී. ඇෂුරන්ස් සමාගමේ අධ්‍යක්ෂවරියක් ලෙස ඇය කටයුතු කර ඇති බවද පෙත්සමේ දැක්වේ.

ලංකාවේ ප‍්‍රතිරූපය වර්ධනය කිරීම සදහා ඇමරිකාවේ සිටින සුබේර් නම් පුද්ගලයෙක්ට ඩොලර් මිලියන 6.5ක මුදලක් ලබාදී ඇති බවද එම මුදල ලබාදීම සදහා මූලිකත්වය ගෙන කටයුතු කර ඇති බවද එමගින් අජිත් නිවාඩ් කබ්රාල් ඩොලර් මිලියන 6.5ක මුදලක් රටට අහිමි කර ඇති බවද මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා විසින් ගොනු කළ පෙත්සමේ සදහන් වේ.

මෙවැනි පුද්ගලයෙක් මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා ඇතුළු විධායකය ගත් තීරණය මගින් තමන්ගේ මූලික අයිතිවාසකම් උල්ලංඝනය වන අතර ඒ නිසා අජිත් නිවාඩ් කරාල්ගේ පත්වීම බල රහිත කරන ලෙස මනුෂ නානායක්කාර මනත‍්‍රීවරයා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ සදුන් ගමගේ, චරිත් ගල්හේන, වාසනා හේවගේ, සමින්ද ජයසේකර, අංජලී පෙරේරා පෙනී සිටියහ.

SendShareShare
Previous Post

පහුරු ආ ගිය මඟ දිගේ බෝට්ටු ගමනක්…

Next Post

ඇලි හතක් උඩ රැයක්…

MORE NEWS

දුවත් එක්ක තියෙන ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙස බල කරමින්, පොලිස් කාන්තාවක් පාසල් සිසුවෙකු පැහැරගෙන ගිහින් හොඳටම ගහලා I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම යාමේ වසර දෙකේ දීර්ඝය තවත් ක්ෂේත්‍ර රැසකට එයි! විශේෂඥ වෛද්‍යවරුන්ට පොලිසියට රස පරීක්ෂවරුන්ටත් දෙන්න සැලසුමක්! Sri Lanka Latest News

මාග්‍රට් තැචර් ලංකාවවට ආ වෙලාවේ යාපනය කොටුවේ සිරවී සිටි සෙබළුන් 250ක් බේරාගන්න දියත් කළ ඓතිහාසික රාත්‍රී මෙහෙයුම ඇතුළු තවත් මෙහෙයුම් රැසක්! හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහයන්ගේ ස්වයංචරිතාපදානය එළිදකී! PHOTOS I Sri Lanka Latest News

මුට්ටිය දාලා බැලුවේ කව්ද-කොහෙන්ද? මොන විරෝධය ආවත් වැඩේ කරනවා! අනුර ගත්ත තීන්දුවේම ඉඳියි! රාජ්‍ය රහස්! Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ආචාර්ය-උපාධි සටන අස්සේ උණුසුම් ඡන්ද සටනකින් මොරටුවේදී ජාජබය පරදා සජබය දිනයි! I Sri Lanka Latest News
Exclusive

නාඋල සමූපයත් පොදු විපක්ෂය දිනයි! මාලිමාවට 20යි! සජබය තනිවම 26ක් අරන්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගම් පෙරළිය දිගටම! කරුවලගස්වැව සමූප ඡන්දයෙන් සජබය ප්‍රමුඛ විපක්ෂය ජයගනී! Sri Lanka Latest News

රඹුක්කන නිරායුධ මිනිස්සුන්ට වෙඩි තියපු උන්ට වැඩ වරදින්නයි යන්නේ! (VIDEO)
Exclusive

පොලිස් උත්තමාචාර සහිතව සී.ඩී.ගේ අවසන් කටයුතු හෙට! Sri Lanka Latest News

Load More
දුවත් එක්ක තියෙන ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙස බල කරමින්, පොලිස් කාන්තාවක් පාසල් සිසුවෙකු පැහැරගෙන ගිහින් හොඳටම ගහලා I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම යාමේ වසර දෙකේ දීර්ඝය තවත් ක්ෂේත්‍ර රැසකට එයි! විශේෂඥ වෛද්‍යවරුන්ට පොලිසියට රස පරීක්ෂවරුන්ටත් දෙන්න සැලසුමක්! Sri Lanka Latest News

රාජ්‍ය සේවයට සම්බන්ධ ක්ෂේත්‍ර රැසක පවතින උග්‍ර සේවක පුරප්පාඩුව පියවා ගැනීම සදහා වන පිළියමක් ලෙස, එම ක්ෂේත්‍රවලට අදාලව විශ්‍රාම යන...

Read more
මාග්‍රට් තැචර් ලංකාවවට ආ වෙලාවේ යාපනය කොටුවේ සිරවී සිටි සෙබළුන් 250ක් බේරාගන්න දියත් කළ ඓතිහාසික රාත්‍රී මෙහෙයුම ඇතුළු තවත් මෙහෙයුම් රැසක්! හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහයන්ගේ ස්වයංචරිතාපදානය එළිදකී! PHOTOS I Sri Lanka Latest News

මාග්‍රට් තැචර් ලංකාවවට ආ වෙලාවේ යාපනය කොටුවේ සිරවී සිටි සෙබළුන් 250ක් බේරාගන්න දියත් කළ ඓතිහාසික රාත්‍රී මෙහෙයුම ඇතුළු තවත් මෙහෙයුම් රැසක්! හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහයන්ගේ ස්වයංචරිතාපදානය එළිදකී! PHOTOS I Sri Lanka Latest News

මුට්ටිය දාලා බැලුවේ කව්ද-කොහෙන්ද? මොන විරෝධය ආවත් වැඩේ කරනවා! අනුර ගත්ත තීන්දුවේම ඉඳියි! රාජ්‍ය රහස්! Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ආචාර්ය-උපාධි සටන අස්සේ උණුසුම් ඡන්ද සටනකින් මොරටුවේදී ජාජබය පරදා සජබය දිනයි! I Sri Lanka Latest News

නාඋල සමූපයත් පොදු විපක්ෂය දිනයි! මාලිමාවට 20යි! සජබය තනිවම 26ක් අරන්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගම් පෙරළිය දිගටම! කරුවලගස්වැව සමූප ඡන්දයෙන් සජබය ප්‍රමුඛ විපක්ෂය ජයගනී! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.