• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

රැල්ලට නොයන පොළොවේ පය ගහන ධර්ම යුද්ධයේ සාක්කිකාරයා…! වෙන නළුවෝ කරපු දේවල්වලින් වැඩක් නැහැ… මගේ වැඩේ මං කරනවා…! හොඳ නරක දකින කෙනා අනුව වෙනස් වෙනවා…! නලින් ලුසේනා I Sri Lanka Latest News

April 11, 2026
in Heart
Reading Time: 3 mins read
A A
රැල්ලට නොයන පොළොවේ පය ගහන ධර්ම යුද්ධයේ සාක්කිකාරයා…! වෙන නළුවෝ කරපු දේවල්වලින් වැඩක් නැහැ… මගේ වැඩේ මං කරනවා…! හොඳ නරක දකින කෙනා අනුව වෙනස් වෙනවා…! නලින් ලුසේනා I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනප්‍රියත්වය පස්සේ හති දමමින් දුවන නළු නිළියන් අතරේ, තමන්ගේ පාඩුවේ අර්ථවත් ගමනක් යන නිර්මාණකරුවන් අද කාලේ හරිම අඩුයි. ඒත් නලින් ලුසේනා කියන්නේ ඒ රැල්ලට අහුනොවුණු, රංගනයේ ගුණාත්මක බව අංක එකට තියන කෙනෙක්. නලින්, මේ දවස්වල හැමෝම කතා කරන ‘ධර්ම යුද්ධය 2’ සිනමා නිර්මාණයේ ‘තීරණාත්මක සාක්ෂිකරුවා’ විදිහටත් අපූරු රංගනයක නිරත වෙනවා. රංගනය විතරක් නෙවෙයි, තිර පිටපත් රචනය වගේ විෂයන් ගැනත් ගැඹුරින් හදාරන නලින්, තමන්ගේම නිර්මාණයකින් ප්‍රේක්ෂකයා හමුවෙන්නත් ලක ලෑස්ති වෙනවා. ඉතින් ඔහුගේ රංගන ජීවිතයෙත්, අලුත්ම නිර්මාණ කටයුතුවලත් තොරතුරු ‘මව්රට’ පාඨකයන් වෙනුවෙන් ඔහු අපිට කිව්වේ මෙන්න මෙහෙමයි.

ඉතින් නලින්, කොහොමද මේ දවස්වල?
රංගන ශිල්පියෙක් විදිහට මේ දවස්වල ලොකුවට කාර්යබහුල තත්ත්වයක් නැහැ. දීර්ඝ කාලයක් තිස්සේ පිටපත් රචනය පිළිබඳ හදාරමින් ඉන්නවා. මම ලබපු පුහුණුවේ ප්‍රතිඵලයක් විදිහට ලියපු පිටපත් රචනයක් සමග මේ දවස්වල අපි නිෂ්පාදන කණ්ඩායමක් විදිහට අලුත් වැඩක් කරමින් ඉන්නේ. ඒ දේවල් එක්ක තමයි මේ දවස්වල කාලය ගෙවෙන්නේ.
මේ දවස්වල හැමෝම කතාබහ කරන ‘ධර්ම යුද්ධය’ චිත්‍රපටයට කොහොමද ඔබ සම්බන්ධ වෙන්නෙ?
මම මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්නෙ චන්න දේශප්‍රිය මහතා හරහා. ඔහු සහ චිත්‍රපටයේ අධ්‍යක්ෂ අරුණ ජයවර්ධන මහතා අතර ඇතිවන සංවාදයක් අතරතුර තමයි මේ චරිතය සඳහා මාව යෝජනා වෙන්නේ. ඉතින් මේ විදිහට තමයි ‘ධර්ම යුද්ධය 2’ චිත්‍රපටයත් එක්ක මම සම්බන්ධ වෙන්නේ.
නලින්, ඒ ‘තීරණාත්මක සාක්ෂිකරුවා’ගේ චරිතය ගැන සඳහන් කළොත්?
ඇත්තටම මේ චිත්‍රපටය මම ගොඩක් කැමැත්තෙන් තෝරාගත් නිර්මාණයක්. මේ චරිතයත් ඒ වගේමයි. සාමාන්‍යයෙන් මට ආරාධනාවක් ලැබුණාම මුලින්ම පිටපත කියවනවා. ඉතින් මේ පිටපත කියවද්දි මට ලැබුණු චරිතය ගැන ආසාවක් සහ උනන්දුවක් ඇතිවුණා. ඒ නිසා මම මේ චරිතය භාරගන්න කැමැති වුණා. ඉතින් මේ නිර්මාණයත් එක්ක මට වැඩ කරන්න ලැබීම ගැන මට ගොඩක් සතුටුයි.
වෙනත් නළුවෙක් කළ චරිතයකට ඔබේ අනන්‍යතාවයෙන් සාධාරණයක් ඉටුකිරීම අභියෝගයක් වෙන්න ඇති?
ඇත්තටම මට ඒක අභියෝගයක් විදිහට දැනුණේ නැහැ. මෙතැනදී මම වෙනත් රංගන ශිල්පියෙකු විසින් රඟපාන ලද චරිතයක් කියන එක ගැන ලොකුවට අවධානය යොමුකරන්න ගියේ නැහැ. ඒ වගේම තමයි පූර්ව චිත්‍රපටය හෝ ඒ රංගන ශිල්පියා පිළිබඳ අවධානයක් යොමුකළේ නැහැ. මම මෙතැනදි අවධානය යොමුකළේ සහ වැඩ කළේ පිටපතත් එක්ක. මට ඇත්තටම මෙතැනදි තිබුණේ රංගන ශිල්පියෙක් විදිහට මට ලැබුණු චරිතයට උපරිම සාධාරණයක් ඉටුකිරීමේ ආශාව සහ අවශ්‍යතාව විතරයි.
ඔබ රංගන ශිල්පියෙක් පමණක් නෙවෙයි?
නිර්මාණකරුවෙක් ලෙස මේ ක්‍ෂේත්‍රය ඇතුළේ තියෙන ගොඩක් දේවල් අධ්‍යයනය කරන්න මගේ කැමැත්තක් තියෙනවා. ඒ අතර චිත්‍රපට අධ්‍යක්ෂණය රංගනය. පිටපත් රචනය කියන දේවල් තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ හැම ක්ෂේත්‍රයක් පිළිබඳවම ඉගෙන ගන්න නම් ඒ ක්‍ෂේත්‍රය ඇතුළේ හොඳ විනයක් සහ පුහුණුවක් තිබිය යුතුයි. ඒක නිසා ඒකත් එක්ක මට මාත් සමග ගොඩක් වැඩකරන්න තියෙනවා. ඉතින් ඒ උත්සාහය තමයි මම ගනිමින් ඉන්නේ.
රංගන ජීවිතය ආරම්භ වෙන්නේ වේදිකාවෙන් නේද?
මම මුලින්ම නාට්‍ය හා රංග කලාව හදාරන්නේ කැලණිය විශ්වවිද්‍යාලයෙන්. එතැනින් තමයි මගේ ගමන ආරම්භ වෙන්නේ. එතැනදි මට ලොකු පුහුණුවක් ලැබෙනවා. විශ්වවිද්‍යාල ජීවිතයෙන් පසුව මම ගොඩක්ම වේදිකාව හා සම්බන්ධ වුණේ රාජිත දිසානායකගේ නාට්‍ය කණ්ඩායමත් සමග. ඊට අමතරව ලංකාවේ තරුණ කෙටි නාට්‍යකරුවන් එක්ක මම වැඩ කරලා තියෙනවා. මගේ වෘත්තීය ජීවිතයට ඒ ලබපු අත්දැකීම් විශාල පන්නරයක් වුණා. වේදිකාවේ මට ලැබුණු දේවල් අතිවිශාලයි.
මෑත කාලයේ දැඩි කතාබහට ලක්වුණු විශිෂ්ට නිර්මාණ රැසකම ඔබ ඉන්නවා. ඒ වගේ ගුණාත්මක නිර්මාණවලට ඔබේ දායකත්වය ලැබීම ගැන මොකද හිතෙන්නේ?
හැමෝම වඩාත්ම කැමැත්තක් දක්වන්නේ ගුණාත්මක නිර්මාණවලට දායකත්වය ලබාදෙන්න. නිර්මාණයක ගුණාත්මකභාවය ගැන සැලකිලිමත්ව තමයි අපි හැමතිස්සෙම නිර්මාණයක් තෝරාගන්න උත්සාහ කරන්නේ. මේ ගුණාත්මකභාවය කියන එක එක්කෙනා දකින විදිහ ඒ ඒ නිර්මාණයේ ස්වභාවය මත තීරණය වන සාධකයක්. ඒ කොහොම වුණත් ප්‍රේක්ෂකයා ඒ නිර්මාණය වැලඳ ගන්නේ කොහොමද කියන එක මත තමයි ගුණාත්මකභාවය කියන එක රඳා පවතින්නේ.

අද හැමෝම ප්‍රසිද්ධිය පස්සේ දුවද්දී, ඔබ ඒ රැල්ලෙන් මිදිලා ඔබේ පාඩුවේ ගමනක් යන්නේ ඇයි?
ජනප්‍රියත්වය අපි යෙදිලා ඉන්න ක්ෂේත්‍රය එක්ක සම්බන්ධ වන දෙයක්. ඉතින් ඒක නිසා අපිට ජනප්‍රියත්වය එපා කියලා හෝ ඒක ප්‍රතික්ෂේප කරලා ඉන්න බැහැ. ජනප්‍රියත්වය කියන්නේ අපි වෘත්තියේම කොටසක්. ඒක නිසා ඒකෙන් මිදිලා ඉන්න බැහැ. හැබැයි ජනප්‍රියත්වය ලබාගැනීම සඳහා දේවල් බලෙන් කරන්නේ නැතිව ඉන්න තමයි මම උත්සාහ කරන්නේ. මගේ ජනප්‍රියත්වය වෙනත් වෑයමකින් නැතිව නිර්මාණ තුළින් පමණක් ජනප්‍රියත්වය ගොඩනැගිලා තිබීම ගැන නිහතමානීව සතුටු වෙනවා.
‘මදනි’ කියන්නේ මොකක්ද?
පිටපත් රචනයේ කාලයක් පුරාවට යෙදීමෙන් ලැබූ පුහුණුවේ ප්‍රතිඵලයක් විදිහට ගොඩනැගෙන නිර්මාණයක් තමයි ‘මදනි’ කියන්නේ. ටෙලිනාට්‍ය තිර රචනයට ගත් උත්සාහයක් තමයි මදනි. මෙලාන් සුගතදාස මෙහි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනවා. ඔහුගේ ප්‍රථම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය වන්නේත් මදනි. ප්‍රියන්ත සිරිකුමාර, තිලක්‍ෂිණි රත්නායක, නිලංග දහනායක, මයුර කාංචන මෙහි රංගනයෙන් දායක වෙනවා. ගුණාත්මක නිර්මාණයක් ප්‍රේක්ෂකයාට ලබාදෙන්න තමයි අපි උත්සාහ කරන්නේ.
ඉදිරි සැලසුම් ගැනත් මතක් කළොත්?
වර්තමානය වෙනකොට මේ පවතින ලෝක අර්බුද තත්ත්වය නිසා ලංකාවට ආර්ථික වශයෙන් බලපාලා තියෙන ගැටලුත් එක්ක ඉදිරියට මේ ක්ෂේත්‍රයට උදාවන තත්ත්වය අවිනිශ්චිතයි. මේ අර්බුදකාරී වාතාවරණය තුළදිත් ජනතාව අතරට ප්‍රවේශ වීම සඳහා සුදුසු වාතාවරණයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවක් පවතිනවා. ඒ කොහොම වුණත් මේ වෙද්දි සැලසුම් කරලා තියෙන විදිහට රංගනයෙන් සහ පිටපත් රචනයෙන් ඉදිරියටත් වැඩ කටයුතු කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

තිලක්ෂි බස්නායක

SendShareShare
Previous Post

අපේකම රකින අලුත් පරම්පරාවේ අවුරුද්ද…! Sri Lanka Latest News

Next Post

ගල්අඟුරු වංචාව! ආණ්ඩුව ඇමැති ඉවත් නොකරයි! විපක්ෂය උසාවි යයි! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආයෙත් හදිස්සියේ ඡන්ද සටනක් පටන් අරන්ද? ටික්ටොක් එකේ අනුරගේ සජිත්ගේ නාමල්ගේ යන මේ වීඩියෝ මොනවාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් හදිස්සියේ ඡන්ද සටනක් පටන් අරන්ද? ටික්ටොක් එකේ අනුරගේ සජිත්ගේ නාමල්ගේ යන මේ වීඩියෝ මොනවාද? VIDEO I Sri Lanka Latest News

මේ දිනවල ටික්ටොක් සමාජ මාධ්‍යයේ ඇති කෙටි වීඩියෝ අතර ජනාධිපතිවරයාටත්, විපක්ෂනායකවරයාටත්, පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයාටත් ඉහළ ප්‍රතිචාරය හිමිව ඇති ආකාරයක් දැකගන්නට...

Read more
‘බල්ලොත් එක්ක බෑ..’! වැලිගමදී දැන් පෙන්වනවා..! VIDEO I Sri Lanka Latest News

‘බල්ලොත් එක්ක බෑ..’! වැලිගමදී දැන් පෙන්වනවා..! VIDEO I Sri Lanka Latest News

බ්‍රිතාන්‍ය නව අගමැති ඇන්ඩිට විපක්ෂනායක සජිත් සුබපතයි! I Sri Lanka Latest News

බ්‍රිතාන්‍ය නව අගමැති ඇන්ඩිට විපක්ෂනායක සජිත් සුබපතයි! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල එළියට එන්නෙ නැතිව අනුර මොනවද කරන්නේ..? කාටත් දැනෙන ලොකු වැඩකට අතගහන්නයි යන්නේ..! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාලාව පිරෙන්න නීතීඥවරුන් සහභාගී වූ සමගි නීතීඥ සම්මේලනයේදී විපක්ෂනායක සජිත් කරපු කතාවට රට පුරා නීතී ප්‍රජාවගෙන් පැසසුම්! සම්පූර්ණ කතාව මෙන්න! හැමෝම අහන්න වටින කතාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.