සිංහල හින්දු අලුත් අවුරුද්ද කිව්වම අපේ මතකයට එන්නේ රතිඤ්ඤා හඬයි, කැවුම් කෝකිස් සුවඳයි විතරක්ම නෙවෙයි. ඒ පිටුපස තියෙන අපේම අනන්‍යතාවය විදහා දක්වන ගැඹුරු සංස්කෘතියයි. හැබැයි අද කාලේ අවුරුදු ඡායාරූප එකතුවක් දෙස බැලුවත් අපේකම අභිබවා සම්ප්‍රදායෙන් දුරස් වුණු අලුත් දේවල් රජ කරන බව රහසක් නෙවෙයි. මේ රැල්ලෙන් මිදිලා, අපේ සම්ප්‍රදායටයි සිරිත් විරිත්වලටයි හානියක් නොකර, ඒකට අලුත් අදහසකුත් එකතු කරලා නව පරම්පරාවට අපේකම දැනෙන වෙනස්ම විදිහේ Shoot එකක් කරන්නයි ‘Nexus Photography’ අපිට ඕනේ වුණේ.Sri Lanka Latest News

මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ මවුපියන් දෙපළට මේ වෙනුවෙන්. මේ shoot එක කළේ ‘Nexus Photography’ අපේ ටීම් එකේ තිශුර පීරිස්. එහිදී දේවින්දිව හරි ලස්සනට හැඩ කරේ ‘Salon Phoenix’. රැන්ඩි පෙරේරා විසිනුයි. අපේ දෙදෙනාගේම අදහස්වලට අනුව නිර්මාණය වූ ඇඳුම් ආයිත්තම්වලට, සන්තු මනෝජ්ගේ නිර්මාණාත්මක පසුතල සැකසුම එකතු වුණාම ඒක වෙනස්ම ලෝකයක් මැව්වා. එමෙන්ම ‘Kirala Lake View Photo Location’ මඟින් අපිට ලබා දුන්න ඒ සුන්දර වටපිටාව මේ ඡායාරූප එකතුව තවත් අර්ථවත් කළා.
අවසාන වශයෙන්, පුවත්පත් කවරයක් ඇතුළේ මේ වගේ සංකල්පීය වෙනසක් කරන්න වගේම මේ නිර්මාණාත්මක වෙනසට අපව යොමු කළ ‘මව්රට’ Heart එඩිටර් ඇතුළු නන් අයුරින් මීට උදව් දුන් හැමෝටමත් අපේ ස්තුතිපූර්වක ආදරය මේ සමඟ පිරිනමන්නෙමු.
අපේකම රකිමින් අලුත් විදිහට හිතන්න… ඕන් එහෙනම් බලන්නකෝ අපේ අවුරුදු!
‘Nexus Photography’











