• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ටෙලිද සිනමාවද මට අදාළ නෑ…! මම දිනාගත්තු ලොකුම දේ එයාලාගේ විශ්වාසය… ! ධනංජය සිරිවර්ධන ! Sri Lanka Latest News

November 22, 2025
in Heart
Reading Time: 3 mins read
A A
ටෙලිද සිනමාවද මට අදාළ නෑ…! මම දිනාගත්තු ලොකුම දේ එයාලාගේ විශ්වාසය… ! ධනංජය සිරිවර්ධන ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රීදී තීරයේදීත් රූපවාහිනියේදීත් අපට හමුවෙන ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි ධනංජය සිරිවර්ධන කියන්නේ. රංගනයෙන්, අධ්‍යක්ෂණයෙන් සහ සිනමාවෙන් අලුත් මානයන් සොයමින් කාර්යබහුල දවසක් ගෙවන ඔහු සිය නවතම කලා තොරතුරු, කලා ජීවිතයේ අත්දැකීම් ගැන ‘හාට්’ එකත් එක්ක දොඩමලු වුණා…

මේ දවස්වල ධනංජයගේ වැඩකටයුතු ගැන දැනගන්න කැමැතියි?
මේ දවස්වල මම අලුත් ටීවී සීරීස් එකක රංගනයේ යෙදෙනවා. ඒ වගේම අලුතෙන් ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න සූදානම් වෙනවා. ඊට අමතරව ‘මදර් ලංකා’ චිත්‍රපටයේ වැඩකටයුතු සමග මේ දවස්වල කාලය ගෙවන්නේ.
‘මදර් ලංකා’ චිත්‍රපටය බොහෝ දෙනා අතර කතාබහට ලක්වුණා, මදර් ලංකා චිත්‍රපටයට සම්බන්ධ වෙන්න ලැබුණු අවස්ථාව ගැනත් කතා කරමු…
මට අනූෂ සංජය එදිරිමුණිගෙන් තමා ‘මදර් ලංකා’ චිත්‍රපටයට ආරාධනාවක් ලැබුණේ. මම සතුටින් ඒ ආරාධනාව භාරගත්තා.
‘මදර් ලංකා’ චිත්‍රපටයේ ඔබේ චරිතයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැනත් කියමුද?
ඇත්තටම ගොඩක් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. බොහෝ දෙනා කියනවා චරිතය ජීවමාන වෙලා තියෙනවා කියලා. සත්‍යාගේ චරිතයට ගොඩක් දෙනෙක් ආදරේ කරනවා ඒක මට ලොකු සතුටක්.

ඔබ වැඩිපුරම කැමැති සිනමාවටද, නැත්නම් ටෙලි නාට්‍යයටද?
මට එහෙම වර්ගීකරණයක් නැහැ. චරිතය හොඳයි නම් ඒක ටෙලිද සිනමාද කියන එක මට අදාළ නෑ. මම බලන්නේ චරිතය විතරයි.
ඔබේ කලා ජීවිතය තුළ ලබාගෙන ඇති වටිනාම ජයග්‍රහණය මොකක්ද?
මම හිතනවා ඒක ප්‍රේක්ෂකයගේ ප්‍රසාදය කියල, ප්‍රේක්ෂකයා දක්වන ආදරය, ගෞරවය සහ මම ගැන රංගන ශිල්පියෙක් ලෙස ඔවුන් තුළ තියෙන විශ්වාසය මම දිනාගත් ලොකුම දේ.
අලුතෙන් රංගන ක්ෂේත්‍රයට එන්න ආසාවෙන් ඉන්න අලුත් පරම්පරාවට මොනවද කියන්න තියෙන්නේ?
අලුත් පරම්පරාවට කියන්න තියෙන්නේ එක දෙයයි. කරනවනම් හරියට කරන්න. කැපවීමක් කරන්න බැරිනම් මේකේ රඟපාන්න එන්න එපා. ඊට වඩා තමන් කැමැති දේකට මහන්සි වෙන්න. මේ ක්ෂේත්‍රය ඉතාමත් හොඳ ක්ෂේත්‍රයක් කැපවීමක් තියෙන කෙනෙක්ට. ඒක තමයි මගේ අදහස.
ධනංජය ඔබේ ඉදිරි වැඩකටයුතු මොනවද?
ඉදිරියේදී ටෙලිනාට්‍ය දෙකක් අධ්‍යක්ෂණය කිරීමට නියමිතයි. මේ දවස්වල ඒකට සූදානම් වෙනවා. රංගන කටයුතු නම් චරිත කිහිපයක් තිබෙනවා. චිත්‍රපට දෙකක් එන්න තියෙනවා. ටෙලිනාට්‍ය හයක් එන්න තියෙනවා. මේ දේවල් තමා ඉදිරි වැඩකටයුතු.

හිමාෂි නෙත්මිණි

SendShareShare
Previous Post

ආදරය, විශ්වාසය ගැන මගේ හිතේ තියෙන්නේ කලකිරීමක්…! ඒ දේවල් ගැන දැන් මම හිතන්නේ නැහැ…! Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවේ න්‍යායාචාර්ය රෝහණ විජේවීරද.. බිස්නස්කාරයෙක්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.